ශාස්ත්‍රාලීය බුද්ධිමතා හා දේශපාලන ක්‍රියාධරයා
(මෙය ශාස්ත්‍රීය අධ්‍යයනයක් නො වන බව කරුණාවෙන් සලකන්න. මෙය සංවාදය අරමුණු කර ගත් දේශපාලන ලියවිල්ලකි)
දීප්ති කුමාර ගුණරත්න හා නිර්මාල් රංජිත් දේවසිරි අතර නො කෙරෙන විවාදය ආශ්‍රිතව සමාජය වෙනස් කිරීමේ දේශපාලනයේදී දේශපාලන ක්‍රියාධරයා හා ශාස්ත්‍රාලීය බුද්ධිමතා යන දෙදෙනාගේ භූමිකාවන් පිළිබඳ යම් සංවාදයක් ඇති වී තිබේ.
සමාජය වෙනස් කිරීම යනු දේශපාලන කාර්යයක් නිසා එහි මූලික වගකීම තිබෙන්නේ දේශපාලන ක්‍රියාධරයාට ය. එහෙයින් විපර්යාසයේ වැදගත් ම දායකයා වන්නේ ඔහු ය.
ශාස්ත්‍රාලීය බුද්ධිමතාගේ කාර්යභාරය ඊට වඩා වෙනස් එකකි. ශාස්ත්‍රාලීය බුද්ධිමතා ශාස්ත්‍ර විද්‍යානුකූල ක්‍රමවේද භාවිතා කරමින් ශාස්ත්‍රීය අධ්‍යයන හා පර්යේෂණ කරයි. ඒ ඔස්සේ නිගමනවලට එළඹෙමින් මතවාද ඉදිරිපත් කරයි. ඒවා පිළිබඳ සංවාද පවත්වාගෙන යයි.
ශාස්ත්‍රාලීය බුද්ධිමතාගේ බුද්ධිමය නිෂ්පාදන දේශපාලන ක්‍රියාධරයාට අතිශය වැදගත් ය. දේශපාලන ක්‍රියාධරයා ඒවා උපයෝගී කර ගනියි. ඒවා ඔහුට/ඇයට මග පෙන්වයි. එහෙත් දේශපාලන ක්‍රියාධරයාගේ කටයුතු තීරණය වන්නේ අරගල භූමියේ ඓතිහාසික, භූගෝලීය හා සමාජ ආදී සාධක මතයි. දෘෂ්ටිවාදයන් ඔහුගේ භාවිතාව තුළ පරීක්ෂාවට ලක් වේ.
දේශපාලන ක්‍රියාධරයා මත ශාස්ත්‍රාලීය බුද්ධිමතාගේ ආධිපත්‍යය ධනේශ්වර දේශපාලන අවකාශයේදී ක්‍රියාත්මක වන්නේ සුමට ලෙසයි. නිදසුනක් ලෙස, ආර්ථිකය සම්බන්ධයෙන් කෙතරම් විද්වතුන් සිටියත්, ලංකාවේ ආර්ථිකය හසුරුවන්නේ මහින්ද, බැසිල්, ගෝඨාභය බෑයන් හා පී.බී. ජයසුන්දර, අජිත් නිවාඩ් කබ්රාල් වැනි ඔවුන්ගේ ගජ මිතුරන් කීප දෙනෙකු විසිනි. එහිදී ශාස්ත්‍රාලීය බුද්ධිමතුන්ගේ විද්‍යාත්මක ක්‍රමවේද අදාළ කර ගන්නා සීමාව දේශපාලන බලය විසින් සලකුණු කරනු ලැබේ.
එහෙත් වාමාංශික දේශපාලන අවකාශය තුළ මෑතක සිට ශාස්ත්‍රාලීය උණක් වැළඳෙමින් තිබේ. වාමාංශික නැඹුරුවක් සහිත ශාස්ත්‍රාලීය බුද්ධිමත්තු දේශපාලන අරගලය මත සිය ආධිපත්‍යය පතුරුවන්නට දරණ උත්සාහයක් නිරීක්ෂණය කළ හැකි ය.
ඔවුහු සිය ශාස්ත්‍රාලීය ශික්ෂණය නම් ගිනි අවි අමෝරාගෙන පැමිණ දේශපාලන ක්‍රියාධරයා අරගළ භූමියෙන් පළවා හරින්නට උත්සාහ කරන ආකාරයක් දක්නට ලැබේ. මෙය වහා පිටු දැකිය යුතු තත්වයකි.
මෙහිදී මූලික වරද කර ගත්තේ දේශපාලන ක්‍රියාධරයා විසිනි. ඒ සිය අනන්‍යතාව වෙනුවට ශාස්ත්‍රාලීය බුද්ධිමතාගේ අනන්‍යතාව වැළඳ ගන්නට උත්සාහ කිරීමෙනි. දේශපාලන ක්‍රියාධරයා තම ක්‍රියාකාරිත්වය ශාස්ත්‍රාලීය බුද්ධිමතාගේ ශාස්ත්‍ර විද්‍යාත්මක උපකරණ මත පදනම් කර ගත යුතු නැත. ඒ වෙනුවට තමන්ගේ විද්‍යාව හඳුනා ගැනීමට පර්යේෂණ පැවැත්වීමට අවස්ථාවක් ශාස්ත්‍රාලීය බුද්ධිමතාට ලබා දිය යුතු ය.
මේ සිද්ධිය දීප්ති වැනි දේශපාලන ක්‍රියාධරයන් හා නිර්මාල් රංජිත් දේවසිරි වැනි ශාස්ත්‍රාලයීය බුද්ධිමතුන් අතර සිදු වූ හැටි විමසා බලමු. X කණ්ඩායම සමාජ දේශපාලන සංවාදයට මැදිහත් වන්නේ ශාස්ත්‍රාලීය ශික්ෂණය බල්ලාට දමා දේශපාලන ස්වරූපයකින් ශාස්ත්‍රාලීය බුද්ධිමතුන් ප්‍රශ්න කරමිනි. නිර්මාල් රංජිත් දේවසිරි ද සිය දේශපාලනයේ දෙවන අවධියේ දේශපාලනිකව තහවුරු වන්නේ මෙම අරගළය හරහා ය.
