මමත් ඡන්ද දායකයෙක් වුණා නම් ..............

අද පැවැත්වෙන පළාත් සභා මැතිවරණයේ ප්‍රතිඵල මෙසේ ය:

වයඹ හා මධ්‍යම පළාත් මැතිවරණ එක්සත් ජනතා නිදහස් සන්ධානය පහසුවෙන් ජය ගනු ඇත. 

දෙමළ ජාතික සන්ධානය ඊටත් වඩා පහසුවෙන්, ඇතැම් විට තුනෙන් දෙකකට වැඩි ඡන්ද ප්‍රතිශතයකින්  උතුරු පළාත් සභාව ජය ගන්නට ඉඩ තිබේ.

වයඹ පළමු තැනට එන්නේ දයාසිරි ද ‍ජොහාන් ද වැනි ප්‍රශ්න ඇත්තට ම වැදගත් නැත. මන්ද ගූ බෙට්ටේ ඉස්සරහ පස්ස කියා වෙනසක් නැති නිසා ය. 

මේ මැතිවරණයේදීත් වර්ණවත් මැතිවරණ ඝෝෂාව තුළ ජනතාව දේශපාලනිකව අන්ධ හා බිහිරි තත්වයට පත් කර ගොළු ප්‍රකාශකයකු බවට පත් කර ගන්නට ආණ්ඩුව සමත් වී තිබේ.

විපක්ෂයේ දුර්වලකම හා මැතිවරණයේදී රාජ්‍ය බලය භාවිතා කරන්නට ඇති බලපුළුවන්කාරකම වාසියට තිබුණත්, මේ මැතිවරණයේදීත් ආණ්ඩුව යැපුණේ ජාතිවාදය මතයි. උතුරු පළාත් සභා මැතිවරණයේදී ශක්තිමත් අන්දමින් මතු වූ දෙමළ ජාතිකවාදය අනෙකා කරගෙන දෙමළාට එරෙහිව ආණ්ඩුව ශක්තිමත් කළ යුතු ය යන මතයක් ආණ්ඩුව විසින් ඉස්මතු කරන ලදී. 

අලුත් ජාතිකවාදී දේශපාලන රැල්ල ගැන අපි මැතිවරණයෙන් පසුව කතා කරමු. 

මෙම මැතිවරණයේදී එක්සත් ජාතික පක්ෂය, ජනතා විමුක්ති පෙරමුණ හා ප්‍රජාතන්ත්‍රවාදී පක්ෂය වැනි විරුද්ධ පක්ෂ දක්වන ප්‍රතිඵලය වැදගත් ය. එය වැදගත් වන්නේ මේ මැතිවරණයේදී නොවේ. එළඹෙන ජනාධිපතිවරණයකදී ය. 

කෙතරම් විවේචන තිබුණත්, මම වයඹ හෝ මධ්‍යම පළාත් සභා බල සීමාවේ ජීවත් වන පුද්ගලයකු වූවා නම් මගේ ඡන්දය දෙන්නේ ජනතා විමුක්ති පෙරමුණට ය. 

උතුරු පළාත් සභාවේ සිටියා නම් මම ද ඡන්දය දෙන්නේ දෙමළ ජාතික සන්ධානයට ය. 

මේ ලිපිය වෙන අයත් එක්කත් බෙදා ගන්න. උපුටා ගන්නවා නම් ‍මෙතැනින් ගත් බව කියන්න
Read in English blog.parakum.com

Comments

  1. \\\උතුරු පළාත් සභාවේ සිටියා නම් මම ද ඡන්දය දෙන්නේ දෙමළ ජාතික සන්ධානයට ය. \\\\

    අජිත් පවතින ආණ්ඩුව ගැන දෝෂාරෝපණ මටද තිබේ .. එහෙත් දෙමළ ජාතික සන්ධානය කියන්නේ පිළිලයක්... එවැනි පිළිල වලට සහය දෙන්න එපා.. ඉඟුරු දීලා මිරිස් ගන්න එපා..

    ReplyDelete
    Replies
    1. සයිලන්ට් සහන් පෙන්නුම් කරන්නේ තම අවිඥානයේ තිබෙන දෙමල විරෝධය මිස අනෙකක් නොවේ.

      - Dimithri

      Delete
    2. දිමිත්‍රි ඔවුන්ගේ ප්‍රතිපත්ති ප්‍රකාශනය කියවා සිටින්න මුළින්ම.

      Delete
    3. මා එය කියවා ඇත්තෙමි. ප්‍රතිපත්ති ප්‍රකාශනය ගැන සිංහලයන් විසින් නැගෙන විරෝධය ගැන සුමන්දිරන් මන්ත්‍රීවරයා ඇතුලු අය දී තිබෙන පිලිතුරුත් කියවා ඇත්තෙමි.

      - Dimithri

      Delete
    4. මට එහෙනම් මෙන්න මේකට උත්තර දෙන්න... මම ඔබට පක්ෂ කීපයක් උදාහරණ ලෙස දෙන්නම්.. ඔබ චන්දය පාවිච්චි කරන්නේ කාටද කියා කියන්න පුලුවන්ද මට ...? ( චන්දය යනු ස්වකැමැත්ත බව දන්නවා, ඒත් අපි මේ ගෙනියන්නේ සකච්චවක්නේ. ඉතින් ඔබේ අදහස මා හා පවසන්න )

      Delete

    5. 01.දෙමළ සන්දානය
      02.වත්මන් රජයට
      03.ජවිපෙට
      04.හෙළ උරුමය
      05.ඔබේ මපක්ෂයක් සාදාගෙන එයට
      06.ක්‍රමවත් වැඩපිළිවෙලක් ඇති සර්ව සාධාරණ පක්ෂයක් ඇති නම් එයට ( එහෙම එකක් තිබේ යැයි උපකල්පනය කරන්න )


      හේතු සඳහන් කරන්න..

      Delete
    6. මගේ හේතුව මම මීළඟ ලිපියෙන් පැහැදිලි කරනවා

      Delete
    7. නිසැකවම 06. ක්‍රමවත් වැඩපිළිවෙලක් ඇති සර්ව සාධාරණ පක්ෂයක් ඇති නම් එයට.

      දකුනේ බලය මෙතරම් මධ්‍යගතවී, ජනතා විරෝධී වීමට පදනම සපයා ඇත්තේ උතුරේ සිංහල-බෞද්ධකරනය, මිලිටරිකරනය, (වික්‍රමබාහුගේ වචනයෙන් කියතොත් උතුරේ ශිශ්ටාචාරය විනාශ කල ) සාපරාධී යුද්ධය ගැන උදාසීන නැතහොත් එය අනුමත කරන, දෙමල ජනයාගේ ස්වයං නීර්න අයිතියට විරුද්ධ සිංහල බහුතරයය යන්නයි මගේ තේරුම් ගැනීම.

      උතුරේ සිංහල-බෞද්ධකරනයට, මිලිටරිකරනයට අනිවාර්යයෙන් විරුද්ධ, දෙමල ජනයාගේ ස්වයං නීර්න අයිතිය පිලිගනු ලබනු ඇති 06 පක්ශයට, එම පක්ශය සැලකිය යුතු චන්ද ප්‍රමානයක් ලබයිද නැද්ද යන්න නොතකමින් මගේ චන්දය හිමිවනු ඇත.

