උතුරු පළාත් සභාවෙන් පසු ලංකාවේ දේශපාලනය

උතුරු පළාත් සභාවේ මැතිවරණ ප්‍රතිඵලය විසින් සිංහල ජාතියේ නායකත්වය අන්දමන්ද කර ඇති බවක් පෙනේ. සිංහල නායකයන් විසින් බිය ප්‍රකාශ කර ඇති ආකාර දෙකක් මෙසේ ය.


  • ප්‍රජාතාන්ත්‍රික අන්දමින් ජාත්‍යන්තර අරගළයක් ඔස්සේ ලංකාව බෙදීමේ වැඩපිළිවෙලක් සඳහා මෙම මැතිවරණ ප්‍රතිඵලය පදනම් කර ගනු ඇත.
  • ත්‍රස්තවාදය නැවත ලංකාවේ හිස ඔසවනු ඇත. 


මෙහිදී දෙවන කාරණය සම්බන්ධයෙන් නම් ලංකාවේ ‍සිංහල දෙමළ බහුතරයක් ජනතාව අතර සම්මුතියක් ඇති බව මම සිතමි. ඒ වනාහි තවත් ත්‍රස්තවාදී ව්‍යාපාරයක් ලංකාවේ අනවශ්‍ය බවයි. උතුරු නැගෙනහිර ප්‍රදේශ රටේ සෙසු ප්‍රදේශ සමග සම්බන්ධ වීමත් සමග හා ධනවාදයේ ව්‍යාප්තියත් සමග ත්‍රස්තවාදී ව්‍යාපාරයකට අවශ්‍ය බිලි බෝයිලා නිර්මානය කර ගත හැකි සමාජ පසුගාමිත්වය නඩත්තු කර ගැනීමට නො හැකි ය. අනෙක් පැත්තෙන්, දෙමළ සමාජය මුස්ලිම් සමාජය මෙන් පර්දාවෙන් වැසූ සමාජයක් ද නො වේ. සිංහල ජාතිය ත්‍රස්තවාදය ඔස්සේ පැරදවිය නො හැකි බව ද, ත්‍රස්තවාදයෙන් තමන්ට උරුම වන්නේ කාලකණ්ණිකම පමණක් ම බව ද දෙමළ සමාජයට අලුතෙන් ඉගෙන ගන්නට දෙයක් නැත. 

කාලාන්තරයක් තිස්සේ දෙමළ ඊලාම් විමුක්ති කොටි සංවිධානය වැනි ජාතිවාදීන් උපකාර කළේ සිංහල සමාජය පසුගාමිත්වයට තල්ලු කිරීමේ ලා ඉවහල් වන ‍දේශපාලන ක්‍රියාමාර්ගවලට ය. 2005දී මහින්ද රාජපක්ෂ පාලනය බලයට ගෙන ඒම සඳහා ජනාධිපතිවරණ වර්ජනයක් හරහා දුන් තල්ලුව මේ සඳහා හොඳ ම නිදසුනයි. දැන් වුණත්, ජාතිවාදී දෙමළ ඩයස්පෝරාවේ උපාය මාර්ගය එය ම ය. 

එහෙත්, ප්‍රජාතාන්ත්‍රික අන්දමින් ජාත්‍යන්තර අරගළයක් ඔස්සේ ලංකාව බෙදීමේ වැඩසටහන ද දෙමළ ඩයස්පෝරාවේ සිහිනයක් පමණි. මැතිවරණප්‍රචාරක ව්‍යාපාරය තුළ දෙමළ ජාතිකවාදය  දැඩි ලෙස ප්‍රවර්ධනය කරන ලදී. එම වටපිටාව තුළ ඩයස්පෝරාවේ කොටි හිතවාදී දෙමළ ජාතිවාදීන්ට ද මඟුල් කන්නට අවස්ථාව තිබුණ ද, එය දිගු කල් පවතින එකක් නො වේ. මන්ද, දැන් දෙමළ ඊලාම් අන්තවාදීන්ට සිංහල ආණ්ඩුවට අමතරව දෙමළ ආණ්ඩුවක් සමග ද කටයුතු කරන්නට සිදු වන බැවිනි. 

