පළාත් සභා මැතිවරණ ප්‍රතිඵලය හා ඉදිරි ජනාධිපතිවරණය

පසුගිය පළාත් සභා මැතිවරණ ප්‍රතිඵලය විශ්ලේෂණය කිරීමේදී පැහැදිලිව දැකිය හැකි කාරණයක් වන්නේ, විශේෂයෙන් ම කලින් පැවැත්වෙන ඉදිරි ජනාධිපතිවරණයකදී විපක්ෂයෙන් පොදු අපේක්ෂකයකු ඉදිරිපත් කරන්නේ නම් ජනාධිපති මහින්ද රාජපක්ෂට සැලකිය යුතු අභියෝගයක් එල්ල වනු ඇති බවයි.

පළාතෙන් පළාත‍ට ඡන්දය ප්‍රකාශ කර තිබෙන ප්‍රතිශතයන් හා එයින් රාජපක්ෂ රෙජිම ලබාගෙන තිබෙන ප්‍රතිශතයන් මෙසේ ය:

මධ්‍යම පළාත - ප්‍රකාශිත 67.35 %කින් 60.16 %ක්
වයඹ පළාත - ප්‍රකාශිත 63.54 %කින් 66.43 %ක්
උතුරු පළාත - ප්‍රකාශිත 67.52 %කින් 18.38 %ක්

ජනාධිපතිවරණයකදී ප්‍රකාශිත ඡන්ද ප්‍රතිශතයන් වෙනස් විය හැකි ය. එසේ ම, එවන් පසුබිමකදී 50% ඉක්මවා ගිය ඡන්ද ප්‍රමාණයක් ලබා ගැනීම ජනාධිපති මහින්ද රා‍ජපක්ෂට පහසු නැත.

මෙම මැතිවරණයේදී පසුගිය ජනාධිපතිවරණයේ පොදු අපේක්ෂක සරත් ෆොන්සේකා නායකත්වය දුන් ප්‍රජාතන්ත්‍රවාදී පක්ෂය අලුතින් ගොඩනඟා ගත් ඡන්ද පදනම ද විකල්පයක් කෙරෙහි ජනතාව තුළ ඇති නැඹුරුව පිළිබඳ ඉඟියක් ලෙස සැලකිය හැකි ය‍.

එහෙත්, මෙහිදී අතිශය වැදගත් සාධකය වන්නේ උතුරු නැගෙනහිර දෙමළ ඡන්දයි. 2005 ජනාධිපතිවරණයේ ජයග්‍රහණය මහින්ද රාජපක්ෂට තහවුරු වුණේ ද කොටි සංවිධානය විසින් දියත් කරන ලද වර්ජනය නිසා ය. 2010 ජනාධිපතිවරණයේදී ද පොදු අපේක්ෂක සරත් ෆොන්සේකා යාපනය දිස්ත්‍රික්කයෙන් 63%කට වැඩි ඡන්ද ප්‍රතිශතයක් ලබා ගනිද්දී මහින්ද රාජපක්ෂට ලබා ගත හැකි වූයේ 25%කට අඩු ප්‍රතිශතයකි. එහෙත්, ප්‍රකාශිත ඡන්ද ප්‍රතිශතය පැවතියේ 25%ක පමණ මට්ටමේ ය. උතුරු-නැගෙනහිර පළාත්වල සියලු දිස්ත්‍රික්කවල ඉදිරියෙන් සිටියේ සරත් ෆොන්සේකා ය. 

ජනාධිපති මැතිවරණ සම්බන්ධයෙන් රටේ සෙසු ප්‍රදේශවල ජනතාව දක්වන උනන්දුව උතුරේ ජනතාව දක්වන්නේ නැති බව පෙනේ. ඔවුන් ඡන්දය දීම සඳහා කැඳවා ගැනීමට නම්, පාලනයේ වෙනසකින් විධාය‍කයේ ජාතිවාදී, ඒකාධිපති ප්‍රවණතාව වෙනස් වේ යයි විශ්වාසයක් ඇති කිරීමට පොදු අපේක්ෂකයා සමත් විය යුතු ය.

එවැනි පොදු අපේක්ෂකයකු සොයා ගන්නට අපට හැකි වේ ද? දැනට පොදු අපේක්ෂකයකු ලෙස නම කියවෙන මාදුළුවාවේ සෝභිත හිමිට සුළු ජාතික විශ්වාසය දිනා ගැනීම පහසු නැත. සිවුර විසින් ඇති කර තිබෙන භීෂණය ම එයට බාධාවකි. අවශ්‍ය පදනම් ගොඩනඟා ගැනීමේ ශක්තිය සපයන බලවේග ඔහු වටා නැත. ඔහුට වඩා පදනමක් තවමත් සරත් ෆොන්සේකාට තිබෙන බව සිතිය හැකි වුවත්, ඔහුට නීතිමය බාධක හමුවේ ජනාධිපතිවරණයට ඉදිරිපත් වන්නට හැකියාවක් නැත. ශිරානි බංඩාරනායකට ඇති බිය නිසා මහින්ද රාජපක්ෂ ඇයට ද නීතිමය බාධකයක් පනවා තබන්නට කටයුතු කරනු ඇත. මෙම තත්වය හමුවේ තව දුරටත් විපක්ෂ ජනාධිපතිවරණ අපේක්ෂකයකු ලෙස ඉදිරියෙන් සිටින්නේ රනිල් වික්‍රමසිංහ විය හැකි ය. එහෙත්, ඔහුට පොදු අපේක්ෂකයකු වීමේ ජනප්‍රියත්වය හා විශ්වාසය නැත.

අලුත් පොදු අපේක්ෂකයකු නිර්මානය කර ගත යුතු ය.

(උතුරු පළාත් සභාවේ මැතිවරණ ප්‍රතිඵලය ගැන නිරීක්ෂණ මීළඟ ලිපියෙන්)

මේ ලිපිය වෙන අයත් එක්කත් බෙදා ගන්න. උපුටා ගන්නවා නම් ‍මෙතැනින් ගත් බව කියන්න
Read in English blog.parakum.com

Comments

  1. මට හිතෙන හැටියට 2014 ජනාධිපතිවරණයක් එන්න පුළුවන්. අවුරුද්දක පාඩුව ගැන නොහිතා දැනට තියන වාසිය ගන්න ලොක්ක ක්‍රියාකරයි.
    අජිත් මතුකරල තියන කාරණය ඇත්ත උනත් පොදු අපේක්ෂක‍යෙක් සම්බන්ධයෙන් එකඟතාවයකට එන්න විපක්ෂයට හැකි වන්නේ නෑ. අනිවාර්ය ප්‍රතිපලය මහින්ද තුන්වැනි වරටත් ජනාධිපති.