සුනාමි දවසේ කැඩී බිඳී යාමෙන් පසු, X කණ්ඩායම තුළ ශාස්ත්‍රාලීය ශික්ෂණයට මුල් තැන ලැබෙන්නට පටන් ගන්නේ කල්‍යා, මධූවන්ත වැනි දේශපාලන ක්‍රියාධරයන් වෙනුවට නිර්මාල්, ප්‍රභා වැනි ශාස්ත්‍රාලීය බුද්ධිමතුන් ද, ශාස්ත්‍රාලීය ශික්ෂණයට මුල් තැන දෙන විශාල පිරිසක් ද නව කණ්ඩායමේ ආධිපත්‍යය තහවුරු කර ගනිමිනි. හෙරිටේජ් ඉනීෂියේටිව් වැනි ව්‍යාපෘති ඔස්සේ දේශපාලන ක්‍රියාධරයා ශාස්ත්‍රාලීය ශික්ෂණයෙන් මෙල්ල කිරීමේ හා දේශපාලන ක්‍රියාධරයා ශාස්ත්‍රාලීය ශික්ෂණ විද්‍යාවේ නිර්ණායකවලින් ඇගයීමේ උත්සාහයක් තිබිණි. ශාස්ත්‍රාලීය බුද්ධිමතා ඉදිරියේ ක්‍රියාධරයාගේ දන නැමීම සංකේතාත්මක කළ චරිතයක් වන්නේ බාහිර උපාධි, ශාස්ත්‍රපති උපාධි ආදිය හරහා ශාස්ත්‍රාලීය බුද්ධිමතකු වන ගමන් මගක සිටි ප්‍රදීප් ය. අප දන්නා ප්‍රදීප් යනු මකලා හැදිය නො හැකි දේශපාලන ක්‍රියාධරයෙකි. වෘත්තීය වශයෙන් ඉංජිනේරුවකු වූ නිශාන්ත කුලරත්න තුළ පවා මම නම් දුටුවේ සුන්දර දේශපාලන ක්‍රියාධරයකු මිස ශාස්ත්‍රාලීය බුද්ධිමතකු නො වේ.
X කණ්ඩායම විසින් ප්‍රවර්ධනය කරන ලද ශාස්ත්‍රාලීය ශික්ෂණයේ පරමාදර්ශය නිර්මාල් වන්නට පුළුවන. ඔහු එතරම් ම ප්‍රජාතන්ත්‍රවාදී භාවිතාවක් ඇත්තෙකි. තමන් නිර්දය අන්දමින් විවේචනය කරන මිනිසුන් සමග පවා කිසිදු අහිතක් නැතිව සම්මුඛ වීමේ දුලබ මිනිස් ගුණයක් නිර්මාල් තුළ ඇත. එහෙත්, ශාස්ත්‍රාලීය ශික්ෂණය හා දේශපාලන ක්‍රියාකාරිත්වය යනු නො පෑහෙන සත්‍යයන් දෙකකැයි මම සිතමි. නිර්මාල් ප්‍රජාතාන්ත්‍රික සංවාදයකින් දීප්ති පැරදවීමට යද්දී දීප්ති කියන්නේ නිර්මාල් හෙළිදරව් කරන බවයි. හෙළිදරව් කරනවා ය යන්නෙන් ඔහු අදහස් කරන්නේ නිර්මාල්ගේ පවුල තුළ අර්බුදයක් නිර්මානය කිරීම මිස අන් කුමක් ද? එහෙත්, දේශපාලන ක්‍රියාධරයන්ගේ හැටි එහෙම ය. මා පවා සිටින තැන වන්නේ හිරු කණ්ඩායමේ ශාස්තෲන් නිරුවත් කළ යුතු ය කියන තැන ය. එය සමාව දීමේ උතුම් මානව ගුණය සමග නො පෑහෙන බව ඇත්තකි. එහෙත්, දේශපාලනයේ හැටි එහෙම ය. මම එය හරි යයි නො කියමි.
දීප්ති ද ශාස්ත්‍රාලීය ශික්ෂණ කාමයෙන් ආසාදනය වී සිය අනන්‍යතාව නැති කර ගත්තේ ය. සැබෑ ශාස්ත්‍රාලීය ශික්ෂණයක් නැති බුවාලා ඇකඩමික් වෙන්නට යාම ඇත්තෙන් ම ජෝක් එකකි. මන්ද, එයින් වන්නේ ඇකඩමික් වීම නො ව, සිය ඇකඩමික් හීනමානය ප්‍රදර්ශනය වීමයි. මේ උණ හිරු කණ්ඩායමට ද බෝ වි තිබුණු අතර, සටන්කරුවාට වඩා පොත් කියවන්නා උඩ යන්නට පටන් ගත්තේ ය. "අහවල් පොත් කියෙව්වද, කියෙව්වෙ නැතිනම් ඔයා දේශපාලනය දන්නෙ නැහැ," වැනි කියමන් මේ දේශපාලන ව්‍යාපාර තුළ නිතර ඇසෙන්නට විය.
අනෙක් පැත්තෙන් ශාස්ත්‍රාලීය ශික්ෂණය යනු ධනේශ්වර අධ්‍යාපන දෘෂ්ටිවාදයන් මත පදනම් වූ එකක් ය යන්න ද එය හිස් මුදුනින් වැළඳ ගත් අයට අමතක විය.
දේශපාලන ක්‍රියාධරයාට පොත් යනු තමන් කියවන බව ප්‍රදර්ශනය කරමින් අනුන් මත බලය පැතිරවීම සඳහා ඇති ආයුධයක් නො වේ. දැනුම යනු ඔහුට සිය විප්ලවීය ජීවිතය ගොඩනඟා ගැනීම සඳහා ඉවහල් වන පෝෂණ මාධ්‍යයකි.
දේශපාලන ක්‍රියාධරයා මත ආධිපත්‍යය පිහිටුවන්නට ශාස්ත්‍රාලීය බුද්ධිමතාට කිසි සේත් ම නො හැකි ය. එවැනි උත්සාහයකින් සිදු වන්නේ දේශපාලන ක්‍රියාධරයාත් ශාස්ත්‍රාලීය බුද්ධිමතාත් අතර සුවිසල් පරතරයක් නිර්මානය වීම පමණි.
