ප්‍රජාතන්ත්‍රවාදය යනු හුදෙක් මැතිවරණ පමණක් නො වේ

ශ්‍රී ලංකාවේ ඇමරිකානු තානාපති කාර්යාලය විසින් නිකුත් කර තිබෙන පහත සඳහන් ප්‍රකාශය ආරක්ෂක ලේකම් ගෝඨාභය රාජපක්ෂගේ දරුණු විවේචනයට හේතු වී තිබේ. 

"A process free of violence and intimidation in the Northern Province is required for greater civilian administration and to help further the reconciliation process four years after the war. These elections provided a starting point for that process. Democracy is not simply about elections, however, and more must be done to ensure that Sri Lankans of all communities can live with peace and dignity that they deserve."

එයින් කියවෙන්නේ මෙයයි: "උතුරු පළාතේ වඩා හොඳ පුරවැසි පරිපාලනයක් පිහිටුවීම සඳහාත්, යුද්ධය නිමාවෙන් වසර හතරකට පසුව සංහිඳියා ක්‍රියාවලිය තව දුරටත් ශක්තිමත් කිරීම සඳහාත්, ප්‍රචණ්ඩත්වයෙන් හා බලපෑම්වලින් තොර ක්‍රියාවලියක් අවශ්‍ය ය. මෙම මැතිවරණ එම ක්‍රියාවලිය සඳහා ආරම්භක පියවරකි. ප්‍රජාතන්ත්‍රවාදය යනු හුදෙක් මැතිවරණ පමණක් නො වේ. සියලු ප්‍රජාවන්ට අයත් ශ්‍රී ලාංකිකයන් සාමයෙන් හා ගරුත්වයෙන් ජීවත් වීම තහවුරු කරනු පිණිස තව බොහෝ දේ කළ යුතුව තිබේ."

ඇත්තෙන්ම, මේ ආණ්ඩුවට මෙම ප්‍රකාශය සම්බන්ධයෙන් මළ පැනීම තේරුම් ගත හැකි ය. මන්ද, ලංකාවේ දැනට පැවැත්වෙන මැතිවරණ යනු මෙවැනි ක්‍රියාවලියකි.


  • මැතිවරණ පැවැත්වෙන්නේ පාලකයන්ට වාසිදායක වන තෝරා ගත් වේලාවන්හිදී ය. ඒ සඳහා බලය පාවිච්චි කරමින් නීතිමය සිදුරු අතරින් රිංගා යයි.
  • මැතිවරණවලදී පොදු දේපල ආණ්ඩු පක්ෂයේ මැතිවරණ ප්‍රචාරක ව්‍යාපාරය සඳහා භාවිතා කරනු ලබන්නේ කිසිදු හිරිකිතයකින් තොරව ය. ආණ්ඩු පක්ෂයේ මැතිවරණ ප්‍රචාරය සඳහා පොදු හා මහජන මුදලින් නඩත්තු වන මාධ්‍ය, මැති ඇමති ආදීන්ට මහජන මුදලින් ලබා දී තිබෙන යාන, වාහන හා කාර්යාල ආදී පොදු සම්පත් හා මහජන මුදල් වන මහජන නියෝජිතයන්ගේ කාලය මහා පරිමාණයෙන් යොදා ගැනීම ලංකාවේ සාමාන්‍ය තත්වය බවට පත් වී තිබේ. එය අතිශය සාමාන්‍යකරණය කර තිබේ. 
  • මැතිවරණවලදී අතිශය වැදගත් භූමිකාවක් කරන ජනමාධ්‍ය ද ආණ්ඩුව විසින් සිය ගජමිතුරන්ගේ ප්‍රාග්ධනය, රජයේ දැන්වීම් ආදිය මාර්ගයෙන් පාලනය කරනු ලැබේ. 
  • රාජ්‍ය ණයවලින් හෝ මහජන බදු ආදායම්වලින් සිදු කරනු ලබන සංවර්ධන ව්‍යාපෘති මැතිවරණ කාලයේදී පාලක පක්ෂය සිය වාසිය පිණිස උපයෝගී කර ගනු ලැබේ. 
  • මහජන මුදලින් දෙනු ලබන අල්ලස් හා වරප්‍රසාද ද රාජ්‍ය බලය ද පාවිච්චි කරමින් විරුද්ධ පාක්ෂිකයන් බිලී බා ගනිමින් අඛන්ඩව විපක්ෂය දුර්වල කිරීමේ ක්‍රියාවලියක ආණ්ඩුව යෙදී සිටියි. 
  • දේශපාලනය තුළ ගොඩනගනු ලබන මෙම තත්වය භාර ගැනීම පිණිස ජන මනස ද සිතා මතා ම මුග්ධත්වයට ගොදුරු කරනු ලැබේ. ඒ සඳහා ජනමාධ්‍ය, අධ්‍යාපනය හා සංස්කෘතිය (ආගම, කලාව ආදී) භාවිතා කරනු ලැ‍බේ. 
  • මෙම තත්වය භාර නො ගන්නා පිරිස සමාජයෙන් පිටමං කරනු ලැබේ. ඔවුන්ගේ අරගල දේශද්‍රෝහී ලේබලය ගසා කුරිරු අන්දමින් මර්දනය කරනු ලැබේ. 


