Posts

Showing posts with the label නිර්මාල් රංජිත් දේවසිරි

නිර්මාල්ගේ මාක්ස්වාදයෙන් ගැලවීම හා රෑට බත් නො කෑම

Image
කර්තෘ ප්‍රකාශනයකි. විමසීම්: shan.info1978@gmail.com  පිලිප් ශාන්තගේ අප්පුහාමිලාගේ ඉඹලා පිළිගැනීම පොත දොරට වඩින මොහොතේ ඇති වූ සංවාදයේදී නිර්මාල් රංජිත් දේවසිරි වැදගත් අදහස් රැසක් ඉදිරිපත් කළා.  ඒ අතරින් එක් කරුණක් ගැන විශේෂ අවධානයක් යොමු කරන්නට අදහස් කරනවා.  ඒ තමයි වාමාංශිකයන් රැඩිකල් ලෙස මාක්ස් ලෙනින්වාදයෙන් කැඩීමේ අවශ්‍යතාව.  ඇත්තම කිව්වොත් වාමාංශිකයන් වැඩිදෙනෙක් භාවිතාවේදී ස්ටාලින්වාදියෝයි. ස්ටාලින්වාදය කොහොමත් මාක්ස් ලෙනින්වාදය නොවන නිසා වාමාංශිකයන්ට අමුතුවෙන් ඒකෙන් කැඩෙන්න දෙයක් නැහැ. ඒකෙන් කැඩිලා තමයි ස්ටාලින්වාදීන් බවට පත් වෙන්නේ.  නිර්මාල් කියන්නේ මං ඉතා ගරු කරන, ලංකාවේ දීප්තිමත් වාමාංශික බුද්ධිමතෙක්. දරුණු විවේචනයක් දරා ගන්න තරම් හැකියාවක් තිබෙන කෙනෙක්. එහෙත්, අසාර්ථක සන්නිවේදකයෙක්. මූලිකව ම අපට කොයි තරම් දේ කියන්නට උවමනාව තිබුණත්, වඩා වැදගත් වෙන්නේ ග්‍රාහකයා එයින් ලබා ගන්නා පණිවුඩය ය යන්න සන්නිවේදකයෝ මතක තබා ගත යුතුයි. නැතිනම් වෙන්නේ ජෝක් වෙන එක විතරයි.  නිර්මාල්ගේ සංවාද භාවිතාව ප්‍රජාතන්ත්‍රවාදී නොවන එකක් බව මම මීට කලිනුත් කියලා තිබෙ...

ජනාධිපතිවරණයට පොදු අපේක්ෂයකු ප්‍රවර්ධනය කරන්නට යෝජනාවක්

Image
අපගේ පසුගිය ලිපිය හා සම්බන්ධව ෆෙස්බුක් ඔස්සේ ආචාර්ය සුමනසිරි ලියනගේ කදිම යෝජනාවක් කර තිබිණි. පොදු අපේක්ෂකයකු ඉහළින් වැටෙනකල් බලා ‍නො සිට පොදු අපේක්ෂකයකු ගොඩනැගීම සඳහා අප මැදිහත් විය යුතු බව මම ද සිතා සිටියෙමි. ඒ සමග ම මෙම යෝජනාව ද කරමු. පොදු ජනතා ජනාධිපතිවරයකු අතින් සිදු විය යුතු කාර්යභාරය කුමක් ද යන්න ගැන ද සංවාදයක් ආරම්භ කළ යුතු ය. අපි පහත සඳහන් යෝජනාව කරමු. පොදු ජනතා ජනාධිපතිවරයා විසින් නිශ්චිත කාල රාමුවක් තුළ, විද්‍යාත්මක ක්‍රමවේදයක් ඔස්සේ මහජන අදහස් ලබා ගනිමින්, ප්‍රජාතන්ත්‍රවාදී සංවාදයක් ඔස්සේ සමස්ත ලාංකිකයන්ට ම පිළිගත හැකි නව ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවක් යෝජනා කර සම්මත කර ගැනීමට කටයුතු කළ යුතු ය.    ජනාධිපතිවරණයේ පොදු අපේක්ෂකයා ලෙස ආචාර්ය නිර්මාල් රංජිත් දේවසිරි යෝජනා කරමුදැයි ආචාර්ය සුමනසිරි ලියනගේ පවසයි.  ඇත්තෙන් ම, ජනාධිපතිවරණ පොදු අපේක්ෂකයා වන්නට අවශ්‍ය දේශපාලනික සුදුසුකම් ඔහු සතු ය.  ඔහු සමග දේශපාලනය කිරීමෙන් ලද අද්දැකීම් ඔස්සේ අප දන්නා තරමට නිර්මාල් යනු අව්‍යාජ, නො පසුබසින සටන්කරුවෙකි. නම්‍යශීලී පුද්ගලයකු වුවත්, යටත් වන්නෙක් නොවේ. අන්තවාදි...