ප්‍රජාතන්ත්‍රවාදීව බලයට පත් වන ආණ්ඩුවක් හා ත්‍රස්තවාදය මත පදනම් වූ දේශපාලන ව්‍යාපාරයක් අතර පැහැදිලි වෙනස්කම් තිබේ. ‍කොටි සංවිධානය හා සම්බන්ධ පිරිස්වල නායකත්වයෙන් රටින් පිට අටවා ගන්නා ලද, ජාත්‍යන්තර වශයෙන් කිසිදු බලපෑමක් හෝ පිළිගැනීමක් නැති ඊනියා ආණ්ඩුවත් උතුරේ දෙමළ ආණ්ඩුවත් අතර වෙනස නිර්මානය වන්නේ එසේ ය. 

දැන් තිබෙන්නේ දෙමළ ආණ්ඩුවකි. විග්නේශ්වරන් යනු පාලකයෙකි. ඔහු වනාහි ලංකාවේ මධ්‍යම ආණ්ඩුව, ඉන්දියාව හා ජාත්‍යන්තර ප්‍රජාව සමග ගනුදෙනු කරන දේශපාලකයෙක් මිස තව දුරටත් දෙමළ ක්‍රියාධරයෙක් නො වේ. ඔහුගේ පසුබිම ද වර්ධරාජා පෙරුමාල්ගේ පසුබිමට වඩා වෙනස් ය. එසේ ම, උතුර සම්බන්ධයෙන් දේශපාලන සංදර්භය ද එදාට වඩා වෙනස් ය. විග්නේශ්වරන්ට හා දෙමළ ජාතික සන්ධානයට බලය තහවුරු කර ගැනීමේ මාර්ගය වැටී තිබෙන්නේ ත්‍රස්තවාදී නැඹුරුවක් සහිත ජාතිවාදීන් සමග එක් වීමෙන් නොව දෙමළ ජාතිකවාදය හා රාජ්‍ය තාන්ත්‍රික දේශපාලනය අතර සම්මුතියකින් කටයුතු කිරීමෙනි. නිදසුනක් ලෙස, උතුරු පළාත් සභාවට පොලිස් බලතල ලැ‍බුණොත් එය ත්‍රස්තවාදීන්ට උපකාරයක් වනු ඇතැයි සිතිය නො හැකි ය. උතුරු පළාත් පොලිසියක බලතලවලින් මුලින් ම තර්ජනයට ලක් වන්නේ දෙමළ ත්‍රස්තවාදයයි.

ලංකාවේ දේශපාලනය තුළ ප්‍රජාතන්ත්‍රවාදය ශක්තිමත් වීමට ඉවහල් වන මෑත කාලීන ක්‍රියාමාර්ග අතරින් උතුරු පළාත් සභා මැතිවරණයට ප්‍රධාන තැනක් හිමි වේ. රදළ ස්වරූපී, ඒකාධිපති ආණ්ඩුවක් පිහිටුවා ගැනීමට මහින්ද රාජපක්ෂ පාලනය කෙතරම් කැමති වුණත්, ඒ සඳහා සිංහල සමාජයේ පීඩි‍ත සමාජ කණ්ඩායම්වල පවා සහයෝගය දිනා ගන්නට ඔවුන් සමත් වුණත්, මෑත ඉතිහාසය විමසා බලන විට පෙනී යන දෙයක් වන්නේ දේශීය හා ජාත්‍යන්තර වශයෙන් සිදු වන පරීක්ෂාවන් හා සමබර කිරීම් හමුවේ (checks and balances) හමුවේ වඩා ශිෂ්ට වීමට ඔවුන්ට සිදු වී තිබෙන බවයි. නිදසුනක් ලෙස මාධ්‍යකරුවන් මරා දැමීම, විරුද්ධවාදීන් අතුරුදහන් කිරීම වැනි ඉහළ මට්ටමෙන් හසුරුවනු ලබන අපරාධ දැන් අඩු වී තිබේ.  රාජපක්ෂ ආණ්ඩුවේ පහළ තලය වන ප්‍රාදේශීය අපරාධකරුවන්ගේ ජාලයට එරෙහිව පවා නීතිය ක්‍රියාත්මක කරන්නට සිදු වී තිබේ. ඉදිරි කාලයේදී ඉහළ තලයේ මුක්තිය රැක ගැනීම පවා පහසු වන්නේ නැත. 