    ReplyDelete
    Replies
    1. තුන්වෙනි වර පමණක් නොවේ හතරවැනි වරත් එතුමා ජනාධිපති තමා. ඒකෙ ආයෙ දෙකක් නෑ.

      Delete
    2. එහෙම තමා වෙන්නෙ ,විය යුත්තෙත් ඒකමයි

      Delete
    3. ඔව් 2014 ත් තියයි.. තියලා දිව්රුම් දෙයි අවුරුද්දකින් පස්සේ .. ( මතකනේ ඔප්පුව සින්නක්කර කියලා )


      @ සැමට මිතුරු

      කිසි සෙත් එකඟ නැහැ ...

      @ ඇනෝ

      :)

      Delete
    4. සහන්@ වෙන මොකද කරන්නෙ? මොනව කලත් රට කබලෙන් ලිපටනෙ.ඊලඟට එන කවුරු වුනත් කොටි රූකඩයක් වෙනවාමයි.කැමති වුනත් අකමැති වුනත් මේ තොරාගැනීම කරන්න ජනතාවට සිදුවෙනවා.මට හිතෙනව දේවල් පෙළගැසෙන ක්‍රමයට ඔබටත් වෙන විකල්පයක් නෑ.ඒක අවාසනාව වෙන්න ඇති.කොහොමටත් පාරක බැහැල යන්න ඉඩ හසර හදපු මෙයා වෙනුවට විග්නේශ්වරන්ල එක්ක එකට හිට ගන්න කෙනෙකුට චන්දෙ දෙන්න පුළුවන්ද?

      Delete
    5. මම ඔයාලගෙ ප්‍රාෙද්ශීය සභාවේ එජනිස මන්ත්‍රීතුමා. ඔයාගෙ ලොකු දුවයි පවුලයි රෑට ගෙදරට එවන්න හොදේ. අයෙ නොකිව්ව කියන්න නම් එපා. ලොක්ක ඌව අමාරුවේ දාන්නෙ නැතුව ඕන මගඩියක් කොරගත්තට කමක් නෑ කියල අපිට ලයිෂන් දීල තියෙන්නෙ.

      නඩුත් අපේ බඩුත් අපේ නඩු අහන නඩුකාර හාමුදුරුවොත් අපේ හරිය..

      Delete
    6. රට බේරගත්ත නායකයගෙ පුතාගෙ යාළුවෙක්ගෙ මල්ලිගෙ සිකුරුටිය තමයි මගේ ගෑණිගෙ බඩටත් ළමයෙක් දුන්නෙ කියල ආඩම්භරෙන් කියන්න බැරියැ. නේද මිතුරු?

      Delete
  2. WHY CHANDRIKA BANDARANAYAKA.

    ReplyDelete
  3. මම නම් හිතන්නෑ පොඩි පොඩි වැරදි තිබුණට මහින්දගෙ එලවන්න තරම් වරදක් ඇතෙයි කියල. මොනව උනත් අද අපි නිදහසේ ඉන්නවනෙ. සාමාන්‍ය මිනිස්සුන්ට මහින්ද වටිනව. ඒ නිසා මිනිස්සුන්ට වෙන කෙනෙක්ව ගේන්න හදිසියක් නෑ. ආයෙ වෙන කවුරු හරි ආවොත් ඉතින් නාමල් තමා.

    ReplyDelete
    Replies
    1. බය නැතිව පාරෙ බැහැල යන්නෙ රාජපක්ෂලට පින් සිද්ධ වෙන්න.රාජපක්ශලට විරුද්ධව කවදහරි ජනතාව ඡන්දෙ දුන්නොත් එදාට පොලව කම්පා වෙයි.

      Delete
    2. බය වෙන්න එපා දැන්ම පොළව කම්පා වෙලා තියෙන්නෙ. අයිතීන් ඉල්ලන මිනිස්සුන්ට වෙඩි තියල දානකොට මහී කාන්තාවත් කම්පා වෙනව තමා. හැමදා නියං එකදා වැහි වලාවේ .. ලගම එනවා දැන්ම හැංගෙන්න තැන් හොයා ගත්තොත් හොදා. එදාට සරත් ෆොන්සේකා නම් වූ නියම යුධ වීරයාට ගෞරවය ලැබෙයි.

      Delete
  4. Lankave minissunva syria vage paarata bassala randuvak balannada hadanne?

    ReplyDelete
    Replies
    1. Lankave kauruhari ehama paarata bahinavada Lakshan? Okkomala bayagullo.

      Delete
  5. මීලඟ ජනාධිපතිවරණය ගැන මගේ මතය මෙසේයි.ඇත්තෙනම් සිදුවීමට 99% කම ඉඩක් ඇත්තේ එයයි.මා එසේ කියන්නේ බොහෝ සැළකිල්ලෙන් විමසා බලා කරන විග්‍රහයක් නිසයි.කෙසේ නමුත් දේවල් වෙනස් විය හැක.මම නම් විශ්වාස කරන්නේ මහින්ද රාජපක්ෂ තවත් ජනාධිපතිවරනයක් ජය ගත යුතු බවයි.එය යුගයේ අවශ්‍යතාවය නිසයි.මම නම් ඡන්දය දෙන්නේ මහින්ද රාජපක්ෂටයි.ජනතාවද සිතන්නේ ඒ විදියටයි.

    එහෙත් ඊලඟ ඡන්දයකදී දෙමළ මුස්ලිම් ජනතාව ඍජුවම අවස්ථාවෙන් ප්‍රයෝජන ගෙන ආන්ඩු විරෝධීව ඡන්දය දෙනු ඇත.එසේම කතෝලික ජනතාවගෙන් අති මහත් බහුතරයක් ආන්ඩු විරෝධී වීමේ ඉඩක් ඇත.2001 දී මම මෙවැන්නක් දුටුවෙමි.බොහෝ මූලධර්මවාදී කිතුණුවන්ද කරන්නේ කපන්න බැරි අත සිඹීමකි.

    මේ විදියට තර්ක කිරීමේදී ආන්ඩුව ඡන්දෙට යන්නේම විශාල ඡන්ද ප්‍රමාණයක් අහිමි කර ගෙනය.ඇත්තෙන්ම් අසිංහල ජනතාව අතර එජාපයට ඇති තන එන්න එන්නම පිරිහේ.