අසවල් පොත කියවා තිබේදැයි සෙසු අයගෙන් උජාරුවෙන් අසන අනුකාරක බුද්ධිමතුන්ට අනුකම්පා කළ යුතුව තිබේ. දැනුමින් මිනිසකු ලැබිය යුතු පළමු ශික්ෂණය වන්නේ දැනුම අවියක් ලෙස නො ව මෙවළමක් ලෙස භාවිතා කිරීමයි.
මේ ලිපිය වෙන අයත් එක්කත් බෙදා ගන්න. උපුටා ගන්නවා නම් මෙතැනින් ගත් බව කියන්න
Read in English blog.parakum.com

දීප්ති කුමාර ගුණරත්න යනු කිසිම අධ්‍යාපන සුදුසුකමක් / ඉංග්‍රීසි කුසලතාවයක් නොමැති වීම නිසා හීනමානයෙන් පෙලෙන්නෙකි. ඔහු වීරයෙකු වී සිටින්නේ ගිරවා දමා උපාධි ලබා ගැනීමේ හැකියාව තිබෙන අන්තර් ජාතික වශයෙන් කොලිටියෙන් අඩු ලංකාවේ විශ්ව විද්‍යාල වලින් පිට වන තුටටු දෙකේ ශාස්ත්‍රාලීය පුස්සන්ට චැලෙන්ජ් කිරීමෙනි. නියම ශාස්ත්‍රාලීය බුද්ධිමතුන් මෙවැනි හීනමාන රෝගීන් සමග වාදයට නොයන්නේ අසූචි නා ගත් ඌරා සමග සටන් කිරීම සිංහයන් නොකරන බැවිනි
ReplyDeleteමෙවැනි හරවත් ලිපියක අන්තර්ගත සත්‍යවත් තේරුම් හත නොහැකි උබ වැනි මුග්ද මැට්ටෙක් ගැන අනුකම්පා කරමි. ලිපියේ පෙන්නුම් කරන කරුණු ටික අධ්‍යනය කරපන්. පැරා මොනවද පෙන්නුම් කරන්නේ කියලා. අනෙක් අතට මෙරට විශ්ව විද්‍යාල වලින් පිටවන් නන් "ලංකාවේ විශ්ව විද්‍යාල වලින් පිට වන තුටටු දෙකේ ශාස්ත්‍රාලීය පුස්සන්" යැයි පවසන උබගේ ඇති "ශාස්ත්‍රාලීය බුද්ධිමකම" කුමක්ද? උබ කරපු "ශාස්ත්‍රාලීය බුද්ධිමත් කම්" මොනවාද? නිකන පලයන් ඩො යන්ඩ කට තිබුණ පලියට වාචාල කථා නොකියා. තමන් ගේ අනන්‍යතාවයත් පෙන්නුම් කරන්ඩ බැරි නිවටයෙක් අනුන් ගේ අනන්‍යතා ගැන කථා කරන එක "ගූ කප්පරක් නාලා, පඩ ගදට බනින" ගොබ්බයෙක්ව මතක් කරනවා....
Deleteමුන් කරන්නේ වචන උඩප්පරන් ගැසීමකි.
Deleteපෙරටුගාමී සමාජවාදි පක්ෂය මේ දින වල කරගෙන යනු ලබන සංවාද ක්‍රියාවලියට අදාලව ඔබ(අජිත්) මෙය පැහැදිලි කරන්නේ කෙසේද කියා දැන ගන්නට කැමතියි
ReplyDeleteඇත්තෙන්ම මම ඒ ගැන කියන්නට නො දනිමි. පෙරටුගාමී පක්ෂයේ අය අප සමග සම්බන්ධකම් පවත්වන්නේ පරතරයක් තබාගෙන ය.
Delete
ReplyDeleteබුද්ධිමතා සහ ක‍්‍රියාධරයා දෙදෙනෙකු වූ යුගයේ සිට පැනනැගුණු බරපතල ප‍්‍රතිවිරෝධයක් ඇත. මේ යුගයේ පවතින්නේ මෙම දෙදෙනාගේ ගැටුම සහ ඒකත්වය තුළින් සමාජය පවත්වාගෙන යාමයි. එහෙත් නිරන්තරයෙන් එකිනෙකා පරයා අනෙකා ඉස්මතුවීමට කෙරෙන අරගලය සෑම තැනකම දක්නට හැක. මේ දෙදෙනාම වෙන වෙනම ප‍්‍රග්ධනය විසින් මිලදී ගැනීම ද සිදු වේ. ඒ අතර පැහැදිලිවම බුද්ධිමතා ක‍්‍රියාධාරයාව යටකරගැනීමේ නිරන්තර උත්සාහයක සිටී. එයින් මිදීමේ නිරන්තර උත්සාහයක සහ යටකරගැනීමේ උත්සාහයක ක‍්‍රියාධරයා ද සිටී. පසුගිය කාලය පුරාම අසීරුවෙන් වුවත් බුද්ධිමතා විසින් සාර්ථක ලෙස ක‍්‍රියාධරයා යට කරගෙන ඇත. එහෙත් මේ ප‍්‍රථිවිරෝධය නැවත මානසික ශ‍්‍රමය සහ කායික ශ‍්‍රමය එකක් වූ දෙයක් බවට පත් වූ යුගයක විසඳෙනවා ඇත. එතෙක් එය නොනවතින අරගලයක්ම වනවා ඇත.
