ජනාධිපතිවරණය ප්‍රකාශයට පත් කරන ශ්‍රීලනිප සමුළුවට ලක්ෂයක් අද්දයි


(2009 නොවැම්බර් 14 - W3Lanka) හෙට පැවැත්වෙන ශ්‍රී ලංකා නිදහස්‌ පක්‌ෂයේ මහා සම්මේලනයට ලක්‌ෂයකට ආසන්න පිරිසක්‌ සහභාගි කරවීම සඳහා එම පක්ෂය උත්සාහ දරමින් සිටින බව වාර්තා වේ.

මෙම සම්මේලනය හෙට (15 වැනිදා) ජනාධිපති මහින්ද රාජපක්‌ෂ මහතාගේ ප්‍රධානත්වයෙන් කොළඹ ආර්. ප්‍රේමදාස ක්‍රීඩාංගණයේ දී පැවැත්වේ. ඉදිරි ජනාධිපතිවරණය ප්‍රකාශයට පත් කිරීම මෙම සමුළුවේදී සිදු වනු ඇතැයි බොහෝ දෙනෙක් අපේක්ෂා කරති.

පක්‌ෂයේ විදෙස්‌ රටවල ශාඛා නියෝජනය කරමින් විශාල පිරිසක්‌ සමුළුවට එක්‌වන අතර විදේශ රටවල දේශපාලන පක්‌ෂ නියෝජිතයන් මෙන්ම ලංකාවේ දේශපාලන පක්‌ෂවලටද මෙම සමුළුවට ආරාධනා කර ඇතැයි පක්ෂ ආරංචි මාර්ග පවසයි.


Comments

  1. ගමනක අවසානයේ ඇරඹුම හොඳින්ම සමරන්න.

    ReplyDelete

Post a Comment

මාතෘකාවට අදාළ නැති හා වෛරී අදහස් ඉවත් කිරීමට ඉඩ ඇති බව කරුණාවෙන් සලකන්න.

Popular posts from this blog

තේරවිලි: සුපුන් සඳක් ඇත. මැදින් හිලක් ඇත.

පාසල් අධ්‍යාපනය ගැන කතා තුනක්

හමුදා කුමන්ත්‍රණ ගැන ලෝකෙට දුරකථනයෙන් කිව්වෙ බීලා වෙන්න ඇති -ෆොන්සේකා