y සහෝදරයාගේ සමාජවාදී ජීවිතය

සමාජවාදී ජීවිතයක් ගැන අපි මේ බ්ලොගෙන් කතා කරලා තියෙනවානේ. අපි මතු කරපු කාරණාව තමයි, සමාජවාදය කියන්නේ රාජ්‍ය බලය අරගෙන ගොඩනගන කල් බලා සිටිය යුතු එකක් නො වන, තමන්ගේ ජීවිතවලින් අද ම පටන් ගත යුතු දෙයක් බව. සමාජවාදය කියන්නේ ආර්ථික ඌනිතවාදයක් නොවෙයි කියන එක දැන් කවුරුත් පිළිගන්නවා. සමාජවාදය සංස්කෘතියක් ලෙස ගන්නත් පුළුවන්. 

සමාජවාදය කියන්නේ සමාජය යහපත් අන්දමින් වෙනස් කරන්න කරන නො නවතින අරගලයක්. සංවාදය එහි ප්‍රධාන අංගයක්. සමාජවාදය කියන්නේ ප්‍රජාතන්ත්‍රවාදයට විරුද්ධ දෙයක් නොවෙයි. ප්‍රජාතන්ත්‍රවාදයේ සියලු හොඳ ලක්ෂණ කැටි කරගත් ඉදිරිගාමී වැඩපිළිවෙලක්.

ඉතින් කවුරුද ඔහොම සමාජවාදී ජීවිතයක් ගත කරන්නේ? 

මං දන්න කෙනෙක් ඉන්නවා. අපි මිනිහට y සහෝදරයා කියමුකෝ. මේ වගේ තැනකට හොඳ x කියන අකුර වුණාට ලංකාවේ ඒකට විකෘති තේරුමක් තියෙන නිසා අපි ඔහුට y සහෝදරයා කියමුකෝ.  

y සහෝදරයාගේ මව්පියෝ ගුරුවරු. ඔහු කුඩා කාලේ ම රුසියානු සාහිත්‍යය කියෙව්වා. රුසියානු, කියුබානු, නිකරගුවානු විප්ලව, වියට්නාම් යුද්ධය වැනි දේ ඔහුට බලපෑවා. සමාජවාදී ලංකාවක් ගැන හීනයක් දකිමින් ඔහු දේශපාලනයට පිවිසුණේ වයස අවුරුදු විස්සක් ලබන්නත් කලින්. ඔහු දේශපාලනය වෙනුවෙන් මුලින් ම හිරේ වැටෙනකොට වයස අවුරුදු 20යි. ඒ වන විට තහනම් කර තිබුණු ජනතා විමුක්ති පෙරමුණේ පත්‍රිකාවක් බෙදුවා ය කියලා ඔහුව මාස තුනක් ඇප නොදී රිමාන්ඩ් කර තිබ්බා. ඒ වන විට ඔහු විශේෂ ඉංජිනේරු ආධුනිකයෙකු ලෙස මෝටර් යාන්ත්‍රික විද්‍යාව ඉගෙන ගනිමින් හිටියා. ඒ සමග ම ඔහු ඒ අධ්‍යාපනය අතහැර දමලා ජවිපෙ පූර්ණකාලීන ‍දේශපාලනයට පිවිසුණා. සැරින් සැරේ හිරේ විලංගුවේ වැටෙමින්, ජවිපෙ මැද පෙළ නායකයකු ලෙස වැඩ කළ ඔහු 1989 කැරැල්ලේදී මර්දනයට ලක් වෙලා, වධකාගාරවලත් ඉඳලා, වසර තුනහමාරකට විතර පසුව නිදහස්ව එනවා. 