අන්න අරුණි ෂපිරෝ අරෙහෙ පුකත්වය විතරක් නොව රෙදි සේරම ගලවගෙන මුලු සර්වාන්ගයම ප්‍රදර්ශනය කරනවා
ReplyDelete//එහෙත්, දේශපාලන ක්‍රියාධරයන්ගේ හැටි එහෙම ය. මා පවා සිටින තැන වන්නේ හිරු කණ්ඩායමේ ශාස්තෲන් නිරුවත් කළ යුතු ය කියන තැන ය. එය සමාව දීමේ උතුම් මානව ගුණය සමග නො පෑහෙන බව ඇත්තකි. එහෙත්, දේශපාලනයේ හැටි එහෙම ය. මම එය හරි යයි නො කියමි.//
ReplyDeleteදේශපාලන ක්‍රියාධරයන්ගේ හැටි හැමවිටම එහෙමද? ඉතිහාසයේ අපදුටු විකොස - ගම්ලත්, නසසප - වාසු හෝ අඩුවශයෙන් ජවිපෙ - විමතිකයන් වැනි වාම පක්ශ භේද වලදී එකිනෙකා නිරුවත් කරගැනීමේ උත්සාහයන් / පෞද්ගලික මඩ ප්‍රහාර අප දුටුවේ නැහැ නේද? 'භ්‍රශ්ටයා', 'ද්‍රෝහියා', 'පාවාදෙන්නා' වැනි වචන කොතරම් ශිශ්ට සම්පන්නද!?! ඊට එකහෙලා ප්‍රතිවිරුද්ධ ලෙස දීප්ති - නිර්මාල් වැනි භේද පෞද්ගලික බැන අඩගසා ගැනීමේ පහත් තත්වයට වැටුනේ කොහොමද? හුදෙක් දේශපාලන ක්‍රියාධරයන්ගේ හැටිද!?! නැතහොත් වැඩබිමේ, ගොවිපලේ, කාර්යාලයේ වැඩ කරන ජනතාව සමග ගැටෙමින් නොව හුදෙක් කලාව තුල, සංවාද කව තුල, මනස් තුල (සෞන්දර්යවාදී) සමාජවාදයක් අත්හදාබලන්නන්ට අත් කර ගත හැකි ශිශ්ටභාවයේ අනිවාර්ය සීමාවද? මෙම සමානකම මේ කියන වර්ගයේ සංවිධාන (X, හිරු ආදී) වල, වෙසෙන්නන් තුල, හැරයන්නන් හරහා අපි හොඳින් අත්දකිනවා නේද?
වෙනත් වචනවලින් කියනවානම්, වැඩබිමේ, ගොවිපලේ, කාර්යාලයේ වැඩ කරන ජනතාව සමග උරෙනුර ගැටෙමින් සහ අරගල, වර්ජන හරහා ගමන් කරමින් නොව හුදෙක් කලාව තුල, සංවාද කව තුල, මනස් තුල කරන සමාජවාදය ඊට අවශ්‍යකරන පන්නරය, දැනුම, ශික්ශනය හෝ විනය අත්කරනොගන්නා බවයි මගේ අදහස. කොටින්ම මේ එවැනි සංවිධානවල සහ ඒවායේ වෙසෙන්නන්ගේ අනිවාර්ය ඉරනමයි!
- Dimithri
වැඩ කරන ජනතාව කියන්නේ අමුතු සමාජ කණ්ඩායමක් නො වෙයි. මෙකී දේශපාලන කණ්ඩායම්වල ඉන්න නායකයන් කීපදෙනෙකු හැර අනෙක් අයත් වැඩ කරන ජනතාවම තමයි.
Deleteමේ තමයි යථාර්ථයේ ඉන්න වැඩ කරන ජනතාව. මේ අය නො වන වැඩ කරන ජනතාවකුත් ඉන්නවා.
එහෙත්, අතර වැඩ කිරීමෙන් ඔබ කියන අන්දමේ "පන්නරය, දැනුම, ශික්ශනය හෝ විනය" ලබා ගත හැකි ජනතාව නම් මම හිතන්නේ ෆැන්ටසියක්.
ජනතාව පරිකල්පනය කරන්න බැහැ.
මට නම් මේ හැම එකකින්ම පෙන්නුම් කරන්නේ වාමාංශික ව්‍යාපාර වල තියෙන බන්කොලොත් භාවයි. ඒවා ඒ තරමටම වද බැහැලා. පටන් ගැන්මේ ඉදලම එවැනි ව්‍යාපාර වල තියෙන්නේ අසාර්ථක භාවයයි. ලොව පුරාම එවැනි ව්‍යාපාර වල අසාර්ථක භවයක් තියෙන්නේ. නිර්මාල් බුද්ධිමතෙක් වන්නේ වාමාංශික ව්‍යාපාර වලටයි. නමුත් අපිට නම් ඔහු වැනි විශ්වවිද්‍යාල ඇකඩමියාව යනුම "බටහිර දැනුම අනුකාරක ලෙස වැලද ගත්, බටහිර දැනුමට දීනකම්, දාසකම් කරන, පුස්සන් පමණි." තමන් ගේ ම යැයි සංකල්පයක් ප්‍රවාදයක් ඉදිරිපත් කර ගන්ඩ බැරි මෙම ඇකඩමිකයන්ට කල හැකි එකම දේ "බටහිර දැනුමේ සේල්ස් රෙප්" වැඩේ විශ්ව විද්‍යාලවල සිට කිරීම පමණි. මෙයට මෑත උදාහරනය "වංගීස සුමනසේකරයි" ඔහු "මෙසයු" ද කවුද කියලා පොරක් මේ රටට ප්‍රමෝට් කිරීමට වලි කයි. ඒත් මෙසයුව තබා වංගීසයාව වත් පොදු මහජනතාවට පඩයකට වටින්නේ නැත. මෙසයු කියෙවුවේ නෑ කියා අපි බඩ ගින්නේ ඉන්නවාද? අපේ ගෑණුන්ට ළමයි හම්බෙන් නැද්ද? වාමාෲශික දේශපාලන ක්‍රියාධරයන් වාමාංශික ඇදුරන්ව මේ මහ පොලව තුල සත පහකට ගණන් නොගනී. අද උන් උන් කුලල් කා ගැනීමක් පමණක් සිදුවේ. සමානත්මතාවය, සහෝදරකම, සමාජවාදය, ප්රජාතන්ත්රවාදය, මිනිස්කම, මානව අයිතීන් ගැන කථා කරන වමේ උන්ගේ හැටි අපි හොද හැටි දනිමු. මුන් මුන් අතරම කොතරම් කුලල් කා ගැනීම් තිබේද? මගේ නම් අදහස මේ රටේ සිටින සියලුම "තමන් වාමාංශික යැයි කියා ගන්නා" උන් ටික කුදලා ගෙන ගොස් පාලු දූපතකට අතහැර තොපගේ සමාජවාදය, කොමියුනිස්ට් රාජ්‍ය එහි හදා පෙන්වන ලෙස උන්ට අභියෝග කිරීමැයි. එදාට මුන්ගේ ඇති ජඩ කම්, මුග්ද කම්, අතාර්ථික බව මුලු සක්වලටම බලා ගත හැකිය. නියාය කෝටි ගනන් ගොඩ ගසා, වාද කොට, ඊනියා විප්ලව කරුවන් බඩගින්නේම මිය යනු ඇත. වාමාංශික ව්‍යාපාර යනුම කයිවාරුවක් පමණි. අවසන් වශයෙන් පහත නිර්මාල් විසින් ලියූ ලිපිය බලන්න. එහි ඔහුගෙන් අසා ඇති එකදු හෝ ප්‍රශ්නයකට ඔහු පිලිතුරු නොදෙයි. එයින්ම ඔහුගේ වද බැහැපු උගත්කම මොනවට ඔප්පු වේ. අදෝමැයි!
