ඡන්ද පහක තාප්ප සුද්ද කරන්න මැතිවරණ කොමසාරිස් එක් කෝටි දොළොස් ලක්ෂයක් වැය කරලා; ඒත් වැඩක් නැහැ

එහෙත්, එයින් ලැබුණු ප්‍රතිඵලයක් නැති බව ද ඔහු කීවේය. මුදලට, ශරීර ශක්තියට ප්‍රමුඛත්වය ලැබෙන මෙම මැතිවරණ ක්‍රමය කොමසාරිස්වරයාගේ දැඩි විවේචනයට ලක් විය.
අගෝස්තු 08දා පැවැත්වීමට නියමිත ඌව පළාත් සභාවේ හා යාපනය මහ නගර සභාවේත්, වවුනියා නගර සභාවේත් මැතිවරණවලදී ද නීති විරෝධී ප්‍රචාරක කටයුතු සාමාන්‍ය තත්වයකි වී තිබේ. මෙම ආයතනවල වාර්ෂික වියදමටත් වඩා වැඩි මුදලක් ප්‍රචාරක පුවරු, බැනර්, පෝස්ටර්, සැරසිලි, කාර්යාල ආදිය සදහා අපේක්ෂකයන් විසින් වැය කරනු ලබන බව නිරීක්ෂණය කළ හැකි ය.
Comments
Post a Comment
මාතෘකාවට අදාළ නැති හා වෛරී අදහස් ඉවත් කිරීමට ඉඩ ඇති බව කරුණාවෙන් සලකන්න.