ගිනි කන්දක් පාමුල ගේම් ගැසීම!

( වටිනා විශ්ලේෂණයක් නිසා නැවත පළ කරමි. උපුටා ගැනීම Voix de Ceylan වෙතිනි) 

ශ්‍රී ලංකාවේ මහජන බැංකුව බංකොලොත් වනවාත් සමගම එය කොටස් වෙළද පලට යැවීමට රාජපක්ෂ නඩය තීරණය කර ඇත. කෝප් වාර්තාවට අනුව බංකොලොත් වී ඇති රාජ්‍ය සමාගම් ප්‍රමාණය හා අනෙකුත් රජයට සම්බන්ධ ආයතන හා පුද්ගලයින් මහජන බැංකුවට ගෙවීමට ඇති සමස්ත ණය ප්‍රමාණය රුපියල් කෝටි 4000 ඉක්මවයි. එසේනම් රාජ්‍ය බැංකු සියල්ලෙන්ගේම තත්වය මේ ආකාරයෙන් බවට සමහරුන් කරනු ලබන ආර්ථික විග්‍රහයන් නිවැරිදි නම් ඉදිරි අනාගතය තුල රජයට සිදුවනුයේ තවදුරටත් අධික පොලියට පුද්ගලික බැංකු වලින් ණය ගැනීමට හා බංකොලොත් වී ඇති රාජ්‍ය ආයතන කුණු කොල්ලයට විකුණා දැමීම පමණි.

එසේනම් අප අවතීරණ වෙමින් පවතින්නේ කම්කරු සටන් උග්‍ර වන පන්ති සටන් ශක්තිමත් කරන වකවානුවකට කිවහොත් ඉතාමත් නිවැරිදිය.

1990-1993 යුගයේදී තායිලන්තයේ සිදුවූයේද මෙයමය. එදා තායිලන්තයට ධනපති මාධ්‍ය ප්‍රචාරය කරනු ලැබුවේ ආසියාවේ ආශ්චර්ය ලෙසය. රාජපක්ෂ නඩය යුද්දය අවසන් වූ වහාම කොටස් වෙළද පල ඉහල දැම්මේ කෘතිමවය. ඒ විදේශීය ආයෝජකයින් කැදවා ගැනීමටය. මෙයින් ධන කුවේරයන් බවට පත් වුයේද තම දේශපාලන බල අධිකාරිය උපයෝගී කරගනිමින් රාජ්‍ය බැංකුවලින් අඩු පොලියට ණය ලබාගනිමින් කොටස් වෙළද පොලේ කැසිනෝ සෙල්ලම් කල රාජපක්ෂ මාෆියාවම වේ.

දේශපාලන හිතවත් කම් මත, ව්‍යාජ ලිපි ලේඛන ඉදිරිපත් කර ලබා ගත් ණය මෙන්ම විවිධ අල්ලස් ලබා ගනිමින් අධික ලෙස ණය ලබාදීම නිසාත්, ඒවා නොගෙවීම නිසාත් රාජ්‍ය බැංකු පද්දතියේ මුදල් සංචිත නොමැති වනවිට සිදුවනුයේ රාජපක්ෂ මාෆියාවේ නොගෙවූ ණයද රාජ්‍ය ණය ගොඩට එක්වීමය. එම ණය ගෙවීමට සිදු වනුයේ ද ජනතාවටමය.

පසුගිය කාලයේ රාජපක්ෂ මහතා පාරම් බෑවේ බංකොලොත් වූ බැංකු ද ජනසතු කලබවටය. නමුත් ඔහු මෙසේ බංකොලොත් වන සැම බැංකුවක්ම ජනසතු කරන විට එම බැංකු ග්‍රීසියේ කොටස් වෙළද පලේ කැසිනෝ ගැසිමටගත් සියලුම ණය කන්දරාව ද ඇතුළුව සියලුම ණය රටේ ණය පද්දතියට එකතුවන බව ප්‍රකශ කලේ නැත. විපක්ෂය ප්‍රශ්න කලේද නැත.

