Posts

Showing posts with the label මිහින් ලංකා

ආණ්ඩුවේ අකාර්යක්ෂමකම ගුවනට නංවා පයින් යන අපේ සාක්කුවට කෙළින මිහින් | Mihin Lanka flying burning public money showing government's inefficiency

Image
(2010 අප්‍රේල් 19 -  W3Lanka )  මහින්ද රාජපක්ෂ ආණ්ඩුවේ ව්‍යවසාය කළමනාකරණ අකාර්යක්ෂමතාව ප්‍රදර්ශනය කරමින් රජයට වැඩියෙන් ම පාඩු ලැබ දුන් අසාර්ථක ව්‍යාපාරයක් වන මිහින් ලංකා 2009 වසරේදී රු. කෝටි 93ක පාඩුවක් ලබා තිබේ. මිහින් ලංකාට ගුවන් නියමුවන් ඇතුළු විවිධ සේවාවන් ලබා දෙන ශ්‍රී ලංකන් ගුවන් සේවය ද රු. කෝටි 1220ක පාඩුවක් ලබා ඇත.  ශ්‍රී ලංකන් ගුවන් සේවයේ කොටස් 43%ක් හිමි එමිරේට්ස් සමාගම විසින් ශ්‍රී ලංකන් කළමනාකරණය කළ 1998 සිට 2008 දක්වා දස වස තුළ මෙම ගුවන් සේවය මහජනතාවට බරක් වූයේ නැත.  2009 මාර්තු මස එමිරේට්ස් සමාගම ශ්‍රී ලංකන් කළමනාකරණයෙන් ඉවත් වූයේ ජනාධිපති කාර්ය මණ්ඩලයට ශ්‍රී ලංකන් ගුවන් යානයක අසුන් වෙන් කර දීම පිළිබඳව රජය හා සමාගම අතර මතභේදයක් ඇති වීමත් සමගයි.  දැන් මේ සමාගම් දෙක හේතුවෙන් ලංකාවේ මහජනයාගේ සාක්කුවට දැවැන්ත බරක් පැටවී තිබේ.  ගුවන් සේවාවන් පවත්වාගෙන යාම සම්බන්ධයෙන් ලංකාවේ රජයට ඇත්තේ අසාර්ථක පළපුරුද්දකි. ඒ සියල්ල තිබියදී ජනාධිපති මහින්ද රාජපක්ෂ සිය නමින් 2007දී පටන් ගත් මිහින් ලංකා 2008දී කඩා වැටුණේ රු. කෝටි 300ක පාඩුවක් වාර්තා කරමිනි. නැවත වත...

මිහින් එයාර් නවතම ගුවන් යානා ගනුදෙනුව ප්‍රශ්න කෙරේ

Image
(2009 නොවැම්බර් 17 - W3Lanka ) ශ‍්‍රී ලංකා ආණ්ඩුක‍්‍රම ව්‍යවස්ථාව පවා උල්ලංඝනය වන අයුරින් අපාර්ලිමේන්තුවේ අවසරයකින් තොරව මුදල් යොදවා ආරම්භ කරන ලද මිහින් එයාර් සමාගමේ නවතම දුෂිත ගනුදෙනුව වී ඇත්තේ ඒ 320 වර්ගයේ තවත් ගුවන් යානාවක් මිලදී ගැනීම බව දූෂණ විමසුම ආයතනය පවසයි.  මෙම ගුවන් යානාව සිංගප්පූරුවේ Bank of China පෞද්ගලික සමාගම විසින් සපයනු ලබන ලීසිං හෙවත් කල් බදු ක‍්‍රමයට මිලදී ගැනීමට යයි. ඒ සඳහා වර්ෂ තුනකින් ගෙවීමේ පදනම මත ඇමරිකානු ඩොලර් මිලියන් 13.5ක වියදමක් දැරිමට ගිවිසුම් ගත වී ඇත. වාහනයක් හෝ යමක් කල් බදු ක‍්‍රමයට මිලදී ගැනීමේදී ඒ සඳහා ඇප වන්නේ අදාල භාණ්ඩයයි. එහෙත් මෙහිදී අදාළ ගුවන් යානයට අමතරව මහා භාණ්ඩගාරය මගින් ද ඇපයක් ඉල්ලා ඇති බව දූෂණ විමසුම පවසයි. ඒ අනුව මහා භාණ්ඩාගාරයේ මුදල් හෙවත් මෙරට ජනතාවගේ මුදල් වක‍්‍ර ලෙස වංචාවකට යොදවා ඇතැයි පෙන්වා දෙන දූෂණ විමසුම පාඩු ලබන මිහින් එයාර් සමාගමට මහා භාණ්ඩාගාරය ඇප සහතික ලබා දෙන්නේ කුමන පදනමක් මතදැයි ප්‍රශ්න කරයි. පසුගිය වසර තුනදී  පමණක් රුපියල් බිලියන 3. 6 ක පාඩුවක් ලබා ඇති මිහින් එයාර් රුපියල් බිලියන 1.4 ක ණය මුදලක් ගෙවන්නේ ක...

මිහින් බිම; සජින් උඩ

Image
(අගෝස්තු 17, 2009 - W3Lanka) මිහින් ලංකා සමාගමේ හිටපු ප්‍රධාන විධායක නිලධාරි සහ ජනාධිපති මහින්ද රාජපක්ෂගේ සමීපතම හිතවතක් වන සජින් වාස් ගුණවර්ධන ළඟදීම ගුවන් යානා පැදවීම පුහුණු කරවන පාසලක් කටුකුරුන්ද ගුවන් තොටුපළ පාදක කරගෙන ආරම්භ කිරීමටය යයි. මේ සඳහා ගුවන් යානා තුනක් හා හෙලිකොප්ටරයක් මිළ දී ගැනීමට ඔහු සූදානම් වෙයි. මෙම පාසලේ ශාඛා අනාගතයේදී දිවයිනේ වෙනත් ප්‍රදේශවල ද ආරම්භ කිරිමට නියමිත ය. මේ සඳහා ලංකා ඔරික්ස් ලීසිං සමාගමෙන් හෙළිදරව් නොකරන ලද ණය මුදලක් ඔහු ලබාගෙන ඇති අතර, විදේශ ආයෝජකයෝ ද මෙම ව්‍යාපෘතියට හවුල් වෙති. මේ අතර, මිහින් ලංකා ගුවන් සේවය දෙවන වතාවටත් කඩාවැටීමට ආසන්න බව තතු දත් ආරංචි මාර්ග පවසයි. පළමු වර බිඳවැටීමෙන් පසු මෙම ගුවන් සේවය නඟා සිටුවීම සඳහා 2009 අයවැයෙන් රු. කෝටි 6000ක් වෙන් කරන ලදී. සජින් වාස් ළඟ එන දකුණු පළාත් සභා මැතිවරණයේදී දකුණු පළාත් සභාවට තරග කිරිමට නියමිත ය. දකුණු පළාත් මහ ඇමති ධුරයට යෝජිත නම් අතර ඔහුගේ නම ද වේ.