Posts

Showing posts with the label තායිලන්තය

ගිනි කන්දක් පාමුල ගේම් ගැසීම!

( වටිනා විශ්ලේෂණයක් නිසා නැවත පළ කරමි. උපුටා ගැනීම  Voix de Ceylan   වෙතිනි)   ශ්‍රී ලංකාවේ මහජන බැංකුව බංකොලොත් වනවාත් සමගම එය කොටස් වෙළද පලට යැවීමට රාජපක්ෂ නඩය තීරණය කර ඇත. කෝප් වාර්තාවට අනුව බංකොලොත් වී ඇති රාජ්‍ය සමාගම් ප්‍රමාණය හා අනෙකුත් රජයට සම්බන්ධ ආයතන හා පුද්ගලයින් මහජන බැංකුවට ගෙවීමට ඇති සමස්ත ණය ප්‍රමාණය රුපියල් කෝටි 4000 ඉක්මවයි. එසේනම් රාජ්‍ය බැංකු සියල්ලෙන්ගේම තත්වය මේ ආකාරයෙන් බවට සමහරුන් කරනු ලබන ආර්ථික විග්‍රහයන් නිවැරිදි නම් ඉදිරි අනාගතය තුල රජයට සිදුවනුයේ තවදුරටත් අධික පොලියට පුද්ගලික බැංකු වලින් ණය ගැනීමට හා බංකොලොත් වී ඇති රාජ්‍ය ආයතන කුණු කොල්ලයට විකුණා දැමීම පමණි. එසේනම් අප අවතීරණ වෙමින් පවතින්නේ කම්කරු සටන් උග්‍ර වන පන්ති සටන් ශක්තිමත් කරන වකවානුවකට කිවහොත් ඉතාමත් නිවැරිදිය. 1990-1993 යුගයේදී තායිලන්තයේ සිදුවූයේද මෙයමය. එදා තායිලන්තයට ධනපති මාධ්‍ය ප්‍රචාරය කරනු ලැබුවේ ආසියාවේ ආශ්චර්ය ලෙසය. රාජපක්ෂ නඩය යුද්දය අවසන් වූ වහාම කොටස් වෙළද පල ඉහල දැම්මේ කෘතිමවය. ඒ විදේශීය ආයෝජකයින් කැදවා ගැනීමටය. මෙයින් ධන කුවේරයන් බවට පත් වුයේද තම දේශපාලන බල අධිකා...

ලංකාවේ ආර්ථික උපදේශක පදවිය ඉඩම් හොරකමකට හිර දඬුවම් ලද තායිලන්ත අගමැතිට

Image
(2009 දෙසැම්බර් 31 -W3Lanka) ශ්‍රී ලංකා රජයේ ආර්ථික උපදේශකවරයා ලෙස තායිලන්තයේ හිටපු අගමැති තක්ෂින් සිනවත්‍රා පත් කිරීමට නියමිත බව බැංකොක් පෝස්ට් පුවත්පත වාර්තා කරයි. ඔහුට කොපමණ වැටුපක් ගෙවීමට ලංකාව එකඟ වී තිබේ ද යන්න හෙළිදරව් වී නොමැත. සිනවත්‍රා දැනට කාම්බෝජ රජයේ සහ එරට අගමැති හුන් සෙන්ගේ ද ආර්ථික උපදේශක පදවිය දරයි. සිනවත්‍රා අගමැති පදවියෙන් පහ කරනු ලැබූ පසු එරට උසාවියක් විසින් ඉඩම් ගනුදෙනුවකදී කරන ලද වංචාවක් සම්බන්ධයෙන් ඔහු දෙවසරක සිර දඬුවමකට ලක් කළේ ය. ලංකාවේ ජනාධිපතිගේ ආර්ථික උපදේශක පදවියට ඔහු පත් කරනු ලැබීම සඳහා ඒ සුදුසුකම ද අදාළ වීදැයි තවම දැනගන්නට නැත. සංස්කරණය: ‍ලංකාව සිනවත්‍රා ආර්ථික උපදේශක ලෙස පත් කරන්නට යන බවට ඇති වාර්තා නිවැරදි නොවන බව ලංකාවේ රජය දෙසැම්බර් 31දා පැවසීය.