මේ වනවිට ශ්‍රී ලංකාව සිටිනුයේ අධික ලෙස ණය වූ ලෝකයේ රටවල් 10 අතර වීම අප වටහා ගතයුතු සත්‍යකි. එනම් දල ජාතික නිෂ්පාදනයෙන් 86% ප්‍රමාණයක් ඉක්මවාලමිනි. මෙය ඉතා බැරෑරුම් තත්වයකි. අප ණය ලෙස හදුන්වා ගත යුත්තේ රාජ්‍ය සමාගම්, පුද්ගලික ආයතන, සාමාන්‍ය පුද්ගලයින් සියලු දෙනා විසින් ලබාගන්නා ලද හා නොගෙවන ලද ණය ප්‍රමාණයයි.

ආචාර්ය හර්ෂ ද සිල්වා මහතා පවසනුයේ අන්තර් ජාතික මුලය අරමුදලෙන් ණය ලබා ගැනීම සදහා රජය විසින් අයවැය හිගය අඩුකිරීම සදහා ගේම් ගසා ඇත. එනම් මේ වනවිට අයවැය හිගය දල ජාතික නිෂ්පාදනයෙන් 6% ප්‍රමාණයක් (මෙය සියලුම රටවල් සදහා අඩු වැඩි වශයෙන් සිදු කරනු ලබන IMF නියෝගයකි) නොව එය 8% ක් පමණ වේ. එයට එකතු කලයුතු විදුලි බල දෙපාර්තමේන්තුවේ හා ඛනිජ තෙල් සමාගමේ පාඩුන් එකතු කර නොමැත.

එය සත්‍යයක් නම් 1993-1997 කාලයේදී තායිලන්තය සිදු වුයේද එයමය. පසුව තායිලන්ත ආර්ථික ඇමති පැවසුවේ ලෝක ආර්ථික අර්බුදයක් නොමැති අවස්තාවක එවැනි ගේම් ගැසිය හැකි වුවද අනෙකුත් අවස්ථාවක එවැනි දෙයක් සිදු කිරීම ඉතාමත් අනතුරු දායක බවය. අද අප සිටුනුයේ 1997 ටත්, 1929 ආර්ථික අර්බුදයටත් එහා ගිය ලෝක ආර්ථික අර්බුදයකය. එසේනම් ශ්‍රී ලංකාවේ සිදුවන මේ ගේම්එක රටට අතිශයින් හානිදායකය.

පසුගිය අගෝස්තු මාසයේදී ඇමරිකන් ෆෙඩරල් අධිකරණය විසින් ලෝකය පූරා ආර්ථික ඝාතකයින් මුදා හරින අපකීර්තිමත් ඇමරිකන් මුලය ආයතනයක් ගෝල්ඩ්මන් සේෂ් හි ග්‍රිසි රජයේ ආර්ථික උපදේශකයෙකු ලෙස ක්‍රියා කළ ප්‍රංශ ජාතික පබ්රිස් තුරේ නැමැත්තා වසර 10 ක සිර දඩුවම් දෙනු ලැබුවේ මෙසේ ග්‍රීක රජයේ මුලය කටයුතු ව්‍යාජ ලෙස සකස් කර ඉදිරිපත් කරලීම නිසාවෙනි.

ඒ අනුව ශ්‍රී ලංකාවේ ආර්ථික ඝාතකයින් බවට පත්ව ඇත්තේ රාජපක්ෂ නඩයම වන බව අප පැවසීම දේශපලන විහිළුවක් නොවේ.

