මරණයේ සීනුව දෙවරක් නාද නොවේ – නිර්මාල් දීප්ති සංවාදය (ප්‍රභා මනුරත්න විසිනි)

(මධ්‍යස්ථානය බ්ලොග් අඩවියේ ද පළ වූ මෙම ලිපිය නැවත අපගේ පාඨකයන් සමග බෙදා ගැනීමට අදහස් කළේ අදහස් දැක්වීම් වාරණය නො කළ අවකාශයක් එම ලිපියට විවර කර දීමට ය. ලිපිය වයිරල් වීම ගැන ප්‍රභා අමනාප නො වනු ඇතැයි සිතමි.)

ආචාර්ය නිර්මාල් රංජිත් දේවසිරි සහ ශ‍්‍රී ලංකා පෙරටුගාමී පක්ෂයේ නායක දීප්ති කුමාර ගුණරත්න අතර පැවැත්වීමට නියමිත විවාදයක් පිළිබඳව අන්තර්ජාලයේ පළවූ විවිධ ප‍්‍රවෘත්ති හරහා මට දැන ගැනීමට ලැබුනි. සාමාන්‍යයෙන් කෙරෙන්නාක් මෙන් මෙහිදී ද පෙරටුගාමී පක්ෂයේ 3මාන වෙබ් අඩවිය තුළ දිගින් දිගටම මා පිළිබඳව අසත්‍ය වැල්වටාරම් සහ අපහාස සහිත කියමන් පළවී තිබීම මට පුදුමයක් නොවුනත් දැන් මෙය කිසියම් හෝ ශාස්ත‍්‍රීය හෝ දේශපාලනික විවාදයක ස්වරූපයක් ගැනීමේ උත්සහයක් අඩුම තරමින් ආචාර්ය නිර්මාල් රංජිත් දේවසිරි මහතාගේ පාර්ශ්වයෙන් පෙන්වා තිබේ. එවැනි සංවාදයකදී මා පිළිබඳව දශකයකට ආසන්න කාලයක් ශ‍්‍රී ලංකා පෙරටුගාමී පක්ෂය, රයිට්ස් නව් සංවිධානය, එම් ඞී ඞී ආර් ආයතනය ආදී දීප්ති කුමාර ගුණරත්න මහතාගේ දේශපාලනික අනුග‍්‍රාහකයන්ගේ සහයෝගය ඇතිව ඒ මහතා විසින් කරගෙන ගිය මඩ ප‍්‍රචාරවලට කිසියම් ආකාරයක දේශපාලනික සුජාතභාවයක් ලැබීමේ ඉඩකඩක් ඇත.

x කන්ඩායම හෝ එහි හිටපු නායකයන් අතර විවාදයකට ඓතිහාසික වැදගත්කමක් දැරිය හැකි වන්නේ x කන්ඩායම විසින් නියෝජනය කළ සැබෑ දේශපාලන ගැටළුවලට පිලිතුරක් සොයන විවාදයක් බවට මෙය පත්කරගත හැකිනම් පමණකි. දීප්ති කුමාර ගුණරත්නට විවාදයකදී කීමට දෙයක් ඉතිරි වී ඇතැයි මා විශ්වාස කරන්නේ නැත. එහෙත් එසේ විශ්වාස කිරීමට නිර්මාල්ට ඇති අයිතියට මම ගරු කරමි. එදාත් අප අතරින් සංවාදයේ වටිනාකම වඩාත්ම විශ්වාස කලේ නිර්මාල් ය. ප‍්‍රජාතන්ත‍්‍රවාදී සංවාදය පිළිබඳව ඔහුගේ වෙනස් නොවුනු ආස්ථානයට මම අද ද ගරු කරමි. අප සියලූ දෙනාම දීප්තිව අත් හැරිය පසුත් නිර්මාල් තවමත් ඔහුට ප‍්‍රසිද්ධියේ කරුණු පැහැදිලි කිරීමට හා විවාද කිරීමට අවස්ථාවක් ලබා දී ඇත. ඒ නිර්මාල්ගේ හැටි ය. අප කළ දේශපාලනයට නිර්මාල් රැගෙන ආ ශක්‍යතාවය එයයි. ඔහුගේ මෙම ගුණය නිසා අප සියලූ දෙනාටම වඩා නිවැරදි සහ සාධාරණ තීරණ ගැනීමට අතීතයේදී බල කෙරුනි. වසර අටක නිහැඩියාව බිඳිමින් x කන්ඩායම තුළ මාගේ ජීවිතය ගැන මේ ලිපිය ලියන්නේ ඔහුගේ ඒ වඩා සාධාරණවාදී දේශපාලනයට ගරු කිරීමක් වශයෙනි. ඊට අමතරව මීට වසර අටකට පෙර x කන්ඩායමට එරෙහි අපගේ න්‍යායික සහ දේශපාලනික ප‍්‍රහාරය ගැන දීප්තිගේ තවමත් කෙරෙන නොනවතින කංකෙඳිරිය මෙයින් නවතීවිය යන බලාපොරොත්තුව නිසා ය. අපගේ පුද්ගලික ජීවිත ද අපගේ දේශපාලනික ක‍්‍රියාකාරකම් ද ඔහුගේ කුඩා විශ්වයෙන් ඔබ්බට ගමන් කර දැන් වසර ගණනාවකි. අපට වඩාත් වැදගත් වන්නේ ඔහු විසින් නියෝජනය කරන විනාශකාරී දේශපාලනික ප‍්‍රවණතාවයන් වෙත මෙම විවාදයේදී අවධානය යොමු වේද යන්න යි. එදා මෙන්ම අදත් අපගේ විවේචනය එල්ල වන්නේ හුදෙක් දීප්ති කුමාර ගුණරත්නට නොවේ. අපගේ අවධානය යොමුවන්නේත්, පහත කරුණු දැක්වීම කරන්නේත් වමාංශික දේශපාලනය සහ මෙවැනි නායකයන් අතර සම්බන්ධය කෙරෙහි මේ විවාදය යොමු කිරීමේ ආධ්‍යාශයෙනි.

2004 දෙසැම්බර් 26 දින පුපුරා ගිය x කණ්ඩායම තුළ කාලයක් පුරා නිර්මාණය වී පැවති අභ්‍යන්තර අර්බුදයෙහි ප‍්‍රධාන භූමිකාවක් මා විසින් රඟපාන ලද අතර එහිදී මාගේ දේශපාලනික අභිප‍්‍රාය වූයේ ඒ වන විට අපගේ ද සහභාගීත්වයෙන් නිර්මාණය වී තිබුණු අතිශයින් විනාශකාරී සහ සමාජයට අහිතකර දේශපාලනික ප‍්‍රවණතාවය සම්පූර්ණයෙන්ම නතර කර දැමීමයි. (මෙම අරගලයට සහභාගී වූ සියළු දෙනා මෙම මතය දැරුවේ නැති බවද මෙහිදී පැවසිය යුතුය) අතරමැදි සම්මුතීන්ගෙන් එම අභිප‍්‍රාය සාර්ථක කර ගැනීමට නොහැකි බව මාගේ දේශපාලනික නිගමනය වූ අතර ඒ මත පිහිටා ඒ මොහොතේදී කිරීමට අවශ්‍යව තිබූ දෙය මා විසින් කරන ලදි. x කණ්ඩායමේ අභ්‍යන්තර අරගලයට දායක වූ සියලූ පාර්ශවයන් විසින් ඒ කෙරෙහි තමාගේ දායකත්වය හා එහි දේශපාලනය x කණ්ඩායමේ අර්බුදයට පසු පළවූ ලන්ඩන් සගරාවේත් ඉන් පසුව පළවූ විවිධ ලිපි ලේඛණ හරහාත් පැහැදිලි කර ඇත. එම ක‍්‍රියාව ඕනෑම කෙනෙකුට පසු ආවර්තීව තමන් කැමති ආකාරයට විග‍්‍රහ කිරීමට හැකි අතර මාවිසින් කරන ලද ක‍්‍රියාවෙහි සම්පූර්ණ වගකීම ද එයින් මා වෙත එල්ල වූ පුද්ගලික බලපෑම් ද මා විසින් පිළිගන්නා ලදි. එම නිසා මා විසින් කරන ලද ක‍්‍රියාව පිළිබඳව නිදහසට කාරණා ඉදිරිපත් කිරීම් අවශ්‍ය යයි එදාත් මා විශ්වාස නොකළ අතර වර්තමානයේ ද එය අවශ්‍ය වේ යයි මම නොසිතමි. x කණ්ඩායමේ දේශපාලනයට හා එහි ව්‍යුහයට අප විරුද්ධවූයේ ඇයි යන්න පමණක් නොව එම දේශපාලනය හා එහි ව්‍යුහය නිර්මාණය කිරීමට අපගේ තිබූ දායකත්වයද අප මේවන විට විවිධ ලේඛණ හරහා ප‍්‍රකාශයට පත්කර ඇත.

