ඔන්න බොලේ ශිරානි එනවා


2010, 2011, 2012 අවුරුදුවලදී ජාතික සංවර්ධන බැංකුවේ ගිනුම් තුනක වත්කම් ප්‍රකාශ නො කිරීමේ චෝදනාව මත දෝෂාභියෝගයකින් ඉවත් කරන ලද ශිරානි බංඩාරනායක අග විනිසුරුවරියට එරෙහිව කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් උසාවියේ නඩු පැවරීමේ සිද්ධිය නාට්‍යමය ජවනිකාවක් බඳු විය. 

නීතිඥවරු 100කට වැඩි පිරිසක් හා නීතිඥ සංගමයේ විධායක කමිටුව ඇය වෙනුවෙන් පෙනී සිටීමට තීරණය කර තිබිණි. විත්තියේ නීතිඥ නලින් ලද්දුවහෙට්ටි පැවසුවේ ඇය වරදකරු වුවත් ඇයට විඳින්නට සිදු වන දඬුවම වන්නේ රු. 1000ක දඩයක් පමණක් බවයි. හැබැයි ඉතින්, වරද නම් ඉතින් වරද ම ය. නීතිය නො දැන සිටීම සමාවට කරුණක් නො වන බව අධිකරණය අප වැනි අසරණයන්ට නම් කියයි. ඇය අධිකරණයේ විත්ති කූඩුවට ද නැග්ගා ය. ඒකත් නරක නැත. එතැන සිටින මිනිසා ගැන අධිකරණ බංකුවේ සිටින විනිසුරුවරයාට අවබෝධයක් නැත. 

කෙසේ වෙතත්, මේ සිද්ධියත් සමග ශිරානි බංඩාරනායක නැවතත් කරළියට පැමිණ ඇති බව ආණ්ඩුවට පෙනෙන්නට ඇත. ඇය පිළිබඳ මාධ්‍ය වාර්තාවලින් ඇය වීරවරියක ලෙස මතු කර දක්වන ලද බව ද පෙනේ. 

ගැහැනියකගෙන් අපල බව කියන රාජපක්ෂ පවුල් පාලනය නම් මේ ගැන එතරම් සතුටු නො වන්නට ඇත.

ලංකාවේ ජනතාව රාජපක්ෂ පාලනයට එරෙහි විකල්පයක් සොයමින් සිටින වකවානුවක මතු වන මාදුළුවාවේ සෝභිත හිමි, ශිරානි බංඩාරනායක වැනි කොයි කවුරුත් රාජපක්ෂවරුන් තුළ බිය ඇති කරන බවක් පෙනේ.  

මේ ලිපිත් කියවන්න:

මේ ලිපිය වෙන අයත් එක්කත් බෙදා ගන්න. උපුටා ගන්නවා නම් ‍මෙතැනින් ගත් බව කියන්න
Read in English blog.parakum.com

Comments

  1. අජිත් අන්න ඔයගේ වීරවරිය ප්‍රභා මනුරත්න කතිකාචාර්ය වරියගේ ලිපියට දීප්ති උත්තරයක් පලකරලා.ප්‍රභා දන්න දෙයක් නැති නිසා උත්තරයක් ලියන එකක් නැහැ.දැන් ඉතින් ඔයාවත් උත්තරයක් ලියන්න.ඔයාගේ ඔය කියන අති නවීන වාමාන්ශික භාවිතාව ප්‍රයොජනයට අරන් උත්තරයක් ලියන්නකො අපටත් බලාගන්න එක්ක

    ReplyDelete
    Replies
    1. තමන්ට කිසිම අදාලත්වයක් නැති අනුන්ගේ විවාදයක් අස්සට පැනලා වීරයා වෙන්න හැදුව අජිත්ටත් දැන් තියෙන්නේ සද්ද නැතිව නොදන්නවා වගේ ඉන්න.අනේ ඔයාගේ වාමාන්ශික භාවිතාව