දැන් සිදුවෙමින් පවතින දේ කුමක්ද ? හොඳට සිතා බලන්න. මහජන බැංකුව තුල මුදල් සංචිත නැත්නම් රජය තීරණය කර ඇත්තේ එහි විවිධ රාජ්‍ය ආයතන හා පුද්ගලික ආයතන නොගෙවූ ණය කොටස් බවට පත් කර කොටස් වෙළද පලට දැමීමයි. එවිට ණය හිමියන් විසින් ගෙවීම පැහැර හරිම හෝ පොලු තැබීම නිසා හෝ එසේ නැතහොත් මිහින්ලංකා, එයාර් ලංකා, විදුලිබල මණ්ඩලය, වැනි රාජ්‍ය ආයතන බංකොලොත් වීම නිසා ලබා ගත ණය නොගෙවීම නිසා කොටස් බවට පත් කල මෙම කොටස් කොටස් වෙළද පල තුලදී කිසිදු වටිනාකමක් නොමැති කොටස් බවට පත්වීම වේ.

ඒ අනුව මෙම කොටස් මත මුදල් ආයෝජනය කරනු ලබන්නේ උන්මන්තකයෝ පමණි. මෙම කොටස් ලාබ ලබන කොටස් බවට පත් කිරීමට නම් අදාල ණය නොගෙවූ රාජ්‍ය ආයතන පුද්ගලිකකරණය කල යුතුව ඇත. එවිට සිදු වන්නේ විශාල පිරිසකට රැකි රක්ෂා අහිමි වීම හා රට පූරා වර්ජන රැල්ලක් දක්වා ගමන් කර රට අරාජික වීම පමණි.

රටක ආර්ථික වර්ධනය සනිටුවන් කරනු ලබන්නේ එම රට තුල ජනතාවගේ පරිබෝජන ශක්තිය ඉහල මට්ටමක පැවතීමත්, විදේශීය හා දේශීය ආයෝජන ඉහලයාම මතත්, නිෂ්පාදනය ඉහළයාම හා ආනයන හා අපනයන වෙළදාම සමතුලිත වීමෙනි. අදවනවිට ශ්‍රී ලංකාව පවතින්නේ රටට විවිධ වයාකෘති හරහා රටට පැමිණ ඇති ආයෝජන ඔස්සේ හා පුද්ගලිකකරණය ඔස්සේ කෙටිකාලිනව කෘතීම ලෙස ඉහල පහල යන ව්‍යාජ ආර්ථික වර්ධනයක් මතය. එම සංවර්ධන වයාකෘති වලින් කිසිදු ලාබයක් ලබාගැනීමට රට අපෝසත් වී ඇත. සිදු වී ඇත්තේ ද එම වයාකෘති සදහාද බදු ගෙවීමට ජනතාවට සිදු වීමය.

දැන් සිදුවෙමින් පවතින්නේ රාජ්‍ය බැංකු පද්දතිය ජනතාවට ණය දීම නැවත්වීම හා තැන්පතු කල මුදල් සදහා පොලි ගෙවීමද නතර කරලීමය. එවිට සිදුවන්නේ මේ දක්වා ණය මගින්ම ජීවත්වෙමින් ජිවත් වූ ජනතාව කබලෙන් ලිපට වැටීමය. එසේම තමන් මුලින් ගත් ණය ගෙවීම සදහා අධික පොලියට ණය ගැනීමට පුද්ගලික බැංකු වලට යොමුවිමයි. එවිට ජනතාවට සිදුවනුයේ තමන් මාසය අන්තිමට ගනු ලබන මාසික චේතනය ඉක්මවා යමින් ණය-පොලි ගෙවීමට සිදු වීමත් තමන්ගේ ගේ-දොර, වතු පිටි රත්රන් ඇතුළු විවිධ තම පුද්ගලික සම්පත් උකස් කරලීමට හෝ පාරට බැසීමට සිදුවීමයි.

පසුගිය අයවැය යෝජනාවක් ලෙස සම්මත වූ පුද්ගලික ආයතන සදහා විදේශීය බැංකු වලින් ණය ලබාගෑනීමට හැකියාව ලබාදීම ඉතාමත් බයංකාර දෙයක් ලෙස අප හදුන්වන්නේ ඒ නිසාය. මෙය පැහැදිලිවම රටේ මුදල් බලය පාර්ලිමේන්තුවෙන් ගිලිහි යාමක් වේ.