ජවිපෙ දේශපාලනය ගැන තිබුණු විවේචනය නිසා ඔහු ජවිපෙත් එක්ක සම්බන්ධ වෙන්නේ නැහැ. ගුරු පත්වීමක් අරගෙන ඈත දුෂ්කර මායිම් ගම්මානයක සේවයට යන ඔහු දේශපාලනය කරන්නේ ඒ පො‍ළවේයි. එය පක්ෂ දේශපාලනයක් නොවෙයි. ළමයින් එක්ක වැඩ කරන එක ඔහු එදා ඉඳන් අද දක්වා ම දේශපාලනය ලෙස සලකනවා. ඔහුගේ ජීවිතයෙන් වැඩි කාලයක් ගත වුණේ දුෂ්කර ප්‍රදේශවල පාසල්වල ළමයින්ට උගන්වන්න. ඔවුන් සමග නාට්‍ය, මාධ්‍ය, ක්‍රීඩා ආදිය කරන්න. ඔවුන් සමග ජීවත් වෙන්න. 

y සහෝදරයා ජාතිවාදයට විරුද්ධ දේශපාලනයට යොමු වන්නේ මායිම් ගම්මානවල ගුරු වෘත්තියේ යෙදෙමින් සිටියදීයි. දෙමළ ගරිල්ලන් සිංහල ගම්මානවලට කඩා වැදිලා පුංචි ළමයින් ද ඇතුළුව සිවිල් වැසියන් කපා කොටා මරා දමා තිබෙනු ඇසින් දැක දැකත්, ජාතීන්ගේ ප්‍රශ්නය බලය බෙදා ගැනීමේ සම්මුතියක් මගින් විසඳා ගත යුතුයි යන ස්ථාවරයේ හිටපු අව්‍යාජ, බුද්ධිමත් මිනිස්සු මේ මායිම් ගම්මානවලදී ඔහුට හමු වුණා. ඔහුගේ දේශපාලන ජීවිතයේ දෙවන අවධියට පදනම වැටුණේ එහිදීයි. ජවිපෙන් අරගෙන ආ සිංහල ආධිපත්‍යවාදී අදහස් වෙනස් කර ගනිමින් ඔහු ජාතීන්ගේ ස්වයං නිර්ණ හිමිකම වෙනුවෙන් සටන් කරන පුද්ගලයෙක් වෙනවා. 

ජාතීන්ගේ ප්‍රශ්නය ලංකාවේ ප්‍රශ්නවලින් ගැඹුරු ම ප්‍රශ්නය ලෙස තේරුම් ගන්නා ඔහු මේ රටේ දේශපාලන ප්‍රජාවට ඉදිරියට යන්නට නම් ජාතීන් අතර සම්මුතියක් ගොඩනඟා ගත යුතු ය කියන ස්ථාවරයට පැමිණෙනවා. හැබැයි ඉතින් ඒ දෙය වන්නේ එක් රැයකින් නම් නොවෙයි. විවිධ පුද්ගලයන් සමග හා තමන් තුළ ම කළ දීර්ඝ සංවාදයක් ඔස්සේයි. මේ අතරතුරදී ඔහු දේශපාලන ක්‍රියාමාර්ග රැසක ක්‍රියාකාරිකයෙක් ‍ලෙස කටයුතු කරනවා. අනතුරුදායක මැදිහත්වීම් රැසක් ම කරනවා. ඇතැම් දේශපාලන වැරදිත් සිදු වෙනවා.  

තමන් ක්‍රියාත්මක වන සමාජවාදී ය කියන අවකාශයේ අභ්‍යන්තර ගැටලු පිළිබඳ ඔහුගේ ඥානය පුළුල් වෙන්නේ මේ කාලයේදීයි. දෙමළ ජනතාවගේ ස්වයං නිර්ණ හිමිකම වෙනුවෙන් සටන් කරන බව කියන මිනිසුන්ගේ ජාතිවාදී, කුලවාදී, පුරුෂෝත්තමවාදී, ප්‍රජාතන්ත්‍ර විරෝධී අදහස් හා ක්‍රියාකලාපයන් නිසා ඇති වන පරස්පරතාව ගැන අවධානය යොමු කරන ඔහු ඒවාට යටත් නො විය යුතු ය කියන ස්ථාවරයට එනවා. වාමාංශිකයන්ගේ දක්ෂිණාංශික භාවිතාවන්ට එරෙහිව නැගී සිටින ඔහුව ඔහු සිටි දේශපාලන කණ්ඩායම්වලින් ඉවත් කෙරෙනවා. වාමාංශික සමාජයෙන් ද බැහැර කෙරෙනවා.