    මෙහිදී සෝභිත වනි චරිතයක් ඉදිරියට දමා අන්තර්ජාතික ක්‍රියාන්විතයක් ගෙන යා හැක.එවිට පොදු අපේක්ෂක රූකඩය ඊනියා යහපාලනය,මානව හිමිකම් හා ඊනියා විනිවිද භාවයක් වෙනුවෙන් පෙනී සිටිනු ඇත.මෙහි අවසාන අරමුන කොටියාට නැතිවූ සියල්ල ලබා දීමයි.

    ජනතාව අවදිවන්නේ මේ මොහොතේය.රාජපක්ෂ රජය රැකීම යනු තම යුතුකමක් බව ජනතාව තේරුම් ගනු ඇත.පඩුවස්නුවර හා නිකවරටිය ප්‍රථිඵල බලන්න.අහිමි වන සුළුජාතික ඡන්ද ප්‍රමාණය රජයට ලබා දීමට සින්හල ජනතාව කටයුතු කරනු ඇත.මේ අනුව ඊලඟ ජනාධිපතිවරණය මහින්ද මාහ්තා පාහ්සුවෙන් ජයගනු ඇත.

    එහෙත් විශේශීය ප්‍රාග්ධනය මහා පරිමාණයෙන් වය කරමින් මන්ත්‍රීවරු මිලයට ගනිමින් ජාත්‍යාන්තර වශයෙන් කුමන්ත්‍රන කළොත් මේ තතව්ය වෙනස් විය හැක.එය සමඟ ටහර්ඟ කිරීමට පෙර නොවූ විරූ දැනුවත්කිරීමේ හා දේශපාලන ක්‍රියාමාර්ග ගැනීමට රජයට සිදුවනු ඇත

    කෙසේ හෝ ආණ්ඩුමාරුවක් තුලින් ජනතාව කබලෙන් ලිපට වටෙන අතර සුරක්ෂිතබව නැතිවී ගෙදරින් එළියට බහින්න බැරි තරමේ වාතාවරණයක් ඇති වනු ඇත.පළිගැනීමේ ආශාවෙන් මැඩුණ යූ ඇන් පී කාරයන් 1977 දී කළ පරිදි රට ගිනි තබනු ඇත.හත් අවුරුද්දට එදා ඔවුන් එසේ කළා නම් මෙදා මොවුන් ර්ට කුඩේ කුඩු කරනු ඇත.මේ තත්වය දරුණු වන්නේ කොටින් හා දෙමළ ඩයස්පෝරාව ද පළිගැනීම සදහා සටනට එන බවිනි.අපට ලැයින් කාමර වල සිටින දෙමළ ජාතිකයන්ගෙන් පවා ගුටි කන්නට සිදු වනු ඇත.සමහර විට අපේ ඉඩම් සහ ගෙවල් වලින් අප පළවා හරීමටද ඉඩ ඇත.පළිගනීම සඳහාම විදේශගත ද්‍රවිඩයන් මෙරටට ඒමට ඉඩ ඇත.ආණ්ඩු පෙරළියකින් පසු ඇතිවන භීෂණය විස්තර කිරීමට වචන නැත.

    ජනතාව මේ තත්වය තේරුම් ගෙන කෙක්කෙන් හෝ කොක්කෙන් රජය වෙනුවෙන් පෙනී සිටීමටත් ඒ වෙනුවෙන් සුළු සුළු දේවල් ඉවසා ගැනීමටත් තීරණය කරනු නො අනුමානය.
    හැම දේකටම වඩා වටින්නේ ජීවිතයයි.බඩු මිල ගැන කතා කිරීමටද ජීවත් වී සිටිය යුතුය.
    එදාඩඩ්ලිට බත් දුන් පියා බුදුවේවා යැයි කීවා සේ මහින්දටද පන බේරූ පියා බුදුවේවා යැයි කියමින් ජනතාව ජනාධිපතිවරයා වටා පෙළ ගැසෙනු ඇත.

    ReplyDelete
    Replies
    1. රට කන්න තව අවස්ථාවක් මහින්දට දෙන්න. ඊලගට එන්නෙ තිත්තයගෙ වාරෙ. ඔය කටමැත දොඩවන සැමට මිතුරු වගේ උන් පරිස්සමින් හිටපියව්. පොන්සේකට කල අසාධාරණයට අනිවා යුක්තිය ඉටු කරනවාමයි.

      Delete


    2. ලංකාවේ මිනිස්සුන්ට විකල්ප දෙකද දැං තියෙන්නෙ? උඹ කියන හැටියට උඹේ ගෑනි එහෙමත් මහින්ද ගාවට යවනව ඇති නේද පණ බේරෑ පියාණෙ ඉතිං. ජීවත් වෙලා ඉන්න එපැයි අනික නේද?

      Delete
    3. @AnonymousSeptember 23, 2013 at 11:47 AM

      ඒක වෙන්නෙ නෑ මහත්තයෝ, ඊළඟට එනවනම් එන්න නියමිත පිළිහුඩුවගේ වාරය...තිත්තයා කියන්නෙ කොකාගෙයි පිළිහුඩුවගෙයි ගොදුර;

      “කොකාට වාරයක්නම් - පිළිහුඩුවටත් වාරයක්“

      Delete
  6. පැරා, තරමක්වත් දේශපාලනය පිළිබඳව අවභෝධයක් තිබෙන කෙනෙක් වශයෙන් චීවරධාරියෙක් පොදු අපේක්ෂකයෙක් වශයෙන් ඉදිරිත් කිරීම ඔබ අතින් ප්රතික්ෂේප විය යුතුයි. ඇත්තටම ලංකාවේ පත්උන හැම ආන්ඩුවක් පස්සෙම මෙතෙක් කාලයක් හිටියෙ චීවරධාරියෝ. ඔවුන් කලේ ජාතීන් අතරෙ ගැටලු ඇතිකරමින් සිංහල බෞද්ධ අන්තවාදය ප්රචලිත කරමින් මේ රට විනාශ කරපු එක. මේ චීවරධාරියෝ කියන කොටස නොහිටිය නම් අද මේ රට මේ තරම් විනාශ වෙන්නෙ නැහැ.
    නිකමට බලන්නකෝ මේකෙ තියන කොමෙන්ට් දිහා. කිදෙනෙක් ඉන්නවද රටේ අනාගතේ ගැන හිතන ? තියන බැරුරුම් තත්වය ගැන අනවභෝධය, අන්තර් ජාතික වශයෙන් අපකීර්තිය, මානුෂික අයිතිවාසිකම්, සමස්ත ආර්ථිකය, රටේ නිෂ්පාදනය නාස්තිය, දුෂණය, වංචාව වාගෙ දේවල්ගැන බුද්ධිමත්ව හිතන්න කිදෙනෙක් පෙළඹෙනවද ?
    අපි නොහිතුවට අර වශී බෝලෙට රුවටුන අය ඕනැ තරම් ඉන්නවා

    ReplyDelete
    Replies
    1. ඔව් බං. බෝල අල්ලන උන්ට නම් මහින්ද පොර. ඒත් යුද්ධ ජයග්‍රහනය විකුනක එක හැරෙන්න වෙන මොනවද තියෙන්නෙ. චින්නුන්ටයි සුදුදන්ටයි රට උගස් තියලනෙ තියෙන්නෙ. දැන් යුද්දෙ දිනන්න උදව් කරපු විරුවො බල්ලට දාල. දන්නැත්තං ආමි එකේ එකෙක්ගෙන් අහල බැලුවනම් කියයි. උන්ට සලකන විදිහ.

