ප්‍රජාතන්ත්‍රවාදය යනු හුදෙක් මැතිවරණ පමණක් නො වේ
ශ්‍රී ලංකාවේ ඇමරිකානු තානාපති කාර්යාලය විසින් නිකුත් කර තිබෙන පහත සඳහන් ප්‍රකාශය ආරක්ෂක ලේකම් ගෝඨාභය රාජපක්ෂගේ දරුණු විවේචනයට හේතු වී තිබේ. "A process free of violence and intimidation in the Northern Province is required for greater civilian administration and to help further the reconciliation process four years after the war. These elections provided a starting point for that process. Democracy is not simply about elections, however, and more must be done to ensure that Sri Lankans of all communities can live with peace and dignity that they deserve." එයින් කියවෙන්නේ මෙයයි: "උතුරු පළාතේ වඩා හොඳ පුරවැසි පරිපාලනයක් පිහිටුවීම සඳහාත්, යුද්ධය නිමාවෙන් වසර හතරකට පසුව සංහිඳියා ක්‍රියාවලිය තව දුරටත් ශක්තිමත් කිරීම සඳහාත්, ප්‍රචණ්ඩත්වයෙන් හා බලපෑම්වලින් තොර ක්‍රියාවලියක් අවශ්‍ය ය. මෙම මැතිවරණ එම ක්‍රියාවලිය සඳහා ආරම්භක පියවරකි. ප්‍රජාතන්ත්‍රවාදය යනු හුදෙක් මැතිවරණ පමණක් නො වේ. සියලු ප්‍රජාවන්ට අයත් ශ්‍රී ලාංකිකයන් සාමයෙන් හා ගරුත්වයෙන් ජීවත් වීම තහවුරු කරනු පිණිස තව බොහ...