රනිල් වික්‍රමසිංහගේ ගමනක අවසානය

ශක්තිමත් විපක්ෂයක් යනු ප්‍රජාතන්ත්‍රවාදයේ ලක්ෂණයකි. ලංකාවේ විපක්ෂය මේ වන විට අතිශය දුර්වල ය. එසේ වී තිබෙන්නේ විපක්ෂයේ දුර්වලකම නිසා ම නො වේ. විපක්ෂය දුර්වල කිරීම ගොඩනැගෙන ඒකාධිපතිත්වයක ප්‍රධාන ලක්ෂණයකි. 

ඒකාධිපතීන් විසින් දේශපාලනයේදී ප්‍රවර්ධනය කරනු ලබන්නේ විනය හෝ ප්‍රතිපත්ති ගරුකත්වය හෝ නො වේ. ඔවුන් විසින් දිරි ගන්වනු ලබන්නේ දූෂණය, පාවා දීම, දීනකම වැනි දේ ය.

දේශපාලනයට පිවිසෙන පසුගාමී ධනේශ්වර කොටස් අල්ලස් හා වරදාන ඔස්සේ තමන් වෙත ආකර්ශනය කර ගැනීමෙන් ඒකාධිපති පවුල විසින් විපක්ෂය සම්පූර්ණයෙන් ම දුර්වල කර දමන ලදී. ඒ සමග ම සමස්ත දේශපාලන ප්‍රජාව ම මහා දූෂිත මානසිකත්වයකින් හා අපේක්ෂා භංගත්වයකින් වෙළා දමන ලදී. ප්‍රතිපත්ති නො තකන, උපයෝගිතාව ම එක ම ප්‍රතිපත්තිය වූ නායකත්වය විසින් ඔවුන්ට ම ගැලපෙන දේශපාලන ප්‍රජාවක් ද නිර්මානය කරගෙන තිබේ. 

මේ වන විට ප්‍රධාන විපක්ෂය වූ එක්සත් ජාතික පක්ෂය සමග පමණක් නොව වාමාංශික මුහුණුවරක් ඇති ජනතා විමුක්ති පෙරමුණ තුළ පවා සිටින්නේ අපේක්ෂා භංගත්වය මූලික ලක්ෂණය වූ අසහනකාරීන් පිරිසකි.  
ලංකාවේ ක්ෂුද්‍ර බුර්ෂුවා පංතියේ අවශ්‍යතා යම් දුරකට නියෝජනය කරන රනිල් වික්‍රමසිංහ එක්සත් ජාතික පක්ෂයේ නායකත්වය සියතේ රඳවා ගන්නට දරණ උත්සාහය මේ වන විට අසාර්ථකත්වයෙන් කෙළවර වීමට ආසන්න ය. 

එක්සත් ජාතික පක්ෂයේ විකල්ප නායකත්වය වන රාජපක්ෂ මොඩල් සජිත් ප්‍රේමදාස යටපත් කරගෙන සිටීමේ හැකියාව දැන් රනිල් වික්‍රමසිංහට අහිමි වෙමින් තිබෙන බව පෙනේ. පසුගිය පළාත් සභා ඡන්ද ප්‍රතිඵලය මෙහිදී අතිශය වැදගත් ය. එක්සත් ජාතික පක්ෂයේ ඡන්ද පදනම් පිරිහී තිබෙන මට්ටම කෙතරම් ද යත්, මධ්‍යම පළාතේ එය 28%ට අඩු ය. වයඹ නම් 25%ක්වත් නැත. උතුරේ 0.68%කි. 

මේ වනාහි රනිල් වික්‍රමසිංහගේ ගමනක අවසානයයි. ඔහු නෙරපීම නො වැළැක්විය හැකි ය. එක්සත් ජාතික පක්ෂයට ඉදිරියට යාමට අවශ්‍ය නම් රනිල් හා සජිත් අතර පැහැදිලි සම්මුතියක් අවශ්‍ය වනු ඇත. 

මේ ලිපිය වෙන අයත් එක්කත් බෙදා ගන්න. උපුටා ගන්නවා නම් ‍මෙතැනින් ගත් බව කියන්න
Read in English blog.parakum.com

Comments

  1. පැරා මෙහෙම හිතෙන්නෙ නැද්ද?
    ඒකාධිපතීත්වය හේතුවෙන් විපක්ෂය දුර්වල වෙනව. ඒ වගේම ජනාධිපති එන්න එන්නම ශක්තිමත් වෙනව. ඒ විදියටම රනිල් තම පක්ෂය තුල ඒකාධිපතියෙක්. එයා ඉවත් කිරීම ලේසි නෑ. මහින්ද හමුවේ රනිල්ට තියන දැවැන්ත අභියෝගය රනිල් හමුවේ සජිත්ලට ඒ විදියටම තියනව.