ලංකාවේ මිනිසුන් සාමයෙන් හා ගරුත්වයෙන් ජීවත් නො වන බව ඕනෑම කෙනෙක් දනිති. 

සාමය ගැන ද කිව හැක්කේ සාමය යනු යුද්ධය නො තිබීම පමණක් නො වන බවයි. 

මේ ලිපිය වෙන අයත් එක්කත් බෙදා ගන්න. උපුටා ගන්නවා නම් ‍මෙතැනින් ගත් බව කියන්න
Read in English blog.parakum.com

Comments

  1. මොනවා කලත් හොඳක් අහන්න බැහැ. හරියට අපේ විපක්ෂය වගේ. හොඳම වැඩේ ignore කරන එකයි.

    ReplyDelete
  2. //සාමය ගැන ද කිව හැක්කේ සාමය යනු යුද්ධය නො තිබීම පමණක් නො වන බවයි.//
    වඩාත් වැදගත් වන්නේ මේ සත්‍ය තේරුම් ගැනීමයි.

    ReplyDelete
    Replies
    1. මචන් උඹල කොහොමද දන්නෙ නෑ, හැබැයි මමනම් මහින්ද ලොක්කගෙන් බලාපොරොත්තුවුනේ මේ සාමෙ තමයි, මොකද අනිත් ඒව මහින්ද තියා සක්කරය ආවත් වෙන්නෙ එකම සන්තෑසිය තමයි.
      ඩී.එස් ගෙ ඉඳන් ඥාති සංග්‍රහය තිබ්බ, දූශණය වංචාව, භීශනය ජේ.ආර් කාලෙ ඉඳන් අද දක්වා තියනවා. ඊලඟට රනිල්, සජිත්, එස්.එෆ්. ආවත් ඔච්චරම තමා. ලාවට බලාපොරොත්තුවක් තිබ්බ ජෙප්පො නිකන් අකාලෙ මැරුනා, උන්ට සීට් 40 ආවාම මොලේ කොලොප්පන් උනා, ඡන්දෙයි මානාපෙයි අතර වෙනස තේරුම් ගන්න බැරිව දිවි නහ ගත්ත. එතකොට තව කවුද ඉන්නෙ.

      මටනම් ඔක්කොම හොරුන් අතරෙ තියන හොඳම චොයිස් එක මහින්ද ලොක්ක (දැනට කඩේ යමි ).

      -ප.ගෝ.

      Delete
  3. Government creates a mindset about right & wrong.When a judgement is not on these lines,judge's image is tarnished, judgement becomes suspect. Democracy is not about how MPs behave,or we'd not be a democracy anymore.Our democracy fails when citizens get brainwashed. Am I correct?

    ReplyDelete
  4. නියම පින්තූරේ.

    ReplyDelete

Post a Comment

මාතෘකාවට අදාළ නැති හා වෛරී අදහස් ඉවත් කිරීමට ඉඩ ඇති බව කරුණාවෙන් සලකන්න.

Popular posts from this blog

තේරවිලි: සුපුන් සඳක් ඇත. මැදින් හිලක් ඇත.

පාසල් අධ්‍යාපනය ගැන කතා තුනක්

හමුදා කුමන්ත්‍රණ ගැන ලෝකෙට දුරකථනයෙන් කිව්වෙ බීලා වෙන්න ඇති -ෆොන්සේකා