Posts

Showing posts with the label මැතිවරණ

ලංකාවේ පැවැත්වෙන මැතිවරණ ප්‍රජාතාන්ත්‍රික ද?

Image
ලංකාවේ නිතර, නිතර මැතිවරණ පැවැත්වේ. එමගින් ලංකාව ප්‍රජාතන්ත්‍රවාදී රටක් යන අදහස පාලකයන් විසින් ප්‍රවර්ධනය කරමින් තිබේ. ඇත්තෙන් ම, ලංකාවේ මැතිවරණ ප්‍රජාතන්ත්‍රවාදී ද? මෙහිදී මේ පිළිබඳව තිබෙන ජාත්‍යන්තර සම්මුතිවල තත්වය විමසා බැලීම වැදගත් ය. විශ්ව මානව හිමිකම් ප‍්‍රකාශනයේ 21 (3) වගන්තිය මෙසේ පවසයි. ”ජනතාවගේ කැමැත්ත රාජ්‍ය බලාධිකාරයේ පදනම වේ. නියමිත කාලානුරූපව පැවැත්වෙන අව්‍යාජ මැතිවරණවලදී නිදහස් හා සමාන අන්දමින් ඡන්දය ප‍්‍රකාශ කිරීමේ ක‍්‍රම හා රහස් ඡන්දය හරහා සර්ව ජන ඡන්ද බලයෙන් මෙම කැමැත්ත ප‍්‍රකාශ වේ.” සිවිල් හා දේශපාලන හිමිකම් පිළිබඳ ජාත්‍යන්තර ප‍්‍රඥප්තියේ 25 වගන්තිය මෙසේ පවසයි. සෑම පුරවැසියකුට ම පහත සඳහන් කාරණා සම්බන්ධයෙන් හිමිකම හා අවස්ථාව හිමි වේ. (අ) ඍජුව හෝ නිදහස් අන්දමින් තෝරා ගන්නා ලද නියෝජිතයන් හරහා පොදු කටයුතු මෙහෙයවීමට සම්බන්ධ වීමේ හැකියාවෙන් (ආ) කාලානුරූපව පැවැත්වෙන අව්‍යාජ මැතිවරණවලදී සමාන හා සර්ව ජන ඡන්ද බලයෙන් හා රහස් ඡන්දය ප‍්‍රකාශ කිරීමෙන් හා තෝරා පත් කර ගන්නාගේ කැමැත්ත නිදහස් අන්දමින් ප‍්‍රකාශ වන පරිදි තේරී පත් වීමෙන් (ඇ) සමානාත්මතාවේ සාමාන්‍ය කොන්දේසි මත ...

මමත් ඡන්ද දායකයෙක් වුණා නම් ..............

Image
අද පැවැත්වෙන පළාත් සභා මැතිවරණයේ ප්‍රතිඵල මෙසේ ය: වයඹ හා මධ්‍යම පළාත් මැතිවරණ එක්සත් ජනතා නිදහස් සන්ධානය පහසුවෙන් ජය ගනු ඇත.  දෙමළ ජාතික සන්ධානය ඊටත් වඩා පහසුවෙන්, ඇතැම් විට තුනෙන් දෙකකට වැඩි ඡන්ද ප්‍රතිශතයකින්   උතුරු පළාත් සභාව   ජය ගන්නට ඉඩ තිබේ. වයඹ පළමු තැනට එන්නේ දයාසිරි ද ‍ජොහාන් ද වැනි ප්‍රශ්න ඇත්තට ම වැදගත් නැත. මන්ද ගූ බෙට්ටේ ඉස්සරහ පස්ස කියා වෙනසක් නැති නිසා ය.  මේ මැතිවරණයේදීත් වර්ණවත් මැතිවරණ ඝෝෂාව තුළ ජනතාව දේශපාලනිකව අන්ධ හා බිහිරි තත්වයට පත් කර ගොළු ප්‍රකාශකයකු බවට පත් කර ගන්නට ආණ්ඩුව සමත් වී තිබේ. විපක්ෂයේ දුර්වලකම හා මැතිවරණයේදී රාජ්‍ය බලය භාවිතා කරන්නට ඇති බලපුළුවන්කාරකම වාසියට තිබුණත්, මේ මැතිවරණයේදීත් ආණ්ඩුව යැපුණේ ජාතිවාදය මතයි. උතුරු පළාත් සභා මැතිවරණයේදී ශක්තිමත් අන්දමින් මතු වූ දෙමළ ජාතිකවාදය අනෙකා කරගෙන දෙමළාට එරෙහිව ආණ්ඩුව ශක්තිමත් කළ යුතු ය යන මතයක් ආණ්ඩුව විසින් ඉස්මතු කරන ලදී.  අලුත් ජාතිකවාදී දේශපාලන රැල්ල ගැන අපි මැතිවරණයෙන් පසුව කතා කරමු.  මෙම මැතිවරණයේදී එක්සත් ජාතික පක්ෂය, ජනතා විමුක්ති පෙරමුණ හා ප්‍රජ...

