Posts

Showing posts with the label සී.වී. විග්නේශ්වරන්

(විග්නේශ්වරන් දිවුරුම් දුන් ඡායාරූපය) ඥානාසාර හිමියනි, ජීවත් වීම සඳහා අලුත් ව්‍යාපෘතියක් සොයා ගන්නට සිදු වනු ඇත

Image
මේ ඡායාරූපය ඇතැමෙකු මවිත කිරීමට ද, තවෙකෙකු තරහ ගැන්වීමට ද, තවත් අයෙකු දිව හක්කේ ගසාගෙන හිනා වීමට ද හේතු වී තිබේ.  එ‍හෙත්, මෙම ඡායාරූපයේ ඓතිහාසික වැදගත්කමක් තිබේ. මේ වනාහි 1983න් පසු අන්ත ජාතිකවාදයේ ගිලී ගිය දෙමළ දේශපාලනය සාමාන්‍යකරණය වීම සංකේතවත් කරන්නකි. එය දේශපාලන සන්ධිස්ථානයකි. මීට කලින් දෙමළ ජාතික සන්ධානය ප්‍රකාශ කළේ දිවුරුම් දීම සඳහා ජනාධිපති මහින්ද රාජපක්ෂ යාපනයට එන බවයි. එම අදහස දෙමළ සමාජයට විකිණුවේ "හුහ්, අපි එහෙ යන්නේ නැහැ. එයා මෙහෙ එනවා," කියා ය. ‍එහෙත්, මහින්ද කිසිවක් කියූ බවක් දැනගන්නට නැත. අප සිතන අන්දමින් මහින්දට ඒ කොන්දේසිය දැමීමේ ආත්ම ශක්තිය සම්බන්ධන්ට හෝ විග්නේශ්වරන්ට නැත.  ලංකාවේ දෙමළ ප්‍රාදේශීය දේශපාලනය ද තමිල්නාඩුවේ දේශපාලනය හා සමාන අන්දමින් සංවර්ධනය වෙමින් තිබේ. දේශපාලනයේ නිරීක්ෂකයන් වී සිටි දෙමළ ජාතික සන්ධානය සැබැවින් ම පාලකයන් වී තිබේ. දැන් ඉතින් විරෝධය පළ කරමින් ඉන්නට බැරි ය. දැන් ඉතින් වැඩ කරන්නට ද සිදු වේ. මහින්ද රාජපක්ෂ ආණ්ඩුව ඉන්දියාව හා උතුරු පළාත් සභාව සමග සහයෝගයෙන් කටයුතු කිරීමේ හැකියාව ගොඩනඟා ගතහොත් තත්වය වේගයෙන් වෙනස් වනු ඇත. ...

උතුරු පළාත් සභාවෙන් පසු ලංකාවේ දේශපාලනය

Image
උතුරු පළාත් සභාවේ මැතිවරණ ප්‍රතිඵලය විසින් සිංහල ජාතියේ නායකත්වය අන්දමන්ද කර ඇති බවක් පෙනේ. සිංහල නායකයන් විසින් බිය ප්‍රකාශ කර ඇති ආකාර දෙකක් මෙසේ ය. ප්‍රජාතාන්ත්‍රික අන්දමින් ජාත්‍යන්තර අරගළයක් ඔස්සේ ලංකාව බෙදීමේ වැඩපිළිවෙලක් සඳහා මෙම මැතිවරණ ප්‍රතිඵලය පදනම් කර ගනු ඇත. ත්‍රස්තවාදය නැවත ලංකාවේ හිස ඔසවනු ඇත.  මෙහිදී දෙවන කාරණය සම්බන්ධයෙන් නම් ලංකාවේ ‍සිංහල දෙමළ බහුතරයක් ජනතාව අතර සම්මුතියක් ඇති බව මම සිතමි. ඒ වනාහි තවත් ත්‍රස්තවාදී ව්‍යාපාරයක් ලංකාවේ අනවශ්‍ය බවයි. උතුරු නැගෙනහිර ප්‍රදේශ රටේ සෙසු ප්‍රදේශ සමග සම්බන්ධ වීමත් සමග හා ධනවාදයේ ව්‍යාප්තියත් සමග ත්‍රස්තවාදී ව්‍යාපාරයකට අවශ්‍ය බිලි බෝයිලා නිර්මානය කර ගත හැකි සමාජ පසුගාමිත්වය නඩත්තු කර ගැනීමට නො හැකි ය. අනෙක් පැත්තෙන්, දෙමළ සමාජය මුස්ලිම් සමාජය මෙන් පර්දාවෙන් වැසූ සමාජයක් ද නො වේ. සිංහල ජාතිය ත්‍රස්තවාදය ඔස්සේ පැරදවිය නො හැකි බව ද, ත්‍රස්තවාදයෙන් තමන්ට උරුම වන්නේ කාලකණ්ණිකම පමණක් ම බව ද දෙමළ සමාජයට අලුතෙන් ඉගෙන ගන්නට දෙයක් නැත.  කාලාන්තරයක් තිස්සේ දෙමළ ඊලාම් විමුක්ති කොටි සංවිධානය වැනි ජාතිවාදීන් උපකාර ක...