වාමාංශික සහෝදරවරු ඔහුව දේශපාලන වශයෙන් විනාශ කරන්න බොහෝ දේ කරනවා. ඔහුව බිය වද්දා, රටින් පළා යන්නට සලස්වා, අතරමං කර, විනාශ කරන්න උත්සාහ කරනවා. ඒත්, ඔහු ආපසු සිය රට පැමිණ නැවතත් දේශපාලනය කරනවා. රාජ්‍ය මර්දනය එල්ල වන විට ඔහුට ඔලොක්කු කරමින් දැන් ඉතින් ආණ්ඩුවත් එක්ක බලා ගනින් කියලා ඔහු හුදකලා කරනවා. දුෂ්කර ම කාලයන් තුළ පවා y සහෝදරයා දිගට ම දේශපාලනය කරනවා. ඔහු සිය දේශපාලනය සඳහා මේ වන විට තෝ‍රගෙන තිබෙන්නේ පෑන. ඔහු ලියනවා, දිගටම. 

මුලින්, මුලින් කවුරුවත් ඒවා කියවන්නේ නැහැ. කියවූ අයත් කියවූ බව කාටවත් කියන්නේ නැහැ. ඔහු ලියන බව දැනගෙන හිටියත්, හැමෝ ම උත්සාහ කරන්නේ එහෙම දෙයක් වෙන බව නො දන්නවා වගේ ඉන්නයි. ඒත්, මේ වෙනකොට ඔහු ලියන බව ප්‍රතික්ෂේප කරන්න බැරි තත්වයක් ඇති වෙලා. 

වාමාංශික දේශපාලනය ගැන අලුතින් හිතන්න ඕනැ කියලායි y සහෝදරයා කියන්නේ. ඒ නිසා ඔහු සියලු දැඩි ස්ථාවර අතහැරලා, සංවාදවලට විවෘත වූ මනසකින් යුතුව තමයි ඉන්නේ. හැබැයි ඉතින් ලෝකය යහපත් අන්දමින් වෙනස් කරන්නට සිදු කළ යුතු මැදිහත් වීම කිරීම සම්බන්ධයෙන් නම් ඔහුට කිසිදු දෙගිඩියාවක් නැහැ. 

y සහෝදරයා ලියනවා. ජීවිතය ගැන ලියන්න තව බොහෝ දේ තිබෙන බව ඔහු කියනවා. y සහෝදරයා ජීවත් වෙනවා. ඔහු කියන පරිදි ඔහුගේ ජීවිතය ම තමයි දේශපාලනය. ඔහු අඩුවෙන් නිවාඩු අරගෙන හැමදාම පාසල් යනවා. දේශපාලනය නිසා රස්සාව නැති වී ටික කලක් ඉඳලා ආපසු ලැබුණු නිසා ඔහුගේ පඩිය තවමත් සොච්චමයි. ඒත්, ඔහු ඒ ගැන නො සිතා ඔහුට පුළුවන් උපරිමය කරන්න උත්සාහ කරනවා. 