මරණයේ සීනුව දෙවරක් නාද නොවේ – නිර්මාල් දීප්ති සංවාදය (ප්‍රභා මනුරත්න විසිනි)

Image
(මධ්‍යස්ථානය බ්ලොග් අඩවියේ ද පළ වූ මෙම ලිපිය නැවත අපගේ පාඨකයන් සමග බෙදා ගැනීමට අදහස් කළේ අදහස් දැක්වීම් වාරණය නො කළ අවකාශයක් එම ලිපියට විවර කර දීමට ය. ලිපිය වයිරල් වීම ගැන ප්‍රභා අමනාප නො වනු ඇතැයි සිතමි.) ආචාර්ය නිර්මාල් රංජිත් දේවසිරි සහ ශ‍්‍රී ලංකා පෙරටුගාමී පක්ෂයේ නායක දීප්ති කුමාර ගුණරත්න අතර පැවැත්වීමට නියමිත විවාදයක් පිළිබඳව අන්තර්ජාලයේ පළවූ විවිධ ප‍්‍රවෘත්ති හරහා මට දැන ගැනීමට ලැබුනි. සාමාන්‍යයෙන් කෙරෙන්නාක් මෙන් මෙහිදී ද පෙරටුගාමී පක්ෂයේ 3මාන වෙබ් අඩවිය තුළ දිගින් දිගටම මා පිළිබඳව අසත්‍ය වැල්වටාරම් සහ අපහාස සහිත කියමන් පළවී තිබීම මට පුදුමයක් නොවුනත් දැන් මෙය කිසියම් හෝ ශාස්ත‍්‍රීය හෝ දේශපාලනික විවාදයක ස්වරූපයක් ගැනීමේ උත්සහයක් අඩුම තරමින් ආචාර්ය නිර්මාල් රංජිත් දේවසිරි මහතාගේ පාර්ශ්වයෙන් පෙන්වා තිබේ. එවැනි සංවාදයකදී මා පිළිබඳව දශකයකට ආසන්න කාලයක් ශ‍්‍රී ලංකා පෙරටුගාමී පක්ෂය, රයිට්ස් නව් සංවිධානය, එම් ඞී ඞී ආර් ආයතනය ආදී දීප්ති කුමාර ගුණරත්න මහතාගේ දේශපාලනික අනුග‍්‍රාහකයන්ගේ සහයෝගය ඇතිව ඒ මහතා විසින් කරගෙන ගිය මඩ ප‍්‍රචාරවලට කිසියම් ආකාරයක දේශපාලනික සුජාතභාවයක් ලැබීමේ ඉඩකඩක...

දීප්තිගේ ඇදහිලි කල්ලිය සමග නො කෙරෙන සංවාදය

Image
මේ W3Lanka පාඨකයකු විසින් ලියා එවන ලද සටහනකි. ඒ දීප්ති කුමාර ගුනරත්න හා නිර්මාල් රංජිත් දේවසිරි අතර කො කෙරෙන විවාදය ගැන උපමා කතාවකි. එය දීප්ති හා සම්බන්ධ රාජ්‍ය නො වන සංවිධානයක් විසින් පළ කරනු ලබන "සමබිම" පුවත්පතේ පළ වූ කතාවක දෙවන කොටස ලෙස ලියා ඇත.  උදේ පාන්දරම ශාරීරික ව්‍යායාම කරන්න Galle Face එකට යන මහින්ද රාජපක්ෂට මුහුදෙන් ගොඩට ගහගෙන විත් තිබු බෝතලයක්  හම්බ වෙනව. මහින්ද මේකෙ මූඩිය ගලවනවාත් සමඟම එයින් නැඟ ආ දුමාරයකින්  මතු වූ භූතයෙක්, තමන් ලැබු නිදහස නිසා මහින්දට වරයක් දෙනව, තමන් කැමතිම දෙයක් ඉල්ලන්න කියල. කොළඹ සිට ඇමෙරිකාවේ New York දක්වා   පාලමක් දමා දෙන ලෙස මහින්ද භූතයට කියනව. මේ කාලෙ පාලම් වැඩක් නැහැ. ගුවන් ගමන් සහ වෙනත් දියුණු ක්‍රම ඒ සඳහා තියෙන නිසා, වෙන දෙයක් ගැන හිතල බලල කියන්න කියල භූතය මහින්දට  කියනව. මහින්දට එකපාරටම මත්තල ගුවන් තොටුපල හා හම්බන්තොට වරාය මතක් වී තමන්ට ඒ සම්බන්ධයෙන් විදින්නට සිදු වී තිබෙන අපවාද නිසාත් මත්තලට හා හම්බන්තොටට ගුවන් යානා හා නැව් එවන මෙන් භූතයගෙන් ඉල්ලා සිටිනව. මත්තලට ගුවන් හා හම්බන්තොටට නැව් එවීම භුත වරයකටව...