      Delete
    2. වශී බෝල වලට කවුරුවත් රැවටිලා නෑ.ඒත් ඕනම කෙනෙක් කරන්නෙ අවස්ථාවට අනුව හොදම දේ.මෙතනදි ආන්ඩුව ඇර වෙන තෝරා ගැනීමක් නෑ.නිකම් චන්දෙ නාස්ති කර ගන්න ඕනත් නෑනෙ.හොරා කන එක නම් කෝකත් කරනවනෙ.චීනයේ කොමියුනිස්ට් පක්ෂෙලුනෙ දූෂිතම.බලය ආවොත් ඕනම එකෙක් හොරා කනව.පුළුල් දේශපාලන දැක්මක් සහිත ව්‍යාපාරයක් තිබෙනවානම් ඒක දිනුවත් පැරදුනත් ඒකට චන්දෙ දෙන්න ඕන .එහෙම එකක් අද නෑ.මාක්ස්වාදී නොවන,දෙමළ ජාතිවාදයට යට නොවන ,වංචා දූෂණ වලට විරුද්ධ,යුක්තිගරුක,මානුෂික,ප්‍රජාතන්ත්‍රවාදී විකල්පයක් තිබෙනවානම් එය තෝරා ගත යුතුයි.එහෙම එකක් නැති එකේ එකම තෝරා ගැනීම වෙලා තිබෙන්නෙ අන්ඩුව .හොඳයි නැද්ද? නිකම් තමන්ගෙ හෘද සාක්ෂියෙන් අවංකව අහන්න.වෙන මොකද කරන්න තිබෙන්නෙ කියල.

      Delete
    3. හිහ් හී.. මේවා දැක්කම තමා තේරෙන්නෙ ලංකාව දැන් බල්ලට ගිහිල්ලා. බල්ලා රට ගිහිල්ල කියල.

      Delete
  7. මහින්දය වගේ අපේ ආගම ජාතිය වවාගෙන කන එකෙක් ඇත්තටම මම දැක්කමයි. විශේෂය තියෙන්නෙ ඌ ඒක කරන්නෙ රට ජාතිය ආගම සදාචාරය රකිනව කියල. ඒ කරල තිතට මත ගණිකා මඩම් කැසිනෝ නිරුවත් වෙරළ තීර අහිංසක කාන්තාවන් සහ දරුවන් කෙලෙසන දේශපාලකයො වගේ උතුම් සම්පත් අපට දීලා තියනව.
    යුද්දෙ තිබ්බනම් මැරෙන්නෙ මිනිස්සු විතරයි. හැබැයි අද මැරෙන්නෙ අපේ ජාතිය සහ ආගමයි.

    ReplyDelete
  8. @යුද්දෙ තිබ්බනම් මැරෙන්නෙ මිනිස්සු විතරයි. හැබැයි අද මැරෙන්නෙ අපේ ජාතිය සහ ආගමයි.@

    දවසේ කියමන. එල. ඕක තේරෙන්නෙ නෑ බං මේ බත් බැලයන්ට. ගිය ආත්මේ සිට පුරුදු පුහුනු කරගෙන එන නිවට කම විතරයි තියෙන්නෙ. අහෝ ශ්‍රේෂ්ඨ ප්‍රෞඩ ජාතියකට සහ ආගමකට ගිය කල.!!!
    කොසොල් රජතුමා දැනට අවුරුදු 2600 කට කලින් ඹය දේවල් සිහිනෙන් දැක්ක. බුදු රජාණන් වහන්සේ ඒ සිහින විවරණය කලා. ටක්කෙටම අදට හරියටම හරි.

    ReplyDelete
  9. හැබැයි වශී බෝල වලට රැවටිලා නැති වග නම් පේනවා. සමහර අය දාන කොමෙන්ටු වලින්.

    ReplyDelete
  10. @සැමට මිතුරුට@

    බොහොම හොදයි. මම අගය කරනව මඩ ගැහිල්ල පැත්තක තියල ඔබ මතවාදීමය සංවාදයකට පැමිණීම ගැන. මොකද ගොඩක් අය මාක්ස්වාදයට බනින එකම හේතුව තමන් දන්න දේවල් සමග එය සමපාත නොවීම. මම දන්න තරමින් විෂයෙන් මාක්ස්වාදයත් එක්ක ගැටෙන්න ට්‍රයි එකක් දුන්න එකම කෙනා නලීන් ද සිල්වා විතරයි. හැබැයි එදා ඉදන් ට්‍රයි කරාට තාමත් බැරි වුනා. සමාජවාදී ශිෂ්‍ය සංගමය එක්ක තමයි එයාගෙ වාද තිබුනෙ. ගුරා ඉතින් ගෝලයන්ට හැම වෙලේම පැරදුනා. එහෙම නැත්නම් දමල ගහල ගියා. පස්සෙ එයත් මතවාදමය සංවාද පැත්තක තියල ශිෂ්‍යයන්ව මර්ධනය කරන්න පටන් ගත්ත. පරාජයේ වේදනාව.....

    කෙසේ වෙතත් ඔබ මාක්ස්වාදය ගැන අසා තිබූ ප්‍රශ්න වලට මට වෙලාව තිබෙන ආකාරයට පිලිතුරු එවන්නම්.

    ඔබගෙන් පැහැදිලි කරගත යුතු කරුණක් මුලින්ම තිබේ. ඔබ ආර්ථිකය යන්නෙන් අදහස් කරන්නෙ කුමක්ද? (ඔබේ මුල් ප්‍රශ්නයට උත්තරයක් දීමේ දී එය ඉතා වැදගත්. මක්නිසාද යත් ඔබ සහ අප එය වෙනස් අර්ථවලින් භාවිතා කරන බව හැගී යාමයි.)