දැන් වසර අටකට පසුව නිර්මාල් ප‍්‍රසිද්ධ විවාදයකදී දීප්ති වෙත අභිමුඛ වීමට යයි. විවාදයෙහි මාතෘකාව මඩ ගැසීම දේශපාලනික ද නැද්ද යන්නයි. දීප්තිගේ 3මාන වෙබ් අඩවියෙන් දක්වා ඇති පරිදි මීට අදාළ සුමිත් චාමින්දගේ හඬපටයක් ඉදිරියේදී නිකුත් කිරීමට නියමිත ය. සයිබර් මැරකම් පිළිබඳව ආචාර්ය කුමුදු කුසුම් කුමාර මහතා වෙත මා ලියූ ඊ මේල් පනිවිඩයක මා විසින් සුමිත් චාමින්ද මහතාව විවේචනය කිරීම කුකුල්ලූ කෙටවීමක පෙරලා ගැනීමට දීප්ති කුමාර ගුණරත්න මහතා උත්සහ දරන්නේ ය යන්න මගේ නිගමනයයි. ඇත්ත වශයෙන්ම නම් දැවැන්ත මූලධර්මවාදී ප‍්‍රවාහයක් තුළ කෙමෙන් ගිලී යමින්, ධනවාදයේ කෲරත්වයට ද, වර්ගවාදයේ සහ පීතෲමූලිකත්වයේ පීඩනයට ද යටත්ව සිටින ජනතාවක් සිටින රටක මේ කුකුළු කෙටවීම් වලට දේශපාලනික අදාළත්වයක් නැත. එසේ වුව ද දීප්ති විසින් නියෝජනය කරන දේශපාලනික ප‍්‍රවණතාවය මම එදා ද බරපතල ගැටළුවක් ලෙස භාරගත් අතර අද ද ඔහු සහ ඔහුගේ අනුගාමිකයන් ශ‍්‍රී ලාංකීය වාම දේපාලනය තුළ වාමාංශික වාග් අලංකාරිකයන්ගෙන් යුක්තව සැබැවින්ම කරගෙන යන දක්ෂිණාංෂික දේශපාලනය යනු වමට සැබෑ දේශපාලන අභියෝගයක් යැයි තදින් විශ්වාස කරමි. කල්‍යානන්ද පෙරේරා විසින් නොකෙරෙන සංවාදයක් යයි නාමකරණය කරන ලද උක්ත විවාදය කුමක් හෝ හේතුවක් නිසා සැබැවින්ම පැවැත්වුන හොත් මෙම අදහස් දැක්වීම විවාදයට අදාළ සියලූ පාර්ශ්වයන්ට වැදගත් වනු ඇතැයි සිතමි.

මැද පෙරදිග ද යුරෝපයේ ද ඇතුළු තවත් බොහෝ රටවල ඇති වූ මහජන නැගිටීම් සංවිධානය කිරීමේ ප‍්‍රධාන වේදිකාවක් වූයේ සයිබර් අවකාශයයි. ශ‍්‍රී ලංකාව තුළ නම් මෙම අවකාශය මුල පටන් ම දේශපාලනික කණ්ඩායම් සහ පුද්ගලයන් විසින් එකිනෙකාට මඩ ගසා ගැනීමටත් සයිබර් මැර තර්ජන එල්ල කිරීමට යොදා ගන්නා ලදි. මා දකින ආකාරයට මෙම ක‍්‍රියාවළියේ ඛේදජනක ම මොහොත වූයේ පොලීසිය විසින් අත් අඩංගුවට ගනු ලැබූ පෙරටුගාමී සමාජවාදී පක්ෂයේ ප‍්‍රධාන ක‍්‍රියාකාරිනියක වූ දිමුතු ආටිගල අලලා අශ්ශීල ලිංගික ප‍්‍රචාර රැගෙන යාමට තරම් වාමාංශික යයි සිතිය හැකි පුද්ගලයන් පවා පහත් මට්ටමකට ඇද වැටුනු මොහොතයි. මා දන්නා තරමට ඇය පසුගිය දශක තුනක කාලයක් තුළ ජනතා විමුක්ති පෙරමුණු දේශපාලනයෙන් මතුවූ ප‍්‍රසිද්ධ ස්ත‍්‍රී නායිකාවන් කිහිපදෙනාගෙන් එක් අයෙකි. පුරුෂෝත්තමවාදී දේශපාලන ව්‍යුහයක් තුළ ස්ත‍්‍රියක එසේ ඉස්මතු වීම දුර්ලභ දේශපාලනික මොහොතකි. පොලිස් අත්අඩංගුවට පත් වී යන්තමින් ජීවිතය ගලවා ගත් තමන්ගේම අතීත දේශපාලන සගයෙකුට දක්වන ප‍්‍රතිචාරය මෙය නම් අපි ගැන මොන කතාදැයි විටෙක සිතෙයි. මා දන්නා තරමින් දිමුතු ආටිගල මහත්මියට එල්ල වූ මේ සයිබර් මඩ ප‍්‍රහාර සමාජ දේශපාලනික ගැටළුවක් ලෙස සමාජය තුළ සංවාදයට ලක්වූයේ නැත. ගොසිප්කරණය වූ වාම දේශපාලනයට එබඳු ප‍්‍රහාරයක් දේශපාලනික ගැටළුවක් නොවී ය. දීප්තිගේ ස්වරූපයෙන් නිර්මාල්ට ඉදිරියේදී සැබවින්ම අභිමුඛ වන්නේ මේ අශ්ශීල ගොසිප් දේශපාලනයයි.

මෙම ගොසිප් දේශපාලනයෙහි ප‍්‍රධාන ලක්ෂණය නම් ඕනෑම සමාජයක පවතින යටපත් කරන ලද ලිංගික කරුණු සහ අත්දැකීම් කෙරෙහි වන ආශාව සිය පාඨකයන් තුළ පුබුදුවාලීමෙන් ඒ හරහා ගොඩ නැගෙන සාමූහික සම්මුතිය දේශපාලනිකකරණය කිරීමයි. මෙම උපායමාර්ගයෙහි අති නිපුණයෝ ප‍්‍රධාන ධාරාවේ දක්ෂිණාංෂික මාධ්‍යකරුවන් ය. තම දේශපාලනික සතුරෙකු, පාවාදෙන්නෙකු හෝ ජාතිද්‍රෝහියෙකු වශයෙන් හංවඩුගැසීමට අවශ්‍ය වූ විට ඒ සඳහා භාවිතා කළ හැකි එක් මෙවලමක් ලෙස මොවුහු ගොසිප් භාවිතා කරති. මෙම ගොසිප්කරණය දිමුතු ආටිගලට ද උපේක්ෂා ස්වර්ණමාලිට ද බලපාන්නේ එකම ආකාරයට ය. එය මෙම යුගයේ බොහෝ විට මතුවන්නේ ස්ත‍්‍රී විරෝධී ස්වරූපයෙනි. පුරුෂෝත්තමවාදී සමාජයන් අර්බුදයට යන විට එම අර්බුදයේ එක් හේතුවක් ලෙස ස්ත‍්‍රිය හඳුනාගන්නා බවත්, එහි ප‍්‍රතිඵලයක් ලෙස සමස්ත සමාජය පුරා පැතිරුණු ස්ත‍්‍රී විරෝධයක් මතුවන බවත් අප 2004දී ලියා තැබුවෙමු. දැන් වසර නවයකට පසුව ධනංජය කරුණාරත්න වැනි ස්ත‍්‍රීවාදී නාට්‍ය නිර්මාණය කළ කලාකරුවෙකු පවා නාට්‍ය ක්ෂේත‍්‍රයේ ඇතැම් ගැටළුවලට හේතුව මධ්‍යම පාංතික ස්ත‍්‍රීන්ගේ ලිංගික ඉල්ලීම් යයි සිතන තරමට එය ඉදිරියට ගොස් ඇත.