      යතාර්ථයේ එවැනි පක්ශයකට සිටින්නේ දෙමල ජාතික සංධානය පමනයි. එනිසා මගේ චන්දය 01. දෙමල ජාතික සංධානයටයි. දකුණේ පාලකයාව සහ පාලන තන්ත‍්‍රය ප‍්‍රශ්න කිරීමේ ව්‍යුහාත්මක අවකාශය උතුරෙන්ම සැපයෙන අවස්ථාවකට පත්වීම ඉතිහාසය විසින් කරන දරුනු සරදමක්!

      මම මෙහිදී ගාමිනී වියන්ගොඩව උපුටා දක්වන්නම්..
      http://www.pathula.com/index.php/archives/5590

      //..... ලංකාවේ අද අප ලබන අත්දැකීම මෙහි දී විශේෂත්වයක් ගනී. ඉහත කී ව්‍යුහාත්මක අවකාශය තුළ, පවතින බලය අභියෝග කිරීමේ ප‍්‍රායෝගික හැකියාවක් නොමැති වන විට, විපක්ෂයක් එක දිගටම පරාජය වීම තුළින් පාලකයා සහ රෙජිමය කෙරෙහි තව තවත් පරායත්ත වීමේ පරිසරයක් ජනතාවගේ පැත්තෙන් නිතැතින්ම නිර්මාණය කරනු ලැබේ. ලංකාවේ මැතිවරණ ජයග‍්‍රහණ තුළින් තමන් ස්ථායී වීමටත් වඩා විපක්ෂය අස්ථායි කිරීමට වැඩි වෙහෙසක් ගැනෙන්නේ එබැවිනි. එදා සෝවියට් දේශයේ විපක්ෂයකින් තොරව මැතිවරණ පැවැත්වු අවස්ථාවට, වෙනත් ආකාරයකින්, ලංකාව අද ලංවෙමින් සිටී.

      මේ ව්‍යුහාත්මක බන්ධනය යම් තාක් දුරකට හෝ ඛන්ඩනය කෙරෙන අවස්ථාව වන්නේ උතුරු පළාත් සභා මැතිවරණයයි. රාජපක්ෂලා එම මැතිවරණය මේ තාක් පමා කෙළේ එම භීතිය පෙරදැරිවයි. එය පැවැත්වීම වැළැක්වීම සඳහා දහසකුත් බාධක, චෝදනා සහ අධිචෝදනා රට පුරා වපුරමින් සිටියේ ඒ භීතිය පෙරදැරිවයි.

      නැවතත් අප පැමිණ සිටින්නේ හිටපු තැනටම ද? දකුණේ පාලකයාව සහ පාලන තන්ත‍්‍රය ප‍්‍රශ්න කිරීමේ ව්‍යුහාත්මක අවකාශය උතුරෙන්ම සැපයෙන තෙක් දකුණ බකංනිලාගෙන සිටීමෙන් සිදුවන්නේ තවත් විනාශයකට අතවැනීමක් විය නොහැකිද? //

      දෙමළ ජාතික සන්ධානයේ මැතිවරණ ප‍්‍රකාශනයට ආණ්ඩුවත්, දැඩි මතධාරී පාර්ශ්වකරුවනුත් දක්වන ලද විරෝධය ගැන ලියවුනු සුමන්දිරන් මන්ත්‍රිවරයාගේ ලිපිය මෙතැනින් http://www.pathula.com/index.php/archives/5932

      - Dimithri

      Delete
    8. "මේ ව්‍යුහාත්මක බන්ධනය යම් තාක් දුරකට හෝ ඛන්ඩනය කෙරෙන අවස්ථාව වන්නේ උතුරු පළාත් සභා මැතිවරණයයි. "

      වෙන වචන වලින් කිව්වත් කන්ටෙක්ස්ට් එක එක්ක ගත්තම මේ වචන යට තියන (ඔය දීප්ති විසින් ජනප්‍රිය කර දැන් වම්මුන් හැම එකාම පට්ට ගහන වචනයක් ගන්නේ නම්) අවිඥානය වන්නේ මහින්දට කෙලවනවා නම් ප්‍රබාකරන් උනත් කමක් නෑ කියන එකය. සරත් ෆොන්සේකා ගේ මෝඩ චූන් එකට අන්තිමට වික්‍රමබාහුත් හොරෙන් හොරෙන් වගේ හේත්තු වෙන තැනට ආවේත් මේක නිසා ය.

      එහෙම බලනව නම් ඉතින් හොරකම් දූෂන ඔක්කොම අමතක කරලා, ජාතිකවාදියො මහින්දට චන්දෙ දෙන එකෙත් මේ තර්කනේ යටතෙම වරදක් නැහැ.

      Delete
    9. \\\\අවිඥානය වන්නේ මහින්දට කෙලවනවා නම් ප්‍රබාකරන් උනත් කමක් නෑ කියන එකය. සරත් ෆොන්සේකා ගේ මෝඩ චූන් එකට අන්තිමට වික්‍රමබාහුත් හොරෙන් හොරෙන් වගේ හේත්තු වෙන තැනට ආවේත් මේක නිසා ය.

      එහෙම බලනව නම් ඉතින් හොරකම් දූෂන ඔක්කොම අමතක කරලා, ජාතිකවාදියො මහින්දට චන්දෙ දෙන එකෙත් මේ තර්කනේ යටතෙම වරදක් නැහැ. \\\\

      සහතික ඇත්ත ඇනෝ...බොහෝ දෙනෙක්ට උවමනාව තියෙන්නේ මහ්න්දට කෙළවන්න කෙසේ හෝ... ඒ වෙනුවෙන් ප්‍රභාට උනත් පණ දෙන්න සූදානම් ... කාට කියන්නද මේවා...

      __________________________________________


      දිමිත්‍රිට පසුව පිළිතුරක් දෙන්නම්...

      Delete
    10. සහන්, ඔබට තවම එහෙම අවශ්‍යතාවයක් තවමත් දැනිල නැතිනම්, ඔබ එය තේරුම් ගන්න තරම් මුහුකුරා ගිහින් නැතුව ඇති.

      Delete
    11. ප්‍රභාට පණ දෙන්න තරම් නම් මුහුකුරා ගිහින් නැහැ...ඒක මම පිළිගන්නවා...

      Delete
    12. සහන් කියන දේ හරි .මහින්දට කෙළවෙනවානම් යූ ඇන් පී කාර්යොයි මාක්ස්වාදියොයි ප්‍රභාකරන් එක්ක වුනත් එකතු වෙන්නයි ඉන්නෙ.මම ඇතුළු බොහෝ දෙනෙක් අනික් හැම ප්‍රශ්නෙම අමතක කරල මහින්දට ඡන්දෙ දෙනව.ඒත් ඔය තර්කෙ යටතෙම තමයි.යුද්දෙ තිබෙන කාලෙත් යූ ඇන් පී කරයොයි මාක්ස්වාදියොයි මහින්දට වඩා කැමති ප්‍රභාට.

      Delete
  2. මම නම් ඉන්නේ මධ්‍යම පළාතේ තවම චන්දෙ දාන්න නම් ගියේ නැහැ.තව වෙලා තියෙනවානෙ. කැමැත්ත පල කිරීම රහසිගත දෙයක්නෙ.එත් මම ජනතා විමුක්ති පෙරමුණට නම් මගේ චන්දය දෙන්නේ නැහැ.

    ReplyDelete
    Replies
    1. ගණන් ගන්න එපා මාම! පඬුරක් දාල නිමිත්තක් බලල චන්දයක් දාන්ට!