    #වහල් වැඩවසම් ධනවාදී ලෙස වූ මාක්ස්වාදී සමාජ විග්‍රහය දෝෂ සහිත නැද්ද?#

    සමාජක්‍රමය තීරණය වන්නේ (සරලව ගත්තොත්) කිසියම් සමාජයක මිනිසුන් තම අවශ්‍යතා සපුරා ගන්නා මූලික ප්‍රධාන ආකාරයෙනි.

    මූලික සාමූහික සමාජයේදී - සියලු දෙනා එක්ව දඩයම් කිරීම හෝ අල,පලතුරැ වැනි දෑ සොයා ගෙන එකට එක් වී භුක්ති විදීම

    වහල් සමාජයේ දී - බහුතරයක් වහලුන් ලෙස වහල් හිමියා දෙන දේවලින් සහ වහල් හිමියන් වහලුන් නිපදවන දේ තම අයිතියට ගැනීමෙන්

    වැඩවසම් සමාජයේ දී - වෙනසකට ඇත්තේ වහලාගේ දම්වැල් ගලවා අද ගොවියෙක් බවට පත් කිරීමයි. (කැලෑ පවා රජුට හෝ ඉඩම් හිමියන්ට අයත් විය. රොබින්හුඩ් කතාව උදාහරණයක්)

    ධනවාදී සමාජය - ශ්‍රමය සහ ප්‍රාග්ධනය සම්බන්ධයෙන් ( මේකෙදි කතාව ටිකක් සංකීර්ණයි. නිවැරදිම නැති වුනත් තේරුම් ගන්න ලේසියට නිර්ධනයා සහ ධනපතියා කියල ගන්නත් පුලුවන්. ඒකෙත් නිර්ධයාගෙන් කම්කරුවා ප්‍රමුඛයි. එතකොට ජොබ් නොකරන ගොවියො වගේ අය ගැන පස්සෙ කතා කරමු)

    මම හිතන්නෙ ඔබ අදහස් කරන්නෙ හැම තැනම එක විදිහට සමාජක්‍රම නොතිබුනු එක නිසා වෙන්න ඇති. මාක්ස් එහිදී සලකා බැලුවේ සමාජ සංවර්ධන මාවතේ තීරණාත්මක ආකාරයයි. එනම් තීරණාත්මක සමාජ ක්‍රම අනුක්‍රමයයි. එය ඔහු පැහැදිලිව පෙන්වා දී තිබෙනවා. දැන් ගත්තොන් අපි මේ ධනේෂ්වර කියන ලෝකෙ තවත් ඉන්නව මූලික සාමූහික සමාජ ක්‍රමය සහිත මිනිසුන් සිටින ගෝත්‍ර. හැබැයි ඒක නෙමෙයි ලෝකයටම බලපෑම් කරන මිනිසාගේ ඉදිරි ගමන තීරණය කරන සමාජ ක්‍රමය. ඔවුනුත් දියවී යන්නේ ක්‍රමයෙන් ධනවාදය තුලට මිසක් සිදු වන්නේ එහි අනෙක් පස නොවේ. අනෙක් කරුණ වන්නේ සමාජ ක්‍රම හරියටම මෙන්න මෙදින තමා වෙනස් වූයේ කියා කීමට නොහැකි වීමයි. එයට අපට කිව හැක්කේ කාල පරාසයක් පමනි. ඊ ලග කරුණ වන්නේ කලින් තිබූ සමාජ ක්‍රමයට වඩා අලුතින් බිහි වූ එකේ දියුණු ලක්ෂණ සහ ගුණාංග පැවතීමයි. එනයින් ගත්කල ධනවාදය සාපේක්ෂව දැනට බිහිවූ හොදම ක්‍රමයයි. හැබැයි ධනවාදයත් දිගටම පවතින්නේ නැහැ. එයත් ස්වභාවිකවරණයට ලක් වෙනවා. හේතුව එහි තිබෙන දැවැන්ත අඩුපාඩු මානව විරෝධී ලක්ෂණ. ඒවා විසින්ම එය විනාශයට ලක් කරනවා. ඉතින් ඊලගට එන සමාජක්‍රමය නිර්මාණය වීමට ගතවෙන අතරමැදි කාලයට අපි සමාජවාදය කියල කියනව. ඒක උඩ බලාගෙන හිටියට වෙන්නෙ නෑ. ඉතින් තව නොබෝ කලකින් එය ආරම්භ වේවි. ඔබට හෝ මට එය පුද්ගලික උවමනාවට නවත්තන්න හෝ පටන් ගන්නත් බෑ. අපිට පුලුවන් වන්නේ ඒ ගැන මිනිසුන්ගේ දැනුවත්කම වැඩිකර මිනිසාට එයට යන පාර පෙන්වීම සහ කලින් සූදානම් වී සිටීමටයි. පොදු ජනතාවට පමණයි එය කරා යන දිනය තීරණය කල හැක්කේ. කිසිදු සාධාරණ හේතුවක් නොමැතිව ඇමරිකාව කියුබාව විනාශ කිරීමට උත්සහ කරන්නේ කෙසේද ධනවාදය සැමවිටම සමාජවාදය බිහිවන විට එය විනාශ කිරීමට උත්සහ ගනියි. හැබැයි එකක්....එය සිදුවෙනවා...(විශ්වාසයක් නොවේ තර්කයක්.)

    අනෙක් ඒවාටත් උත්තර පසුව දෙන්නම්...

    CHATHURIKA

    ReplyDelete
    Replies
    1. පලමුව වෙනත් කෙනෙකුට ලියූ පිලිතුරකට හොම්බ දැමීම ගැන සමාවෙන්න,

      "...අතරමැදි කාලයට අපි සමාජවාදය කියල කියනව" මෙයින් කියන්නෙ,
      1. සමාජවාදය කියල එකක් තාම අවිත් නෑ කියන එක නේද? එතකොට "සමාජවාදය" කියන එක මොනවගේ දෙයක්ක්ද කියල තාම දන්නෙ නෑ, එහෙමනම් අපිට කියන්න පුලුවන්ද එම ක්‍රමයෙන් "ශ්‍රමය" ට හොඳ කලක් ලැබෙනවා කියල?

      2. අනිත් කරුණ, එතකොට මීට කලින්/දැනට සමාජ වාදය තිබිල නෑ කියන එක නේද ඉම්ප්ල්යි වෙන්නෙ?