සමස්ත සමාජය පුරා මූලධර්මවාදී ආකාරයෙන් මතුවන ස්ත‍්‍රී විරෝධය අප මුලින්ම හදුනාගත්තේ x කණ්ඩායමේ දේශපාලන වාගාලංකාරය තුළය. මනෝවිශ්ලේෂණයෙහි එන සංකේතිය පියා යන සංකල්පය වැරදි ලෙස වර නගමින් x කණ්ඩායම තුළ (අපත් ඇතුළුව) ගොඩ නැගුනු මෙම සංවාදය අප විසින්ම පසුව විවේචනයට ලක් කරන ලදි. දැඩි ලෙස ලිංගිකකරණය කරන ලද මාධ්‍ය සංදර්ශනවල හමුවන ස්ත‍්‍රිය යනු තමාට දේශපාලන සංවිධානය තුළ හමුවන ස්ත‍්‍රියම යයි දීප්ති විශ්වාස කරයි. ඔහුට අනුව සියලූ පිරිමින් හම සුදු ගැහැණුන්ට ආශා කරයි. ඔහු විසින් පසුගිය කාලය පුරා කරන ලද විවිධ රචනා ප‍්‍රවේශමෙන් කියවන්නෙකුට පෙනී යන්නේ ඔහු කරන්නේ සංකේතීය ලෝකය විසින් ගොඩනගන ලද ලිංගික රූප අනුකරණය කිරීමක් පමණක් බව ය. හම කළු ස්ත‍්‍රීන්ට ආදරය කරන පිරිමින් තේරුම් ගැනීමට ඔහුට නොහැකිය. මූණ කැත පිරිමින්ට ආදරය කරන ස්ත‍්‍රීන් හෝ තම සමාජ පංතියට පහළ සමාජවල පිරිමින්ට ආදරය කරන ස්ත‍්‍රීන් රෝගීන් යයි ඔහු සිතයි. ඔවුන්ට නින්දා අපහාස කිරීමට ඔහු දන්නේ එකම භාෂාවකි: එනම් ඔහුගේ ඊනියා මනෝවිශ්ලේෂණයයි. මනෝවිශ්ලේෂණ විෂය පිළිබඳව කෙටි හැඳින්වීමක් පවා කියවූ කෙනෙකුට දීප්ති කුමාර ගුණරත්න එම විෂය නොදන්නා බව පමණක් නොව එය මනෝවිශ්ලේෂණ විරෝධී භාවිතාවක් බව ද පෙනී යයි.

එහෙත් ඔහු ලැකාන් හෝ ජිජැක් කිව්වා යයි කියමින් තළු මරමින් අනුන් ගැන ද තමන් ගැන ද පවසන කතා අසන, ගොසිප් වෙත ඇති ආශාව නිසා ඒ වෙත ආශක්ත වන අයෙකුට “ඔය කිව්වට දීප්ති දර්ශනය ගැන මොනවම හරි දන්නවා” ඇතැයි සිතෙයි. ඇත්ත වශයෙන්ම නම් මෙහිදී ආමන්ත‍්‍රණය කරන්නේ පුරුෂ සහ පංතිවාදී ෆැන්ටසියකටයි. මොහුගේ දාර්ශනික සංවාදයේ වැඩිපුර තිබෙන්නේ ගනිකාවන්, පරපීඩක පිරිමින්, විපරීත ලිංගික හැසිරීම් වැනි මාධ්‍ය විසින් (විශේෂයෙන් නිල් සිනමාව විසින්) විධාරණය කරන ෆැන්ටසිමය ජවනිකා කිහිපයකි. මොහු මේවා කලින් කලට හමුවන සිය පුද්ගලික සතුරන්ට දමා ගැසීමට යොදා ගන්නා අතර මෙම පුරුෂ සහ පංතිවාදී ෆැන්ටසි හරහා ඔහු ගොඩනගන මෙම කතන්දරවල අවාසනාවන්ත දෛව ස්ත‍්‍රියගේ රූපය සමඟ මගේ දේශපාලන ජීවිතය සමපාත වී ඇත. එම නිසා මහුගේ කතන්දරයේ ඇතැම් මිත්‍යාවන් කිහිපයක් නිවැරදි කිරීමට මෙය අවස්ථාව කර ගනිමි.

මා ඉදිරිපත් කළ කිසිදු න්‍යායික හෝ දේශපාලනික ප‍්‍රශ්නයකට දීප්ති කුමාර ගුණරත්න හෝ ඔහුගේ ශ‍්‍රී ලංකා පෙරටුගාමී පක්ෂයේ වෙනත් අයෙකු හෝ පිළිතුරු දී නැත. ඒ වෙනුවට ඔවුන් දිගටම මට පෙම්වතුන් දෙදෙනෙකු සිටි බව කියයි. විවාහක (ඒ වනවිටත් වයස අවුරුදු පහක පමණ දියනියක ද සිටි) දීප්ති කුමාර ගුණරත්න මහතා මා සංවිධානයට පැමිනි මුල් කාලයේ මට ලිංගිකව ආශක්ත වූ වත්, ඔහුගේ එම ලිංගික සහජාසයන් පාලනය කර ගැනීමට සිදු වූයේ සංවිධානයේ බල කිරීම මත බවත් ඔහුම ප‍්‍රසිද්ධියේ පවසයි. මට කිසිදු දිනෙක මට වඩා වසර ගනනාවක් වැඩිමහළු මෙම පිරිමියා කෙරෙහි ලිංගික ආකර්ශනයක් ඇති නොවූ අතර ඔහු ඇත්තෙන්ම වඩා සමීප වූයේ මගේ මවගේ වයසට ය. එපමණක් නොව මේ කියන කාලයේදී ඔහු මගේ මවගේ කුළුපග මිතුරෙකි. ඔහුගේ බිරිඳ අනූෂා මා දැන හැඳින සිටි අතර ඔහුගේ කුඩා දියනිය කෙරෙහි සංවිධානයේ අනෙක් සාමාජිකයන්ගේ දරුවන් කෙරෙහි මෙන්ම කුළුපග වීමි. නිර්මාල්ගේ දියනිය ද කල්යාගේ දියනිය ද අහිංසකගේ දියනිය ද මේ අතර ප‍්‍රමුඛ විය. එහෙත් සිය දියනිය වඩා ගන්නා නිසා මා උත්සාහ කරන්නේ තමාට ලිංගිකව සමීප වීමට යයි සිතාගත් දීප්ති කුමාර ගුණරත්න ඇත්තෙන්ම නම් දිගින් දිගටම සිය අනුගාමිකයන්ව මා කෙරෙහි කුළුප්පාලන ප‍්‍රකාශයන් කළේ ය. අහවලා ඔයාට ආදරය කරනවා එයා ඔයාගේ පන්තියට ගැලපෙන්නේ නෑ කියන්න, අහවලා ඔයාට ආදරය කරලා ඇඳක් බදාගෙන ඉන්නවා එයාව විශ්ව විද්‍යාලයේදී දැක්කොත් මග අරින්න යනාදී වශයෙන් ඔහු මට නිතර අණ කිරීම් කලේ ය. ඔයා සංවිධානයට එන්නේ පිරිමි වසඟ කර ගන්න යයි ඔහු වරක් කීවේ ය.

මෙවැනි අවස්ථා ගණනාවකදී මා සංවිධානයෙන් ඉවත් වීමට උත්සහ කළ ද එය වැලකුනේ බුද්ධික සහ රුවන් බස්නායකගේ මැදිහත් වීම නිසා ය. අප විසින් ඒ වන විටත් නිශ්චිත සැලසුමකට අනුව සංස්කෘතික කමිටුව සහ එහි ක‍්‍රියාකාරකම් වර්ධනය කරමින් සිටි අතර, 2004 වසර පුරා සංස්කෘතික වැඩසටහන් ගණනාවක් පවත්වමින් කලාව සහ දේශපාලනය පිළිබඳව අධ්‍යයනයන් ගණනාවක් සාමාජිකයන්ට ඉදිරිපත් කළෙමු. මා රුවන් බස්නායක සමඟ පේ‍්‍රම සබඳතාවයක් ආරම්භ කළ විට, දීප්ති සිතාගෙන තිබෙන්නේ එය තමාට ලංවීමට නොහැකි නිසා මා යෙදූ අවිඥනික උපක‍්‍රමයක් බවයි. එසේ නම් ඒ බව දැන දැනම ඔහු සංවිධානයේ මධ්‍යම කමිටුවේ බලය යොදා මාස තුනක් ඇතුළත විවාහ විය යුතු යයි මට බල කළේ ඔහුගේ කුමන ආධ්‍යාශයක් සපුරා ගැනීමට ද යන්න තීරණය කිරීමට මම පාඨකයාට භාර කරමි.
ඒ වන විට පශ්චාත් උපාධි අධ්‍යයන කටයුතු සඳහා විදේශගත වීමට නියමිතව සිටි මට මාගේ අධ්‍යාපනය අත්හැර දමා විවාහ වන ලෙස කරන ලද බලපෑම මහත් හිරිහැරයක් වූ අතර ඒ අතරම දීප්ති දිගින් දිගටම මම සංවිධානයේ වෙනත් කාන්තාවක් ඒ වන විට ආදරය කරමින් සිටි පිරිමියෙකු ඩැහැගත්තා යයි කියමින් එකිනෙකට විසම්බන්ධිත දේ ප‍්‍රකාශ කළේ ය. මෙලෙස සාමාජිකයන්ගේ ලිංගිකජීවිත පාලනය කරන්නේ ද සාමාජිකයන් අතර විවාහයන් බ්‍රෝකර්කරණය කරන්නේ ද ඇදහිලි කල්ලි තුළ මිස විප්ලවවාදී සංවිධාන තුළ නොවේ. එපමණක් නොව, ඒ වන විට ඔහු විසින් කියවමින් සිටි මනෝවිශ්ලේෂණ න්‍යාය පරීක්ෂණයට ලක් කිරීමට යයි කියමින් ඔහු මහින්ද ප‍්‍රියදර්ශන ලවා මාව සායනික විශ්ලේෂණයකට ලක් කරන මුවාවෙන් මට මානසික බලපෑම් එල්ල කලේ ය. (මෙම ඊනියා සායනික මනෝවිශ්ලේෂණ මුවාවෙන් කෙරුනු මානසික බලහත්කාරයන් හට මා පමණක් නොව x කණ්ඩායමෙ බොහොමයක් සාමාජිකයන් භාජනය විය) එහෙත් මාගේ කිසිදු ලියවිල්ලක අද වන තුරුත් මෙය මා ගොදුරු කරණයක් ලෙස හඳුන්වා දී නැත. ඒ සියලූ බලපෑම් මධ්‍යයේ වුව ද මා අදත් ප‍්‍රකාශ කරන්නේ x කන්ඩායමට සම්බන්ධ වීමේන් මා ලැබූ සියලූ හොඳ සහ නරක අත්දැකීම්වලට වගකිවයුත්තේ මා පමණක් බවයි.