      Delete
    2. මම නිමිති විශ්වාස කරන්නෙ නැහැනෙ.චන්ද පොළ තියෙන්නේ මාලිගාව ළඟ හරි ගැටඹේ ළඟ හරි නම් ඒ යන ගමන් පඬුරක් දමන්න තිබුන.ඒ උනත් චන්ද පොළ ගේ ළඟමයි තියෙන්නෙ.

      Delete
    3. අරින්න එපා.... ගැටඹෙ ගිහිල්ල පඩුර දාලා ආපහු එන්න....

      Delete
    4. මගේ ගෙදර ඉඳල ගැටඹේට යන්න කිලෝ මීටර් 20 යන්න ඕනෑ.බස් එකේ ගිහින් එන්න උනත් රුපියල් 98ක් සහ පැය 3ක් වත් ගත කරන්න ඕනෑ.එහෙම කාලය සහ මුදල් නාස්ති කරන්න මට මොලේ අමාරුවක් නැහැ. අනෙක මට දේශපාලන උන හැදිලත් නැහැ.එහෙම උන තිබුනේ 1967 විතර."අපි යන්නේ කොයි පාරේ චේ ගුවේර ගිය පාරේ " කියල මැයි පෙළපාලි වල ගියේ ඒ කාලේ.ඒ කාලේ(1967දි) ඔබ සිටියේ කොහෙද?

      Delete
    5. ඒ වුණාට පඬුර දාන්නෙ නැතුව හොඳ නෑනෙ. දෙයියන් බුදුන් තරහ වෙයිනෙ. එහෙම වුණොත් කාට කියන්නද?

      Delete
    6. අහපු දේට කෙලින් උත්තර දෙන්න බැරි මොකද? 1967දි ඔබ සිටියේ කොහෙද?

      Delete
    7. ඇයි මතක නැද්ද මං හිටියෙ ඔය ගොල්ලන්ගෙ ගෙදරට අල්ලපු ගෙදරනෙ. අර ඔයාගෙ අම්මා හෙම නිතර ඇවිත් ගියේ අපේ ගෙදරට.

      Delete
    8. මෙහෙම උත්තර ලියන එකෙන් ඔබ ඔප්පු කරන්නේ ඔබේ පරිනත නොවූ මොලේ තරමයි. ඒක මැනවින් අනුන්ට පෙනෙනවා.ඔබට මතක් කරන්න කැමතියි පරණ උපහැරණයක් තියෙනවා ගොනා උනාට තප්පු ලන්නට හදන්න එපා එතකොට තමන්ගේ ගොන් කම රටටම එළිවෙනවා කියල.

      Delete
  3. මම නම් ඉන්නේ මධ්‍යම පළාතේ තවම චන්දෙ දාන්න නම් ගියේ නැහැ.තව වෙලා තියෙනවානෙ. කැමැත්ත පල කිරීම රහසිගත දෙයක්නෙ.එත් මම ජනතා විමුක්ති පෙරමුණට නම් මගේ චන්දය දෙන්නේ නැහැ.

    ReplyDelete
    Replies
    1. හේතුවත් පහදන්න WMK .

      Delete
    2. හේතු ගොඩක් තියෙනවා.2,3 ක් විතරක් ලියන්නම්.

      1.මම විශ්ව විද්‍යාලෙ ඉන්න කාලේ(ඒ කාලයේ ඒකට කිව්වේ විද්‍යොදය කියල)විජේවීරගේ පය ගණන් තියපු දේශන අසා තියෙනවා.වික්ටර් අයිවන්(දැන් රාවය කර්තෘ) හවසට හොස්ටල් ඇවිත් නැවතී උදේට යන හැටි අනන්තවත් දැක තියෙනවා.දුප්පතුන් ගැන කතා කලත් එක ඇතුලේ තියෙන්නේ කුලවාදී පාලනයක් බව තේරුම් ගිය මම දුප්පත්කම තිබෙන්නේ එක කුලයක අයට පමණක් නොවෙයි කියා ප්‍රසිද්ධියේම කියා ඒකෙන් ගැලවුනා.එහෙත් මා කීදේ නොඇසූ මගේ මිතුරිය මේ වැදී බන පිළිගෙන 71දි තම ජීවිතය පුජා කළා.

      2. දළදා හාමුදුරුවන් ලඟදි මුලින්ම ලේ හැලුවේ මේ කාලකන්නි. මේකෙන් පාඩම් ඉගෙනගත් ltte කාලකන්නි මාලිගාවට බෝම්බ ගැහුවා.

      3. වර්තමාන විශ්ව විද්‍යාල ශිෂ්‍යන්ගේ දැනීම මදි කමට,මැටි මුල කැම්පස් එකේ තියෙන jvp දේශපාලනය.පාඩම් කරන්න දෙන්නේ නැහැ.ඉංග්‍රීසි ඉගෙන ගන්න දෙන්නේ නැහැ.එකට අහු වෙලා පුස්තකාලේ යන්නේ නැතිව පාඩම් කරන්නේ නැතිව දැන් ඇතුලේ ඉන්නේ මැට්ටෝ.ඒ වගේම එලියට ගිහින් ඉන්නෙත් මැට්ටෝ. යවත්කාලිනාවූ දැනුමක් නැහැ.වරක් මට සිදු උනා කළමනාකරණය හැරු උපාධිධාරී අභ්යආස ලාභීන් පිරිසකට සංකාර්ය පර්යේෂණ operational practice න්‍යායක් භාවිතා කරමින් සත්‍ය ව්‍යාපෘතියක ලාභ උපරිම කරන අභ්‍යාසයක් කරවන්න.මුන් මගේ දේශන වලට ඇවිල්ල අහගත්තෙත් නැහැ.මම හිතුවේ දන්නවා කියල.පරීක්ෂණයේදී 80% ක් විතර ෆේල්.

      Delete

    3. @ Wmk Samarasekara
      ශ්‍රී ලංකාවේ විශ්ව විද්‍යාල අන්තර් ජාතික මට්‌ටමින් පහලට වැටීම පිලිබඳව ඉතා හොඳ විග්‍රහයක් එච්. එම්. නවරත්න බණ්‌ඩා මහතා (ජ්‍යෙෂ්ඨ කථිකාචාර්‍ය ශ්‍රී ජයවර්ධනපුර විශ්වවිද්‍යාලය) ඉදිරිපත් කරයි.

      මේ වන විට ලංකාවේ කිසිදු විශ්ව විද්‍යාලයක් ලෝකයේ හොඳම විශ්ව විද්‍යාල 2000 අතර නොමැත​. පහත වගුව දෙස බලන්න. ලංකාවේ හොඳම විශ්ව විද්‍යාල ලෙස සැලකෙන කොලඹ සහ මොරටුව විශ්ව විද්‍යාල අන්තර් ජාතික මට්‌ටම අනුව 2125 දර්ශකයටත් පහල ගොසිනි.