දීප්ති නිර්මාල් සංවාදය හෙවත් A Valediction: Forbidding Mourning

Image
එක්ස් කණ්ඩායම නම් පශ්චාත් නූතන හා කලින් කලට එක එක වාදී දේශපාලන කණ්ඩායම දෙකට කැඩුණේ 2004 දෙසැම්බර් 26දා හෙවත් සුනාමිය දවසේ ය. ඉන් පසු ද මේ කණ්ඩායම තව තව කෑලි කෑලිවලට කැඩී ගියේ ය. දීප්ති කුමාර ගුණරත්න නම් එක්ස් ශාස්තෘවරයාට එරෙහි වෙමින් කැඩී ගිය කණ්ඩායමට විවිධ ආකාරයෙන් බැන වැදීම දීප්ති කුමාර ගුනරත්නගේ පසුගිය නව වසරකට ආසන්න දේශපාලනයේ ප්‍රධාන කාර්යය විය. අපට සිතෙන පරිදි නම්, දීප්තිගේ භාෂාවෙන් ම කියනවා නම්, දීප්ති අනුගාමිකයන් හෙවත් ‍ගෝල පිරිසක් සහිත මහදැනමුතු ශාස්තෲවරයකු ලෙස විඳි ප්‍රමෝදය නිර්මාල් ඇතුළු පිරිස විසින් බිඳ දමන ලද නිසා වන්නට පුළුවන.  අප සමීපව ඇසුරු කළ නිර්මාල් රංජිත් දේවසිරිගේ පාර්ශ්වයේ මිතුරන්ගේ දේශපාලනය ද බොහෝ දුරට දීප්ති කුමාර ගුනරත්නගේ 'දේශපාලනය' දෙස බලාගෙන කරන්නක් විය. මෙය හරියට ජෝන් ඩන්ගේ " A Valediction: Forbidding Mourning "නම් කවියේ රූපකයක් ලෙස යෙදෙන කවකටුව වැනි ය. කවකටුවේ පැන්සල සවි වන වටේ යන අත කොහි ගියත් යන්නේ මැද ඇති නිසල කටුව වෙත බැ‍ඳෙමිනි. මැද ඇති කටුව ද එක තැන සිටියත් සිටින්නේ ම අනෙක් අත යන ගමන දෙස බලාගෙන ඒ දෙසට නැවීගෙන ය. කවියේ සඳහන් වන...