බුද්ධික සහ මා අතර, සංවිධානයේ ඒ වනවිට පැවති ගමන්මග විශ්ලේෂණය කිරීමටත්, මනෝවිශ්ලේෂණ අධ්‍යයන පදනම ආරම්භ කිරීමට අවශ්‍ය මූලික කරුණු සම්පාදනය කිරීමටත් අවශ්‍ය සාකාච්ඡා වට ගණනාවක් ආරම්භ කෙරෙන්නේ ද මේ කාලයේ ය. 2004 ජනවාරි 5 වන දින සිට එම වසර පුරා අප අපගේම ලියවීම් හරහා අප x කන්ඩායමේ දේශපාලනික ප‍්‍රවණතාවයේ ගැටළු සාකච්ඡා කළෙමු. දීප්ති කුමාර ගුණරත්න මහතා “මඩ ලිපි” යනුවෙන් හඳුන්වන මෙම ලිපි ඉදිරියේදී අප මෙම බ්ලොග් අඩවිය හරහා යළි පළකිරීමට අදහස් කරන්නේ අප විසින් මේ ලිපි හරහා කිසි විටෙක කිසිවෙකුටත් මඩ ගසා නැති බව පාඨකයාට දැන ගැනීමට ය. අප එදා විරුද්ධ වූයේ මේ මඩ ගැසීමේ දේශපාලනයටයි. අපට අපගේ අතීත ජීවිතය පිළිබදව නිදහසට කරුණු හෝ පැහැදිලි කිරීම් කරමින් දීප්ති කුමාර ගුණරත්නගේ හෝ අන් අයෙකුගේ සදාචාර අත්සන ගැනීමට අවශ්‍ය නැත. නුමුත් යහපත් සමාජ වෙනසක් බලාපොරොත්තුවෙන් නොදැන මෙවැනි ආකාරයේ කණ්ඩායම් වෙත ඇදී යන තරුණ තරුණියන් හට අපගේ අතීත අත්දැකීම් හරහා යමක් ඉගෙන ගැනීමට හැකිවේයැයි අපි සිතමු.

2004 දෙසැම්බර් 26 දින මාත්, බසීත් බුද්ධිකත් ඇඳුම් බෑග් තුනක් පමණක් රැගෙන x නිවසන් පිටව අවෙමු. ඒ ගමනේ එළඹිය යුතු අවසානයන් වෙත අපි ගමන් කෙරුවෙමු. අප තිදෙනා අදත් දේශපාලනය තුළ වෙන් නොවුනු සගයන් ය. x කන්ඩායමින් ඉවත් වූ පසුව අප කළ සියලූ දේශපාලනික අටයුතුවලදී බසී අපගේ වෙනස් නොවුනු ගමන් සගයකු වූ අතර ඔහුගේ ජීවිතය සංවිධාන නායකයයෙකුගේ කැමැත්තට කොටු කර දීප්ති කුමාර ගුණරත්නට වීඩියෝ ගැනීමට අවශ්‍ය මුදල් සම්පාදනය කරන්නෙකුගේ භූමිකාවෙන් ඔබ්බට ගොස් ඇත. එමෙන්ම ඔහු තමා ආදරය කරන ස්ත‍්‍රියක සමග විවාහ වී සිටියි. අප තිදෙනාගේ මේ අතීත සහ වර්තමාන සම්බන්ධය අපගේම ආචාර ධාර්මීය මිනුම් දණ්ඩට මිස අන් අයගේ සදාචාරවාදී මිනුම් දඬුවලට යටත් කිරීමට අවශ්‍ය යයි මම නොසිතමි. දීප්ති කුමාර ගුණරත්න නිතර වැනූ ශිෂ්ඨත්වයේ සිහිනය අපට යථාර්තයක් කළ අයෙකු වේ නම් ඒ බසී ය. දීප්තිට දුර්වලකමක් ලෙස පෙනෙන්නේ බසී මෙහිදී ඔහු බලාපොරොත්තු වූ ආකාරයෙන් ක්‍රෝධයෙන් සිහි විකල් නොවීමයි. තමාව ප‍්‍රතික්ෂේප කළ ස්ත‍්‍රියකට මඩ ගැසීමට තම දේශපාලන පක්ෂය සහ එහි සම්පත් අවිනීත ලෙස යොදා ගන්නා අයෙකුට බසී දුර්වලයෙකු ලෙස පෙනී යා හැකි ය. එය දීප්තිගේ ගැටළුවක් මිස අප කාගේ වත් ගැටළුවක් නොවේ.

x කන්ඩායමේ අර්බුදයට අප ද මැදිහත් වීමක් කළා වුව ද එයට සම්බන්ධ වූ ප‍්‍රධාන නායකයන් සියලූ දෙනාම පාහේ නිදහස් පුද්ගලයන් ලෙස සිය කැමැත්තට අනුව කි‍්‍රයා කලා මිස අප දෙදෙනාගේ සැළසුමට අනුව ක‍්‍රියා කළේ නැත. ඒ සෑම අයෙකුටම x කන්ඩායම පිළිබඳව ඔවුන්ගේම වූ විවෙචන තිබූ අතර, x කන්ඩායමේ දෙකඩ වීමෙන් අනතුරුව අප කිසිවිටෙකත් අපට අවශ්‍ය ආකාරයට සංවිධානය මෙයෙවීමට උත්සාහ කලේ නැත. නිර්මාල්, කල්‍යා, සුමිත්, අහිංසක, ප‍්‍රදීප්, බසී, මධුවන්ත, දර්ශන, කසුන්, නිශාන්ත, ප‍්‍රියන්ත, ශානිකා, මනෝජා, නීලිකා ආදී කොළඹ සාමාජිකයන් ද, ප‍්‍රාදේශීය සංවිධානවල නායකයන් සහ සාමාජිකයන් ද ඒ මොහොතේ දී තමාගේම වූ දේශපාලන තීරණ ගත්තා මිස අපගේ කීමට කිසිවක් කලේ නැත. එම නිසා x කන්ඩායම දෙකඩ වූයේ මට විවාහ වීමට අවශ්‍ය වූ නිසා යයි කෙරෙන චෝදනාව මෙතැනින් අවසන් වනු ඇතැයි බලාපොරොත්තු වෙමි.