උතුරු පළාත් සභාව යනු තවත් පළාත් සභාවක් නො වේ. ඒ වනාහි ලංකාවේ සැබෑ බලය බෙදා ගැනීමක ආරම්භයයි. එය සිදු වන්නේ අරගළකාරී සංදර්භයක වීම සුවිශේෂ ය. සරළව කීවොත්, ඒ වනාහි මධ්‍යම ආණ්ඩුවෙන් දෙන දෙය ගැනීම නොව, මධ්‍යම ආණ්ඩුවෙන් බලතල උදුරා ගැනීමේ අරගළයකි. උතුරු පළාත් සභා දේශපාලනය සෙසු පළාත් සභා තුළ ද දැඩි බලපෑමක් ඇති කරන බව නිසැක ය. මෙම අලුත් සංදර්භය තුළ ප්‍රජාතන්ත්‍රවාදය ශක්තිමත් කිරීම සඳහා සෑම පාර්ශවයකින් ම පාහේ නව දේශපාලන උපායමාර්ගික තේරීම් අවශ්‍ය ය. ආණ්ඩුව උතුරු නැගෙනහිර දේශපානයට මැදිහත් වීමෙන් සිදු වන්නේ දෙමළ ප්‍රාදේශීය දේශපාලනය තවත්ආන්තික වීම පමණි. තනි දෙමළ සන්ධානයක් උතුරු නැගෙනහිර පැවතීම රටට හානිකර ය. දෙමළ ජාතික සන්ධානය අනිවාර්යයෙන් ම බෙදී යනු ඇත. ඒ ලිබරල් ජාතිකවාදී හා ජාතිකවාදී සංරක්ෂණවාදී ධාරාවන් ඔස්සේ ය. එහෙත්, එම පක්ෂ දෙක ම තව කලක් දෙමළ රාජ්‍යය ප්‍රවර්ධනය කරනු ඇත. එහෙත්, ඔවුන්ගේ දේශපාලනය කේන්ද්‍ර වනු ඇත්තේ බලය බෙදා ගැනීම මත ය. 

මෙහිදී දකුණේ දේශපාලනය යොමු වන දිශානතිය ඉතා වැදගත් ය. සිංහල ආන්තික ජාතිවාදය ශක්තිමත් වුණොත්, එයින් වාසි අත්පත් වන්නේ ඩයස්පෝරා අනුග්‍රහය ලබන දෙමළ ඊලාම්වාදීන්ට ය. වයඹ හා මධ්‍යම පළාත් සභා ප්‍රතිළුලය තුළ ඇති ඇතැම් සාධනීය ලක්ෂණ අපේ ඇගයුමට ලක් විය යුතු ය. ආන්තික ජාතිවාදය ප්‍රවර්ධනය කළ ජාතික නිදහස් පෙරමුණටත්, ජාතික හෙළ .උරුමයටත් එකදු අසුනක්වත් දිනා ගැනීමට හැකි වී නැත. පසුගිය දිනවල මතු වී බැස ගිය මුස්ලිම් විරෝධී රැල්ල හරහා මතු වූ හාමුදුරු බලවේගය ද නැවත අලුත් උච්චස්ථානයකට නො එළඹෙන්නට බොහෝ විට ඉඩ තිබේ. මන්ද, මෙම ජාතිවාදී හාමුදුරු රැල්ල රාජපක්ෂ පාලනයට එරෙහිව මාදුළුවාවේ සෝභිත හාමුදුරුවන්ගේ මතු වීමේ සිට ජයසේකර අපොන්සුට එරෙහිව ඉත්තෑපානේ ධම්මාලංකාර හාමුදුරවන්ගේ නැගී සිටීම දක්වා සමාජ දේහය පුරා ම පිළලයක් ලෙස මතු වූ බැවිනි. 

