ජනරාල් විශ්‍රාම යාමට පෙර ජනාධිපතිවරණ නාම යෝජනා කාලය අවසන් වේවිද?
(2009 නොවැම්බර් 08 - W3Lanka) ජනාධිපතිවරණයේ නාම යෝජනා කැඳවීම නොවැම්බර් 19 ප්‍රකාශයට පත් කර දෙසැම්බර් 18ට පෙර අවසන් කිරීමේ උපායික පියවරක් පිළිබඳව රජයේ ලොක්කන් අතර සාකච්ඡා වී ඇති බව වාර්තා වේ.
විපක්ෂ පොදු අපේක්ෂකයා බවට පත් වන බවට තහවුරු වෙමින් සිටින හිටපු හමුදාපති සරත් ෆොන්සේකා දැනට ඉල්ලා ඇති පරිදි තමන් දරන ආරක්ෂක මාණ්ඩලික ප්‍රධානී තනතුරෙන් නිල වශයෙන් විශ්‍රාම යාම සිදු වීමට පෙර නාම යෝජනා කැඳවීම අවසන් කිරීමෙන් ඔහුගේ නාම යෝජනාව වලංගු නො වන නීතිමය පසුබිමක් නිර්මානය කිරීම මෙහි අරමුණ බව දැනගන්නට තිබේ. කිසිදු හමුදා නිලධාරියකු දේශපාලනයේ යෙදීම රටේ නීතිය අනුව තහනම් ය.
මේ අතර, ජනරාල් සරත් ෆොන්සේකා අයත් ව සිටි සිංහ රෙජිමේන්තුව ආරක්ෂක ලේකම්වරයාගේ, ආරක්ෂක අමාත්‍යංශයේ හා යුද හමුදා මූලස්ථානයේ ආරක්ෂාවෙන් ඉවත් කර තිබේ.
ජනාධිපතිවරණය ප්‍රකාශයට පත් කිරීම නොවැම්බර් 15දා පැවැත්වෙන ශ්‍රී ලංකා නිදහස් පක්ෂ සමුළුවේදී ජනාධිපතිවරයා විසින් සිදු කරනු ඇති බව පක්ෂයට හා ජනාධිපතිවරයාට සමීප ආරංචි මාර්ග පවසයි.

පළමුව මෙය ලියා ඇති පුද්ගලයාට දේශපාලනය පිලිබඳ සාමාන්‍ය දැනීමක් නැති බව සඳහන් කල යුතුය. ජනාධිපතිවරණයක නාම යෝජනා කැඳවන්නෙ එක් දිනක් පමණි. මහ මැතිවරණයකදී හෝ පළාත් සභා මැතිවරණයකදී මෙන් ඊට කාල පරාසයක් ලබා නොදේ. තවද 1981 අංක 15 දරණ ජන්නදිපතිවරයා තෝරා පත්කර ගැනීම පිළිබඳ පනතේ 2(1) වගන්තියට අනුව ජනාධිපතිවරණයක් පැවැත්වීමට නියම කෙරුණු විට එම නියමය ගැසට් කෙරුණු දිනයේ සිට දින දහසයකට නොඅඩු හා එක් මාසයකට නොවැඩි දිනයක් නාමයෝජනා දිනය ලෙස නම් කල යුතුය. ඉතින් නොවැම්බර් 19 ( ජනපති දිවුරුම් දුන් දිනය ) මැතිවරණයක් පැවැත්වීමට නියම කලහොත් අනිවාර්යයයෙන් දෙසැම්බර් 18 ට කලින් නාමයෝජනා කැඳවිය යුතුය. තවද ජෙනරාල් වරයාට අවශ්‍ය නම් එම කාලය අතරතුර ඉල්ල අස්වී මැතිවරණයට නාමයෝජනා බාරදිය හැක. එනිසා මෙම පුවත ජනාතාව මුලා කිරීමට කල් යල් බලා ගෙතූ මුසාවක් බව කිව යුතුය.
ReplyDeleteඅප ප්‍රවෘත්තියේ කරුණක දෝෂයක් ඇති බව අප පිළි ගන්නා අතර ඒ පිළිබඳව සමාව අයැද සිටිමු. එම කරුණ ඔබගේ පෙන්වා දීමෙන් පසු නිවැරදි කර ඇති අතර මෙම පුවතේ මූලික අන්තර්ගතය එයින් වෙනස් නො වන බව ප්‍රකාශ කරමු. දෝෂය පෙන්වා දුන්නාට ස්තුතියි.
ReplyDeleteඔබේ නිවැරදි කිරීම පිළිබඳ මාගේ ප්‍රශංසාව...
ReplyDeleteමෙම කටකතාව මගින් ද ජනාධිපතිවරණය කල්දමා එයින් වාසිගැනීමට විපක්ෂය උත්සහ දරන බව පෙනේ.එය දේශපාලන උපක්‍රමයක් නොවන්නේද? යුද්ධයේදී මෙන් දේශපාලනයේදී ද උපක්‍රම භාවිතාවේ. එය ස්වභාවිකය. සලකා බැලිය යුත්තේ ඒවා රටට හිතකර ද යන්නය.
ආරක්ෂක මාණ්ඩලික ප්‍රධානියා පිළිබඳ පනත අනුව ඔහු විශ්‍රාම යාමට අයදුම් කළද ජනාධිපතිවරයා විසින් මීලඟ ආරක්ෂක මාණ්ඩලික ප්‍රධානියා පත් කරන තුරු වත්මන් මාණ්ඩලික ප්‍රධානියාට විශ්‍රාම යා නොහැකිය (මැතිවරණ කොමිසම පත් කරන තුරු කොමසාරිස්වරයාට විශ්‍රාම යා නොහැකිවාක් මෙන් ). මීලඟ ආරක්ෂක මාණ්ඩලික ප්‍රධානියා පත්කිරීම හිතාමතාම ප්‍රමාද කිරීම මගින් ජෙනරාල්වරයා නාමයෝජනා දිනයට පෙර විශ්‍රාම ගැනීම වළක්වාගත හැකිය. දැන් වෙන්නට යන්නේ එහෙම දෙයකි.
ReplyDeleteඑසේනම් කාරණාව කාටත් දැන් පැහැදිලිය. ජනරාල් වරයාට ඇත්ත වශයෙන් ම ශ්‍රී ලංකා යුධ හමුදාව අතහැර රනිල් සහ මංගලගේ ගැලවීමේ හමුදාවට එක්වීමට අවශ්‍ය නැත. ඔහු රනිල්ගේ ගැලවීමට නොපැමිණියද මෙම නීතිමය පසුබිම නිසා දැන් එය ඔවුන්ගේ වාසියට හරවාගැනීමට හැක. (කිතුලට නැංග මිනිහාටත් යමක් කියන්න තිබුනා වගේ) නියම දේශපාලන උපක්‍රම අන්න ඒවාය. නමුත් එවැනි බොලඳ උත්සහයක් මගින් රටට හිතැති ජනතාවගෙ ඡන්ද රනිල්ගෙ ගොඩට වැටේයැයි සිතනවානම් එය ඔහු කරගන්නා තවත් මෝඩකමක් පමණි.
ReplyDeleteඅපේ රටේ දේශපාලන උප්පරවැට්ට වලින් පිරිනු එකකි. උප්පරවැට්ටි කෙසේ වෙතත් මීළඟ ජනාධිපති තේරීම තරඟයක් වනු ඇත. http://memberdotcom.blogspot.com/2009/11/blog-post_08.html
ReplyDelete