ඒ මොහොතේ දී අන් අයට කළ නොහැකිව තිබූ හෝ කිරීමට තෝරා නොගත් භූමිකාවක් බුද්ධික සහ මා විසින් තෝරා ගන්නා ලදි. එහි සියලූ වගකීම සහ ප‍්‍රතිඵල අප විසින් දරන ලදි. එමනිසා මෙම විවාදයේදී යලි යලිත් අප පිළිබඳව බොරු ගොතමින් නිර්මාල් විසින් ඇසීමට නියමිත දේශපාලන ප‍්‍රශ්න දීප්ති විසින් මගහැර නොයනු ඇතැයි සිතමි. මම ඬේවිඞ් ලින්ච්ගේ හෝ ටැරන්ටීනෝගේ චිත‍්‍රපටයක දීප්ති දුටු චරිතයක් නොවේ. මාගේ ලිංගිකත්වය පිලිබඳව ෆැන්ටසිකරණය කිරීම නැවැත්වීම දීප්ති කුමාර ගුණරත්න විසින් දැනට කරගෙන යන එන් ජී ඕ කටයුතුවලට (විශේෂයෙන් ඇන්ටිගනී අතිරේකයේ සුජාතභාවයට) ඉවහල් වනු ඇති බව මගේ විශ්වාසයයි. ඇරත් දැන් දීප්ති තමන්ම අටවා ගත් දේශපාලන පක්ෂයක නායකයෙකි. එම සංකේතීය තනතුරට ගැලපෙන ආකාරයෙන් ද තම තලතුනා වයසට ගැලපෙන ආකාරයෙන් ද හැසිරෙන්නේ නම් වඩාත් හොඳ යයි මගේ යෝජනාවයි. වසරදහයකට පෙර තමාව ප‍්‍රතික්ෂේප කළ ස්ත‍්‍රියකට තව දුරටත් මඩ ගැසීම අර්ථ රහිත බව දැන්වත් එතුමා තේරුම් ගත යුතු ය.

අප අද දින සිට මේ කියන විවාදය දක්වා කාලය තුළ අප විසින් ලියන ලදුව x කන්ඩායමට නිර්ණාමිකව එවන ලද ලිපි මෙහිදී පළ කරමු. අප කන්ඩායම විසිරවීමේ සැළසුම ආරම්භ කලේත්, ඊට අවශ්‍ය න්‍යායික පදනම සකස් කලේත් ශ‍්‍රී ලංකාව තුළ ඇති බොහෝ දේශපාලන ධාරාවන්ගේ ඇති වීමට නියමිතව තිබූ ගැටළු කිහිපයක් පිළිබඳව සාකච්ඡා කිරීමෙනි. ධනවාදය විසින් බිහි කරන අර්බුදයේ වගඋත්තරකරුවන් ලෙස මූලධර්මවාදීන් විසින් ස්ත‍්‍රීන්, සුළු ජාතිකයන්, සහ ආන්තික ආගමික සහ ලිංගික අනන්‍යතා ඇති පුද්ගලයන් ව නම් කරනු ලබන අනාගතයක් ශ‍්‍රී ලංකාව තුළ එළඹෙනු ඇතැයි ද, මධ්‍යගත නායකයෙකු හෝ පාලනයක් සහිත වාමාංශික පක්ෂවල සංවිධාන ආකෘතිවල අර්බුදයන් හටගනු ඇතැයි ද අප 2004 ලියුවෙමු. එමෙන්ම, ධනවාදයේ මෙම යුගය තුළ නායකයන්ගේ හිස හමුවන තැන ද පක්ෂවල බිඳී විසිරී යාම අනිවාර්යයක් වන හේතු ද අපට එදා තේරුණු මට්ටමින් අපි ලියා තැබුවෙමු. දීප්ති කුමාර ගුණරත්න යනු මෙම සැබෑ දේශපාලනික ගැටළුවල සංකේතාත්මක ප‍්‍රතිමූර්තියකි. එදා අප x කන්ඩායම යනු ෆැසිස්ට්වාදී ආකෘතියේ සංවිධානයක් ලෙස නම් කලේ එම පදනමෙනි.

ඉන් අනතුරුව මා පශ්චාත් උපාධි අධ්‍යයන කටයුතුවල නිරත වූ කාලයේ දී ඇදහිලි කල්ලි පිළිබඳව කියවූ අතර x කන්ඩායමේ සංවිධාන ව්‍යුහය ඇදහිලි කල්ලිවලට සමාන ලක්ෂණ දරන්නේ යයි ලියූ විට අපගේ දේශපාලනික සගයන් පවා ඊට විරුද්ධ වූහ. ලංකාවේ දේශපාලන ඉතිහාසය තුළ කවදාවත් මූලධර්මවාදීන් බිහිවී නැතැයි ඔවුහු පැවසූහ. දැන් ඉතිහාසය අනික් පැත්තට කැරකෙන කාලයයි. යහපත් සමාජ ප‍්‍රාර්ථනා ඇතුව අප සැවොම එක්ව ගොඩනගාගත් දේශපාලන සංවිධානයක් අප සියල්ලන් නොසිතූ අන්තයකට අපගේත් සහභාගීත්වය ඇතිව ගමන්කර ඇතැයි පිළිගැනීම එතරම් පහසු කටයුත්තක් නොවන බව අපි දනිමු. නමුත් අප කිසියම් මොහොතක එම යථාර්තයට මුහුණ දිය යුතු ය. අප විසින් කරන ලද දේශපාලනය පිළිබඳව අප විසින්ම විවේචනාත්මක වීම දේශපාලනික ඉදිරිගාමීත්වයකි.

අවසාන වශයෙන් මට තවත් දෙයක් පැවසීමට තිබේ. මම 2004 දී සංවිධානය තුළ ඒ වන විටත් දුර්වලව තිබූ පුරුෂවාදී සංගතිය පාවා දුන්නේ මා විශ්වාස කළ නිදහස් හා සමාජ විපර්යාසකාරී දේශපාලනය වෙනුවෙනි. මා විසින් එහිදී ස්ලාවොයි ජිජැක් උපුටා දක්වමින් “ආදරය යනු පාවා දිය හැකි දෙයයි” යනුවෙන් ලියුවෙමි. එය මේ රැඩිකල් මහත්වරුන් කියවා ඇත්තේ මගේ පෙම්වතාට ලියූ ගුප්ත පනිවුඩයක් ලෙසිනි. මා එය ලියුවේ මා ආදරය කළ, කලක් නිදහස්කාමී, විප්ලවවාදී, කවියන්ගේ, සමාජ ක‍්‍රියාකාරිකයන්ගේ, දාර්ශනිකයන්ගේ, නිර්ප‍්‍රභූ ගැහැනුන් සහ පිරිමින්ගේ දේශපාලන නවාතැනක් වූ අපගේ සංවිධානයට ය. ඒ සියලූ දෙනාවම සංකේතීය පියාගේ නාමයෙන් පාවා දුන් දේශපාලන ප‍්‍රවණතාවයට එක්වූ අතීත දේශපාලන සගයන්ට ය. අද එවැනි නිදහස්කාමී, මිනිසෙකුගේ සමාජ පංතිය හෝ ගැහැනියකගේ හමේ පාටට ඔබ්බට ගිය යමක් දකින, සියලූ දෙනාටම යුක්තිසහගත සමාජයක් බිහිවිය යුතු යයි සිතන, වෑන්ගාඞ් එකෙන් පිටත සාමාන්‍ය සමාජය යනු තමාගේ දේශපාලන සහකරුවා මිස අමන මෝඩයන් යයි නොසිතන දේශපාලනයක් පිළිබද සිහිනය සෙමින් වියැකී යමින් පවතී. එදා සීනුව හැඬවුනේ මගේ පරම්පරාවේ එම සිහිනය යථාර්ථයක් කිරීමට ගිය අයට ය. මරණයේ සීනුව දෙවරක් නාද නොවේ.

කටු සටහන් බ්ලොග් අඩවියෙන් උපුටා ගන්නා ලදී.

මේ ලිපිය වෙන අයත් එක්කත් බෙදා ගන්න. උපුටා ගන්නවා නම් ‍මෙතැනින් ගත් බව කියන්න
Read in English blog.parakum.com

Comments

  1. බීරි හටන නාටකය
    පාඨකයා - වමා එක්ක වාදෙ කවදදදෝ - ගුණයෝ මට කියල දෙන්නකෝ
    ත්‍රිමාන - නවී පිල්ලේ බතලේ බහිනවා -හාරනකම් ටිකක් ඉන්නවා

    ReplyDelete
    Replies
    1. නවි පිල්ලේ ගැන 3මාන අඩවිය කියන කතාව්යි, ශ්‍රි ලංකා පෙරටුගාමි පක්ශයට මුදල් හොයා දේන රාජ්‍ය නොවන සංවිධානය හා එහි අයිති කරු වන සුදර්ශන ගුනවර්ධන දරන මතයයි පරස්පර විරොදියි.
      පුලුවන්නම් සුදර්ශනගේ ව්‍යාපෘතිය විවෙච්නය කරන්ඩ කියන්ඩ මේ ගොල්ලන්ට. මානව හිමිකම් වල මුලික අර්ථයක් පවතින "මිනිසුන්ගේ ආත්ම ගරුත්වය" අමු අමුවේ විනාස කරන මෙවන් සංවිධානයක නායකයකු වී සිටිම මොන මානව හිමි කමටද ආදාල වෙන්නේ කයලා සුදර්ශන පැහැදිලි කල යුතුයි.

      Delete
  2. බලගෙන යනකොට රටේ ප්‍රශ්න විසඳන්න හිතාගෙන ඉන්න සංවිධාන වල ඊටවඩා ප්‍රශ්න තියෙනවනෙ.