එවිට බංකොලොත් වන සෑම රාජ්‍ය සමාගම්කම ණය ගෙවීමට අපෝසත් නම පුද්ගලිකකරණය කරන ලෙස බල කිරීමට හෝ තම NGO කල්ලි වලින් යැපෙන දීප්ති කුමාර-පුෂ්පකුමාර-ප්‍රේමකුමාර- වැනි කල්ලි මෙන්ම බාහු, නිමල්කා, වැනි ධෝලර් කාක්කන් මෙන්ම රජය තුලම ස්ථාන ගත වී ඇති කබරාල්, ජයසුන්දර, හා පසුගාමී ධනේශ්වරයේ මුදල් වලට විකිනෙන බන්දුල ගුණවර්ධන, බන්දුල ගුණවර්ධන එස්බී දිසානායක, අමුණුගම වැනි දේශපාලන රස්තියාදු කාරයින් යොදාගනිමින් රට අරාජික කරලීමට ඔවුනට හැකියාව ලැබීමයි.

තමන්ගෙන් ගිලිහි යන පාලන බලය රැක ගැනීම සදහා ඕනෑම ගේමක් ගැසීමට බලාපොරොත්තුවෙන් සිටින රාජපක්ෂ නඩය නැගී එන නිර්ධනපන්තියට මුහුණ දීමට නොහැකි වීමත්, එජාපය සමග බද්ද වයිරයකින් පසුවන ගෝඨාබය වැන්නන් ඔවුන් සමග එක්වීමට දක්වන අකමැත්තත් නිසා ජයවර්ධන කලාක් මෙන් විදේශීය හමුදාවක් ගෙනවිත් හෝ තම පාලන බලය රැකගැනීමට උත්සහ දරනු ඇතිබවට අප අනතුරු හගවන්නේ ඒ නිසාය.

මෙම උගුලට නොවටවිමට ලාංකීය වමේ ව්‍යාපාරය තම උපක්‍රම ශක්තිමත් කල යුතුව ඇත. ගෝඨාබය රාජපක්ෂ මහතා වම රට අරාජික කිරීමට උත්සහා කරන බව කිමෙනුත්, මුස්ලිම් අන්තවාදයක් ඇති බව පැවසිමෙනුත් රාජපක්ෂ කල්ලියට තම බලය රැක ගැනීම සදහා යුද්දයක් අවශ්‍ය බව තව දුරත් තහවුරු වේ.

« ධනවාදය තම මිනීවල හාරනු ලබන්නේ තමන්ගේම දෙඅත් වලිනි. ධනවාදය විනාශය කල හැකි එකම ක්‍රමවේදය නම් කලයුත්තේ බදු ! බදු ! තව තවත් බදු ! ජනතාව මත පැටවිමට සැලැස්වීමයි ». (කාල් මාර්කස් ප්‍රාග්ධනය පළමු වෙළුම)

අවසන් තීරණය ඔබ සතුය !

මේ ලිපිය වෙන අයත් එක්කත් බෙදා ගන්න. උපුටා ගන්නවා නම් ‍මෙතැනින් ගත් බව කියන්න
Read in English blog.parakum.com

Comments

  1. // මේ වනවිට ශ්‍රී ලංකාව සිටිනුයේ අධික ලෙස ණය වූ ලෝකයේ රටවල් 10 අතර වීම අප වටහා ගතයුතු සත්‍යකි.