ReplyDeletehttp://demalageprashnaya.blogspot.com/2013/08/blog-post_30.html
ඔබගේ කොමෙන්ටුවේ "පුක, පඩ" සංගණනය පහත පරිදිය....
Deleteපුක : 00
පඩ : 01
ඉතාම හොද ප්‍රගතියක් ඔබ ප්‍රතිකාර තුලින් ලබා ඇති බව පෙනේ.... දිගටම ප්‍රතිකාර ගන්න....
Congratulation.. You are almost there.... keep it up bro...
මේ කොමෙන්ට් එකේ සාරාංශයට මම කැමතියි, මොකද ප්‍රයෝගිකත්වයක් නොමැති දහස් ගනන් න්‍යායන් දර්ශනයන් කන්නද? සමහර විට උන් කන්නෙ එක විකුණල හින්දා උන්ට එක හරි වෙන්න පුලුවන්.
Delete-ප.ගෝ.
මුන් කරන්නේ වචන උඩප්පරන් ගැසීමකි.
Deleteතුෂාන් කියල තියෙන දේ 100% ක් මම මේ මොහොතේ පිලිගන්නව. පිළිගන්නව විතරක් නෙවෙයි මම ක්‍රියාත්මක වෙනව. සියලු විකාර සිතිවිලි මගේ හිතින් ඉවත් කර ගන්න.
ReplyDeleteමේ අජිත් පැරකුම් ජයසින්හගෙ ලිපි 90% කට වඩා මම කියවල ඇති, මොකද්ද උනේ 2009 ඉදල බ්ලොග් එක ලියනව, කිසිම සමාජ වෙනසක් කරන්න පුළුවන් උනාද? එයා එයගෙ ආතල් එක ගන්නව විතරයි. ඒ කාලෙ ඉදල මම ගොඩක් අසාවෙන් කියෙව්වෙ. හබැයි අජිත් කියන්නෙ කව්ද කියල නම් දැන් අදහසක් තියෙනව.
ReplyDeleteනෑ අජිත් පැරකුම් විශාල සේවයක් ඔහුගෙ බ්ලොග් එකෙන් කරනවා.ඔහුගෙ මත 99% ක්ම ප්‍රතික්ෂේප කරන මමත් ඔහුට ගරු කරන්නෙ ඒ නිසයි.
Deletehttp://arunishapiro.wordpress.com/2013/09/11/%E0%B6%87%E0%B6%AD%E0%B7%8A%E0%B6%AD-%E0%B7%83%E0%B7%94%E0%B6%B1%E0%B7%92%E0%B6%BD%E0%B7%8F-%E0%B6%85%E0%B6%B6%E0%B7%9A%E0%B7%83%E0%B7%9A%E0%B6%9A%E0%B6%BB-%E0%B6%9A%E0%B7%80%E0%B7%94%E0%B6%AF/
ReplyDeleteThis comment has been removed by the author.
ReplyDeleteඑකල වාමාංසිකයෝද, මනෝ විස්ලේසකයෝද, බ්ලොග් කාරයෝද, අනෙකුත් ඇට්ටිවිස් ලාද කෙස් පලා ගනිමින් මද කමින් සතුටු සයුරේ කිමිදෙමින් නාමින් පීනමින් සිටියහ. ඒ අතරේ ධනවාදය නම් පුංචි මකුලුවා උඩට යටට හරහට දිගට සිය දැල එලාගෙන එලාගෙන එලාගෙන යමින් ඉහත කී සියලු දෙනාගේම කිරිපල්ලේ පවා දැල් බැන්දේය. දැන් ඔක්කෝටම තවත් සතුටුය.
ReplyDeleteමම කියන්න උත්සහ කරේ අජිත් පැරකුම්ගෙ උත්සහය ලස්සන ලෝකයක් වෙනුවෙන් මේකෙ වෙනසක් අති කිරීමට දායක වීමම නෙවේ. දීප්ති ගැන නම් මම මෙලො දෙයක් දන්නෙ නෑ. එයාගෙ කතා කීපයක් අහල තියෙනව. ඔක්කොම ඉතින් මේව වල ඉන්නෙ කතා කරයොනෙ. නිර්මාල් කරන මගුලකුත් නෑ නිර්මාල්ට බැරි නම් මේ ඔක්කොමලව එකතු කරන්න. බැරිද මේ වෙනම ඉන්න සෙට් ඔක්කොටම එකතු වෙන්ඩ. මෙකත් ඒක වගේම බොරුක්ම තමයි. මම නම් ඔය ලොකු වචන දන්නෙ නෑ අප්ප... තේරෙන විදියට වචන කීපයක් ලිව්ව ඔන්න. අජිත් අයිය විවෙච්න භාර ගන්නව කියන මතයෙ මම ඉන්නව.