    ReplyDelete
  3. මට නම් X කණ්ඩායමට වඩා XXX කණ්ඩායම හොඳයි.

    ReplyDelete
    Replies
    1. Unconscious people say the darndest things...

      Delete
  4. //මනෝවිශ්ලේෂණ විෂය පිළිබඳව කෙටි හැඳින්වීමක් පවා කියවූ කෙනෙකුට දීප්ති කුමාර ගුණරත්න එම විෂය නොදන්නා බව//
    මම ෆ්‍රොයිඩ්-ලැකානියානු මනෝවිශ්ලේෂණය පිළිගන්නේ නැත. මට අනුව මාක්ස්වාදය මෙන්ම එයද ප්‍රයෝගික නොවන්නකි නමුත් ප්‍රභා මනුරත්න විසින් දීප්ති මනෝවිශ්ලේෂණය නොදන්නා බව කියන විට ඕනෑම කෙනෙක්ට තේරෙනවා ඒක ද්වේශසහගත ප්‍රකාශයක් කියල. දීප්ති ගේ මනෝවිශ්ලේෂණ භාවිතය පිළිබඳ ගැටළු තියෙන්න පුළුවන් ඒත් දීප්ති දන්නේ නැහැ කියන එක බොරුවක් සහ මඩක්. ඒ වාක්‍යය නිසා මෙතෙන්දි ප්‍රභාගේ ලිපියේ අනික් කරුණු වලටත් තියන විශ්වාසනීයත්වය අඩු වෙලා යනවා.

    ReplyDelete
    Replies
    1. this is another example of where prabha could not get her bull shit together for fertilizer .

      Delete
    2. දීප්ති මනෝ විශ්ලේෂණය දන්නේ නැහැ කියන එක ඇත්තක්. ගොඩක් කට්ටිය රැවටිලා හිටියට එයා දන්නා මනෝ විශ්ලේෂණයක් නැහැ. අනික භාවිතය වරදියි කියන්නෙම දන්නේ නැහැ කියන එක තමයි. දීප්ති ට තියෙන්නේ දන්නා බව පුළුවන් නම් විවාදෙට ඇවිල්ල ඔප්පු කරන්න. අනික ද්වේශ සහගත කතා ගැන මොන කතාද මුළු 3මානෙම තියෙන්නේ ද්වේශය හැර වෙන මොනවද?

      Delete
  5. මම දීප්තිවාදියෙක් නොවෙමි. නමුත් මෙතනදි වෙන්නේ විශ්ව විද්‍යාලීය ඇකඩමික නිවට අනුකාරක දීනයන් විසින් නැවත වටයකින් තමන්ගේ තැන සමාජය තුල ස්ථාවර කර ගැනීම බව හැගේ. දීප්ති මෙන්ම නලින් ද සිල්වාද කරන නිවෙරදි දෙයක් නම් විශ්ව විද්‍යාලීය ඊනියා උගත් බුද්ධිමතුන් ගේ සීතාම් බර පට පෙන්වීමයි.

    ReplyDelete
    Replies
    1. 'දීප්ති කරන්නේ ඇකඩමික් වැඩ නෙමෙයි පොලිටිකල් වැඩ. ඇකඩමික් ප්‍රමිති වලින් දීප්ති ව මනින්න බැහැ'.http://centrelk.blogspot.com/2013/09/blog-post_6.html

      Delete
    2. හා.... මහින්ද කොරන්නෙත් පොලිටිකල් වැඩ තමයි...දීප්තියට පුළුවන් තරමින් උ කරනවා... මද ගහන එක වගේ...මහිහින්දයට පුළුවන් තරමින් උ කරනවා..උස්සල මරල දානවා වගේ....අනේ නිකන් පලයන් බන් යන්න.....

      Delete
  6. මේ සම්බන්ධයෙන් අපගේ අදහස මෙසේය. අවශ්‍යව ඇත්තේ අප පීඩා විඳින මෙම පද්ධතියට විරුද්ධව යන ක්‍රියාවකි. ගොඩනැගිය යුතුව ඇත්තේ මෙම ක්‍රියාවට පක්ෂ අයගේ සංවිධානකි. නිර්මාල් රන්ජිත් දේවසිරි යනු මෙම පද්ධතිය තුල තිබෙන අන්ත කුලවාදී ආයතනයක කටයුතු මෙහෙයවන්නෙකි; නියෝජිතයෙකි. කිච වීම ප්‍රශ්නයක් වන්නේ නිර්මාල් වැනි පොන්න (මැද) පාන්තික මිනිසුන්ටය. පද්ධතියේ නියෝජිතයන්ගේ කිචවීමට සහ ප්‍රහාරයට ලක් වෙමින් එයට විරුද්ධව දිගටම වැඩ කරන නායකත්වයක් අත්‍යාවශ්‍යය. පීඩා විඳින මිනිසුන්ගේ ස්ථරය දිනෙන් දින ප්‍රසාරණය වෙද්දී තම සුඛ විහරණය සහ කීර්තිය වෙනුවෙන් දිවිහිමියෙන් සටන් කරන නිර්මාල් සහ ඔහුගේ පන්ති සඟයන්ට අපි කියන්නේ පුළුවන් තරම් දීප්තිව කිච කරන ලෙසය. එහෙම කරන්න කරන්න දීප්ති ගැන අපගේ විශ්වාසය තව තවත් වැඩි වෙනු ඇත.

    ReplyDelete
    Replies
    1. ගුණරත්න මහතා විසින් ෆූකෝ ගැන හෝ ඩෙරිඩා ගැන හෝ ලැකෝන් ගැන හෝ ජිජැක් ගැන හෝ කල විධිමත් පර්යේෂණ ග්‍රන්ථයක් නැතිනම් ශාස්ත්‍රීය රචනාවන් මොනවාද කියා කෙනෙකුට පැවසිය හැකිද? ගුණරත්න මහතාගේ ලිපි ලේඛන කියවා කෙනෙකුට දර්ශනයක් ඉගෙන ගත හැකි වේද? අවශ්‍යනම් කෙනෙකුට හිත හදා ගැනීම සඳහා මෙවැන්නක් පැවසිය හැකිය. 'දීප්ති කරන්නේ ඇකඩමික් වැඩ නෙමෙයි පොලිටිකල් වැඩ. ඇකඩමික් ප්‍රමිති වලින් දීප්ති ව මනින්න බැහැ'. නමුත් මෙය කිසිසේත්ම ප්‍රමාණාත්මක පිළිතුරක් නොවේ. මක්නිසාද යත්, ඩෙරිඩා 'හරියටම තේරුම් ගැනීම' නැතිනම් හේගල් ව 'හරියටම තේරුම් ගැනීම' සඳහා මහන්සි වූ මිනිසුන් සහ ගැහැණුන් සිටින්නේ ශාස්ත්‍රාලයේ මිස වෙන කොතැනකවත් නොවේ. එවිට හේගල් ගැන නිවැරදිම දැනුම ඇත්තේ තමන්ට කියා පැවසීමටනම් කෙනෙකුට සිද්ධ වෙනවා හේගල් පිළිබඳව තියෙන විශාල ද්වීතියික සාහිත්‍ය සමග විචාරාත්මකව ගැටී තමන්ගේ නිවැරදි බව පෙන්වන්න.ඉංග්‍රීසියෙන් කියවන දෙයක් සිංහලෙන් නැවත ලිවීම මෙයට කිසිසේත් ප්‍රමාණාත්මක නොවේ. 

      http://centrelk.blogspot.com/2013/09/blog-post_6.html

      Delete
  7. ඇකඩමියාව පිලිබදව තද බල විවෙච්නයක් තිබෙන බව ඇත්ත. නමුත් කාරනය වෙන්නේ එය විසින් ගොඩ නගනු ලබන කුලකයන් අභි බවමින් පිඩිත මිනිසා වෙනුවෙන් ගොඩ නැගෙන්න ඔනැ මෙවැනි තවත් පිඩක විවුහයන්ද?
    සතුරාගේ සතුරා මිතුරා යන්න භායානක සෙල්ලමක් නොවේද?
    දීප්තිගේ වචනයක්ම පාවිච්චි කෙරුවොත්, මේය දීප්ති ඇතුලු කන්ඩායමේ නරුම භව නොවේද? තම සංවිධානය තුල ජ.විප තුලවත් නැති තරමේ නොමිනිස් කම් පවතිද්දි පිටත සිටින මිනිසුන්ගේ ප්වුද්ගලික ජිවිත තමන්ගේ සිතුවිලි වලට අනුරුපව අත්ථ කතනය කර්මින් මඩ ප්‍රහාර එල්ල කිරිමෙන් ඒ අයව නිහඩ කිරිම කරනුයේ පිඩිතයා වෙනුවෙන්ද, නැතිනම් පිඩකයා වෙනුවෙන්ද ?
    90 දශකයේ මැද භාගයේ සිට මේ කන්ඩායම විසින් ගොඩ නාගා ඇත්තේ සමාජ කතිකාවක්ද, නැතිනම් තඩි පොරවල් ටිකක්ද ?
    ප්‍රශ්ණය වනුයේ දීප්ති මනොවිශ්ලේශනය දන්නවාද නැත්තට වාඩා, ධර්ශනයන් දැන හො නොදැන ගොඩ නැගු හා නගමින් සිටින භාවිතාවයි.

