Posts

Showing posts with the label දීප්ති කුමාර ගුනරත්න

දීප්ති කුමාර ගුනරත්න යනු මොකක්ද?

Image
ඉහත මාතෘකාව ලියද්දී මොකක්ද වෙනුවට මොකෙක්ද කියා ලියන්නට සිතුණත් නො ලියා සිටියේ ඇත්තෙන්ම පවු නිසා ය.මන්ද, දීප්ති කුමාර ගුනරත්න විසින් කර තිබෙන සමාජ මැදිහත්වීම ගැන තවමත් යම් සුබවාදී අදහසක් අප තුළ තිබෙන නිසා ය. රෝහිත භාෂණ අබේවර්ධන වැනි ඔහු මහා පොරකැයි සැලකූ ඔහු හා සමාන සෙසු නරුමවාදීන් ගැන ද අප තුළ තිබෙන ආකල්පය එයයි. මාතෘකාවේ ඇති ප්‍රශ්නයට පිළිතුර තුනමාන වෙබ් අඩවියේ පළ වූ, ලිපිය අවසානයේ සඳහන් කර ඇති ඡේද තුනේ සටහන විශ්ලේෂණය කිරීමෙන් වටහා ගත හැකි ය. දීප්ති යනු ඇත්තෙන් ම ප්‍රශ්නයක් සම්බන්ධයෙන් සංයුක්ත අදහසක් නැති කෙනෙකි. දැන් මේ ලිපියේ ඔහු බාහු ගැන කියන්නේ කුමක් ද? අවසන් ඡේදය කියවා බලන්න. ඔහු පෙන්වා දෙන දෙය වන්නේ තමන්ගේ මනසේ තිබෙන අවුල්සහගතකමයි. මේවාට සිංහල ජනවහරේ නම් කියන්නේ හතර බීරි කතා කියා ය. භාෂා ඥානයක් නැතිකම දීප්තිගේ මූලික ගැටලුවකි. ලියන්නට (හෝ සමහර විට නිසි තේරුම ලැබෙන පරිදි කියවන්නට ද) දන්නා එකම භාෂාව වන සිංහලය හැසිරවීමේ බරපතල ගැටලුවක් ඔහුට තිබේ. දෙවන ඡේදය කියවන්න. ඔහු මූලික ව්‍යාකරණය ‍පවා නො දනියි. ඔහු උක්ත ආඛ්‍යාත ගලපන්නට දන්නේ නැත. 'අනුන්ගේ අසරණකම් ලියන මහණුන් බවට පත්වී...

මරණයේ සීනුව දෙවරක් නාද නොවේ – නිර්මාල් දීප්ති සංවාදය (ප්‍රභා මනුරත්න විසිනි)

Image
(මධ්‍යස්ථානය බ්ලොග් අඩවියේ ද පළ වූ මෙම ලිපිය නැවත අපගේ පාඨකයන් සමග බෙදා ගැනීමට අදහස් කළේ අදහස් දැක්වීම් වාරණය නො කළ අවකාශයක් එම ලිපියට විවර කර දීමට ය. ලිපිය වයිරල් වීම ගැන ප්‍රභා අමනාප නො වනු ඇතැයි සිතමි.) ආචාර්ය නිර්මාල් රංජිත් දේවසිරි සහ ශ‍්‍රී ලංකා පෙරටුගාමී පක්ෂයේ නායක දීප්ති කුමාර ගුණරත්න අතර පැවැත්වීමට නියමිත විවාදයක් පිළිබඳව අන්තර්ජාලයේ පළවූ විවිධ ප‍්‍රවෘත්ති හරහා මට දැන ගැනීමට ලැබුනි. සාමාන්‍යයෙන් කෙරෙන්නාක් මෙන් මෙහිදී ද පෙරටුගාමී පක්ෂයේ 3මාන වෙබ් අඩවිය තුළ දිගින් දිගටම මා පිළිබඳව අසත්‍ය වැල්වටාරම් සහ අපහාස සහිත කියමන් පළවී තිබීම මට පුදුමයක් නොවුනත් දැන් මෙය කිසියම් හෝ ශාස්ත‍්‍රීය හෝ දේශපාලනික විවාදයක ස්වරූපයක් ගැනීමේ උත්සහයක් අඩුම තරමින් ආචාර්ය නිර්මාල් රංජිත් දේවසිරි මහතාගේ පාර්ශ්වයෙන් පෙන්වා තිබේ. එවැනි සංවාදයකදී මා පිළිබඳව දශකයකට ආසන්න කාලයක් ශ‍්‍රී ලංකා පෙරටුගාමී පක්ෂය, රයිට්ස් නව් සංවිධානය, එම් ඞී ඞී ආර් ආයතනය ආදී දීප්ති කුමාර ගුණරත්න මහතාගේ දේශපාලනික අනුග‍්‍රාහකයන්ගේ සහයෝගය ඇතිව ඒ මහතා විසින් කරගෙන ගිය මඩ ප‍්‍රචාරවලට කිසියම් ආකාරයක දේශපාලනික සුජාතභාවයක් ලැබීමේ ඉඩකඩක...