    ReplyDelete
  2. 'ලංකාවේ ක්ෂුද්‍ර බුර්ෂුවා පංතියේ අවශ්‍යතා යම් දුරකට නියෝජනය කර'

    මොකක්ද පැරා මේ වචනේ?

    ReplyDelete
    Replies
    1. මචන් ඕව තමයි වාමාංශිකයන් ගේ වචන ගොඩවල්...., මෙලෝ රහක් නෑ....... උන් වගේමයි, ලොකුවට පෙනුනට ඇතුල හිස්.... like them

      Delete
    2. //මචන් ඕව තමයි වාමාංශිකයන් ගේ වචන ගොඩවල්...., මෙලෝ රහක් නෑ....... උන් වගේමයි, ලොකුවට පෙනුනට ඇතුල හිස්//
      ලන්කාවේ තියෙන්නෙ ඉතා කුඩා බුර්ශුවා පන්තියක් කියලා තමයි පැරා කියලා තියෙන්නේ.මේවා දේශපාලනයට අදාල වචන.ලන්කාවේ බහුතරය ඔයගොල්ලා වගේ සිලිදුලා නිසා තමයි රනිල් පරදින්නේ බුර්ශුවා කියන වචනේ තෙරුම සර්ච් කරලා හොයා ගන්න

      Delete
  3. මට නම් තියෙන එකම සතුට වාමාංශික ව්‍යාපාර වල්ට මේ මහ පොලොව තුල තවදුරටත් පැවත්මක් නැති කමයි. දකුණේ සිංහල සමාජයෙන් උන්ටික කුජීත වෙලා ගියාම උන්, ටික ටික දෙමලගේ නැට්ටේ එල්ලෙන්ඩ බැලුවා. නමුත් දෙමලටත් මේ තක්කඩී, කුහක, බන්කොලොත් වාමාංශිකයෝ ටික වැඩේ කර ගන්න කම් ප්‍රයෝජනයට ගන්ඩ යොදා ගන්නා කොන්ඩම් එකක් විතරයි. උදා: ජවිපෙට උතුරින් අත්වුන ඉරනම​. උතුරේ මැයි දිනය සංවිධානය කරපු UNP එකටත් උනේ ඒ දේමයි. තක්කඩි, කුහක, බන්කොලොත්, ලොන්තපෝල්, කසිකබල්, මනෝලෝකවල ඉදන් හස්ත සේවනයේ යෙදෙන​, න්‍යාය ගොඩ නගමින් කටෙන් කයිවාරු ගහන වාමාංශික කේවට්ටයන්ට හොද වැඩේ.
    පැරා, දීප්ති, බාහු, නිර්මාල්, ටිල්වින්, කුමාර මාතියා වැනි මනෝ විකාර කාර වාමාංශිකයන් නම් කවදාවත් පාඩමක් ඉගෙන ගන්න එකක් යැ......

    ReplyDelete
    Replies
    1. ඔබට තවත් සතුටු හිතෙන දෙවල් ටිකක් කියන්නද?
      කිසිදු අවම හො හර්ද ශාක්ශියක් ඇති low and order භාවිතාවක් ඇති පරාර්තකාමි කිසිම අයකුට ලන්කාව තුල තුල තැනක් නොමැත.ලන්කාව තුල මේ කාලයේ තැනක් ඇත්තේ low and orderකියා දෙයක් අසාලාවත් නැති බයියන් ටිකකට සහ ඔවුන්ට චන්දය දෙන ඔබ වැනි මොඩයන් කොටසට පමනි

      Delete
    2. ++++++++++++++++++++++++++++++++++++++

      Delete
  4. One day our country also will like this when Muslims became Majority....

    http://www.33000.lk/2013/09/blog-post_24.html

    ReplyDelete
    Replies
    1. පැරා ඔය කියන්නේ 33000.lk කියන සයිට් එක ගැන. එකේ තමයි මේ විදියට අර ළමයාගේ පින්තුර දමලා තිබුනේ. ඔය සයිට් එක කරන්නේ S. රත්නායක කියලා මිනිහෙක්. කලින් gossip9.com සයිට් එක හා ඊට පස්සේ exgossip.com කියන එක කලේ මුන්. ඊට පස්සේ නාමලෙන් උපන් කුමාරයාගේන් ලක්ෂ 30 ක් අරං gossip9 බොරුවට තහනම් කරගෙන නවත්තලා දැම්මා. ආයේ ගානක් කඩා ගන්න කියලා කල්පනා කරපු මුන් ඊළගට පටන් ගත්ත exgossip.com . ඕක ටික කාලයක් කරගෙන ඉන්නකොට ඇත්තටම තහනම් කරලා දැම්මා සුදර්මන් රදලියගොඩ උන්නැහේ ගෝඨාබය මහතාට කියලා.

