ජනරාල්ගේ ආරක්ෂක විධිවිධාන හරහා මේ ඇරඹෙන්නේ යහපාලනය ද?
(2009 නොවැම්බර් 25 - W3Lanka ) හිටපු හමුදාපති ජනරාල් සරත් ෆොන්සේකා ආරක්ෂාව ඉල්ලා ශ්‍රේෂ්ඨාධිකරණයේ ගොනු කර තිබෙන මූලික අයිතිවාසිකම් පෙත්සමේ සඳහන් වන ආකාරයට ඔහු ඉල්ලා ඇති ආරක්ෂක විධිවිධාන අතර ආරක්‍ෂක භටයන් 600ක්, ආරක්‍ෂක රථ 10ක් සහ වෙඩි නොවදින රථ දෙකක් ඇති බව වාර්තා වේ. තම ජීවිතය තිබෙන තුරුම මරණ තර්ජන පවතින බවත් ආරක්‍ෂක ලේකම්, වත්මන් හමුදාපති, හිටපු නාවික හමුදාපති ඇතුළු බොහෝ දෙනකුට සපයා ඇති ආරක්‍ෂාව සමඟ සලකා බලන විට තමාට ලබා දී ඇති ආරක්‍ෂාව කොහෙත්ම ප්‍රමාණවත් නොමැති බවත් පවසන හේ ආරක්ෂාව සඳහා අඩුම වශයෙන් 600 ක පමණ ආරක්‍ෂක නිලධාරීන් කණ්‌ඩායමක් තමාට අවශ්‍ය බව ඔහු කියයි. කොටි සංවිධානය නොවන වෙනත්බලවේගවලින් ද තමන්ට මරණ තර්ජන ඇති බව ෆොන්සේකා මීට ඉහතදී මාධ්‍යවලට පැවසීය. මේ රටේ පසුගිය සමයේ සිදු වූ ඝාතන රැල්ල පිළිබඳ ඔහුට ඇති අවබෝධය නිසා ඔහු මෙසේ ආරක්ෂාව ඉල්ලා සිටීම සාධාරණ ය. ඔහු හා සමාන ජීවිත තර්ජන ඇති අයට මෙවැනි ආරක්ෂාවක් සපයා තිබේ. කිසියම් ජ...