    ReplyDelete
  8. දීප්ති ඇතුලු කන්ඩායමේ දැනුමේ සීමාව පෙන්නුම් කරන තවත් ලිපියක් අද පල කරල තියෙනවා. "ගූගල් පරිවර්තනය" කියලා. මොහුන් හිතන්නේ ඉංග්‍රිසි වචනයක් හො වෙනත් භාශාවක වචනයක් තාක්ශනිකව අනික් භාශාවේ වචනයට පරිවර්තනය කිරිම තමයි පරිවර්තනයක් කියන්නේ කියලා. වචනයකට අදාල තේරුම ඒ තුලට ඇතුලත් විමට ඒ වචනය බිහිවුනු සන්දර්බය බලපාන ආකාරය ගැන මොහුන්ට වගේ වගක් නැහැ. ලංකාව නම් වු දුපතේ සිට එහි සිටින අනික් අයට දුපත් වැසියන් යැයි කොචොක් දාන මේ කට්ටිය ඉන්න මානසිකත්වය මෙයින් හොදින් පැහැදිලි වෙනවා. "ගූගල් පරිවර්තනය" ට තවම සිංහල ඇතුලත් කරල නැති නිසා, වෙනත් භාශාවකින් වාක්‍යක් (අදාල භාශාව දැනගේන සිටිය යුතුයි ) ඇතුලත් කොට ඉංග්‍රිසියට හො දන්නා වෙනත් භාශාවකට පරිවර්තනය කර බලන්න ලැබනුයේ තමන් දන්නා හරිම පරිවර්තනය කියා. මේක තමයි මේ කට්ටියගේ තියෙන ප්‍රශ්ණය.
    දැනුම සමග හස්ත මේථුනයේ යෙදෙන අයට කෙලවන්ඩ හදන්නේ තාක්ෂනය සමග හස්ත මේථුනයේ යෙදිලද?

    ReplyDelete
  9. "වසර 2010 දී අප විසින් පළ කළ පෙරදිග සුලං සගරාවේ මේ පිස්සු ගොබ්බ ගැහැණිය අසන සියළු විගඩම් ප්‍රශ්ණ වලට සහ සුමිත් චාමින්ද අසන ප්‍රශ්ණ වලටත් අපි විධිමත්ව පිළිතුරු දී අවසන්." - 3mana

    ReplyDelete
  10. මේ නංගි බබාට කල්‍යානන්ද ගණිකා නිවාසයක් කළමණාකරණය කිරීම ගැන කිසි සත්‍රීවාදී විවේචනයක් නෑ නේද?

    ReplyDelete
  11. නිර්මාල් දේවසිරි පොන්නයකු නොව වේස පොන්නයෙකි. පොන්නයා සහ වේස පොන්නයා අතර පැහැදිළි වෙනසක් ඇතිමුත් විමතිකයන් බොහෝ දෙනෙකුගේ විපරිත රචනා නිසා ඒ බෙදුම් රේඛාව වියැකෙමින් පවතියි. ඒ නිසා ප්‍රභා මනුරත්න (තන්ඩි නොහොත් අග චූන් වේගෙන එනකොට හුජ්ජ බර හැදෙන කෙල්ල, දැන් බුද්දික බණ්ඩාරගේ බිරිද ) කියන්නාක් මෙන් මාද නියෝජනය වන අනාගත පරපුර යක්ශයෙකුගෙන් බේරා ගැනීම සදහා පොන්නයා සහ වේස පොන්නයා අතර ඇති වෙනස්කම පැහැදිළ්ස් කරමි. මල් වඩම් අවශ්ය නැත.
    පොන්නයාට තමාට අවශ්ය දේ කරගැනීමට නොහැකිය. ඒ නිසා කරන්න කිසි දෙයක් නැති කමට තවත් පොන්නයන් එක්කාසු කරගෙන පොන්න ළමා සමාජ ගොඩ නගයි. එවැනි ළමා සමාජ තුළ හැමදෙනාම නිදහස්කාමීය. තාත්තාගේ අවසරය නැතිව අම්මාට හිකිය හැකිය. නමුත් පොන්නයන්ට අම්මාට හිකිය නොහැකි නිසා අම්මාගේ දූවරු එක්කාසු කරගෙන ආප්ප ගස්සවයි. මේ කුණුහරුප කතාව උදාහරණයකින් පැහැදිළි කරනවා නම්, 90 ගණන් වල නිර්මාල් යනු පොන්නයෙකි. පසුව දේශපාලනය කිරීමට යැයි පැමිණ සිවිල් සමාජය ජයගත් උගතෙකි. ඔහු කසාද බැන්දේ ............. ........ ........ප්‍රභා මණුරත්න මෙන් අම්මට හිකවීමට මම අදක්ශ නිසා නිර්මාල් ඔහුගේ බිරිද සහ දියණිය පිළිබදව කිසවක් නොලියමි. දැන් විශ්ව විද්යාල ආචාර්යවරුන්ගේ සමිති සම්මේළනයේ සභාපතිය. ඒ නිසා නිර්මාල් කතා කරන විට බැරෑරුම්ව සිතා ආයාසයෙන් වචන එලියට දමයි. මේ මහත්තයා බොහොම රැඩිකල් නිවිච්ච කෙනෙක් වෙමින් විමතිකයන් කරන වැරැද්දක් වැරැද්දක් ලෙස නොව සමස්ත ක්‍රමයේ වැරැද්දක් ලෙස දකිමින් කල් ගෙවයි.
    ඔය ලෙස ඉන්න කොට ශ්‍රී ලන්කා පෙරටුගාමී පක්ශයේ නායක දීප්ති කුමාර ගුණරත්න කරන ඇරයුමෙන් කොන චූන් කරගනියි. අග චූන් කරගත්තාට කිසිවක් කරගැනීමට නොහැකි නිසා පොන්න ළමා සමාජයේ කීප දෙනෙක්ට අනුග්‍රාහය දෙමින් හම්පඩ ගහන විපරිත ටින් ටින්ගේ වීර ක්‍රියා ඇතුළත් කතිකාවක් නිර්මාණය කිරීමට උත්සහ කරයි. චූන් වී ලබන දීප්තිට කෙළවීමේ ආශාව නිසා එක පාරටම ෆේස්බුක් එකෙන් විශ්ව විද්යාල ශිශ්යයකු වගේ විවාදයක් අරබයා විර ක්‍රියා ලියයි. තැන තැන් ඒවා කියවයි. ඔහුගෙන් ඉගෙන ගන්න සිසුන් මචන් නිර්මාල් මෙදාසැරේ දීප්තිට අම්බානකට කෙළවන්න නේද හදන්නේ යැයි මගෙන් අසයි. නැතුව නැතුව නිර්මාල් කෙළවන්න තමයි හදන්නෙ කියා මමත් පිළිතුරු දෙමින් ඉන්නවා