පඩි අඩු නිසාත්, දරුවන්ට හොඳ ජීවිතයක් අවශ්‍ය නිසාත්, වෘත්තීය අරගළවලින් ක්ෂණික විසඳුම් නැති නිසාත්, ඔහු අමතර රැකියාවන් කරමින් මුදලක් උපයනවා. හැබැයි, මුළු ජීවිතය ම සල්ලි හම්බ කිරීමට නො යොදා, බිරිඳ ‍හා ළමයින් එක්ක ඉන්නත්, සමාජ සේවාවන්හි යෙදෙන්නත්, කලාව රස විඳින්නත්, ශාරීරික ව්‍යායාමයටත් එහු කාලය ඉතිරි කරගෙන තිබෙනවා. ඒ කාලය ඔහුට ලැබුණේ ඉස්සර කොළඹ නගරයේ පැවැත්වුණ විවිධ සාකච්ඡා, සම්මන්ත්‍රණ ආදියට සහභාගි වීම සඳහා ගත කළ කාලය සම්පූර්ණයෙන් ම ඉතිරි කර ගැනීමෙනුයි. හැබැයි, දේශපාලනය තිබෙන්නේ කොළඹ සාකච්ඡාවල විතරයි කියලා හිතාගෙන හිටපු y සහෝදරයාගේ පැරණි සහෝදරවරු දැන් හිතන්නේ y සහෝදරයා මැරිලා කියලායි. 

හැන්දෑවට y සහෝදරයා වත්තේ එළවළු, පළතුරු වවනවා. ගහ කොළ එක්ක ගෙවන ගමේ ජීවිතයෙන් ඔහු ලොකු සතුටක් ලබනවා.

y සහෝදරයා පුංචි මිනිහෙක්. ඒත්, ඔහු කිසිම බොරු ලොක්කෙකුව පඩේකට මායිම් කරන්නේ නැහැ.

අද y සහෝදරයාගේ 48වන උපන් දිනය. ඔහුට සුබපැතුම්!

මේ ලිපිය වෙන අයත් එක්කත් බෙදා ගන්න. උපුටා ගන්නවා නම් ‍මෙතැනින් ගත් බව කියන්න
Read in English blog.parakum.com

Comments

  1. "Y" සහෝදරය. ඔබට මගේ ප්‍රණාමය!

    සුභ උපන්දිනයක් වේවා.

    ReplyDelete
    Replies
    1. අද උදේ මතක් වුණු සමීරකණයක් මෙන්න.

      y = ex X

      වයි ඊක්වල්ස් එක්ස් එක්ස්

      Delete
  2. Y සහෝදරයා යන්න ලිවීමට මා යොදා ගත්තේ කැපිටල් වයි අකුරයි.

    ඔබ සිම්පල් y අකුර යොදා ගත්තේ සහෝදරයා කැපිටලිස්ට් කෙනෙක් නොව සිම්පල් පොරක් බව පෙන්නීමට විය යුතුයි?

    ReplyDelete
  3. /* ඔහු සිය දේශපාලනය සඳහා මේ වන විට තෝ‍රගෙන තිබෙන්නේ පෑන. */

    අන්න බොරුවක් කිව්වා!

    ReplyDelete
    Replies
    1. කී බෝඩ්එක නේද?

      Delete
    2. රාජ් මාර ලැටරල් තින්කින්ං කාරයෙක්නෙ! ටක් ගාලා අල්ල ගත්තා නේද?

      Delete
    3. මට ලැජ්ජයි ඕයි!

      Delete
  4. y ට සුභම සුභ උපන්දිනයක් වේවා !!

    ReplyDelete
  5. සුභ උපන් දිනයක්.................

    ඉන්දික

    ReplyDelete
  6. වයි සහෝදරයාට සුබ උපන් දිනයක් වේවා!

    ReplyDelete
  7. සජීව ධනුද්ධරSeptember 27, 2013 at 8:47 AM

    y සහෝදරයාට ට සුභ උපන් දිනයක් වේවා.....!
    (මමනම් හිතන්නේ y සහෝදරයා යනු මෙම ලිපිය ලිවූ ලේඛකයාම බවයි)

    ReplyDelete
  8. Congratulate you for having reached the inconsequential milestone in your life. However, it is an honor and privilege to deliver my heartfelt wishes to “Y” of being matured a year than past. Keep up your good work. You are needed by the society.

