ශාස්ත්රාලීය බුද්ධිමතා හා දේශපාලන ක්‍රියාධරයා
(මෙය ශාස්ත්‍රීය අධ්‍යයනයක් නො වන බව කරුණාවෙන් සලකන්න. මෙය සංවාදය අරමුණු කර ගත් දේශපාලන ලියවිල්ලකි) දීප්ති කුමාර ගුණරත්න හා නිර්මාල් රංජිත් දේවසිරි අතර නො කෙරෙන විවාදය ආශ්‍රිතව සමාජය වෙනස් කිරීමේ දේශපාලනයේදී දේශපාලන ක්‍රියාධරයා හා ශාස්ත්රාලීය බුද්ධිමතා යන දෙදෙනාගේ භූමිකාවන් පිළිබඳ යම් සංවාදයක් ඇති වී තිබේ. සමාජය වෙනස් කිරීම යනු දේශපාලන කාර්යයක් නිසා එහි මූලික වගකීම තිබෙන්නේ දේශපාලන ක්රියාධරයාට ය. එහෙයින් විපර්යාසයේ වැදගත් ම දායකයා වන්නේ ඔහු ය. ශාස්ත්රාලීය බුද්ධිමතාගේ කාර්යභාරය ඊට වඩා වෙනස් එකකි. ශාස්ත්රාලීය බුද්ධිමතා ශාස්ත්‍ර විද්‍යානුකූල ක්‍රමවේද භාවිතා කරමින් ශාස්ත්‍රීය අධ්‍යයන හා පර්යේෂණ කරයි. ඒ ඔස්සේ නිගමනවලට එළඹෙමින් මතවාද ඉදිරිපත් කරයි. ඒවා පිළිබඳ සංවාද පවත්වාගෙන යයි. ශාස්ත්රාලීය බුද්ධිමතාගේ බුද්ධිමය නිෂ්පාදන දේශපාලන ක්රියාධරයාට අතිශය වැදගත් ය. දේශපාලන ක්‍රියාධරයා ඒවා උපයෝගී කර ගනියි. ඒවා ඔහුට/ඇයට මග පෙන්වයි. එහෙත් දේශපාලන ක්‍රියාධරයාගේ කටයුතු තීරණය වන්නේ අරගල භූමියේ ඓතිහාසික, භූගෝලීය හා සමාජ ආදී සාධක මතයි. දෘෂ්ටිවාදයන් ඔහුගේ භාවිතාව තුළ පරීක්...