අමාත්‍ය නිලධාරියාත් ආයුධ පෙන්වන්න ගොස් පළා යන්න උත්සාහ කරයිදැයි බියක්

(අගෝස්තු 07, 2009 - W3Lanka) මානව හිමිකම් අමාත්‍ය මහින්ද සමරසිංහගේ සම්බන්ධීකරණ ලේකම්වරයකු යයි කියන ශාන් ජයසිංහ මිරිහාන පොලිසියේ විශේෂ විමර්ශන ඒකකය විසින් 03දා රාත්‍රියේ ඔහුගේ මතුගම නිවසෙන් රැගෙන යාමෙන් පසු ජනමාධ්‍යවලට අදහස් දැක්වූ ඇමතිවරයා අත්අඩංගුවට ගැනීම්වලදී පොලිසිය නීත්‍යානුකූලව කටයුතු කළ යුතු බව ‍පෙන්වා දුන්නේය. 

පාතාල කල්ලි නායකයකු ලෙස සැකපිට අත්අඩංගුවට ගත් බව කියන මෙම පුද්ගලයා "සඟවා ඇති ආයුධ පෙන්වීමට ‍ගොස් පළා යන්නට තැත් කිරීම" වළක්වා ගැනීමට ඇමතිවරයාට පවා විශේෂ පරිශ්‍රමයක් දැරීමට සිදු වී ඇති බව ද වාර්තා වේ.


පාතාල මර්දන මෙහෙයුම්වල හස්තය අමාත්‍ය කාර්ය මණ්ඩල දක්වා දිගු වීම මේ වන විට ඇමතිවරුන්ගේ බරපතල අවධානයට ලක් වී ඇති බව ද දැනගන්නට තිබේ.


Comments

Popular posts from this blog

තේරවිලි: සුපුන් සඳක් ඇත. මැදින් හිලක් ඇත.

පාසල් අධ්‍යාපනය ගැන කතා තුනක්

හමුදා කුමන්ත්‍රණ ගැන ලෝකෙට දුරකථනයෙන් කිව්වෙ බීලා වෙන්න ඇති -ෆොන්සේකා