ජපන් ජබර, නෙළුම් මල් හා සරසවි ඇදුරු අරගලය

Image
විශ්වවිද්‍යාල ආචාර්යවරුන්ගේ අරගලය දැන් දෙවන මාසයේය. මාස දෙකකින් වැටුප් නොලැබූ වර්ජකයන්ට ඇති ආර්ථික අපහසුතා වෙනුවෙන් උපකාර කිරීම සඳහා අරමුදලක් පිහිටුවා ඇති බව වාර්තා විය. විශ්වවිද්‍යාල ආචාර්යවරුන්ගේ සම්මේලනයේ සභාපති ආචාර්ය නිර්මාල් රංජිත් දේවසිරි වැදගත් ප්‍රකාශයක් කර ඇත. රටේ සමස්ත අධ්‍යාපනය වෙනුවෙන් කරන මේ අරගලය පරාජය විය හැකිමුත් තමන් යටත් වන්නේ නැත. මිනිසකු විනාශ කළ හැකිමුත් පරාජය කළ නොහැකි බව අර්නස්ට් හෙමිංවේ 'මහල්ලා සහ මුහුද' කෘතියෙහි සාකච්ඡාවට භාජනය කළේය. විශ්වවිද්‍යාල ආචාර්යවරුන්ගේ අරගලය නිද්‍රාශීලී ලාංකීය සමාජයට සාධාරණත්වය වෙනුවෙන් සටන් කිරීමේ උත්තේජනය සපයා තිබේ. එය දේශපාලන උවමනාවන් වෙනුවෙන් කරන්නක් යයි ජනාධිපතිතුමා පවසයි. ඉතින් දේශපාලන උවමනාවන් වෙනුවෙන් සටන් කරන එක වැරදිද? ඒ කියන්නේ සම්පූර්ණයෙන්ම නීති විරෝධීව ක්‍රීඩා කරන මේ ආණ්ඩුව පරාජය වන යම් ක්‍රීඩාවක් තිබේනම් එහි සියලු ක්‍රීඩකයෝ ෆවුල්ය කියාය. Mr. President, please stick to the rules of the game without throwing false appeals to the umpire's face. විශ්වවිද්‍යාල ආචාර්යවරුන්ගෙන් කොටසක් වර්ජනය කරමින් සිටිය...

දීප්තියි, නිර්මාලුයි, මායි (කවි)

Image
දීප්තිගේ මුහුණ ලස්සන යයි ඔහු සිතයි දීප්ති මුහුණ කැත යයි කියනු ඇතැයි නිර්මාල් බයය මගේ මුහුණ කැත බව මම දනිමි දීප්ති තමන් යන්නේ ඉදිරියෙන්ම යයි සිතයි නිර්මාල් බොහෝ අය පසුපස යයි මගේ ඉදිරියෙන් මෙන්ම පසුපසින්ද කිසිවෙක් නැත දීප්ති බොහෝ පොත් කියවන බව කියයි දීප්ති කියවතැයි සිතෙන පොත් නිර්මාල් සොය සොයා කියවයි මම පොත් නොකියවමි  දීප්ති මාක්ස්ගේ බාප්පාය නිර්මාල්ගේ බාප්පා මාක්ස්ය මගේ බාප්පා බීලා මළාය දීප්ති මකරාක්ෂයාය නිර්මාල් ට්‍රෝජන් කාන්තාවෝය මම ධර්මසිරිය W3Lanka කවියාගේ ස්වයං විවරණය : මෙහි දීප්ති යනු  එනමින් ලංකාවේ තිබෙන දේශපාලන විකෘතියයි.  නිර්මාල් යනු නිර්මාල් පමණක් නොව  ප්‍රභා-බුද්ධික, සුමිත් චාමින්ද, වංගීස සුමනසේකර, රෝහිත භාෂණ,  පැට්‍රික් ප්‍රනාන්දු, පුබුදු ජයගොඩ වැනි  දීප්තිට බයේ දේශපාලනය කරන අයයි. මම නම් මමම නොව  ලෝකය යහපත් ලෙස වෙනස් කරන්නට මැදිහත් වන  නව මිනිසකු පිළිබඳ බලාපොරොත්තුවයි. මේ ලිපියට ඔබ කැමති වුණත්, අකැමැති වුණත් වෙන අයත් එක්කත් බෙදා ගන්න. උපුටා ගන්නවා නම් ‍මෙතැනින් ගත් ...