    ReplyDelete
  12. ඉස්සල්ලාම විපරිත ටින් ටින්.. ඊට පස්සෙ වාමාන්ශික ගනිකා නිවාස කළමනාකරු පැණියා, එතකොට අර ඇට හැළිච්ච මූන විරූපී පෝලෝ සීයා.. මේ අය කරනම් ගහනවා, උඩ පනිනවා, අරක ලියනවා. මේක කියනවා. රෑට බොනවා, ඒ අතර බඩු ගහනවා.. කෙල්ලන්ගේ කකුල් පුච්චනවා, අලුතින් ගනිකා නිවාස දානවා, ඒවාට නිර්මාල් මාත් එක්ක යනවා, කෙල්ලො ඉවර උන දවසට පැණියා විපරිත ටින් ටින් කොල්ලට කියල හිල ලොකු කරපු කිකිළිට අරිනවා.. ඔය වගෙ ගොඩක් සීන් වෙනවා. මේවා එක එක සහ ඒ ඒ පොන්නයන් ගැන එළි වන්නට පටන් ගත් විට නිර්මාල්ට නයක් දැනෙන්න ගන්නවා.
    ඊට පස්සේ නිර්මාල් මුන්ට පිස්සු නටන්න එපා කියනවා.. ඔන්න ඔතනදි තමා නිර්මාල් වේස පොන්නය වෙන්නෙ.. වන්ගීස සහ කල්යා ගැන නිර්මාල් තුළ පැහැදීමක් තිබේනම් මොකටද මේ අයව වාරනය කරවල සන්වාදයක් හරහා දීප්තිට කෙළවීමට තනියම ඉදිරිපත් වෙන්නෙ.. ඔන්න ඔය විදිහට තමා නිර්මාල් වේස පොන්නය උනේ. ඒ කියන්නෙ පොන්න ළමා සමාජයේ නායකයා උනේ. තනියම අකුරු වලින් සටන් කරලා පස්සෙ විවාදයට දින සහ ස්තාන යොදාගෙන මින් මතුවට කිසිවක් නොලියමියි සපත කරමින් ස්ලෝ මෝශන් ගේමක් ගහනවා..
    අළුත්කඩේ ඉන්නවා වේලි වේලි කොරිඩෝ දිගේ දුවන කාක්කො සෙට් එකක්.. ඔය එඋන් අතරින් එකෙක් දෙන්නෙක් නිර්මාල්ට මාල ලවු. කොච්චර ලවුද කීවොත් උන් බීපුවම දීප්ති ගැන කතා කරල දීප්තිට රිදෙන්න කියලා හයියෙන් දීප්තිගෙ අම්මව මතක් කරල කුනුහරුපෙන් බනිනවා.. එතකොට බාර් එකේ උන් මේ නිර්මාලියානු නීතිවේදීන් ටික එලියට ඇදලා දානවා. දීප්තිට මුන් බනින්නේ කිසිම හේතුවක් නැතිව. අඩුම තරමින් x කියන්නෙ මොකක්ද කියන එකවත් නිර්මාල් මුන්ට උගන්වලා නැහැ. මුන් අතේ තුශාර එස් දස්කොන්ට පණිවුඩ එවනවා, බය කරන්න හදනවා.. ඒකට පැහැදිළි පිළිතුරක් ඒ සහෝදරයා දීලා තියෙනවා.
    බුද්දික බණ්ඩාරට ප්‍රභා මනුරත්න කුක්කු බොන්න දෙන එක නවත්තපු එක දැන ගත්ත වේස පොන්න නිර්මාල් විපරිත ටින් ටින්ගේ අලුත් ක්‍රියාවකට අත ගහනවා.. ඒක ඉන්ටර්නැශනල් ගේමක්.. ඔය වගේ ගේම් දෙන්න පුලුවන් වේස පොන්නාවන්ටම විතරයි. දැන් අළුත් තත්ත්වයක් නිර්මාණය වෙලා තියෙනවා.
    දවසක් ප්‍රභාට මෙන්න්ස් හැදිලා ඉන්න වෙලාවක වේස පොන්නයා කියනව දුවේ අම්මව විකුනලා හරි දීප්තිට කෙළවපන් කියලා.. ප්‍රභා හරිම දක්ශයි කොල්ලන්ගෙ ඉරවල් නග්ගවන්න.. ඔන්න ඉතින් එයා ලියන්න ගන්නවවා.. දන්නෙම නැතිව එයත් මේ මග උගුලට කොහෙදෝ රටක ඉදලා සම්බන්ද වෙනවා.. එයා ගොඩක් වචන වැය කරලා තියෙනවා, අපරදේ. එකපාරටම මේ ලිවීම හරහා තන්ඩි එළියට පනිනවා.. එයා එයාටම උත්තර සපයගෙන තියෙනවා.. එයාට ආදරය කරන්න සෙක්ස් කරන්න එයා මට කවුලුවක් විවර කරලා දෙනවා... ඉතින් ඒ කවුලුව ඔස්සේ මකුලු දැල් බැදිච්ච ගූහාවට මම ඇතුලු වෙනවා.. බුද්දික බණ්ඩාර කපු මහත්තයා මේ ගූහාව හරියට සුද්ද කරලා නෑ, ඉතින් අද ඉදලා මමවත් ඒක සුද්ද කරන්න පටන් ගන්නවා.. කරන්න දෙයක් නැහැ, අරිනකොට ගූ ගෑවෙනවා.. මම මේ වගේ දේවල් ලියන්න දැනගෙන හිටියේ නැහැ. මේ භාශාව මට කියලා දුන්නේ කල්යානන්ද පෙරේරා මහත්තයා.. ඔහුට ගරු කරමින් මම සමු ගන්නවා...
    මේක කියවන විමතිකයන් මෙවැනි කොමෙන්ට් දැමිය හැකිය.. කියවන්නිය යක්ශයාගෙන් ප්‍රවේසම් වන්න.. මම නිර්මාල්ට ආදරෙයි. ඒ එයා මට කියල දීල තියෙනව, වේස පොන්නයෙක් වීමේ පහසු මග.. "මම දීප්තිට ඊටත් වඩා ආදරෙයි. ඒ නිර්මාල් වගේ වේස පොන්නයෙක්ව නිර්මානය කරපු එකට."

    ReplyDelete
  13. මෙන්න බලාපල්ල ලාංකික නුතන වාදීන්ගේ රගේ, මුන්ට බලය ලැබුනොත් එහෙම කොහොමට තියෙයිද ? 21වන සිය වසේ පොල්පොට් බවට දීප්තිට පත්වෙන්ඩ පුලුවන්. මුන්ට තියෙන ඇත්ත ලෙඩ ටික දැන් තමයි එලි වෙන්නේ.
    මුන්ට හොදයි තමන්ව විවේච්නය කරන එවුන්ගේ ගැනුන්ව ලමයිව පට්ට ගහන්න, හැබැයි මුන්ගේ එකෙක්ගේ ලමයෙක් හරි ගැනියෙක් ගැන නිකන් සද්හනක් වත් කලොත්, මල කෙලියයි.
    දීප්ති දේශපාලනය වෙනුවට අනිත් අයට මේ වගේ පහර විදිහට මඩ ගහාන එක දිගටම කලොත් අපිටත් වෙනවා මෙයාගේ බිරින්දැගේ ද, මවුපියන් ඇතුලු සනුහරේ ගැනම ලියන්න.

    ReplyDelete
    Replies
    1. Koheda ban deepthi ehema anunge lamai, demapiyo gana liyala thiyenne?

      Delete
    2. මුල සිට මාතොට , ලන්ඩන් සගරා හා 3මාන වෙබ අඩවි කියවන්න. උදාහරනයක් හැටියට, සුනිල් විජේසිරිවර්දනගේ බිරිද ගැන මොනවද කියල තියෙන්නේ, කලයකදි හතුරා හා කලයක්දි මිතුරා වන් රුවන් ෆර්ඩිනැන්ඩස් ගැන මොකද කියන්නේ කියල, හේගල් පිලිබදව සම්මන්ත්‍රනයක්දී උපුල් ශාන්ත සන්නස්ගල හා දරුවන් ගැන මොකද කිඅන්නේ. එය ඒසේ තිබියදි, මේ මොනවද මුන් ලියන්නේ, ප්‍රභා හරිද වැරදිද කියන කාරනය දේශපාලනිකව ඔප්පු කරනවා මිසක තිත්ත කුනුහරප ලියන එකද දීප්තිගේ නුතන දේශපාලනය. මේ භාවිතාවෙන්ද පිඩිතයට විමුක්තිය ලගාකර දෙන්න හදන්නේ. ප්‍රභා ගැහැනියෙක් හැටියට සංවිදානය තුලදි, විශේෂයෙන් දීප්තිගේ ක්‍රියාවන් නිසා මුහුන දුන්නා යැයි කියන තත්වය අන්ත දක්ෂිනාන්ශිකයකුවත් අනුමත කරනවාද. එ පිලිබදව විවුර්තව කතා කරනවා වෙනුවට මේකද වැඩ කලයුතු ආකාරය. මේ දවස් කිඅපයකට කලින් 3මාන පලවු ලිපියක තිබින ආකාරයෙන්ම මිනිසෙක් පිලිබදව තීරනය කල යුත්තේ ඔහු දර්ශනය හා නියායන් කොපමන දන්නවාද කියන කාරනාව මත නොවේ ඔහුගේ භාවිතාවෙනුයි.

      Delete

Post a Comment

මාතෘකාවට අදාළ නැති හා වෛරී අදහස් ඉවත් කිරීමට ඉඩ ඇති බව කරුණාවෙන් සලකන්න.

Popular posts from this blog

තේරවිලි: සුපුන් සඳක් ඇත. මැදින් හිලක් ඇත.

පාසල් අධ්‍යාපනය ගැන කතා තුනක්

හමුදා කුමන්ත්‍රණ ගැන ලෝකෙට දුරකථනයෙන් කිව්වෙ බීලා වෙන්න ඇති -ෆොන්සේකා