      අප්‍රිකාවේ අසාර්ථක රාජ්‍යන් වන උගන්ඩාවේ, ඉතියෝපියාවේ සහ සිම්බාබ්වේ රටවල විශ්ව විද්‍යාලද ලංකාවේ හොඳම විශ්ව විද්‍යාල ලෙස සැලකෙන කොලඹ සහ මොරටුව විශ්ව විද්‍යාල වලට වඩා ඉදිරියෙන් සිටිති. http://www.hotandfastnews.com/2013/09/blog-post_902.html
      see

      Delete
    4. ඔබේ පිළිතුරෙන් වැදගත් තොරතුරක් හෙළි උනා.අපේ රටේ විශ්ව විද්‍යාල වල මට්ටම පිරිහීම ගැන හරියට ඉගෙන ගැනීම නොකරන සිසුන් විතරක් නෙමෙයි ඔය කියන විශ්ව විද්‍යාල කථිකාචාර්ය වරුත් වග කියන්න ඕනෑ.තම රැකියාව හරියට කරන්නේ අද ඉන්න කථිකාචාර්ය වරුන්ගෙන් කියෙන් කි දෙනාද? සරත්චන්ද්‍ර, මලලසේකර,රම්මන්ඩල,සෙනරත් පරණවිතාරණ වැනි සම්භාවනීය ආචාර්ය වරුන් කීදෙනෙක් අද විශ්ව විද්‍යාල වල සේවය කරනවාද? පර්යේෂණ කරන්නේ නැතිව, අලුතෙන් කියවන්නේ නැතිව,පරණ දේශන සටහන්ම නැවත වරක් පට්ට ගහන විෂයමාලා සංවර්ධනය යන නමවත් නොදන්නා වෙනස්වීමට අකමැති,උසස් පෙළ සහ බාහිර උපාධි ටියුෂන් කඩ දාගෙන ඉන්න ආචාර්ය මුදලාලිලා කොපමණ ඉන්නවාද? කොච්චර ngo කාරයෝ ඉන්නවද?

      Delete
    5. ඒකනෙ සමරසේකර අන්කල්. අද ඉන්න ආචාර්යවරු දෙයියන්ට බුදුන්ට පඬුරක් වත් දානෙ නැති මිථ්‍යා දෘෂ්ටිකයෝ. ඔන්න අන්කල් විශ්වවිද්‍යාල ප්‍රතිපාදන කිමිසමේ සභාපති කළා නම් හදලා ගන්නවා නේද? පේරාදෙණියේ ඔක්කම කොල්ලන්ට කෙල්ලන්ට ගැටඹේ පන්සලට පඬුරක් දැමීම අනිවාර්ය කරන්න පුළුවන්.

      Delete
    6. මම අද ඉන්න තැන මට හොඳටම ඇති.

      Delete
    7. Wmk Samarasekara වගේ ලොන්ත ගොන් බාස්ල උගන්නනකොට කැම්පස් යන උන් ගොන්නු වෙන්ඩ වෙන මොනවත් ඔනෙ නෑ.

      Delete
    8. සමරෙ අන්කල් මහින්දට ගොට්ට ඇල්ලුවට කමක් නෑ. එත් පශ්චාත් භාගෙ දෙන්න එපා. කැතයි නේද?
      මේ ඇහුවට තරහ වෙන්න එපා ඒකත් පඩුරක් හෙම දාලද කරන්නෙ.

      Delete
    9. මහින්දට ගොට්ට අල්ලන්න උවමනා නම් මට එක බොහොම ලේසියෙන් කරන්න පුළුවන්.මොකද මම ශිෂයෙක් ලෙසින් විශ්ව විද්‍යාලයේ ඉගෙන ගන්න කොට එයා හිටියේ පුස්තකාලේ. පරණ
      ඇඳුනුම්කම් පොලිෂ් කරන්න විතරයි තියෙන්නෙ.ඒක නෙමෙයි තම ළඟ නෑදෑයෙක් නොවන කෙනෙකුට අන්කල් කියන්න එපා. අපි පාවිච්චි කරන ඉංග්‍රීසි (accent) එක භාවිතා කරන්නෙ එංගලන්තයේ මැන්චෙස්ටේර් වල ඉන්නා නාකි සුද්දෝ .අඩු ගණනේ ළමුන් ළඟ වත් තරුණයෝ ළඟවත් අපේ (accent) එක නැහැ.ඒ අය අංකල් කියල පිටස්තරයෙකු අමතන්නේ ඔහු ගණිකාවන් සපයන තැරැව් කරුවෙකුටයි.(අපි නම් කියන්නේ පිංපියෝ ) ඔබට් මා පිංපියෙක් ලෙස නොපෙනන බව මා නිසැකවම දන්නවා.නාකියා කියන්න.ඒකට මම කැමතියි.

      Delete
  4. අජිත්ගේ චන්දය ගැන පෝස්ට් එක යොදාගනිමින් ඊට සම්බන්ධ තවත් වැදගත් දෙයක් ගැන අවධානය යොමු කිරීමට සිතුවා..කොම්පියුටර් ජිල්මාට්..

    අපි හැමෝම කොම්පියුටර් ජිල්මාට් ගැන කතා කරනවා. මැතිවරන රාජකාරිවල යෙදුන බොහෝ අය පවසන්නේ මැතිවරනය ගනන් කිරීමට පටන්ගන්නා තැන සිට ගැන අවසාන වන තැන දක්වා සියලු පක්ශ නියෝජිතයන් සිටින නිසා මෙය සිදුවිය නොහැකි දෙයක් ලෙසයි. උදා. ලෙස කොට්ටාශයක චන්ද ගනන්කිරීමේ මධ්‍යස්තානයේ ගනන් කිරීමේ ස්ථාන (මේස ) X ප්‍රමානයක් තිබෙනවායැයි සිතන්න. චන්ද ගැන අවසාන වන විට සියලුම පක්ශවල නියෝජිතයන්ට ඒ ඒ මේසයේ ඒ ඒ පක්ශ ලබාගත් චන්ද ප්‍රමානය දැනගත හැකියි. එනම් මේස Xහි එකතුව (=කොට්ටාශයේ චන්ද ප්‍රතිපලය ) දැනගත හැකියි. කොම්පියුටර් ජිල්මාට් එකක් නම් කොම්පියුටර් මගින් අවසානයට ලබාදෙන ප්‍රතිපල මේ එකතුවට අසමාන වියයුතුයි. නමුත් මා නම් කිසි දින කිසිම පක්ශයක් විසින් සංඛ්‍යාමය සාක්ශි දක්වමින් කොම්පියුටර් ජිල්මාට් චෝදනාව කරනු දැක නැහැ. ඕනෑම ප්‍රධාන පක්ශයකට ගනන් කිරීමේ මධ්‍යස්ථානයක ගනන් කිරීම නිරීක්ශනය කිරීම සංවිධානය කරගත නොහැකියැයි මා සිතන්නේ නැහැ.

    මා මැතිවරන ක්‍රියාවලිය සිදුවෙන අන්දම A සිට Z දක්වා දන්නේ නැහැ. නොදන්නා, නොසිතන ආකාරයක ලූප් හෝල් මේ ක්‍රියාවලියේ තිබිය හැකියි. අවසන් මොහොතේ දයාසිරිගෙන් ප්‍රකාශවන්නේ එයයි! මැතිවරන ක්‍රියාවලිය තුල කොම්පියුටර් ජිල්මාට් එකක් සිදුවිය හැකි අන්දම දන්නා කෙනෙක් සිටිනවානම් මෙහි අදහස් දක්වතැයි සිතමි.