    ReplyDelete
  9. අජිත් ඔබට සුබ උපන් දිනක්

    ReplyDelete
  10. සුභ උපන්දිනයක් පැරා.....
    we enjoy your blog....

    ReplyDelete
  11. සමාජවාදියෙකුගේ ජීවිතය මෙයම මිස වෙනයමක් නොවේ....

    y සහෝදරයා ඔබට සුභම සුභ උපන් දිනයක් වේවා...!

    ReplyDelete
  12. උපන් දිනය වෙනුවෙන් y සහෝදරයාට ලංකා සම සමාජ පාක්ෂිකයෙකුගෙන් විප්ලවීය ආචාරය.

    ප.ලි. - වුවමනාවක් සහ කැමැත්තක් ඇත්නම් ධනය ගොඩ නඟා ගන්න ගමන් ම සමාජවාදී ජීවිතයක් ගත කළ හැකි යි. හරියට ස්විට්සර්ලන්තයේ MIGROS සමාගම වගේ.

    ReplyDelete
    Replies
    1. ප.ප.ලි. - ඒ රටේම Victorinox සමාගමත් සමාජවාදී ජීවිතයක් ගතකරන ආයතනයක්.

      Delete
  13. ‍Y සහෝදරයාට 48ට 148ක් ආයු බෝවේවා!

    ReplyDelete
  14. ‍Y සහෝදරයාට 48ට 148ක් ආයු බෝවේවා!

    ReplyDelete
  15. ශුභ උපන් දිනයක් y
    ඉන්දරේ

    ReplyDelete
  16. Y සහෝදරයාට සුභ ම සුභ උපන්දිනක් වේවා!

    ReplyDelete
  17. Happy birthday "y"

    සමාජවාදය කියන්නේ රාජ්‍ය බලය අරගෙන ගොඩනගන කල් බලා සිටිය යුතු එකක් නො වන, තමන්ගේ ජීවිතවලින් අද ම පටන් ගත යුතු දෙයක් බව.


    y සහෝදරයා පුංචි මිනිහෙක්. ඒත්, ඔහු කිසිම බොරු ලොක්කෙකුව පඩේකට මායිම් කරන්නේ නැහැ.


    If all SL citizens start thinking this way, blood corrupted politicians will be vanished..

    ReplyDelete
  18. කිසිදා සැබෑවිය නොහැක්කක් වුව යම් සිහිනයක ගැලී සිටීම එසේ කිසිදු සිහිනයක් නොමැතිව ජීවත්වීමට වඩා ප්‍රශස්ත බව මගේ හැඟීමයි.සිහිනය සැබෑකර ගැන්මට දරන තැත පවා යහපත් වෙනසකට හේතුවනු ඇත.සිහින දැකීමට පවා බියවීම වනාහී බියගුළු කමේ උපරිමයයි.....අයි සිම්ප්ලි ඩොන්නෝ වයි?අයි මීන් බීං අෆ්‍රේඩ් ටු ඩ්‍රීම්?...ඇක්චුවලි වයි?.... වයි??.... වයි???

    වයි සහෝදරයා ඔබට සුබ උපන්දිනයක්!

    ReplyDelete
  19. සමාජවාදය කියන්නේ රාජ්‍ය බලය අරගෙන ගොඩනගන කල් බලා සිටිය යුතු එකක් නො වන, තමන්ගේ ජීවිතවලින් අද ම පටන් ගත යුතු දෙයක්

    සුභ උපන් දිනයක්.

    ReplyDelete
  20. ඔබට සුභ උපන්දිනයක් වේවා!

