Posts

Showing posts with the label දෙමළ ජාතිවාදය

උතුරු පළාත් සභාවෙන් පසු ලංකාවේ දේශපාලනය

Image
උතුරු පළාත් සභාවේ මැතිවරණ ප්‍රතිඵලය විසින් සිංහල ජාතියේ නායකත්වය අන්දමන්ද කර ඇති බවක් පෙනේ. සිංහල නායකයන් විසින් බිය ප්‍රකාශ කර ඇති ආකාර දෙකක් මෙසේ ය. ප්‍රජාතාන්ත්‍රික අන්දමින් ජාත්‍යන්තර අරගළයක් ඔස්සේ ලංකාව බෙදීමේ වැඩපිළිවෙලක් සඳහා මෙම මැතිවරණ ප්‍රතිඵලය පදනම් කර ගනු ඇත. ත්‍රස්තවාදය නැවත ලංකාවේ හිස ඔසවනු ඇත.  මෙහිදී දෙවන කාරණය සම්බන්ධයෙන් නම් ලංකාවේ ‍සිංහල දෙමළ බහුතරයක් ජනතාව අතර සම්මුතියක් ඇති බව මම සිතමි. ඒ වනාහි තවත් ත්‍රස්තවාදී ව්‍යාපාරයක් ලංකාවේ අනවශ්‍ය බවයි. උතුරු නැගෙනහිර ප්‍රදේශ රටේ සෙසු ප්‍රදේශ සමග සම්බන්ධ වීමත් සමග හා ධනවාදයේ ව්‍යාප්තියත් සමග ත්‍රස්තවාදී ව්‍යාපාරයකට අවශ්‍ය බිලි බෝයිලා නිර්මානය කර ගත හැකි සමාජ පසුගාමිත්වය නඩත්තු කර ගැනීමට නො හැකි ය. අනෙක් පැත්තෙන්, දෙමළ සමාජය මුස්ලිම් සමාජය මෙන් පර්දාවෙන් වැසූ සමාජයක් ද නො වේ. සිංහල ජාතිය ත්‍රස්තවාදය ඔස්සේ පැරදවිය නො හැකි බව ද, ත්‍රස්තවාදයෙන් තමන්ට උරුම වන්නේ කාලකණ්ණිකම පමණක් ම බව ද දෙමළ සමාජයට අලුතෙන් ඉගෙන ගන්නට දෙයක් නැත.  කාලාන්තරයක් තිස්සේ දෙමළ ඊලාම් විමුක්ති කොටි සංවිධානය වැනි ජාතිවාදීන් උපකාර ක...