    - Dimithri

    ReplyDelete
  5. Horu dinathi !!
    Api paradithi

    ReplyDelete
  6. මම වයඹ පළාතේ කෙනෙක්.මම බුලත් කොළයට ඡන්දය පාවිච්චි කළා.මම හිතනවා කරන්නට තිබෙන එකම දේත් කළ යුතු එකම දේත් එය කියා.එජාපයට ඡන්දය දෙන්න බැහැ.ජනතා විමුක්ති පෙරමුණට වරක් ඡන්දය දී තිබෙනවා .යළි කිසිදා දෙන්නේ නෑ.මොන තරම් ගොන් පාට් දැම්මත් දෙමළ සන්දාන අභ්යෝගය හමුවේ වෙන විකල්පයක් නෑ.අනෙක් අතට කවුරු ආවත් කරන්නේ ඔය ටිකම තමයි.

    ReplyDelete
    Replies
    1. බ්ලොග් අවකාශේ උඹ කියන කරන ඒවා දැක්කම උඹ සංධානෙට චන්දෙ නොදුන්නොත් තමා අපි පුදුම වෙන්න ඕන.උතුරේ දෙමලාට කෙළවන්නට වයඹ ජෙහාන්ට චන්දය දුන් තවත් දේශප්‍රේමියෙකු ලෙස ඔබ ඉතිහාස ගත වනු ඇත.

      Delete
    2. මම දෙන්නෙකුට මනාප දෙකක් දුන්න.ඒ එක්කෙනෙක් තමයි මුලින්ම වාහන බාර දුන්නෙ.ඔහුට වැඩකරපු අයට පගාව දුන්නෙත් නෑ.ඔහු හොරකම් නොකළ බව හැමෝම කියනවා.අනික් එක්කෙනා මෑතකදී මළ වාමාංශික නායකයෙකුගෙ පුතෙක්.ඔහුගෙ පියාගෙ මළ ගෙදරදි හැමෝම වගෙ කීවෙ හොරකම් නොකරපු දේශපාලකයන්ගෙ පරම්පරාවෙ අන්තිමය ඔහු බවයි.ඔහු පාවිච්චි කරපු වාහනේම ඊට සාක්ෂියි.එහෙම මිසක් ජොහාන් ලට ඡන්දෙ දෙන මට්ටමට නම් මම වැටිලා නෑ.ජොහාන්ට තියා දයාසිරිටවත් ඡන්දෙ දෙන මට්ටමට මම වැටෙන්නෙ නෑ.

      Delete
  7. see this is very TRUE......


    https://www.facebook.com/photo.php?v=516218225129031

    ReplyDelete
  8. පැරා සිවිල් නීති කැඩීමේ ව්‍යාපාරයක් පටන් අරන් වගේ.. :D

    ReplyDelete
  9. දකුණේ කිසිම විපක්ෂයක ගත යුත්තක් හෝ පැහැදිලි ක්‍රියා මාර්ගයයක සේයාවක් හෝ නොමැති බැවින් පාලන තන්ත්‍රයට විකල්පය ලෙස දෙමළ ජාතික සන්ධානය ඉදිරියට ඒම එක අතකින් ඉතිහාසය යලිත් සිදුවීමකි. 1977 දී සිදුවූයේද මීට සමාන දෙයකි. එහෙත් වෙනස නම් 77 මෙන් නොව අද දකුණෙහිද නිදහස සහ ප්‍රජාතන්ත්‍රවාදය අගයන යම් පිරිසක් දෙමළ සන්ධානයේ ජයග්‍රහණය පිළිබඳ සුබවාදී බලාපොරොත්තු ඇතිකොටගෙන සිටීමය.

    එසේම 1977 දී ද්‍ර.එ.වි.පෙ. විපක්ෂ නායක ධුරය හිමිකරගැන්මෙන් ඔවුනට ලැබුණු ජාත්‍යන්තර පිළිගැනීමට වඩා අති විශාල පිළිගැනීමක් ද්‍ර. ජා. සං. ලබාගනු ඇතිබවට උපකල්පනය කල හැක.පාලන තන්ත්‍රය දකුණේ විපක්ෂය සමඟ නටන නාටක උතුරට වලංගු නොවන්නේ එබැවිනි. ඔවුන් මෙතෙක් කාලයක් සාවද්‍ය හේතූන් ඉදිරිපත් කරමින් උතුරේ මැතිවරණය කල් දැමුවේද මේ කරුණු හොඳින් අවබෝධ කොටගෙන සිටින බැවිනි.

    ReplyDelete
  10. ජවිපෙ සමග මට ඇති අවුල මතවාදයක වෙනසක් විනා දූෂිතභාවය හෝ අකාර්යක්ෂමභාවය ගැන ගැටලුවක් නොවේ. එහෙත් පද්ධතිය පැරඩියම් ශිෆ්ට් එකකට ලක් කරන මතවාදී වෙනස්කම් දූෂිත දේශපාලනයට වඩා ලෙවල් එකක් එහාට ගිය බරපතල දෙයකි. මාක්ස්වාදී දර්ශනයක් දරණ පක්ෂයකට රටේ අනාගතය බාරදීමක් මම කොහෙත්ම අනුමත කරන්නේ නැත.

    එහෙත් මෙය රටේ අනාගතය ගැන සම්බන්ධ චන්දයක් නොවේ. මේ කෙහෙම්මල් සබා වල මහා ලොකු බම්බුවක් කරන්නේ නැත. පද්ධතිය පැරඩියම් ශිෆ්ට් එකකට ලක් කරන හැකියාවක් මේ චන්දයකට නොමැත. අනික් අතින් ලංකාවේ විපක්ෂය ඇහැරිය යුතු අවස්තාව පසු වී ගොසිනි. මතවාදී වෙනසක් තිබ්බත් තේරුමක් ඇති විපක්ෂ බලවේගයක් ගොඩ නගන්නේ ජවිපෙ පමණකි [බොහෝ විට එය හෙට දිනයක කැමැත්තෙන් හෝ අකමැත්තෙන් වෙනකෙකු සතු වනු ඇත]. කොටින්ම උතුරේ ජාතිවාදී දෙමල සන්ධානය මතු කල බෙදුම්වාදී ජාතිවාදී මතවාද වලට එරෙහිව ආණ්ඩුව කලේ හුදෙක් ඔවුන් මර්දනය කිරීම හෝ ඊටත් වඩා භයානක ලෙස දකුණේ ජාතිවාදය ඇහැරවීම පමණි. දෙමල සන්ධානයට් එරෙහිව ජාතිවාදී නොවී තාර්කික පදනමක තර්ක කල පාර්ශවයක් ලෙස මා දුටුවේ ජවිපෙ පමණි [මෙය වැරදි වීමට ඉඩ තිබේ - මම චන්දය ෆුලි කවර් කර නැත].

    ජවිපෙට වඩා එජාපය චන්දයට බෙහෙවින්ම සුදුසුය. එහෙත් මේ වගේ පුංචි සබාවක අප අතින් පිම්බෙන එජාප චරිතයක් බොහෝ විට කෙළවර වන්නේ සන්ධාන ඔඩොක්කුවේය. මා ඉන්නා පළාත් සබාවට හෙන හත වැදුනත් මට [හෝ වෙන කාටවත්] අවුලක් නැති නිසා මගේ අරමුණ කිසියම් ජාතික දේශපාලනික ක්‍රියාකාරිත්වයක් මේ තුලින් මතු කිරීමයි. ඒ සඳහා කොහෙත්ම එජාපය සුදුසු නොවේ. මේ ම්හොතේ එජාපයට දෙන චන්දයක් බීමට ඇබ්බැහි වූවෙකුට අමද්‍යප ව්‍යාපාරයට බැඳෙන්නට සල්ලි දුන්නක් වැනි වැඩකි. ඒවා කෙළවර වන්නේ බාර් එකේමය.