    ReplyDelete
  21. සුභ උපන්දිනයත්

    ReplyDelete
  22. පැරා, ඔබගෙ මතය වෙනුවෙන් ඉන්න දැන් තියන හයියම දිගටම තියේවා, ඔබේ මතය වැරදිනම් නිවැරදි කරන්න හෝ එම මතය හරිනම් එය තවත් මුවහත් කරන්න ශක්තිය ලැබේවා...

    -ප.ගෝ.

    ReplyDelete
  23. පැරා ට සුභ උපන්දිනයක්

    ReplyDelete
  24. මොන ගොන්පාට් තිබ්බත්, ලංකාවේ ගොඩක් වාමාංශික පයිතන්ට වඩා මොළේ ඇති, අවංක සහ නිහතමානී "y සහෝදරයා"ට, බ්ලොග් එකත් කරගෙන, එලවලුත් වවාගෙන, රස්සා කීයක් හෝ කර පවුලටත් පුලුවන් තරමින් කරගෙන, කැමති දේශපාලනේකුත් කරගෙන, සතුටෙන් සියක් වසරක් ගමට වී කූල් එකේ ජීවත් වීමට කොක්කටම එන ඇනෝවෙකුගෙනුත් සුබ පැතුම්.

    ReplyDelete
  25. happy birth day y sahodaraya! i Realy appreciate the way you think!

    ReplyDelete
  26. Happy Birthday "y sahodaraya" . U r doing big role and we salute U...

    ReplyDelete
  27. ඔබට සුබ උපන්දිනයක් වේවා!

    - Dimithri

    ReplyDelete
  28. // ඔහු ලියන බව දැනගෙන හිටියත්, හැමෝ ම උත්සාහ කරන්නේ එහෙම දෙයක් වෙන බව නො දන්නවා වගේ ඉන්නයි.//

    y සහෝදරයාගෙන් x කෑල්ලක්!!

    - Dimithri

    ReplyDelete
  29. අපේ ජීවිතයට එක්කර ගැනීටම බොහෝ දේත් බුද්ධි මට්ටම පුළුල් වීමට ඔබෙන් ගතහැකි දේත් බොහෝය. y සහෝදරය උඹ ලියහන් අපි කියවනව අනිවා ..

    ReplyDelete
  30. The way how you introduce your self was amazing.
    Every day come and visit your blog.
    Keep it up.
    Many many happy returns.

    ReplyDelete
  31. අජිත් ඔබට සුබ උපන්ඩිනයක්.

    රන්ජිත්.

    ReplyDelete
  32. පැරා ඔබට සුබ උපන්දිනයක් වේවා!
    A. Fernando

    ReplyDelete
  33. සුබ පැතුම් පැරා,
    ආප්ප බානවා වගේ උදේටයි හවසටයි පෝස්ට් දැම්මට කමක් නෑ.පවුල එක්කත් ඉදපන්,නැත්නම් පවුලට එපා වෙයි

    ReplyDelete
  34. Wish you a very happy birthday !!
    Keep fighting.
    Prabha & Buddika

    ReplyDelete
  35. සමාජය යහපත් අන්දමින් වෙනස් කරන්න කරන නොනවතින අරගලයටත්, ඒ වෙනුවෙන් නිර්මාණය කරන සංවාදයටත්, ඔබගේ උපන් දිනයටත් සුබ පැතුම්.

    ReplyDelete
  36. Happy birthday...celebrate your efforts.

    ReplyDelete
  37. අජිත් අවශ්‍ය දිරිය ඔබට ඇතැයි අපි සිතන්නෙමු. පතුලේ සුභ පැතුම්

    ReplyDelete
  38. දිගු කලක සිට ඔබගේ බ්ලොගය කියෙව්වත් ලියන පළමු කමෙන්ටුව මෙයයි. ඔබගෙන් ජීවිතයට ලද දේ බොහෝයි. ඔබගේ උපන් දිනයට මගෙනුත් සුභ පැතුම් !