      "ඇමරිකාව කියුබාව විනාශ කිරීමට උත්සහ කරන්නේ කෙසේද ධනවාදය සැමවිටම සමාජවාදය.."
      1. කියුබාව තිබෙන්නෙ ස්මාජවාදය කියල අර්තකථනය කරන්නෙ කොහොමද? මගේ දනීමෙ තරමින් (නොදැනුවත් කම විය හැකියි ) එහි "දැන්" ඇත්තෙ කොමියුනිස්ට් පාලනයක අංග ලක්ශන ඇති ධනවාදි අරුංගල් එල්ලගත් පාලනයක්. හරියට ලංකාව ප්‍රජාතාන්ත්‍රික සමාජවාදී ජනරජය වගෙ. වැරද්දක් නම් හරි ගස්සන්න මාව.

      ---------
      අදාල නැති ප්‍රශ්ණයක්: නිකමට හිතමු මේ ක්‍රමය වෙනස් වෙනවා කියලා, එහෙම උනොත් ව්‍යසායකයා, පාලකයා යන චරිත වල පැවත්ම දිගටම තියේවිද, නැතිවෙයිද?

      -ප.ගෝ.

      Delete
  11. ඇනෝ ලෙස පැමිණි "CHATHURIKA" සහ "ප.ගෝ." යන දෙදෙනාගේ සංවාදයට එකතුවන්න මටත් අවසර.

    පළමු ප්‍රශ්න CHATHURIKA ට:

    .\එනයින් ගත්කල ධනවාදය සාපේක්ෂව දැනට බිහිවූ හොදම ක්‍රමයයි. හැබැයි ධනවාදයත් දිගටම පවතින්නේ නැහැ. එයත් ස්වභාවිකවරණයට ලක් වෙනවා. හේතුව එහි තිබෙන දැවැන්ත අඩුපාඩු මානව විරෝධී ලක්ෂණ. ඒවා විසින්ම එය විනාශයට ලක් කරනවා. ඉතින් ඊලගට එන සමාජක්‍රමය නිර්මාණය වීමට ගතවෙන අතරමැදි කාලයට අපි සමාජවාදය ....\

    "මිනිසා පූර්ණ සමාජවාදය කරා ලඟා වන්නේ වහල් වැඩවසම් ධනවාදී යුග හරහාය" කියා කොහේදී හෝ කියවා තිබුණා. ඔබ මේ කියන්නේ එවැනි දෙයක්ද?

    ධනවාදයත් පරිනාමයට පත්වෙනවා කියන එකට එකඟයි. අද තිබෙන ධනවාදය , මාක්ස්ගේ කාලයේ තිබුණු ධනවාදයට වඩා වෙනස්. නවසිය තිස් ගණන් වල, මහා අවපාතයේදී කඩා වැටෙන්න ඔන්න, මෙන්න තිබූ ධනවාදය, බේරා ගත්තේ නොමිලේ අධ්‍යාපනය, වෘත්තීය සමිති, වැනි සමාජවාදී සංකල්ප වලින් මික්කු ගසා යැයි අසා තිබෙනවා.

    ධනවාදය පරිනාමයට පත්වූවත්, සමාජවාදය පරිනාමයට යන වගක් පේන්නේ නෑ නේද?තාත්ත්ගෙන්, පුතාට, අයියගෙන් මල්ලිට ඔ‍ටුන්න යන කියුබාව, උතුරු කොරියාව වැනි රටවල එය ආඥාදායකත්වය කරා යනබවයි පෙනෙන්නේ.

    ධනවාදයේ ඇති වටිනාම දේ, "‍තෝරා ගැනීමේ නිදහස" කියලයි මට හිතෙන්නෙ. එය " ඊලඟ පාලකයා හෝ මා අඳින්න කැමති ඇඳුම විය හැකියි ( චීනයේ මාවෝ යුගයේ ගැහැණු, පිරිමි සැමට එකම වර්ගයේ ඇඳුමක් ඇන්දීම). සමාජවාදය තුල නැත්තෙ ඒක. අද ලංකාවෙත් නැති වෙමින් පවතින්නෙ ඒක.

    මා අසා තිබෙනවා සමාජවාදීන්ගේ විප්ලවයකින් , බලය ඇල්ලීමට ඇති කැමැත්ත. මට නං මේක එච්චර සුභ ලකුනක් නෙමෙයි. ඇයි, එතකොට දුම්මල ගහලවත් එලවන්න බෑනෙ. සදාකාලික, අසීමිත බලය , අසීමිත දූෂණයට, ඒකාධිපති පාලනයකට මඟයි කියා මට හිතෙනවා

    පරිනාම වෙන්නේ ධනවාදය නං, සහ පරිනාම නොවෙන්නේ සමාජවාදය නං, ධනවාදය පරිනාම වී පූර්ණ සමාජවාදය කරා යනවා කියන්නේ ඇයි? ඒ කියන්නේ , පූර්ණ සමාජවාදයේ " ‍තෝරා ගැනීමේ නිදහස" තියනවාද? මැතිවරණ තියනවාද?

    ප.ලි: සමාජවාදය අපට ලබා දුන් හොඳ දේ ගැන සැමදා ස්තූතිවන්ත වන, මා ධනවාදියෙකු නොවේ

    - සිරිබිරිස්-

    ReplyDelete
    Replies
    1. මම මේ ආණ්ඩුවට ඡන්දෙ දෙන්නෙ ඒක දැනට තිබෙන හොඳම විකල්පය නිසා මිසක් ඒක පරමාදර්ශී නිසා නොවෙයි.ඒ වගේම දැනට තිබෙන දේශපාලන ක්‍රම වලින් වඩාත්ම ප්‍රගතිශීලී ක්‍රමය තමයි ධනවාදය.කියුබාවෙ වගෙ අයියගෙන් මල්ලිට හෝ උතුරු කොරියාවේ වැනි තාත්තගෙන් පුතාට යන ක්‍රමයක් අවශ්‍ය නෑ.ඇත්තෙන්ම මේ රටවල තිබෙන්නෙ රහස් පොලිස් ආණ්ඩු.ඇලෙක්සැන්ඩර් සොල්ශෙනිට්සින් පැවසුවා ආඥාදායකත්වය යනු මාක්ස්වාදයේ අත්වැරැද්දක් නොව එහි නෛසර්ගික ලක්ෂණයක් කියලා.1971 ජේ වී පී කැරැල්ල දිනුවනම් තවම තිබෙන්නෙ ඔවුන්ගෙ ආණ්ඩුවක්.කතා කිරීමේ නිදහස නැත්තටම නැති කරල හැම දෙයක්ම පක්ෂෙන් තීරණය කරන පාලනයක්.ඒක පැරණි වැඩවසම් ක්‍රමය වගෙ එකක්.
      මාක්ස්වාදීන් කියනවානම් සෝවියට් ස්දේශය,චීනය,කියුබාව,උතුරු කොරියාවෙ මේ හැම තැනකාම් අත්වැරදීම් වුනා කියල එහෙමනම් ඔවුන් ලෝකෙ කොහෙවත්ම නොතිබුන එකක්ද මේ ගේන්න යන්නෙ.
      මාක්ස් ජීවත්වන කාලයෙ සර්වජන ඡන්ද ක්‍රමය වගෙ සංකල්ප තිබුනෙ නෑ.
      ඕනම කෙනෙක් ප්‍රතිවිප්ලවවාදේයෙක් කිඅය්ල මරල දාන අන්තනෝමතිකත්වයක් හැර වෙන කිසිම දෙයක් මාක්ස්වාදෙන් ලැබෙන්නෙ නෑ.
      ඒක අපි අත්දුටුවෙ 1987 ජවිපෙ භීෂනයෙන්.