    මට ජවිපෙත් එක්ක තියෙන අවුල හෙවත් පද්ධතිය පැරඩියම් ශිෆ්ට් එකකට ලක් කරන තත්වයක් නොවන නිසා මේ අවස්ථාවේ මගේ චන්දයත් ජවිපෙට ලබා දීමට බොහෝ විට ඉඩ තිබුණි. පාවෙන චන්ද දායකයෙකු ලෙසත් කිසිම පක්ෂයකට හෝ ලාංකිය සන්දර්භයේ කිසිම දේශපාලන මතවාදයකට ඇලුම් නොකරන්නෙකු ලෙසත් මා චන්දය පාවිච්චි කරනු ඇත්තේ වෙලාවේ හැටියට හොඳම දෙයටයි.

    ReplyDelete
    Replies
    1. ඔබ වෙනම පක්ෂයක් පටන් ගන්න හොඳ අනාගතයක් තියෙයි. පැරඩියම් ශිෆ්ට් එකකට ඔච්චර බය ඇයි ?

      Delete
    2. ඇත්තෙන්ම මේක බයක් ගැන කතාවක් නොවේ. අකමැත්ත කියන්නේ බයට සිනෝනීම් එකක් නොවෙයිනේ.

      පැරඩියම් ශිෆ්ට් එකකට අකමැත්තක් නැහැ. ඒ මොකද්ද කියන එකයි ප්‍රශ්නය. කැමැත්ත තීන්දු වෙන්නේ වෙනසේ ප්‍රතිපලය මත.

      මීට වඩා අනාගතවාදී මීට වඩා මිනිසුන්ට යහපත් මීට වඩා මනුස්සයෙකුට වැදගත් කමක් ඇති මිනිස් නිදහස අගයන වෙනසකට කැමතියි.

      හැබැයි සියවසකට වඩා අතීතයේ තියරියක හිරවුණු, අන්ධ භක්තික, අතීතයේම අඩුපාඩු ප්‍රදර්ශනය කල, මානව නිදහස වළලන ජීවිත තවත් අඳුරු කරන එකකට අකමැතියි. ජවිපෙ සම්බන්ධ ගැටලුව එයයි.

      Delete
    3. ///හැබැයි සියවසකට වඩා අතීතයේ තියරියක හිරවුණු, අන්ධ භක්තික, අතීතයේම අඩුපාඩු ප්‍රදර්ශනය කල, මානව නිදහස වළලන ජීවිත තවත් අඳුරු කරන එකකට අකමැතියි. ජවිපෙ සම්බන්ධ ගැටලුව එයයි.///

      ජවිපෙ අභ්‍යන්තර ක්‍රියාකාරීත්වය සම්භන්ධව මටද ඇතැම් ගැටළු පවතී ඉතිහාසයේ වැරදුන තැන් පිලිබදව කතා කොට පලක් නැත. ඔබ මෙහිදී තියරිය යනුවෙන් සදහන් කරන්නේ මාර්කස් වාදය පිලිබදව විය යුතුය.තියරියක් සම්බන්ධව කල් ඉකුත්වීමේ දින නොමැත සමාජ සංවර්ධනය පිලිබදව මාක්ස් නිවැරදිය මීලග පියවර සමාජවාදයයි.මේ පැරඩයිමය තුල ඔබේ පැවැත්ම ඉන් අහෝසි නොවේ. අප කලයුත්තේ අපට ගැලපෙන මොඩලයකට එය සමාජගත කිරීමයි මාක්ස්ගේ ලාංකීය නියෝජිතයා ජවිපෙ නොවේ ඔවුන්ද නිවැරදි විය යුතු තැන් පවතී. එහෙත් ක්‍රියාකාරීත්වය අතින් ඔවුන් අන් සියල්ලන්ටම වඩා වැඩ කොටසක් කර ඇත. අකමැත්ත යනු බිය ප්‍රකාශවන ආකාරයකි.

      Delete
    4. මචං උඹටවත් හරියට තේරෙන්නෙ නැති ගොන් පාට් දාන්නෙ නැතුව, මාක්ස්වාදය අතීතයේ හිරවුණු තියරියක් කිය්නනෙ කොහොමද කියපං බලන්න. මාක්ස්වාදයට කලින් දයලෙක්තික භෞතිකාවාදය ඉගෙන ගනින්. මූලික තියරි තියෙන්නෙ ඒකෙ. ඒකෙන් ව්‍යුත්පන්න කරගන්න ඒවා තමයි ආර්ථිකය සහ සමාජ ක්‍රම විග්‍රහ කරන්න යොදා ගත්තෙ. ඉතින් උඹට දයලෙක්තික භෞතිකවාදය දන්නැතුව මාක්ස්ගෙ ආර්ථික සහ සමාජීය විග්‍රහ ලපන් තමා. අනික තමයි ජීව,භෞතික,රසායන වගේ විද්‍යාවල මූලික දැනුමකුත් ඕනෙ. මනෝ විද්‍යාව තමයි අවසානෙට ඕනෙ. එළවලු වලින් පිහිය කපන්නෙ නෑ. පිහියෙන් තමා එළවලු කපන්නෙ. මාක්ස්වාදයේ භාවිතය කොහොමද කියල දැනගන්න ලෙනින්ගෙ පොත පත කියවපං. හරියටම කියනවනං මාක්ස්ලෙනින්වාදය ඉගෙන ගනින්.

      Delete
  11. මැතිවරණ මගින් කිසිවක් වෙනස් කල හැකි යැයි මා පිළිගන්නේ නැත.( විශේෂයෙන් සර්වජන )මේවා තනිකර විහිළු වැඩ. ප්‍රතිපලය කුමක් උවත් ජනතාවගේ චිං තනය මහින්ද ගේ චිං තනය සමග පැහෙනු ඇත. ඒ අරුතින් බලන කල චන්දය බල්ලාට දැමීම ප්‍රමාණවත්ය

    ReplyDelete
  12. දෙමළ ජාතික සන්ධානය යනු ජාතිවාදයේ තමිල් වර්ෂන් එක නොවේද? අජිත්, ඒ අර්ථයෙන් දමිළ වැඩවසම් පාලනයකට පාර කපන ද්‍රවිඩ ජාතික සන්ධානයද එකසේ පිටුදැකිය යුතුනොවේද ?
    දමිළයන්ට සාධාරණ බලය බෙදීමක්, දේශපාලන නිදහසක් අවශ්‍යයය .එහෙත් ඒ සඳහා ප්‍රභල නිරවුල් (ජාතිවාදී නොවූ) කතිකාවතක් දමිල සමාජය තුලින් මතුව නැත....

    ReplyDelete
  13. ගිය පාර මං චන්දේ දුන්නු එකා පරාදයි, මේ පාර දුන්නු එකාත් පරාදයි!

    ලොකු පොඩි චන්ද විසි තිස් සැරයක් දීලා තිබුණට දිනලා තියෙන්නේ දෙපාරයි ද කොහෙද!