ReplyDeleteමම මේ පලවෙනි වතාවට කමෙන්ට්ස් දාන්නෙ... මොකද මට නම් එහෙම ලොකු දැනුමක් නෑ ඔයාලට කමෙන්ට්ස් වලින් කියල දෙන්න තරම්. අපි ඉන්න අසූචි ගොඩේ ඉදල බැලවෙ මේකෙ නම් වෙනස් දෙයක් ඇති කියල හිතලයි. දැන් පේනව මේකෙ ඉන්නෙ අසුචි කන අය. මට වචන ගලපන්න එච්චරම තේරෙන් නැති නිසා වෙන කෙනෙක්ගෙන් ගත්තෙ වරහන් අතුලෙ තියෙන වාක්ය (සමානත්මතාවය, සහෝදරකම, සමාජවාදය, ප්රජාතන්ත්රවාදය, මිනිස්කම, මානව අයිතීන් ගැන කථා කරන වමේ උන්ගේ හැටි අපි හොද හැටි දනිමු. මුන් මුන් අතරම කොතරම් කුලල් කා ගැනීම් තිබේද?) සමජවාදය කියන එක ඇරුනම සමානත්මතාවය, සහෝදරකම,ප්රජාතන්ත්රවාදය, මිනිස්කම, මානව අයිතීන් කියන දේවල් ටික ගැන නම් මට අදහසක් තියෙනව. ඔය ලොකු වචන දාගෙන සමජවාදය කතා කරන මිනිස්සු ගැන හොදට ඉගෙන ගන්න ලැබිච්ච අවස්තවක් මේක. දීප්ති ගැන මම දන්නෙ නෑ මම නම් ඔය X කියන එක තියෙන කාලෙ මේ දෙවල් ගැන මෙලෝ දෙයක් දන්නෙ නෑ X කියල එකක් තිබුන කියල දන්නෙ 2010 වගේ. ඇත්තටම මේ ලංකාවෙ මිනිස්සුන්ගෙන් කී දෙනෙක්ද මේ X කියල එකක් ගැන දන්නෙ? දීප්තිගෙ කතා කීපයක් අහල තියෙනව ඉන්ටනෙට් එකේ. දීප්තිගෙ කතා නම් මරු අප්ප... අජිත්ගෙ ලිපිත් මරු නෙ....එතකොට සුමිත් චාමින්දත් නියමයි... අනුරුද්ද ප්රදීපුත් මරු.. ප්රදීප් ජයරත්නත් මරු.....තව ඉන්නව නේද ලොකු ලොකු කතා කාරයො එයාලත් මරු... නිර්මාල් ගෙන් ඇති වැඩක් නෑ කොච්චර ලොකු වැඩ කරන්න ගියත් මේ සෙට් ඔක්කොම එකතු කරල ලස්සන ලෝකෙ හදන එකට මුලපුරන්නවත් බෑනෙ.... අනෙ මේ බොරු බයිල මේ ඔක්කොම කරල තියෙන්නෙත් තම තමන්ගෙ ලෝකවල් වෙන වෙනම හදා ගන්න උත්සාහ කරන එක. මට නම් වැඩක් නෑ එක එක්කෙනාගෙ ඔපා දූප ( අරයගෙ ගෑනිට අරු ගැහුව, අරය කරන්නෙ ගනිකාවො සප්ල්යි කරන එක වගේ දේවල් ) ධනවදයේ ගිලිල ඉන්න අයට වඩා මෙයලගෙ ඇති වෙනස මොකද්ද? ප්රසිද්ධ විවාද තියන්න කට්ටිය ලෑස්තිය. මං වගේ ඔය වාමාන්ශික උගුලෙ හිර වෙලා කර කියා ගන්න දෙයක් නැතුව ඉන්න ඕන තරම් කොල්ලො මම දන්නව... ඔය ලොකු කතා කියන ඔක්කොටම කියන්නෙ බොරු විකාර කොල්ලන්ගෙ ඔලු වලට දාල අහින්සකයන්ව අමරුවෙ දාල එකම සෙට් එක එකතු වෙලා දාර්ශනික නියායන් ගැන කතා කරනව, හමදාම ඉතින් ඔය සෙට් එකම තමයි, ගොඩක් අයට කරගන්න බැරි උන වැඩ ටික කර ගන්න මේ වගේ දේවල් වලට සම්බන්ධ වෙනව, ඊට පස්සෙ තමන් හොදයි කියල හිතන රටකට පැනගන්නව, සමහර අය එන් ජි ඕ එකේ ජොබ් එක කර ගන්න වාමන්ශික වෙනව මට පොඩ්ඩක් කියනවද දැන් අවුරුදු කීයක් කී දෙනෙක් ඔය වගේ දේවල් කරාද? මුකුත් උනාද? මේ ඔක්කොම බොරු කාරයො... කයිවාරු කාරයො. බලන්න මෙයාලගෙ හැසිරීම දිහා... තව අලුත් අලුත් වචන හොයාගෙන කියව කියව ඒව වලින් එක එකෙනාට බැන බැන ඉන්න. ලස්සන ලෝකෙ බලගෙන ඉන්නව අපි එනකල්
ReplyDeleteමේ කරුණු සංවාදයට භාජනය කිරීමෙන් වමට නැඹුරු වන අලුත් අයගේ ඔලු අවුල් වෙනවා කියා සමහරු චෝදනා කරනවා.
Deleteඒත්, මම නම් හිතන්නේ මෙහෙමයි. අපි මානුෂිකත්වයේ සුරංගනා ලෝකයක් ම්‍වා පාලා කාව හෝ මෙතැනට ආකර්ශනය කර ගන්න එක වැරදියි. අපටත් ඒ දේ වුණා. අපිත් මතුපිට සුන්දරත්වයට වශී වුණා. ඒත්, වාම දේශපාලන යටිතලයේ තිබෙන අන්ත ප්‍රතිගාමී, දක්ෂිණාංශික ලක්ෂණ නිසා අපි ජීවිතෙන් ම බැට කෑවා.
කවුරු හරි වමට නැඹුරු වන්නේ ධනවාදය අසාර්ථක ය කියලා යම් අවබෝධයකින් යුක්තව විය යුතුයි. එහිදී අප සෙවිය යුතුයි, ධනවාදයට විකල්පය කුමක් ද කියලා. ධනවාදයට ගොදුරු වූ ජීවිත වෙනුවට අත්පත් කර ගැනීමට උත්සාහ කළ යුතු විකල්ප මිනිස් ජීවිතය කුමක් ද යන්න අපි සිතා බැලිය යුතුයි.