    ReplyDelete
  39. මිනිසුන්ට සිහින දකින්නට පහසුයි. ඒ.ඒ හැම සිහිනයක්ම සිහින තුළම බොඳවී මැකී යනවා. ඒ අතර සැබෑවන සුබ සිහිනයක් වෙනුවෙන් බුද්ධිමය සංවාදයක් ඇතිකරන්න වෙහෙසෙන ඔබට සුබ උපන් දිනයක්ම වේවා...

    ReplyDelete
  40. I wish Happy borth day you. you effort is historical need that is why your like person given this so city in this moment. my best wishes for your correct and meaningful stupefaction.

    ReplyDelete
  41. I wish Happy borth day you. you effort is historical need that is why your like person given this so city in this moment. my best wishes for your correct and meaningful stupefaction.

    ReplyDelete
  42. Happy Birthday Parakum- Terrel

    ReplyDelete
  43. Para, may your parameters further widen! Let's await the land we wish! Happy birthday to you.
    ajith alawatte

    ReplyDelete
  44. සුභ උපන් දිනයක්.

    ReplyDelete
  45. සුබ උපන්දිනයක් වේවා!

    ReplyDelete
  46. Y සහෝදරයා ජිවිතයේ කිසිම දිනක හමුවී නැත. නමුත් Y සහෝදරයාගේ ලිපි සෑම දිනයකම ඉතා ආශාවෙන් කියවෙමි. රටේ ඔබවැනි මිනිසුන් සිටීම, මාහට ලංකාව ගැන යම් හෝ බලාපොරෝත්තුවක් ඇති කරයි. ඔබට සුභ උපන්දිනයක් වේවා!!

    ReplyDelete
  47. සුභ උපන්දිනයක් වේවා.

    ReplyDelete
  48. සුභ උපන් දිනයක්.................

    ReplyDelete
  49. සුභ උපන් දිනයක් y සහෝදරයා . !

    ReplyDelete
  50. අද උදේ මතක් වුණු සමීරකණයක් මෙන්න.

    y = ex X

    වයි ඊක්වල්ස් එක්ස් එක්ස්

    ReplyDelete
  51. This comment has been removed by the author.

    ReplyDelete
  52. සුභම සුභ උපන් දිනයක් වේවා අජිත් අයියට..... සිහින දකින්න ලස්සන ලොකයක් ගැන අපිට තාමත් පුලුවන්, ඒ ලස්සන ලොකයට පෙරමග සලසන්න තව තවත් ශක්තිය ලබෙවා ඔබට...........

    ReplyDelete
  53. y ගේ ලිපි වල අමුතු යමක් ඇත. එය සම්පූර්ණ දැනුම නොවේ, එය සම්පූර්ණ ආතල් ද නොවේ. ලියන්නට දිරි සමග උපන්දින සුබ පතුම්.

    ReplyDelete
  54. ජීවිතය ගන්ගාවක් වගේ. බොහො දේවලට මුහුණ පාන්න වෙන්වා. අවබෝදයෙන් ජීව්ත්වීම තමයි වඩාත්ම හොද. මම වඩාත්ම කෑමති අදහස තමයි සමාජවාදය කියන්නේ ජීවන රටාවක්. ඔබ නිරෝගිමත් වෙවා!!

    ReplyDelete
  55. සමාජවාදයට පෙර සමාජවාදයක් නැහැ සහෝදරයා - ඩොරික් ද සෝසා

    ReplyDelete

Post a Comment

මාතෘකාවට අදාළ නැති හා වෛරී අදහස් ඉවත් කිරීමට ඉඩ ඇති බව කරුණාවෙන් සලකන්න.

Popular posts from this blog

තේරවිලි: සුපුන් සඳක් ඇත. මැදින් හිලක් ඇත.

පාසල් අධ්‍යාපනය ගැන කතා තුනක්

හමුදා කුමන්ත්‍රණ ගැන ලෝකෙට දුරකථනයෙන් කිව්වෙ බීලා වෙන්න ඇති -ෆොන්සේකා