    ReplyDelete
  14. වැදගැම්මකට නැති (රටට අනවශ්‍යය-සුදු අලියෙක් වන)පලාත් සභාවට රිංගන්න දඟලන දැඟලිල්ල, කරන වියදම දැක්කම හිනා වෙලා පණ යනවා.
    උතුරු පලාතේ වැසියෙක් ව සිටියානම් මම ද්‍රවිඩ සංධානෙට නම් චන්දේ දෙන්නේ නෑ කීයටවත්.
    [මම මධ්‍යම පලාතෙනේ.ඡන්දෙට වඩා අතිශයින් වැදගත් වැඩකට කොළඹ ම ඉන්න වුණ නිසා ඡන්ද කාර්ඩ් එක මේසේ උඩ තවම වේලෙනවා.]

    ReplyDelete
  15. මතක ඇති කාලෙ ඉඳල දැක්කෙ සිංහල දෙමළ කියල බේදයක් නැතුව, තමන්ගෙ අයිතිවාසිකම් ඉල්ලල දගලපු කොල්ලො කෙල්ලො අමු අමුවෙ මරල දාල, ඔවුන්ගෙ නිදහස පාගගන ඉන්න බාබේරියන් සෙට් එක. අද අපිට කටයි පුකයි වහගන බේබිලාට, කුඩුකාරයන්ට, කසිප්පු කාරයන්ට ඕනැ විධිහට ජිවත් වෙන්න වෙලා තියෙන්යෙන්නෙ.
    අපිට ඕන්නෙ සාධාරණ සමාජයක, එකෙකුටවත් ඔලුවක් පාත් කරන්නෙ නැතුව අනිත් ජාතීන්, ආගම් වල මිනිසු එක්ක සහජීවනයෙන් ඉන්න. සේරම ශ්රිලාංකිකයො කියල ආඩම්බරයෙන් කියන්න පුලුවත් තත්වයක් ඇති කරගන්න, ළමයින්ගෙ අනාගතය සුරක්ෂිත කරගන්න.
    මේ ගෝත්රික බාබේරියන්ල එක්ක කවදාවත් ඔය අරමුණ ඉෂ්ඨ වෙන්නෙ නැහැ. එහෙම තත්වයක් යටතේ, අපේ ඒකාධිපතියන්ට යටත් වෙලා ඉන්නවට වඩා, දෙමලුන්ට යටත්වෙන එක සනිපයි. උන් අපේ පුකට පයින් ගැහුවත් දෙමලුනේ කියල හිත හදාගන්න පුලුවන්. මැරවින්ල අපි ගස්බඳිනවට වඩා, සාරුවලා තව ටික දවසකින් ගෙදරටම ඇවිල්ල අපි ඉස්සරහ අපේ කෙල්ලොන්ට ගෑණුන්ට බලහත්කාරකම් කරනවා ඉවසනවට වඩා දෙමලුන්ට යටත් වෙන එක සනිපයි.
    ඒ තත්වය යටතේ මම උතුරෙ නොහිටියත්, පුලුවන්කම තිබුණනම් චන්දෙ දෙන්නේ දෙමලුන්ට.
    දැන් ඉතින් කියාපියවු මම දේශ ද්රෝහියෙක් කියල.

    ReplyDelete
    Replies
    1. එකඟයි..මීට වැඩියනම් කොහොමවත් තත්වය නරක්වෙන්න විදිහක් නෑ..:)

      Delete
    2. එල.. එල...

      Delete
    3. මොකක්ද ඔය නැගී සිටීම විජේවීරටයි,ප්‍රභාකාරන්ටයි සදාකාලික සැප විදින්න මෝඩයො ජීවිත පූජ කරපු එකද

      Delete
  16. "3. වර්තමාන විශ්ව විද්‍යාල ශිෂ්‍යන්ගේ දැනීම මදි කමට,මැටි මුල කැම්පස් එකේ තියෙන jvp දේශපාලනය.පාඩම් කරන්න දෙන්නේ නැහැ.ඉංග්‍රීසි ඉගෙන ගන්න දෙන්නේ නැහැ.එකට අහු වෙලා පුස්තකාලේ යන්නේ නැතිව පාඩම් කරන්නේ නැතිව දැන් ඇතුලේ ඉන්නේ මැට්ටෝ.ඒ වගේම එලියට ගිහින් ඉන්නෙත් මැට්ටෝ. යවත්කාලිනාවූ දැනුමක් නැහැ"
    මෙහෙම කියන්නේ Wmk Samarasekara.
    ජාතිවාදයටයි,මේ කියන තත්වයටයි මුල පටන් ගත්තේ 1956 කියලයි මම හිතන්නේ. අපි සිංහල වෙන කොට සෝර්බෝන් ,ඔක්ස්ෆර්ඩ් වලටතම දරුවන් යවපු දේශප්‍රේමියේ නායකත්වයට පත්වුන රටක් මේක.
    අද වුනත් විදේශිය විශ්ව විද්‍යාල බලාගෙන ප්‍රාථමික අධ්‍යාපනය තම දරුවන්ට දෙන පුංචි මන්ත්‍රියාගේ ඉදන් මහ කෙරුමෝ දක්වා අපට නායකත්වය දෙන්නේ.
    ඡණ්දේ දෙන කොට මේවත් හිතන්න ඕන.
    තම පවුල කෙන්ද්‍ර කරගෙන හිතන මගෝඩිස්ලා ඉන්නේ ධනපති කියාගන්නා පක්‍ෂ වල විතරක් නෙමෙයි.
    අපිට කැරට් අල පෙන්නාගෙන පිටට බර පටවන මෙයාලට අපි හැමදාම බූරුවන් කරගෙන ඉන්න කැමතියි.
    අනේ ! අපිත් රැ‍වටෙනහැටි.

    ReplyDelete
    Replies
    1. ඔබේ අදහසට සම්පුර්නයෙන්ම එකඟ වෙන්න අමාරුයි.අධ්‍යාපනය ගැන විතරයි මා උනන්දු වන්නේ. 56 දී සිංහල රාජ්‍ය භාෂාව කරපු එක හරි. ඒ උනත් අධ්‍යාපන භාෂාව සිංහල කරපු එක වැරදියි.මා ඉගෙන ගත් පාසලේ අවශ්‍ය පහසුකම් සියල්ල තිබියදීත් මම අ.පො.ස.ට ඉංග්‍රීසි විෂයයක් හැටියට ඉගෙන ගත්තේ නැහැ.1967දී විශ්ව විද්‍යාලයට ගියාමයි තේරුනේ ඉංග්‍රීසි නොදැනීමේ අඩුව.කිසිම පොතක් පතක් සිංහලෙන් තිබුනේ නැහැ.තනියම ඉගෙන ගැනීම හැර වෙන විකල්පයක් මට තිබුනේ නැහැ.එතරම් දුප්පත් මට්ටමක මම හිටියේ. මම කොහොම හරි ඉංග්‍රීසි ඉගෙන ගෙන උපාධිය සමත් කර ගත්තා.ඉංග්‍රීසි ගැන මට තියෙන එකම අධ්‍යාපන සුදුසුකම 1997 මගේ ශාස්ත්‍රපති උපාධිය ඉංග්‍රීසි මාද්ධ්යෙන් හැදෑරීම පමණයි.මේ රටේ විශ්ව විද්‍යාල දෙකකම ඉගෙන ගැනීමට වාසනාව ලැබූ නිසා පුස්තකාල පරිහරණයේ අගය මෙන්ම අද ඒවා සිසුන්ගෙන් තොරව තිබෙන අන්දම මා මැනවින් දන්නවා.ඔවුන් විභාග සමත් වෙන්නේ දේශන කටපාඩම් කිරීමෙන් බවත් මා දන්නවා. මගේ තර්කය මෙයයි.දේශනයෙන් ලැබෙන්නේ විෂය දැනුමෙන් 25%,25%ක් පොත් කියවා ගන්න ඕනෑ.තව 25%ක් යාලුවෝ සමග සාකච්චා කිරීමෙන් ගන්න පුළුවන්.ඉතිරි 25% අත්දැකීම් වලින් උපයා ගන්න ඕනෑ. කාටවත් බැන බැන ඉඳල පලක් නැහැ.දේශනා සටහන් කටපාඩම් කරලා විභාගය නම් සමත් වෙන්න පුළුවන් ඒ උනත් දැනීමක් ලැබෙන්නෙ නැහැ.