ආචාර්ය නිර්මාල්ට ආචාර්ය මර්වින් හිමු වීම

Image
විශ්ව විද්‍යාල ආචාර්යවරුන්ගේ ප්‍රශ්නය විසඳීම සඳහා ස්වේච්ඡාවෙන් ඉදිරිපත් වී ඇති අලුත්ම චරිතය ආචාර්ය මර්වින් සිල්වා ය.  ඔහු ඒ සඳහා මැදිහත් වන්නට කැමති බව විශ්ව විද්‍යාල ආචාර්යවරුන්ගේ සංගමයට දැනුම් දී ඇත.  මර්වින් සිල්වා මීට පෙර මෙවැනි ප්‍රශ්න කොපමණ ප්‍රමාණයක් විසඳා ඇද්ද යන්න අපි නො දනිමු.  අප‍ සිතන පරිදි නම් මර්වින් සිල්වා යනු බරපතල ප්‍රශ්නයක් මිස කිසිදු ප්‍රශ්නයකට විසඳුමක් නො වේ.  මර්වින් සිල්වා යනු ආචාර්ය යන පට්ටම නමට ඉදිරියෙන් යොදන කෙනෙකි. මෑත යුගයේ බිහි වූ හොඳ විද්‍යාර්ථියකු යයි අප සිතන ආචාර්ය නිර්මාල් රංජිත් දේවසිරි හෝ ඒ තරමට සිය ආචාර්ය උපාධිය ප්‍රදර්ශනය නො කරයි.  මර්වින් සිල්වාට මෙවැනි ප්‍රශ්නවලට මැදිහත් වීමට ලජ්ජාවක් නැතිකම තරම් ලංකාවේ සමාජ පරිහාණිය පිළිබඳ ප්‍රකාශයක් තවත් නැත.  කෙසේ වෙතත්, ආචාර්ය නිර්මාල් රංජිත් දේවසිරිට ආචාර්ය මර්වින් සිල්වා හමු වීම නාට්‍යමය වශයෙන් රසවත් ය. මීළඟ දෙබස් ඛණ්ඩය ඇත්තේ ආචාර්ය නිර්මාල්ට ය. ඔහු නිහඬ ය. ඇයි? කන්න ඕනැ වුණා ම කබරගොයාත් තලගොයා වෙනවා ද?  සරසවි ආචාර්යවරුන්ගේ සටන හුදු වැටුප් සටනක් නො වන බව ඔබ කීවා...

නිර්මාල් රංජිත් දේවසිරි සම්බන්ධයෙන් ආණ්ඩුවේ උපාය මාර්ගය කුමක්ද?

Image
ආරක්ෂක අමාත්‍යංශයේ යයි කියා ගත් පිරිසක් ආචාර්ය නිර්මාල් රංජිත් දේවසිරිගේ නිවසට පැමිණ ඔහු සහ ඔහුගේ පවුලේ අයගේ සිත් තුළ බිය ඇති වන ආකාරයෙන් කටයුතු කර තිබේ.  නිරිමාල් රංජිත් දේවසිරි යනු එක්ස් කණ්ඩායමෙ හිටපු දෙවෙනියා ය. (පළමුවෙනියා දීප්ති කුමාර ගුනරත්න නම්)  2004 අග භාගයේදී එක්ස් කණ්ඩායම මේ දෙදෙනාගේ නායකත්වයෙන් කැඩී ගියේ ය. ඒ සමග ම ඒ දේශපාලන ව්‍යාපෘතිය දිය වී ගිය බව අද වන විට පැමිණිය හැකි නිගමනයයි. විශේෂයෙන් ම නිර්මාල් නායකත්වය දුන් පාර්ශ්වය සංවිධානමය වශයෙන් ස්වයංව දිය වී යාම තෝරා ගත් බව පෙනේ.  රැස් වළලු සහිත නායකත්වයක් වටා ඒකරාශී වූ සටන්කාර අනුගාමිකයන් පිරිසක් වෙනුවට ප්‍රජාතන්ත්‍රවාදී ක්‍රියාධරයන්ගේ නිදහස් අවකාශයක් නිර්මානය කරන්නට නිර්මාල් පාර්ශ්වය දැරූ තැත පැරණි එක්ස්වරුන්ට ම දරා ගත නො හැකි විය. ප්‍රමාණයෙන් කුඩා රැස් වළලු වටා යළි ඔවුහු ගොනු වෙමින් සිටියහ. නිර්මාල්ට ද රැස් වළල්ලක් තිබිණි. එහෙත්, මෑත කාලීන වාම අන්තවාදීන් බොහෝ දෙනෙකුට පරමාදර්ශය වූ වේලුපිල්ලේ ප්‍රභාකරන් නිර්මාල්‍ට නම් පරමාදර්හයක් නොවූ බව ඔහු සමග ඇසුරින් ලේඛකයාට අවබෝධ විය.  දීප්තිගේ පාර්ශ්වයට ද කැ...