ලාබයි! ලාබයි! දේශපාලන පක්ෂ ලාබයි! එන්න! ගන්න!

Image
(2011 ජනවාරි 25,  W3Lanka )   ලංකාවේ ලියාපදිංචි දේශපාලන පක්ෂ 67ක් ඇති බව වාර්තා වේ. ඒ අතරින් ලියාපදිංචි දේශපාලන පක්‍ෂ තුනකට එම පක්‍ෂවලින් ඉදිරි පළාත් පාලන මැතිවරණය තරග කිරීමට නොහැකි බව මැතිවරණ කාර්යාලය දැනුම්දී තිබේ. එම පක්ෂ නම් ප්‍රගතිශීලී පෙරමුණ, ජාතික සංවර්ධන පෙරමුණ හා ඊළාම් ජාතික ප්‍රජාතන්ත්‍රවාදී විමුක්‌ති පෙරමුණ එම පක්‍ෂවේ. ඒ අතරින් ප්‍රගතිශීලී පෙරමුණ යනු ශ්‍රී ලංකා නිදහස් පක්ෂයෙන් කැඩී ගිය රැඩිකල් නායකයකු වූ ආරිය බුලේගොඩ විසින් පිහිටුවන ලද පක්ෂයකි. 1989 මර්දනයෙන් පසු ජනතා විමුක්ති පෙරමුණ 1994දී මුල් වරට මහ මැතිවරණයට තරග කර හම්බන්තොට දිස්ත්‍රික්කයෙන් එක් ආසනයක් දිනා ගත්තේ ප්‍රගතිශීලී පෙරමුණේ මල් පෝච්චිය ලකුණෙන් තරග කරමින් ය. බුලේගොඩගේ මරණයෙන් පසු මෙම පක්ෂය කලක් රොහාන් ජයතුංග නම් පුද්ගලයකුට හිමි වී තිබිණි. ඔහු එය එක්සත් ජනතා නිදහස් සන්ධානය සමග සම්බන්ධ කර තිබුණු අතර එය එම සන්ධානය විසින් මැතිවරණ ප්‍රචාරක කටයුතුවලදී ව්‍යාජ අපේක්ෂකයන් ඉදිරිපත් කිරීම සඳහා මෙම පක්ෂය පාවිච්චි කළේ ය.  අනෙක් පක්ෂ දෙක අප දන්නා ආකාරයට ජාතික වශයේ වැදගත් දේශපාලන මැදිහත්වීමක් කළ අය හා ...

ඡන්ද පොලිතින් ප්‍රතිචක්‍රීයකරණය කරනු! පරිසර සංවිධාන ඉල්ලයි

Image
(2010 ජනවාරි 07-W3Lanka) මැතිවරණ ප‍්‍රචාරය සඳහා පොලිතින්, ප්ලාස්ටික් භාවිතයට ගැනීම සිදු නොකරන මෙන් පාරිසරික සංවිධාන 06ක් ඒකාබද්ධ නිවේදනයක් නිකුත් කරමින් මැතිවරණ අපේක්ෂකයින් සහ ඔවුන්ගේ සංවිධායකවරුන්ගෙන් ඉල්ලීමක් ඊයේ කරනු ලැබීය.  මැතිවරණ කටයුතු සඳහා පොලිතීන් භාවිතා කිරීමට නීතිමය තහනමක් නැතිවූවද, ආදර්ශයක් ලබාදීම පරිසර හිතකාමිත්වය පෙන්නුම් කිරිමක් බව එම සංවිධාන අවධාරණය කරති.  පොලිතින් සහ ඒ ආශි‍්‍රත නිෂ්පාදන භාවිතයෙන් පසු අවිධිමත්ව බැහැර කිරීම තුලින් විශාල පාරිසරික සහ සෞඛ්‍යමය ගැටළු රාශියකට මෑත කාලයේ මුහුණ දිමට සිදුවිය. දේශපාලන දැන්වීම් පුවරු, පොලිතීන් සැරසිරි ඉවත් කිරීමෙන් පසුව ඒවා අදාළ ප‍්‍රතිචකී‍්‍රකරන ආයතන මගින් යළි ප‍්‍රති නිෂ්පාදනය කෙරේ. පොලිතින් සහ ප්ලාස්ටික් වර්ග පහත සඳහන් ආයතන වලට ප‍්‍රතිචකී‍්‍රයකරණය සඳහා භාරදිය හැකිබව එම නිවේදනයේ සඳහන්ය.  එනම් හෝමාගම හබරකඩ රණාල පාරේ වෝක් ලංකා ඉන්ඩස්ටී‍්‍රස්(දුරකථනය 077-7309217),  මල්වාන, වල්ගම උඩහිටිවලපාරේ ඉසඞ් කේ හෝල්ඩන් සූ ආයතනය (077- 9377732) එම ආයතන වේ. -Election Reporter