    කරුණු හොයල බලල ලියනවනම් තමා හොඳ!

    http://en.wikipedia.org/wiki/List_of_countries_by_external_debt

    ReplyDelete
    Replies
    1. අනුපානෙටවත් බොරු හොද නෑ පැරෝ

      Delete
    2. අනුපානය කියන වචනෙ සමහරු දන්නෙ නැතිව ඇති කියලයි මේ කියන්නෙ.සිංහල බේත් වල කසාය වලට අනුපානයට සීනි වගෙ දේවල් දමනවා.නොමිනේශන් බාර දෙන කොට අනුපානෙට කුඩුකාරයො,මිනීමරුවො,ස්ත්‍රී දූෂකයො දමනවා.ඒ වගේ පැරාත් අනුපානටෙ බොරු දෙකතුනක් හාමු කරන්නෙ පදම ගන්න වෙන්න ඇති.ඒත් සමහර විට පදම වරදිනව.හත්මාළුව නරක් වෙන්නත් බැරි නෑ.

      Delete
    3. විකිපීඩියාවේ සහ CIA fact book හි ඇති සියලුම දේ ඒ ආකාරයෙන්ම නිවැරදියි සිතීමද නිවැරදි නොවේ. ලංකාව වැනි කුඩා රටකට දැරිය නොහැකි තරම් ණය ගැති වී ඇති බව සංක්‍යා ලේඛන මගින් සැඟවිය නොහැකිය.

      Delete
  2. /////ධනවාදය තම මිනීවල හාරනු ලබන්නේ තමන්ගේම දෙඅත් වලිනි. ධනවාදය විනාශය කල හැකි එකම ක්‍රමවේදය නම් කලයුත්තේ බදු ! බදු ! තව තවත් බදු ! ජනතාව මත පැටවිමට සැලැස්වීමයි/////
    ලංකාවේ මිනිස්සුන්ට අතිරේක කාලයක් වැය වෙයි ලෝකේ අනික් රටවලට සාපේක්ෂව. මිනිස්සුන්ට හිතන්න පුරුදුකරලා තියෙන්නේ මේක අපේ ලැබීම අපේ කරුමේ. ලබා උපන් හැටි කියලනේ.පාරේ යනගමන් වෙඩිකාල මළත් ගිය ආත්මේ naughty වැඩ කරපු නිසා නේ...

    ලෝකේ අනික් රටවලට වඩා අපේ රටේ මිනිස්සු හරි වෙනස් ඒ වෙනසට ගරු කරන අපි ටීක්.... ටීක්......

    ReplyDelete
    Replies
    1. http://obeth-mageth-addakeem.blogspot.com/2013/08/what-is-happening-to-sri-lankas-economy-02.html

      Delete
    2. මොරබ්බා ගෙ කතාව ඇත්ත.සංසිද්ධීන් වලට හැම විටම අධිසොභාවික දේවල් ආරෝපනය කරල විග්‍රහ කරන්න ගිහාම මහා විකාරයක් වෙනවා.හැබැයි එක අතකට එහෙම හිතන සමාජයක් ලැග්ග තැනම ලැගල සිතේ සමාදානෙන් ඉන්නවා නේද කියලත් හිතෙනවා.ඒ විදියෙ සමාදානයක් ඇති කරන්න නම් මුග්ධ සමාජයක් ඇති කරන්න ඕන.රාජ්‍ය අනුග්‍රහයෙන් සෙනසුරු අපල දුරු කිරීමේ ජාතික වැඩපිලිවෙලවල් වගෙ දේවල් හදුන්වා දිය යුතුයි.මුග්ධ සමාජය නිතරම ප්‍රීතිමත්ය.

      Delete
  3. http://142.4.27.83/Sinhala/news.php?id=23269

    ReplyDelete

Post a Comment

මාතෘකාවට අදාළ නැති හා වෛරී අදහස් ඉවත් කිරීමට ඉඩ ඇති බව කරුණාවෙන් සලකන්න.

Popular posts from this blog

තේරවිලි: සුපුන් සඳක් ඇත. මැදින් හිලක් ඇත.

පාසල් අධ්‍යාපනය ගැන කතා තුනක්

හමුදා කුමන්ත්‍රණ ගැන ලෝකෙට දුරකථනයෙන් කිව්වෙ බීලා වෙන්න ඇති -ෆොන්සේකා