පියසීලී (වාසුට සහනයක් වූ පියසීලීගේ මරණය) | Death of Piyaseeli; a breath of relief to Vasudeva

Image
මගේ ස්ථාවරය වුණේ කලාව යථාර්ථය ජය ගැනීමේ භාවිතයක් කියන එකයි. මිනිසා, මානව සමාජය ඇතුළු සොබාදහම ජය ගැනීම සඳහා කරන විප්ලවීය මැදිහත්වීමෙන් තමා කලාව ඇතුළු අධ්‍යාත්මික සංස්කෘතික උරුමය ගොඩනැඟෙන්නෙ. මහාචාර්ය ගම්ලත් ඊට එරෙහි ව කියා සිටියේ කලාවෙන් යථාර්ථය ජයගන්න බැරි බවයි.. එය ජයගත හැක්කේ විප්ලවයෙන් හා යථාර්ථය වෙනස් කිරීමේ භාවිතයෙන් බවත් ඔහු කියා සිටියා. ඒක අපෝහක භෞතිකවාදයට ප්‍රතිපක්ෂ යාන්ත්‍රික භෞතිකවාදී ආස්ථානයක් හැටියටයි මා දකින්නේ. කොහොම වුණත් අදටත් අපි දෙන්නාගේ ස්ථාවරවල වෙනසක් සිදු වී නැති බවයි පෙනෙන්නේ. මහාචාර්ය පියසීලි විජේගුණසිංහ (සිළුමිණ 2009-08-30) ( 2010 සැප්තැම්බර් 25,  W3Lanka ,  ප‍්‍රදීප් ජයරත්න )   දහ අට සන්නිය නටා පේ වීමට මත්තෙන් පියසීලී මෙලොවින් සමුගෙන තිබිණි. වාසුට එලෝ මෙලෝ නැති ස්ථාවරයක් ගැනීමට ධෛර්යය ලැබුණේ ඒ නිසාදෝයි මට නොයෙක් වර සිතුණි. ලාංකීය දේශපාලනයේ හෘදය සාක්ෂිය ලෙස, වරක් නිර්මාල් විසින් වාසුව හඳුන්වා දෙන විට එම අදහස සමඟ යහමින් එකඟ වීමට එවකට මට හේතු ගණනාවක්ම තිබුණේය. දේශපාලන වේදිකාව අත් නොහැර සතුරු- මිතුරු කඳවුර අතර බෙදීම දිය කරමින් නව බෙදීම් නිර්...

අලුත් කතිකා, පරණ කතිකා හා කවට කථිකයා

Image
(2010 ජුනි 17,  W3Lanka )  " ලාංකේය දේශපාලනයේ වත්මන් මොහොත තේරුම් ගැනීම. ප්‍රධාන අදහස් දැක්වීම්- අහිලන් කදිරගාමර්: පශ්චාත් යුධකාලීන උතුර; දේශපාලන ආර්ථික සළකාබැලීම් කිහිපයක් ආචාර්ය නිර්මාල් රංජිත් දේවසිරි: සිංහල බෞද්ධ දකුණෙහි දේශපාලනය හා දෘෂ්ඨිවාදය සම්පත් ආරියසේන: කෘෂිකාර්මික සමාජයේ ස්වභාවික සම්පත් භාවිතය හා කළමනාකරණයේ අභියෝග දිනය: 2010 ජූනි 20 ඉරිදා, වේලාව: පෙරවරු 10.00 ට, ස්ථානය: 'සූරිය' ශ්‍රවණාගාරය, ලංකා සමසමාජ පක්ෂ කාර්යාලය. අංක 457, කොල්වින් ආර් ද සිල්වා මාවත, යුනියන් පෙදෙස, කොළඹ 02" මේ නව කතිකාවක් ගොඩනැඟීම ඉලක්ක කර ගත් ඉහත කී සාකච්ඡා සභාව එවැනි සාකච්ඡා මාලාවේ දෙවැන්නයි. එම සාකච්ඡා මාලාවේ පළමුවැන්නට ඇරයුම් කරමින් එවන ලද ලියුමෙහි මෙසේ සඳහන් විය. "ඔබට, ඔබගේ හඬට ඉඩක් අනෙක් කතිකාවන් අභියසදී ලබා ගැනීමට හැකි පුළුල් සංවාද සභාවක් ඔබත් සමග එකතු වී ගොඩනගන්නට අප කල්පනා කලේ එහෙයිනි." කතිකාවක් යනු කුමක්ද? මිෂෙල් ෆුකෝ විසින් කතිතාව හෙවක් ඩිස්කෝස් අර්ථකථනය කර තිබෙන්නේ මෙසේ ය: ..ways of constituting knowledge, together with the social practices,...