      Delete
    2. පරිනාම වෙන්නේ ධනවාදය නං, සහ පරිනාම නොවෙන්නේ සමාජවාදය නං, ධනවාදය පරිනාම වී පූර්ණ සමාජවාදය කරා යනවා කියන්නේ ඇයි? ඒ කියන්නේ , පූර්ණ සමාජවාදයේ " ‍තෝරා ගැනීමේ නිදහස" තියනවාද? මැතිවරණ තියනවාද?//

      සිරිබිරිස් ගෙ මේ ප්‍රශ්නය සියළු මාක්ස්වාදීන්ට විවෘතයි.ඇයි බහුපක්ෂ මැතිවරන වලට බය

      Delete
    3. හැමෝගෙම සංවාදෙට මාත් එකතු වෙන්නම්.

      පලවෙනියට බේරගත යුතු කාරණය තමයි 20 වෙනි සියවසේ ලෝකයේ සමාජවාදී රටවල් කියා හදුන්වපු රටවල් පද්ධතියක් තිබුණා. මේ රටවල් සමාජවාදීද? නැද්ද?

      මේ රටවල තිබුණු පොදු ලක්ෂණයක් තමයි දේශපාලන අධිකාරීවාදය. කොමියුනිස්ට් පක්ෂයේ නිලධාරීන්ගේ ආඥාදායක බලය. එතකොට දේශපාලනකිව ඒ රටවල පසුගාමී ලක්ෂණ පැවතියා.

      ඒත් සමාජ ආර්ථික වශයෙන් ඒ රටවල් වල බොහොම හොද ලක්ෂණත් තිබුණා.

      කොහොම කොහොම හරි 20 වන සියවසේ අග වෙනකොට ඒ රටවල අභ්‍යන්තර දුර්වලතා සහ බාහිර බලපෑම් හින්දා ඒ රටවල් පද්ධතිය කඩා වැටුණා.

      දැන් අපි ඉන්නෙ 21 වෙනි සියවසේ.

      21 වෙනි සියවසේ සමාජවාදය කියන්නෙ මොකක්ද? ඒ 20 වන සියවසේ කරපු එකමද? මගේ අදහස - ඒකෙන් ගත යුතු දේවල් අරගෙන ඉවතලිය යුතු දේ අපි ඉවතලිය යුතුයි. මේ සංවාදය ලංකාවට අලුත් උනාට ලෝකයට අලුත් නෑ. ස්ටාලින්වාදයේ අයහපත් ලක්ෂණ ඉවත් කරපු නව පන්න‍යේ සමාජවාදයක් සදහා සංවාදයක් අපි අතර ඇති විය යුතුයි.

      ඇයි එහෙම සංවාදයක් ඇති විය යුත්තේ?

      හේතුව - ධනවාදය මිනිසාට, ලෝකයට, පරිසරයට දිනෙන් දින ගෙන එමින් තිබෙන්නේ විනාශය නිසා. මේ විනාශයෙන් ගැලවීමට නම් විකල්ප සමාජ ආර්ථික මොඩලයක් අප සොයා ගත යුතුයි. ඒ විකල්ප මොඩලය ගොඩනගද්දී 20 වන සියවසේ සමාජවාදී කදවුරේ තිබුණු හොද නරක ගැන අගය කිරීමක් අපි තුල පැවතිය යුතුයි.

      ප්‍රශ්න අහන ගොඩක් සහෝදරවරු 20 වන සියවසේ ඒ මොඩල් එක = සමාජවාදය කියන පදනම මතයි ප්‍රශ්න අහන්නේ. මං ඒ අයගෙන් සහෝදරාත්මකව ඉල්ලනවා සමාජවාදය ගැන අදහස එහෙම ලඝු කරන්න එපා කියලා. රුසියාවේ නිලධාරිවාදය තිබුණු පමණින් අපි ගොඩනගන්න අපේක්ෂා කරන සමාජයෙත් නිලධාරිවාදය තිබිය යුතුමද? බහුපක්ෂ මැතිවරණ වලට මාක්ස්වාදීන් බයද? වගේ ප්‍රශ්න වලට මං හිතන්නේ ඒ තුල පිලිතුරු ලැබෙයි. ඒ වගේම සමාජවාදය වෙනුවෙන් පෙනී සිටින සහෝදරවරුන්ට මං ආරාධනා කරනවා - 20 වන සියවසේ සමාජවාදී මොඩලයේ තිබුණු ගැටලු ගැන ඉතාමත් සියුම් ලෙස අවධානය යොමු කරමින් අප මේ සියවස තුල ගොඩනැගිය යුතු සමාජය ගැන අලුත් සංවාදයක් වෙත පිවිසෙන්නටය කියලා.