කිසිදු පීඩනයකින් තොරව කැසිනෝ සූදු ව්‍යාපාර දියත් කර ගැනීමට ආණ්ඩුව සමත් වූ ආකාරය හා දයාසිරි, අනුරාධ වැනි ලිබරල් හා ව්‍යාපාරික රැල්ලේ දේශපාලකයන්ගේ ඉදිරි ගමන ඔස්සේ ආණ්ඩු‍වේ දේශපාලන දිශානතිය පැහැදිලි කර ගත හැකි ය. ඒ වනාහි ජාතිවාදය අනුපානෙට ගනිමින් වැඩිපුර ධනවාදය දෙසට සිදු වන චලනයකි. ආණ්ඩුවේ පය අද්දර තිබෙන දරුණු ආර්ථික අගාධය ද ආණ්ඩුවේ දිශානතිය තීරණය කරන තවත් සාධකයකි. ජාතිවාදයෙන් ආර්ථික අර්බුදයට විසඳුම් සෙවිය නො හැකි ය. ‍

ලංකාවට විදේශ විනිමය පොම්ප කර ගැනීමේ මාර්ග විසින් ඉදිරි දේශපාලනයට සැලකිය යුතු බලපෑමක් කරනු ඇත. 

මේ ලිපිය වෙන අයත් එක්කත් බෙදා ගන්න. උපුටා ගන්නවා නම් ‍මෙතැනින් ගත් බව කියන්න
Read in English blog.parakum.com

Comments

  1. විග්නේෂ්වරන් ලාටත් අනිත් පලා බබාලා වගේ කොන්දරත්තු, ඩියුටි ෆ්‍රී පරමිට් වගේ වැදගත් දේවල් ගැන දැනුම තේරුම එන කොට සේරම හරියයි!

    කෂ්ටියක් දෑත ශක්තිමත් කරන්න උදව් වෙන්නත් ඉඩ තියෙනවා.

    ReplyDelete
    Replies
    1. KAKA NIKAM DAVAL HEENA DAKINNA EPA.

      Delete
  2. අජිත් ඔබ සඳහන් කරන්නේ ඉත්තෑකන්දේ සද්ධාතිස්ස ගැන කියා මා හිතනවා. ඉත්තෑපාන ධම්මාලංකාර අනුනායක හිමි වෙනත් කෙනෙකි.

    ReplyDelete
  3. " තනි දෙමළ සන්ධානයක් උතුරු නැගෙනහිර පැවතීම රටට හානිකර ය. "
    මට හිතෙන්නෙත් ඇත්ත. ඒත් මේ නම් සමාජවාදී මූලයන්ගෙන් නැගුණු සිතිවිල්ලක් නම් නොවේ.

    ReplyDelete
    Replies
    1. දෙමළ ජාතික සන්ධානය ‍සමාජවාදී පක්ෂයක් නො වේ.

      Delete
  4. උතුර ටී.එන්.ඒ එක දිනපු එක ගැන දැන්නම් මට දැනෙන්නෙ සියුම් සතුටක්, මුකුත් නෙවේ දෙමළ මිනිස්සු එයාලගෙ ගතිය පෙන්නුවා, එච්චරයි, ආණ්ඩුව තව මොනා කරත් උන් උන්මයි, එයාලගේ හීනෙ වෙනම රටක්, ඒක වෙනස් වෙන්නෙ නෑ.

    එයාල කියන විදියටම කියනවානම්, සිංහල ආණ්ඩුවෙ සල්ලි වලින් සිංහල ආණ්ඩුවේ වි.වි. වලට ඇවිත් ඉන්ජිනෙරුවො වෙන්න ඉගෙන ගත්ත උන් දැන් එෆ්.බී එකෙ දාන කොමෙන්ට් දැක්කම ආයෙ නූගත් දෙමල අය ගැන කියන්න දෙයක් නෑ. පැරාලත්, ඔය දෙමල සටන කියන එකට සහයෝගය දෙන කවුරුත් හිතන්නෙ නැති දේ තමා, එයාල කවදාවත් වෙනම රටක් කියන එක අමතක කරන්නෙ නෑ කියන එක. අලිමංකඩ පහු කරන් මෙහෙට ඇවිත් අපි එකා වගෙ ඉමු කීවත්, එයාලගෙ හිත යට තියෙන්නෙ වෙනම රටක්.
    මගෙ එකම හීනෙ විග්නේශ්වරනුත් අපෙ දේශපාලුවෝ වගෙ වෙනවනම් කියන එක, එතකොට අපිට කෙල වෙලා තියන විදියටම උතුරටත් කෙලවෙන කොට උන්ට තේරෙයිනෙ මේ දෙශපාලනයෙන් තමයි මේ බොරු බෙදීම කරල තියෙන්නෙ, දකුණටත් අරිනවා නෙද කියල. හැබයි ඉතින් ඒක එලි වෙන හීනයක් නෙවෙ, මොකද විග්නෙශ්වරන් කියන්නෙ නූලට නැටවෙන්න දාපු රූකඩයක් විතරනේ, නැත්නම් මාවෙයිට දෙන්න තිබ්බ මහ ඇමති අපේක්ශකත්වය කොහෙවත් හිටපු මිනිහට ආවෙ කොහොමද? දැන් ඉති උදව් කරන රටවල් වලට කියන්න පුලුවන්නෙ අපි උදව් කරන්නෙ ටෙරරිස්ට් කරපු එකෙක්ට නෙවේ "සිංහල" රටේ හිටපු ගරු විනිසුරෙකුට කියල.