වාමාංශික අවකාශය කියන්නේ ප්‍රෝඩාවකින් මිනිසුන් රවටන එකක් නො විය යුතුයි. සියල්ලට පළමුවෙන් අපේ අඩුපාඩු විවෘතව කතා කළ යුතුයි කියන තැන මම ඉන්නේ ඒ නිසා. බොඳ ආකර්ශනයකින් මෙහි එන අයට මෙය ප්‍රශ්නයක් වේවි. ඒත්, ඉතිහාසයේ මෙතෙක් වුණේ එහෙම ආපු අය පසුව වාමාංශික අවකාශය වෙත ආපසු නො එන්නට ම ගිය එකයි.
අද කාලෙ මිනිසුන් වමට එන්නට ඕනෑ වමක් නිර්මානය කරන්නට බලාගෙන මිසක් මේ තියෙන දක්ෂිණාංශික වමේ ප්‍රෝඩාකාරී ආකර්ශනයට වශී වෙලා නො වෙයි.
අලුත් වමක් නිර්මානය කිරිම ?
Deleteඅජිත් මේක කරන්නේ කොහොම්ද ?
පැවති හා පවතින වමේ නායකයන්ගේ දුර්වල කම් හෙලි කිරිමෙන්ද ?
එතකොට ඔබේ හා නායකයො නොවන අයගේ තත්වය කුමක්ද?
නායකත්වයේ තිබු හා තිබෙන දුරවල කම් හෙලි කරනවා යන්න හුදු, අරයා මේක කලා මේයා අරක කලා වැන්නක්ද?
නැතිනම් ඇයි එහෙම කලේ හා උනේ යන්න පුලුල් සන්දර්බයක තබා දේශපාලනිකව විග්‍රහා කරගැනිමක් තුලින්ද?
නමුත් මේය කිරිමට හැදැරිමකුත් කල යුතු වෙනවා නේද? ඔබ හැදැරිම් වලට විරුද්දයි නේද ?
අපි හැදෑරීම්වලට විරුද්ධයි කියලා කොහේවත් කියලා නැහැනේ. ඔබ ශාස්ත්‍රීය හැදෑරීම් කරන කෙනෙක් නම්, ඇයි නිර්නාමිකව මෙහෙම වැරදි අදහස් ප්‍රචාරය කරන්නේ.
Deleteමේ බ්ලොගය පුරා ම ලියැවුණු සියලු දේ සමාජ හැදීරීම් තමයි. හැදෑරීම් කියන්නේ තමන් ලොකු පොත් කියවනවා කියලා පුන පුනා කියන එක නම්, මේවා හැදෑරීම් නො වෙන්න පුළුවන්.
ලංකාවේ හැදෑරීම් ය කියන්නේ ඔන්න ඔය වැඩේට. ඒ කියන්නේ මං මේවා කියවනවා. ඒ නිසා මං මාර බරයි කියා තමන් ම කියවන එකට.
අපි එක් එක් පුද්ගලයන් විවේචනය කර තිබෙන්නේ අනිවාර්යයෙන් ම පුළුල් දේශපාලන සංදර්භයක් තුළ මිස, උගේ මූණ කැතයි වගේ දේවල් කියලා නෙමෙයි.
අලුත් වමක් නිර්මානය කර ගත යුත්තේ අලුතින් හිතලා. අලුතින් හිතනකොට පරණ සිතීම් එක්ක ගැටුම් ඇති වෙනවා. ඒ ගැන විවෘතව කතා කිරීමේ තිබෙන ගැටලුව කුමක් ද?
ඇයි, වාමාංශික නායකයන් විවේචනය නො කළ යුත්තේ? ඔවුන් අයත් වන්නේ ආගමික සංදර්භයකට ද?
එතකොට ඔබේ හා නායකයො නොවන අයගේ තත්වය කුමක්ද?
Deleteමම කොහොමත් ලොක්කෙක් නම් නොවෙයි. මම නායකයෙක් ද නැද්ද යන්න තීරණය කළ යුත්තේ මම නොවෙයි.
Deleteහැබැයි, මම අනිවාර්යයෙන් ම අරගළකරුවන්ගේ ගමන් සගයෙක්.
නායකයන් බිහි වන්නේ සගයන් අතරින්. සමහරු හිතනවා ඔවුන් ඉතිහාසය විසින් බිහි කරන ලද නායකයන් ය කියලා. මම ශාස්තෲ නවකතාවේ මේ දෘෂ්ටිය විශ්ලේෂණය කළේ දේශපාලන භින්නෝන්මාදය ලෙසයි.
දේශපාලන භින්නෝන්මාදයෙන් පෙළෙන අය ඇත්තට ම වාමාංශික අවකාශයේ තිබෙන පිළල. මම ඒ පිළලවලට පහර දෙන්නේ ඒ නිසායි.
මට ප්‍රශ්න කීපයක් තියෙනව අහන්න....
Deleteඑතකොට වාමාන්ශිකයෙක් නම් ඔය කියන හැම නියායක්ම, එතකොට ලොකු ලොකු දර්ශනවාදියො ගැන දැනගෙනම ඉන්න ඕනෙද? මට හම්බ වෙලා තියෙනව ඔය මුකුත් දන්නෙ නැති අය ඒ සමහර අය ලග ඔය වාමශිකයො ලග තියෙන්න ඕනෙ කියල ලොකුවට නියායන් වලින් ඉගෙන ගන්න දේවල් වලටත් වඩා වැඩි යමක් ඒ අය ලග තියෙනව, අනික මේ ධනවාදි සමාජයේ ඉන්න අය ධනවදය කියන එක දැනගෙනද ඒකෙ ඉන්නෙ? "අද කාලෙ මිනිසුන් වමට එන්නට ඕනෑ වමක් නිර්මානය කරන්නට බලාගෙන මිසක් මේ තියෙන දක්ෂිණාංශික වමේ ප්‍රෝඩාකාරී ආකර්ශනයට වශී වෙලා නො වෙයි." එතකොට අජිත් අයිය කියන විදියට දැන් වමේ ඉන්නව නම් ඉන්න ඕනෙ ඔක්කොම නායකයෝ.
අජිත් මගේ ප්‍රශ්ණය, ඔයා නායකයේකුද නැද්ද ගැන නෙමෙයි.