      - දර්ශන

      Delete
    4. @දර්ශන්
      //නව පන්න‍යේ සමාජවාදයක් සදහා සංවාදයක් අපි අතර ඇති විය යුතුය//
      බොහොම හොඳ අදහසක්.ඒත් පරිසමින් කල යුතු දෙයක්. කතාවක් තියනවා , කෙනෙකුගේ විස්වාසය (ආගම) ගැන තර්ක කරන්න යන්න එපා කියලා. " මගේ දෙයියා, බොගෙ දෙයියට වැඩිය ඉහලයි" කියපු ගමන්, ගුටි කෙලියක් තමා. කලකදි, සමාජවාදය " කොමියුනිස්ට් දහම" ලෙස හැඳින් වුවා - ඒ සමාජවාදීන් අතර තිබූ, ආගමික අන්තවාදීන්ට සමාන ගති ලක්ෂණ නිසා. මම කලින් "පරිස්සමින් " කිව්වෙ ඒකයි.මෙවැනි සංවාදයක පැවැත්ම පවතින්නේ, සංයමයක් ඇතිව සාකච්චා කල හැකි පරිසරයක් ඇති තෙක් පමණයි

      සමහර විට වැරදුනේ, සමාජවාදය නොව, එය ක්‍රියාත්මක කල ආකාරය වීමටද ඉඩ තියනවා.මිනිසා පූර්ණ සමාජවාදය කරා ලඟා වන්නේ වහල් වැඩවසම් ධනවාදී යුග හරහාය, කියා මාක්ස් කී බව අසා තියනවා. රුසියාවෙ වුනේ, ඒක නෙමෙයි, වැඩවසම් ක්‍රමයෙන්, කෙලින්ම සමාජවාදයට ඩබල් ප්‍රමෝෂන් එකක් දීපු එකයි. අද, බටහිර ලෝකයේ, මේ වෙනස් වන සංකීර්ණ ප්‍රජාතාන්ත්‍රවාදය , මාක්ස් කිව්ව ඒ පරිනාමයද?

      සමාජවාදයෙ වැරදි හදාගන්න බැරි ලොකුම ප්‍රශ්ණෙ, " යකඩ තිරෙන්" එහා සිද්ධ වුනේ මොකක්ද කියා දැන ගන්න බැරි එකයි

      - සිරිබිරිස්-

      Delete
    5. ඊනියා සමාජවාදී රටවල සාධනීය ලක්ෂණ තිබුනා තමයි.ඒකයි ඒවට අපි කැමති.ජේ වී පී එකට බනින අතරම ඒ අය 2004 දි පෙන්වා දුන් හොරා නොකන සම්ප්‍රදායට අපි ගරු කරන්නෙ ඒකයි.හැබැයි මොනම සාධනීය ලක්ෂණයකටවත් මානව හිමිකම් ,බහුපක්ෂ ප්‍රජාතන්ත්‍රවාදය නම් හිලවු කරන්න බෑ.මොකද බල්ලෙක් නම් කෑම දීල අවුරුදු විස්සක් ගියත් නගුට වනනවා.නමුත් මිනිස්සු ගැන එහෙම විශ්වාසයක් තබන්න බෑ.1987 දි ජේ වී පිය ට සම්පූර්න බලය ලැබුනනම් ඇතිවන භීෂණ තත්වය මේ දක්වාම පවතින්නත් ඉඩ තිබුනා.

      මේ ආන්ඩුවෙන් වරැද්දක් වුනහම ආන්ඩුවෙ අය ඒකට පිළියමක් හොයා ගන්නව.මොකද ආන්ඩුව දන්නව කවදහරි චන්දෙකට යන්න වෙන බව.නමුත් මාක්ස්වාදී රජයක් කවදාවත් මැතිවරණ නොපවත්වන එකේ කිසිම බයක් නැතිව වැරදි කරනව.රුසියාවෙ ,චීනෙ මහින්ද අබේසුන්දරල වැහි වැහැල ඉන්න ඇති.මිනිස්සුන්ට කරන්න දෙයක් නෑ.පොලිස් ප්‍රචන්ඩත්වය අහස උසට.ඒ රටවල මිනිස්සුන්ට මිනිස්සු කියනවට වඩා සත්තු වත්තක ඉන්න සත්තු කියනවනම් හරි.අපි දුටුව බර්ලින් තාප්පෙ බින්දහම මිනිස්සුන්ට තිබුන සතුට.දශක ගනනාවක් තනි ප්ක්ෂ ආඥාදායකත්වය යටතේ හිටපු මිනිස්සුන්ට ස්වර්ගයට ගියා වගෙ හිතෙන්න ඇති.නැගෙනහිරින් බටහිරට පනින්න ගිහින් කී දෙනෙක් වෙඩි කෑවද? කියුබාවෙන් පිට වෙන්න ජීවිත අවදානම නොතකා කී දෙනෙක් ඇමරිකාවට යනවද?

      කියුබාවෙ අයියල මල්ලිලගෙ ආන්ඩුව ප්‍රගතිශීලීලු.උතුරු කොරියාවෙ තාත්තල පුතාලගෙ ආන්ඩුව ප්‍රගතිශීලීලු.කස්ත්‍රෝගෙ රැවුලෙ ආශ්වාදය විදින අපේ රටවල මෝඩයො ඒ රැවුලෙ පීඩනය ගැන දන්නෙ නෑ.

      මාක්ස් දාස් කැපිටාල් ලියන කාලෙ බහු පක්ෂ ප්‍රජාතන්ත්‍රවාදය ,සර්වජන චන්ද බලය වගෙ දේවල් අහල තිබුනෙ නෑ.එහෙම තිබුනනම් ලෝකය මීට වඩා වෙනස් වෙයි.

      ප්‍රේමදාස මිනී මැරුව.ප්‍රේමදාසට වඩා දරුණු ලෙස ඩෙන් සියා ඕ පෙන් මිනී මැරුව.හැබැයි ලංක්කාවෙ අතුරුදහන්වූවන්ගෙ පෙළැපාලි යන්න පුළුවන් ප්‍රේමදාසට විරුද්ධව දෝෂාභියෝගයක් ගෙනාවා.හැබැයි ඩෙන් සියා ඕ පෙන් විවේචනය කරපු ප්‍රතිවිප්ලවවාදීන්ට මරණ දඩුවම.මම ටී වී එකෙන් දුටුව ඩෙන් සියා ඕ පෙන් කියන මස් වැද්දව විවේචනය කරපෞ අය අධිකරන විහිලුවකින් පසු මරා දාපු හැටි.

      අපට අවශ්‍ය නිදහස හා යුක්තිය.ධනය සාධාරණව බෙදීයාමක්.ප්‍රශ්න තර්කානුකූලව විමසන මානව හිතවාදී සමාජයක්.ඊනියා උත්තරීතර පක්ෂ කේඩරයන්විසින් කෙවිටෙන් දක්කන සමාජයක් නොවෙයි.

      Delete

Post a Comment

මාතෘකාවට අදාළ නැති හා වෛරී අදහස් ඉවත් කිරීමට ඉඩ ඇති බව කරුණාවෙන් සලකන්න.

Popular posts from this blog

තේරවිලි: සුපුන් සඳක් ඇත. මැදින් හිලක් ඇත.

පාසල් අධ්‍යාපනය ගැන කතා තුනක්

හමුදා කුමන්ත්‍රණ ගැන ලෝකෙට දුරකථනයෙන් කිව්වෙ බීලා වෙන්න ඇති -ෆොන්සේකා