      Delete
    2. දීප්ති ලියපු උත්තරේ මාර උත්තරයක් වගේ පේනව ඇති දීප්ති ලියන වැල් බයිලා විකාර තමන්ට නොතේරෙන පලියටම මාර සිරා කියල හිතන තොපි වගේ ගොබ්බයන්ට. යකෝ තොපි ඔය උඩ දාන්නෙ සීතාම්බර ප‍ටයක්. කොහෙන් හරි ෆිල්ම් එකකුයි දාර්ශනිකයෙකුයි අරන් ගැටගහල ලියන ගොජබ්බ විකාර දැක්කම අපිට නම් මතක් වෙන්නෙ අර ගොන් චන්දන ජයරත්නයා තාරකා විද්‍යාවෙන් කෑල්ලකුයි සූත්‍රෙකින් කෑල්ලකුයි අරන් ගැටගහන්න තටමන හැටි. ඔය දෙන්නම මැජික් උන් කියන ලබ්බක් තේරෙන්න සබ්ජෙක්ට් තේරෙන්නෙ නැති, උන්ගෙන්ම ඒ සබ්ජෙක්ට් ඉගෙන ගන්න බලන් ඉන්න (තොපි වගේ) මී හරකුන්ට.

      අපිට නම් හිනා අන්න අර ඉංග්‍රීසි බැරි ගොබ්බයා ආයෙත් ගොන් හෑල්ලක් ලියලා කියල.

      Delete
    3. ඇත්ත මචං. මාක්ස්වාදය කන්නෙ දීප්තිල වගේ එහෙන් මෙහෙන් අහුල ගත්ත දැනුම විතරක් තියෙන ඒ ගැන මෙලෝ අවබෝධයක් නැති උන් තමා. පැරා නම් ඉතින් ඊට වඩා ටිකක් ඇඩ්වාන්ස්. ඉස්සරල නරකද දීප්තිව මනෝ විශ්ලේශණයට භාජනය කරල බැලුවොත්. මොකද මිනිහට තියෙන මානසික රෝග සහ ඒවාට නිධාන වෙච්ච දේවල් හොයා ගත්තොත් අපි සමාජයට කරන ලොකුම සේවයක් ඒක. පැරා නරකද මනෝරාජික සමාජවාදෙන් මිදිලා ඒ වගේ දෙයක් වත් කරන්න බැලුවොත්....

      Delete
    4. 1. ප්‍රභා මනුරත්න මට වීරවරියක් නො ව, අරගළයේදී හමු වු සටන් සගයෙකි.

      2. ලියවිල්ලක් දිග වූ පළියට එහි හරයක් නැත.

      3. සංයුක්තව යමක් ප්‍රකාශ නො කරන, හුදෙක් ම පෞද්ගලික මානසික හේතු මත පුද්ගලයන් විසින් ලියන ලියවිලි සීරියස් ගන්නට නම් එවැනි ම මානසික තත්වයකට පත් විය යුතු ය. නැතිනම් මනෝ විශ්ලේෂකයෙකු විය යුතු ය. මට මේ අමාරු දෙක ම නැත.

      4. දර්ශනය යනු ජීවන භාවිතාවක් මිස දැනුම එක් රැස් කර ලොකු බෝලයක් හදා එය දම්වැලක අග්ගිස්සේ ගැට ගසා පද්දා කාගේ හෝ ඔලුවක වැදියන් කියා ගැසීම නො වේ.

      5. දර්ශනය අවශ්‍ය මිනිසුන්ට ජීවිතය පහසු කර ගන්නට මිස ඔලුව විකාර කර ගන්නට නො වේ.

      Delete
    5. ප්රබභායි ඔයයි කරන අරගලය මොකක්ද? පොඩ්ඩක් කියන්නකො
      දැන් ඔය කියන ජීවන භාවිතාව මොකක්ද?
      ඉස්කොලෙ යනවා උගන්නනවා,පඩිගන්නවා,කනවා,බොනවා,නොනව කාරෙකේ වැඩට එක්ක යනවා,බ්ලොග් ලියනවා,ජනරල පත්තරේට ලිපි ලියනවා මේවද
      ඔයාට තනියම ඔය ලිපිය ලියන්න අමාරුයි නම් අර වන්ගීසව කතා කරගන්න.එයාපොඩිකාලේ ඉදලම ඉන්ග්රී සි ඉගෙන ගත්තු දාර්ශනිකයො ආශ්රේය කරපු හොද වාමන්ශික භාවිතාවක් තියෙන කෙනෙක් එයාගෙ තාත්තත් මේ ලගදි අලුත් සොයාගැනීම් 2ක් කලා බොන වතුරට පී එච් වල බලපැමක් නැහැ කියලයි රතුපස්වල සිද්දියට හමුදාව සම්බන්ද නැහැ කියලයි