Deleteමම අහාන්නේ, මේ නායකයන් කියන අය මේ දේවල් කරද්දි ඒ නොවන අය, ඒ කියන්නේ ඔබ ඇතුලුව අනිත් සාමාජිකයන් ගේ ක්‍රියා කලාපය මොකක්ද කියන එකයි. ඔයා හා අනිත් කට්ටිය ගේ භාවිතාවන් හරියටම හරිද ?
ඒ ගැනද ඇතුලු වන සමස්තයම ගැන නේද අපි සාකාච්චා කල යුත්තේ?
නැහැ, නායකයන් යනු දේවිවරු නේමෙයි, මම කියන්නේ නායකයා ද සාමාජිකයා ද ඇතුලු සමස්ත විවුහයන් පිලිබදව සාකාච්චා කල යුතුයි කියලයි.
මගේ අදහස තමයි, ඔයා මේ කොටස මග හරින නිසා තමයි සමහරු ඔයාට චොදනා කරන්නේ ඔයා භාෂණත් එකක හරි දීප්තිත් එක්ක හරි තිබෙන ප්වුද්ගලික තරහක් නිසයි මේ කාතිකාව ගේනෙන්නේ කියලා.
දීප්තිත් එක්ක නම් මගේ පෞද්ගලික මිතුරුකමක් නො තිබුණු නිසා පෞද්ගලික සතුරුකමක් ඇති වන්නට හේතුවකුත් නැහැ. භාෂණ කලක් මගේ දේශපාලන මෙන් ම පෞද්ගලික ද මිතුරෙකු ලෙසයි මම සැලකුවේ.
Deleteමම දිගින් දිගට ම මහින්ද රාජපක්ෂ හා රනිල් වික්‍රමසිංහ වැනි අය ද විවේචනය කළා. කවුරුවත් කිව්වේ නැහැ, මම ඔවුන් එක්ක පෞද්ගලිකව තරහා නිසා ඔවුන් විවේචනය කරනවා කියලා. ඇයි මේ කුඩා වාමාංශික කණ්ඩායම්වල නායකයන් විවේචනයට මේ තරම් බය?
මේ බ්ලොගය හොඳින් අධ්‍යයනය කර බලන්න මෙහි මට කීදෙනෙක් කෙතරම් කුණුහරුප සංඛ්‍යාවකින් බැනලා තිබෙනවා ද කියලා. කී පාරක් නම් මාව සුදු වෑන්වලින් උස්සනවා ය කියලා ලියලා තිබෙනවා ද කියලා. අපි නම් ඒවාට බය නැහැ. ඒ කිසි දෙයකින් සැලුණේත් නැහැ.
මගේ ලිවීම් කියන්නේ මේ එක ලිපිය නොවෙයි. එය වසර ගණනාවක් තිස්සේ සිදු වන අඛන්ඩ ක්‍රියාවලියක්. එය තුළ මම අලුත් වමක්, අලුත් විප්ලවීය ජීවිතයක් ගැන ලිව්වා. මේ ඒ ලිවීමේ ම දිගුවක්. වාම සංවිධාන හා සම්බන්ධව සංවාද මතු වුණ නිසායි, මේ ලිවීම මතු වුණේ. අනෙක් පැත්තෙන්මම නම් දැඩිව විශ්වාස කරන දෙයක් තමයි, තවත් පරම්පරාවක් ගඟේ යවන්න කාටවත් ඉඩ නො දිය යුතුයි කියන එක. මේ සමස්ත ව්‍යූහයටම අදාළව කිව යුතුව තිබෙන්නේ වමෙන් ගිලිහී තිබෙන මානුෂිකත්වය, සහෝදරත්වය, ආදරය නැවත පිහිටුවිය යුතුයි. ආදරය මතු කරන්න නම් වෛරය අවුළුවන අඳුරු අහුමුළු හෙළිදරව් කළ යුතුයි.
ඒ තමයි මගේ භාවිතාව. මම ධනවාදයට එරෙහිව අරගළයක් කරන ගම්න් ම විකල්පය වෙනුවෙනුත් අරගළයක් කරනවා. එහි නිමිත්ත වන්නේ අපේම භාවිතාවන්.
අපේ තිබුණු නරක ලක්ෂණ නැති කර ගන්න මම නම් සෑහෙන්න උත්සාහ කරලා තිබෙනවා. මම මේ ලිපිවල ලියූ දේශපාලනය අපේ ජීවිත ඇතුලෙත් භාවිතා කර තිබෙනවා. මගේ භාවිතාවන් අධ්‍යයනය කරන්න වීසා ගන්න ඕනැ නැහැ. මම ඉන්නේ මේ ලංකාවේ අර්ධ නාගරික ප්‍රදේශයක ප්‍රසිද්ධියේ. අන්තර්ජාලය කියන්නේ මගේ පැවැත්මේ එක අංගයක් විතරයි.
මට ප්‍රශ්න කීපයක් තියෙනව අහන්න....
ReplyDeleteඑතකොට වාමාන්ශිකයෙක් නම් ඔය කියන හැම නියායක්ම, එතකොට ලොකු ලොකු දර්ශනවාදියො ගැන දැනගෙනම ඉන්න ඕනෙද? මට හම්බ වෙලා තියෙනව ඔය මුකුත් දන්නෙ නැති අය ඒ සමහර අය ලග ඔය වාමශිකයො ලග තියෙන්න ඕනෙ කියල ලොකුවට නියායන් වලින් ඉගෙන ගන්න දේවල් වලටත් වඩා වැඩි යමක් ඒ අය ලග තියෙනව, අනික මේ ධනවාදි සමාජයේ ඉන්න අය ධනවදය කියන එක දැනගෙනද ඒකෙ ඉන්නෙ? "අද කාලෙ මිනිසුන් වමට එන්නට ඕනෑ වමක් නිර්මානය කරන්නට බලාගෙන මිසක් මේ තියෙන දක්ෂිණාංශික වමේ ප්‍රෝඩාකාරී ආකර්ශනයට වශී වෙලා නො වෙයි." එතකොට අජිත් අයිය කියන විදියට දැන් වමේ ඉන්නව නම් ඉන්න ඕනෙ ඔක්කොම නායකයෝ.