      මුන් දැන් කරන්නේ 33000.lk කියන සයිට් එක. මුන් ඇවිල්ලා හෙන කපටි ජාතියක්. ඉස්සර gosssip9 නවත්තන්න කලින් exgossip කියල එකක් පටන් අරං gossip9 එක හරහාම අළුත් සයිට් එක ප්‍රොමෝට් කරගත්තා. ඊට පස්සේ සල්ලි අරං ගොසිප්9 නවත්තලා අනිත් සයිට් එක කරා. ඊටත් පස්සේ දැන් කරන සයිට් එකට ට්‍රැෆික් එක අදින්නේ ඉස්සර සයිට්වල ෆේස්බුක් පේජ් පාවිච්චි කරලා.

      මේ gossip9, exgossip, 33000.lk සයිට් වලට අවශ්‍ය විස්තර දෙන්නේ නෙත් එකේ නිලුප සංජය ලියනගේ කියන කෙනා. මිනිහාට කාට හරි මඩක් ගහන්න, මිනිහගේ විරුද්ධවාදීන්ට, ජනමාධ්‍ය ක්ෂේත්‍රය ඉන්න උදවියට මඩක් ගහන්න ඕනි උනාම ඔය සයිට් පාවිච්චි කරනවා.

      ඒ විතරක් නෙමෙයි පහුගිය චන්ද කාලේ දයාසිරිගෙන් සල්ලි අරං ජෝනියට මඩ ගහන ගමන් දයසිරියව පිම්බුවා.
      දයාසිරිගේ වොයිස් කට් එහෙම හෝ ගාලා දැම්මේ.

      Delete
    2. මචන් එකම කමෙන්ට් එක කොපි පේස්ට් කරන්න එපා
      උඹට තිස්තුන්දාහ එක්ක අව්ලක් තියෙනවනම්
      උන් එක්ක බෙරගනින් මෙතන රෙන්නේ නැතුව

      Delete
  5. සජිත් එනවටත් කීදෙනෙක් අකමැතිද එහෙම බැලුවොත් ..අපේ රටේ මිනිස්සු රනිල්ටත් අකමැතියි , මහින්දත් හොඳ නැහැලු , සෝමෙලාටත් අකමැතියි .. මනුස්සයෙක් එක්ක කතා කරොත් කියන්නෙත් " රට ඉවරයි " කියලා..

    ඒ උනත් මහින්ද දිනනවා , රනිල් යන්නෙත් නැහැ , සජිත් එන්නෙත් නැහැ , මුකුත් වෙන්නෙත් නැහැ ..අනේ මන්දා පැරා ..

    ReplyDelete
    Replies
    1. GNAANASAARA WAGE KENEK AAWOTH HONDAI NEDA..

      Delete
    2. අපි කකාව ජනපති කරමු..... එතකොට පොර බ්ලොග් ඇමති කෙනෙක් දායි....