රාජපක්ෂ පාලනය උතුරේ මුදාගත් දෙමළ ජනයා අතර පරාදයි

Image
(2009 අගෝස්තු 10 - W3Lanka) ඌව පළාත් සභාවේ එක්සත් ජනතා නිදහස් සන්ධාන ජයග්‍රහණය කෙතරම් සුවිසල් එකක් වුව ද එය කිසිවකු මවිත කිරීමට හේතු වුවක් බව නොපෙනේ. ජනාධිපතිවරයා සහ මැති ඇමති රොත්තක්ම, රාජ්‍ය මාධ්‍ය ඇතුලු මහජන දේපල අසීමිත අන්දමින් උපයෝගී කරගෙන කරනු ලබන 'ප්‍රජාතන්ත්‍රවාදී' මැතිවරණ ව්‍යාපාරවලින් ඇත්ත වශයෙන් ම කරනු ලබන්නේ ජනතා කැමැත්ත මහදවල් මංකොල්ලකෑමකි. සැබැවින්ම ප්‍රජාතන්ත්‍රවාදී මැතිවරණයක් පැවැත්වූයේ නම් එයින් එක්සත් ජනතා නිදහස් සන්ධානය පරාජය වේ යයි මෙමගින් අදහස් නොකෙරේ. දකුණේ මැතිවරණ දිනීමට අවශ්‍ය ජනප්‍රියත්වය රාජපක්ෂ රෙජිමයට ඔනෑවටත් වඩා තිබේ. එහෙත්, රජයට අවශ්‍ය ජයග්‍රහණ නොව, විරුද්ධවාදීන්ගේ අන්ත පරාජයන් ය. පළාත් පාලන ඡන්දයක් ඓතිහාසික එකක් වීමට යෝග්‍ය නොවුණත්, යාපනය මහ නගර සභාවට හා වවුනියාව නගර සභාවට පවත්වන ලද ඡන්දය එවැන්නක් බව ආචාර්ය දයාන් ජයතිලක අද The Island පුවත්පතට ලිපියක් ලියමින් පවසයි. එසේ වන්නේ මෙම මැතිවරණ වනාහි තිස් වසරක බෙදුම්වාදී යුද්ධය කැරැලිකරුවන්ට පරාජය ගෙන දෙමින් අවසන් වීමෙන් පසු දෙමළ දේශපාලන ජීවිතයේ මධ්‍යස්ථානවල පවත්වන ප්‍රථම මැතිවරණය මෙය වීම බව ඔහු කියයි....

ඡන්ද පහක තාප්ප සුද්ද කරන්න මැතිවරණ කොමසාරිස් එක් කෝටි දොළොස් ලක්ෂයක් වැය කරලා; ඒත් වැඩක් නැහැ

Image
(අගෝස්තු 07, 2009 - W3Lanka) පසුගිය මැතිවරණ පහකදී දේශපාලන පක්ෂ හා අපේක්ෂකයන් විසින් මැතිවරණ නීති රීති කඩ කරමින් කරන ලද පොස්ටර්, බැනර් වැනි ප්‍රචාරක ද්‍රව්‍ය ඉවත් කිරීම සඳහා මැතිවරණ කොමසාරිස් දෙපාර්තමේන්තුව රු. එක්කෝටි දෙළොස් ලක්ෂයක් වැය කළ බව මැතිවරණ කොමසාරිස් දයානන්ද දිසානායක ඊයේ පුවත්පත් සාකච්ඡාවකදී පැවසීය.  එහෙත්, එයින් ලැබුණු ප්‍රතිඵලයක් නැති බව ද ඔහු කීවේය. මුදලට, ශරීර ශක්තියට ප්‍රමුඛත්වය ලැබෙන මෙම මැතිවරණ ක්‍රමය කොමසාරිස්වරයාගේ දැඩි විවේචනයට ලක් විය.  අගෝස්තු 08දා පැවැත්වීමට නියමිත ඌව පළාත් සභාවේ හා යාපනය මහ නගර සභාවේත්, වවුනියා නගර සභාවේත් මැතිවරණවලදී ද නීති විරෝධී ප්‍රචාරක කටයුතු සාමාන්‍ය තත්වයකි වී තිබේ. මෙම ආයතනවල වාර්ෂික වියදමටත් වඩා වැඩි මුදලක් ප්‍රචාරක පුවරු, බැනර්, පෝස්ටර්, සැරසිලි, කාර්යාල ආදිය සදහා අපේක්ෂකයන් විසින් වැය කරනු ලබන බව නිරීක්ෂණය කළ හැකි ය.