      Delete
    2. උඹ නම් ගොනෙක් නෙමේ ගොන් වස්සෙක්. බහුජාතික රාජ්‍යක කොහොමද බොල එක ජාතියකගේ භාෂාවක් රාජ්‍ය භාෂාව වෙන්නෙ. එතකොට අනිත් ජාතීන් ලපයි සිපයිද? ඕකද බුද්ධාගමේ කියන්නෙ. තොපි වගේ හරක් නිසා තමයි ලංකාවේ මේ ජාතික ගැටලුව විසදන්න බැරි. මහ ලොකු ගුරුවරු උඹල ජාතිවාදය අවුස්සල දැං කියනව මට අවුලක් නෑ කියල. බලපියව් තොපි වගේ උන් නිසා සිංහල දෙමළ ජීවිත කීයක් අපිට අහිමි වුනාද?

      Delete
    3. සමරෙ අන්කල්ට හෙම මුකුත් කියනව නෙමේ. දැන් මී හරකුන් අඩු එකේ අපි එයාලව රැක ගන්න ඕනේ. නැත්නම් කාවද අපි මී හරක් කියල අපේ අනාගත පරම්පරාවට පෙන්නන්නෙ.

      Delete
    4. බහුතරයේ භාෂාව තමයි රාජ්‍ය භාෂාව වෙන්න ඕන.නිකන් බලන්න නැගෙනහිර පළාතට උතුරු පළාතට ගිහින් .ඒ අය සිංහල දන්නව හැබැයි කතා කරන්නෙ නෑ.මොකද ඒ අය එහෙ බහුතරය නිසා.කවුරුහරි දෙමළ මාක්ස්වාදියෙක් කිව්වොත් පළාත තුල සිංහලයන් සුළුතරයක් ඉන්න නිසා සිංහලෙනුත් කතා කරන්න කියල.ඒ මාක්ස්වාදියගෙ අම්මටයි ගෑනිටයි පෝලිම් දාන්න ඒ පළාත් වල ජනතාව මැළිවෙන්නෙ නෑ.මාක්ස්වාදියට පුකේ ඇරලම මරනවා.ඒ බව දන්න මාක්ස්වාදියො එහෙදි වැඩිය කට හොල්ලන්නෙ නෑ.නිවට ඇම්බැට්ටයා දුටුවමයි මාක්ස්වාදියො නිකට පාන්නෙ.

      Delete
    5. බහුජාතික රාජ්‍යක කොහොමද බොල එක ජාතියකගේ භාෂාවක් රාජ්‍ය භාෂාව වෙන්නෙ. එතකොට අනිත් ජාතීන් ලපයි සිපයිද?
      --------------------------------------------------
      ඔබේ මද දැනීම ගැන අනුකම්පා කරනවා මිස වෙන මොනවා කරන්නද? පුස්තකාලේ පැත්තට ගිහින් මකුළු දැල් බැඳිලා තියෙන පොත් පෙරලා "පුර වැසියා සහ රට වැසියා " අතර වෙනස දැන ගන්න පෙරදිග මෙන්ම බටහිර න්‍යායත් මේ ගැන තියෙනවා.කෙටියෙන් කිව්වොත් පුරවැසියා යනු ඒ රටේ අයිති කාරයයි.රට වැසියා යනු එම රටේ වෙසෙන අනිකුත් අයය .අපිට පුළුවන් එංගලන්තයට ගොස් එහි පුරවැසිකම ගන්න.ඒ උනත් අපි british කෙනෙක් උනත් englishman කෙනෙක් ලෙස ඒ සමාජය පිළිගන්නේ නම් නැහැ. මැදපෙරදිග රටවල කොච්චර අවුරුදු ගණනක් හිටියත් රටවසිකමවත් ලැබෙන්නේ නැහැ.

      Delete
    6. බහුතරයේ භාෂාව තමයි රාජ්‍ය භාෂාව වෙන්න ඕන.නිකන් බලන්න නැගෙනහිර පළාතට උතුරු පළාතට ගිහින් .ඒ අය සිංහල දන්නව හැබැයි කතා කරන්නෙ නෑ.මොකද ඒ අය එහෙ බහුතරය නිසා.
      -------------------------------------------
      ඉන්දියාවේ ප්‍රාන්ත 26ක් මෙන්ම භාෂා 125කට වැඩි ගණනක් තියෙනවා.හින්දි තමයි එකම රාජ්‍ය භාෂාව .අඩු තරමේ අපි දෙමළට දී ඇති රාජ්‍ය භාෂා තත්වය තමිල්නාඩුවෙවත් නැහැ. ඇත්ත එකයි.ඉන්දියාවේ අධ්‍යාපන භාෂාව ඉංග්‍රීසි නිසා පහේ පන්තියෙන් ඉහලට ඉගෙන ගන්න ඔක්කොම ඉංග්‍රීසියෙන් තමයි හැම විෂයම ඉගෙන ගන්නෙ.හැම එක්කෙනාම ඉංග්‍රීසි දැනගත්තත් කතා කරන්නේ උර්දු වලින්.ඔබටත් ඉන්දියාවේ පහල ඉඳන් උඩටමම ස්වදෙශිකයෙක් වාගේ යන්න පුළුවන්.හැබැයි කතා නොකර. අපිට උර්දු බැරි නිසා කතා කරන්නෙ ඉංග්‍රීසියෙන් එතකොට විදේශිකයෙක් කියල අහු වෙනවා.

      Delete
  17. Demala jathika sanvidanayata ho anduwata chandaya dena eke wenasa kima. dekama niyojanaya karanne parana LTTE samajikayo.

    ReplyDelete
  18. වයඹ පළමු තැනට එන්නේ දයාසිරි ද ‍ජොහාන් ද වැනි ප්‍රශ්න ඇත්තට ම වැදගත් නැත. මන්ද ගූ බෙට්ටේ ඉස්සරහ පස්ස කියා වෙනසක් නැති නිසා ය.
    ________________
    කියන්න දෙයක් ඉතුරු වෙලා නෑ නියමයි .

    ReplyDelete

Post a Comment

මාතෘකාවට අදාළ නැති හා වෛරී අදහස් ඉවත් කිරීමට ඉඩ ඇති බව කරුණාවෙන් සලකන්න.

Popular posts from this blog

තේරවිලි: සුපුන් සඳක් ඇත. මැදින් හිලක් ඇත.

පාසල් අධ්‍යාපනය ගැන කතා තුනක්

හමුදා කුමන්ත්‍රණ ගැන ලෝකෙට දුරකථනයෙන් කිව්වෙ බීලා වෙන්න ඇති -ෆොන්සේකා