තරගයට බිය දීනයකු කරන්නට ඊනියා හිතවතුන් දරන තැත ජනාධිපති ප්‍රතික්ෂේප කරයි

(2009 නොවැම්බර් 11 - W3Lanka)  ජනරාල් සරත් ෆොන්සේකා ජනාධිපතිවරණයට ඉදිරිපත් වීම වැළැක්වීම සඳහා සංඝ බලවේගයක් සෑදීම සඳහා ජාතික නිදහස් පෙරමුණේ නායක විමල් වීරවංශගේ නායකත්වයෙන් පවත්වන ලද පළමු රැස්වීමෙන් පසුව ෆොන්සේකාට එරෙහිව සංඝ ආඥාවක් නිකුත් කරන බවට නිකුත් කරන ලද නිවේදනය භික්ෂූන් වහන්සේලාගේ බලවත් විරෝධයට තුඩු දී තිබේ. එය ප්‍රජාතන්ත්‍ර විරෝධී කාර්යයක් සේ ම එවැනි සංඝ ආඥාවක් නිකුත් කිරීමේ කිසිදු බලයක් ‍ද මෙම පිරිසට නැති බව ඔවුහු පෙන්වා දෙති. 

ඉදිරි ජනාධිපතිවරණයකට ජනරාල් සරත් ෆොන්සේකා ඉදිරිපත් වීම වැළැක්වීම සඳහා සිංහල බෞද්ධ බලවේගයක් නිර්මානය කිරීම ජාතික නිදහස් පෙරමුණේ නායක විමල් වීරවංශ ප්‍රධාන පිරිසකට භාර දී ඇතත්, ජනරාල් ‍ෆොන්සේකා තරගයට ඉදිරිපත් වීම වැළැක්වීමට නීතිමය ක්‍රියාමාර්ග ගැනීමේ වැඩපිළිවෙලකට යාමේ අදහසක් මහින්ද රාජපක්ෂ ජනාධිපතිවරයාට නැති බව ඔහුට සමීප ආරංචි මාර්ග පවසයි.

දැනට ආරක්ෂක මාණ්ඩලික ප්‍රධානී ධුරය දරන ෆොන්සේකා ජනාධිපතිවරණයට ඉදිරිපත් වීම සඳහා ඉල්ලා අස් වීමට අදහස් කරන්නේ නම් තමන් වහා ම එය භාර ගන්නා බව ජනාධිපතිවරයා ඇමති පිරිසකට පවසා තිබේ. ආරක්ෂක මාණ්ඩලික ප්‍රධානී ධුරයෙන් ජනරාල් ෆොන්සේකාගේ ඉවත් වීම නෛතික වන්නේ ජනාධිපතිවරයා ඉල්ලා අස් වීම පිළි ගතහොත් පමණි.

මෙම ඉල්ලා අස් වීම පිළි නො ගෙන සරත් ෆොන්සේකාගේ අපේක්ෂකත්වය වැළැක්විය හැකි බව රජයට පක්ෂපාත කලින් එක්සත් ජාතික පක්ෂ මතවාදයේ සිට කොළ පාට සමාජයක් පොත ලියූ සී. ඒ. චන්ද්‍රප්‍රේම ඇතුළු උපදේශකයින් ජනමාධ්‍ය ඔස්සේ පසුගිය දිනවල පෙන්වා දුන්නේ ය.

එහෙත්, මහින්ද රාජපක්ෂ තරගයට බිය දීනයකු බවට පත් කිරීම සඳහා දෙන මෙම උපදෙස් ප්‍රතික්ෂේප කිරීමට ජනාධිපතිවරයා තීරණය කර ඇති බව දැනගන්නට ඇත.


Comments

Post a Comment

මාතෘකාවට අදාළ නැති හා වෛරී අදහස් ඉවත් කිරීමට ඉඩ ඇති බව කරුණාවෙන් සලකන්න.

Popular posts from this blog

දීප්ති කුමාර ගුනරත්න යනු මොකක්ද?

මාතර දෙයියන්ගෙ හාල්වලින් පිසූ බත් දන්සැල

එළියකන්දේ වැසිකිලි සැප