      Delete
    6. අපි නම් අඩු ගානෙ ළමයකුට අකුරක් හරි උගන්වනවා. දේශපාලනය ලොකුවට කරන අය කරන ඵලදායී දේවල් මොනව ද කියලා ලියන්නකො බලන්න.

      Delete
  2. තෙද බල ඇති කඳ සුරිඳුනි!
    ඔබගේ නාමය විකුණමින් මුදල් වාසි අරමුණූ කොට බොරු බේගල් ඇඳ බා අහිංසකයන් රවටන අයට පුංචි දඩුවමක් හරි ලැබේවා.උන්ගේ බොරු අසා අද දින ඔබව සියැසින් දැක ගැනීමේ අදහසින් කතරගම යන සියළු අහිංසක මෝඩ ජනතාවට ආරක්ෂාව සලසනු මැනවි

    ReplyDelete
    Replies
    1. මෙි මොකක්ද බොලේ මේ කියන මගුල? මේක මේ තැන් තැන්වල අලවන්නේ භාරයක් ඔප්පු කරන්න වගේ නෙ.

      අපට නම් ඔය ස්කන්ධ කුමාර් ගැන කිසිම අදහසක් නැහැ. තෙද, බල තියා ඔහොම කෙනෙක් ඉන්නවා කියලාවත් විශ්වාස කරන්නේ නැහැ.

      අපට එයාගේ ආරක්ෂාව ඕනැත් නැහැ. අපි එයාට බයත් නැහැ.

      මගේ ජීවිතේට මම ඔය කතරගම පස් පාගලා නැහැ.

      Delete
    2. මහ බල ඇති ජෝතියාණෙනි.......
      මාගේ නාමය විකුණමින් මුදල් වාසි අරමුණූ කොට බොරු බේගල් ඇඳ බා අහිංසකයන් රවටන අයට පුංචි දඩුවමක් හරි ලබා දුනිමි.උන්ගේ බොරු අසා ඊයේ දින මා සියැසින් දැක ගැනීමේ අදහසින් කතරගම පැමිණි සියළු අහිංසක මෝඩ ජනතාවට ආරක්ෂාව සැලසුවෙමි.

      ඔබගේ මේ අහිංසක උත්සාහය තැන තැන පබ්ලිශ් කරමින් යම් මෝඩයෙක් ආතල් එකක් ගන්නා බව පෙනේ. ඔවුන් සදහාද දඩුවමක් අවශ්‍යනම් කරුණාකර නොපමාව මා ඔබගේ බ්ලොග් සටහන හරහා මා සම්බන්ධ කරගන්න.

      ප.ලි: ලින්ක් දැමීමට ලින්ක් දමන දෙවියන්ගේ අවසරය ලබා දීම ගැනද තුති.

      තෙද බල ඇති කඳ සුරිඳු

      Delete
  3. ANO MOKADA JOTHISHA ARANA COPY KALE

    ReplyDelete

Post a Comment

මාතෘකාවට අදාළ නැති හා වෛරී අදහස් ඉවත් කිරීමට ඉඩ ඇති බව කරුණාවෙන් සලකන්න.

Popular posts from this blog

තේරවිලි: සුපුන් සඳක් ඇත. මැදින් හිලක් ඇත.

පාසල් අධ්‍යාපනය ගැන කතා තුනක්

හමුදා කුමන්ත්‍රණ ගැන ලෝකෙට දුරකථනයෙන් කිව්වෙ බීලා වෙන්න ඇති -ෆොන්සේකා