මිහින් බිම; සජින් උඩ

(අගෝස්තු 17, 2009 - W3Lanka) මිහින් ලංකා සමාගමේ හිටපු ප්‍රධාන විධායක නිලධාරි සහ ජනාධිපති මහින්ද රාජපක්ෂගේ සමීපතම හිතවතක් වන සජින් වාස් ගුණවර්ධන ළඟදීම ගුවන් යානා පැදවීම පුහුණු කරවන පාසලක් කටුකුරුන්ද ගුවන් තොටුපළ පාදක කරගෙන ආරම්භ කිරීමටය යයි. මේ සඳහා ගුවන් යානා තුනක් හා හෙලිකොප්ටරයක් මිළ දී ගැනීමට ඔහු සූදානම් වෙයි. මෙම පාසලේ ශාඛා අනාගතයේදී දිවයිනේ වෙනත් ප්‍රදේශවල ද ආරම්භ කිරිමට නියමිත ය.


මේ සඳහා ලංකා ඔරික්ස් ලීසිං සමාගමෙන් හෙළිදරව් නොකරන ලද ණය මුදලක් ඔහු ලබාගෙන ඇති අතර, විදේශ ආයෝජකයෝ ද මෙම ව්‍යාපෘතියට හවුල් වෙති.


මේ අතර, මිහින් ලංකා ගුවන් සේවය දෙවන වතාවටත් කඩාවැටීමට ආසන්න බව තතු දත් ආරංචි මාර්ග පවසයි. පළමු වර බිඳවැටීමෙන් පසු මෙම ගුවන් සේවය නඟා සිටුවීම සඳහා 2009 අයවැයෙන් රු. කෝටි 6000ක් වෙන් කරන ලදී.


සජින් වාස් ළඟ එන දකුණු පළාත් සභා මැතිවරණයේදී දකුණු පළාත් සභාවට තරග කිරිමට නියමිත ය. දකුණු පළාත් මහ ඇමති ධුරයට යෝජිත නම් අතර ඔහුගේ නම ද වේ.

Comments

  1. දේශිව වශයෙන් ගවන් මාගමකි බිහිවීමේ අවශ්‍යතාවයක් තියෙනවා....ඒක ශී ලාංකික අයෙක=ගේ සමාගමින් බිහිවෙනවා නම් තමයි ආඩම්බර වෙන්න පුළුවන්.

    ReplyDelete
  2. ha ha ha . can people be this gullible?

    ReplyDelete

Post a Comment

මාතෘකාවට අදාළ නැති හා වෛරී අදහස් ඉවත් කිරීමට ඉඩ ඇති බව කරුණාවෙන් සලකන්න.

Popular posts from this blog

තේරවිලි: සුපුන් සඳක් ඇත. මැදින් හිලක් ඇත.

පාසල් අධ්‍යාපනය ගැන කතා තුනක්

හමුදා කුමන්ත්‍රණ ගැන ලෝකෙට දුරකථනයෙන් කිව්වෙ බීලා වෙන්න ඇති -ෆොන්සේකා