      Delete
    3. ඔබ හරි සහන් සජිත් එන්නෑ.සජිත් පොන්නයෙක් වගේ මට පේන්නේ.මිනිහා වටේ ඉදපු දයාසිරි,මෛත්‍රී ඇතුලු සෙට් එකට යන එන මං නැති කලා.මම සජිත් උනා නම් මං දන්නවා පක්ෂයේ බලය අල්ලන විදිය.ඒකට ස්ටේජ් ගානේ එහෙයියෙක් වෙන්නෑ කියන කතා වගේ ඒවා කියා වැඩක් නෑ.රනිල් යටි කූට්ටු වැඩ කරන කෙනෙක් නිසා ඒ වගේම මෙහෙයුමකින් තමා බලය අල්ලන්න ඕන,ගාමිණී දිසානායක බලය ඇල්ලුවා වගේ.
      සමහර විට රනිල් බලාගෙන ඇත්තේ ජේ ඇර් නාකි වෙලා බලයට ආවා වගේ නාකි වෙලා හරි බලයට එන්න.ඊට පස්සේ මිනිහාට වුන හැම කෙනෙහිලි කමකටම රිටර්න් එක දෙන්න,අති විශාල බලයක් තියෙන විධායක ජනපති කමේ උපරිම බලය පතුරුවන්න,අන් කිසිම නායකයෙකු නොකල තරමට.
      කොහොම උනත් ඒ දේ නොවේවි කියලා හිතන්න බෑ,මොකද මේ යන විදියට රට තව අවුරුදු කිහිපයකින් විශාල ආර්ථික ආගාධයකට යන එක නවත්වන්න බෑ.අපේ රජය ඛනිජ තෙල් වලින් විදුලියෙන් ,අති විශාල ණය බරක් දරනවා.ගගේ නිකම් යන වතුර ටික පොම්ප කරලා ගිනි ගානට මිනිස්සුන්ට දීලා ජල සම්පාදනේට ඒත් පාඩුයි.ලංගම දුම්රිය පාඩුයි.ලාබ ලබන්නේ මොන ක්සේත්‍ර වලින්ද?අවුරුද්දෙන් අවුරුද්ද මේ ණයට තව තව එකතුවනවා.ගැප් එක එන්න එන්නම වැඩිවෙනවා.ආසියාවේ ආශ්වර්යට යන ගමන කියන්නේ නහය ගාවටම ණයබර වැඩිවී රටට ආපසු හැරෙන්න බැරි තැනකට ගොස් හිරවෙන එකටද?
      සිදුවන දෙය නෑසු කන්ව ,අන්ධයන් සේ සිටින ජනතාවට පාලකයන් දෙන හොදම තෑග්ග එය නොවේද?

      Delete
    4. මම හිතන්නේ සජිත් ඉන්නවා ඇත්තේ කෙන්දරේට අනුව රාජ යෝග පල දෙන කාලය එනකම් .. ( සිරාවටම කියන්නේ.. සජිත් ඇවිල්ලා යන්ත්‍ර මන්ත්‍ර ගුරුකම් වලට මුල් තැන දෙන කෙනෙක් )

      ඒකයි ඔහේ ඉන්නවා ඇත්තේ කට්ටියට නටන්න දීලා.. කොහොමින් හරි අන්තිමට වෙන්නේ UNP එක ගන්නම දෙයක් නැති තැනට පත් වීම .. එක්කෙනෙක් වශී බෝලයක් අරන් දඟලනවා තව එක්කෙනෙක් රාජ යෝගේ පල දෙනකම් ඉන්නවා..

      ____________________________________

      ණය ගැන එහෙම මම පොස්ට් කීපයක් ලියල තියෙනවා ..ඒවා පොඩ්ඩක් බලන්න යාලුවා.. මොකද මහා ගොඩක් දේවල් එතැනදී මම කතා කරා..

      _______________________________________

      widhayaka විසින් අපිව ගිල ගන්නවා පුදුම වේගෙකින් .. රටේ කිසිම කෙනෙකුට ඒක පෙන්නේ නැති ekayi වැඩේ ..මට පෙන්නේ දේශප්‍රේමියෝ ඉන්නේ බ්ලොග් වල විතරයි වගේ... තව කියන්න නම් දේවල් කප්පරක් තියේ යාලුවා..

      ": 02 ශ්‍රී ලංකාවේ ආර්ථිකයට අනාගතයේදී විය හැකි දේ. ( දෙවන කොටස ) what is happening to Sri Lanka's economy 02.


      "එදිනෙදා ජීවිතය | Trance : ඇයි අපිට ජපානෙන් 300% බද්දට වාහන ගේන්න උනේ?1960 දී ලංකාවේ මෝටර් රථ තාක්ෂනය විනාශ කළ".


      "එදිනෙදා ජීවිතය | Trance : මීළඟ ජනාධිපති විය යුත්තේ කව්ද?විය හැක්කේ කව්ද ?(ලිපි කීපයක පළමු වැන්න)"


      Delete

Post a Comment

මාතෘකාවට අදාළ නැති හා වෛරී අදහස් ඉවත් කිරීමට ඉඩ ඇති බව කරුණාවෙන් සලකන්න.

Popular posts from this blog

තේරවිලි: සුපුන් සඳක් ඇත. මැදින් හිලක් ඇත.

පාසල් අධ්‍යාපනය ගැන කතා තුනක්

හමුදා කුමන්ත්‍රණ ගැන ලෝකෙට දුරකථනයෙන් කිව්වෙ බීලා වෙන්න ඇති -ෆොන්සේකා