    පොඩි කතාවක් කියන්නම්, අපිත් එක්ක හිටිය හාෆ් ටැමිල් කොල්ලෙක්, ඌ කියන්නෙ ඌව බැච් එකෙ ටැමිල් සෙට් එක හලලු, මොකද හාෆ් හින්දා, උන් ඔක්කොම යටින් සපොර්ට් කරෙ ප්‍රභා අන්නට. හැබැයි අපි එක්ක පෙන්නන්නෙ බුදු ෆිට් කියල. ඌ කියන්නෙ සමහර වෙලාවට උට ඇහෙන දෙවල් අපි දන්නවනම් අපි මරාගනියි කියල. අන්න එකයි උන්ගෙ ඇතුලෙ තියෙන්නෙ.

    (මම ඉතින් පසුගාමියා හින්දා මට නම් දෙමලට දෙමල හින්දා ඇති වෙච්ච විශෙශ ප්‍රශ්ණයක් පෙන්න නෑ, වල් බූරු දෙශපාලන හැත්ත බලෙන් පටවපු ප්‍රශ්ණ ඇර. ඔය ජාති දෙක තුනේම පර දෙශපාලන හැත්ත නැත්නම් මේක රටක්, දැන් ඒක ගූ හැලියක් කරල. )

    -ප.ගෝ.

    ReplyDelete
    Replies
    1. කොමෙන්ට් එක සමඟ සම්පූර්නයෙන්ම එකඟයි.අපට නම් උතුරට කරපු සල්ලි නාස්තිය තේරුනා.නමුත් ආන්ඩුවට තේරුනේ නෑ.මොනව කලත් ඉන්දියාව කළා කියලලු කියන්නෙ

      Delete
  5. ජනපති තුමා මහ ඇමති වරුන් පත් කල වහාම කල් නොයවාම කල යුතු දෙයක් තියෙනවා කියල මට හිතෙනවා.

    ඒ ඒ පලාත දියුනු කිරීමට ඔබලාගේ වැඩ පිලිවෙලවල් ලිඛිතව යම් කාල සීමාවක් නියම කර, එය ඇතුලත භාර දෙන්න කියල, නියම කිරීම.

    ''බයිල එපා, තමුසෙල පත් උනේ ඒ පලාතේ ප්‍රශ්න විසඳන්න.
    පලාත් සභා තියෙන්නේ ඒ ඒ පලාත්වලට අදාල ප්‍රශ්න විසඳීමටයි.''

    (එය ව්‍ය්වස්තාවේ ඇතැයි මා සිතනවා.)

    ReplyDelete

Post a Comment

මාතෘකාවට අදාළ නැති හා වෛරී අදහස් ඉවත් කිරීමට ඉඩ ඇති බව කරුණාවෙන් සලකන්න.

Popular posts from this blog

තේරවිලි: සුපුන් සඳක් ඇත. මැදින් හිලක් ඇත.

පාසල් අධ්‍යාපනය ගැන කතා තුනක්

හමුදා කුමන්ත්‍රණ ගැන ලෝකෙට දුරකථනයෙන් කිව්වෙ බීලා වෙන්න ඇති -ෆොන්සේකා