විග්නේශ්වරන්ට ඉරිසියා කරමු

Image
ආණ්ඩුව උතුරු පළාත් සභා මැතිවරණය වෙනුවෙන් කර තිබෙන සුවිශේෂ තේරීම වන්නේ ‍කොටි සංවිධානයේ හිටපු මාධ්‍ය ප්‍රකාශක දයා මාස්ටර් ය. දයා මාස්ටර් තම මාධ්‍ය ප්‍රකාශකවරයා බවට පත් කිරීම කොටි සංවිධානයේ ද මුග්ධකමකි. දයා මාස්ටර් වැනි චරිතයක් මාධ්‍ය ප්‍රකාශකවරයා බවට පත් කිරීමෙන් කොටි සංවිධානය ප්‍රකාශ කළේ ම ජනතාවගේ තොරතුරු දැන ගැනීමේ අයිතියට නිගරුවකි. එය කොටි සංවිධානයේ මාධ්‍ය ප්‍රතිපත්තිය ප්‍රකාශයට පත් කිරීමක් විය හැකි ය. කිලිනොච්චියේ කොටින්ගේ මාධ්‍ය සම්බන්ධීකරණය සිදු කෙරුනු නිවසක් භාරව සිටි, ඉංග්‍රීසි ටියුෂන් ගුරුවරයකුව සිටි එහෙත් ඉංග්‍රීසි කතා කළ නො හැකි ‍අසරණ පෙනුමක් ඇති මේ මිනිසාට වඩා විප්ලවීය තේරීමක් ආණ්ඩුවට උතුර සම්බන්ධයෙන් නැති වීම ඇත්තෙන් ම ආණ්ඩුවේ අසරණකම ප්‍රදර්ශනය කිරීමකි. එහෙත්, දෙමළ ජාතික සන්ධානය සිය මහ ඇමති අපේක්ෂකයා ලෙස හිටපු ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරුවරයකු වූ සී.වී. විග්නේශ්වරන් තෝරාගෙන තිබේ. ඔහු දේශපාලනයට අලුත් මිනිසෙකි. මම එහුට කැමැත්තක් දක්වන්නේ ඔහු තුළ ඇති ඇතැම් පුළුල් ලක්ෂණ හේතුවෙනි. සිය භාෂාවට, ජාතියට, ආගමට ගරු කරන ගමන් ම ඔහු පුළුල් ලාංකික අනන්‍යතාවක් සිය පවුලේ ජීවිතය තුළින් ප්‍...

උතුරු පළාත් සභාව ගැන සුබවාදීව

Image
පළාත් සභා මකබෑ කරන්නෙමුයි පසුගිය දිනවල රෙදි උස්සාගෙන ආ අය දැන් ‍කෝ? දැන් ඒ සියල්ලන්ගේ මුඛ පූට්ටු වෙලා ය. ඇයි ඒ? ඉන්දියාව ඇමති බැසිල් එහි ගෙන්වාගෙන සත්තමක් දැමුවේ ය. මෙනන් ලංකාවට ඇවිල්ලා ද පෙන්නුවේ තමන් කරන බලපෑමේ තරම ය.  ජුනි 26දා නෙත් රේඩියෝවෙන් විකාශය වූ මේ ප්‍රවෘත්තිය බලන්න:    13 වන ව්‍යවස්ථා සංශෝධනය සම්බන්ධයෙන් තම පක්ෂය වන ශ‍්‍රී ලංකා නිදහස් පක්ෂය දරන ස්ථාවරයේ රැඳීසිටින බව අමාත්‍යවරුන් වන රාජිත සේනාරත්න සහ රෙජිනෝල්ඞ් කුරේ යන මහත්වරුන් ජනාධිපතිවරයා ඉදිරියේ අද කියා සිටියා.  ශ‍්‍රී ලංකා නිදහස් පක්ෂයේ මැති ඇමතිවරුන් සාකච්ඡාවක් සඳහා අද ජනාධිපතිවරයා විසින් ජනාධිපති ලේකම් කාර්යාලයට කැඳවනු ලැබ තිබුණා. දේශපාලන ආරංචි මාර්ග සඳහන් කරන්නේ 13වන ව්‍යවස්ථා සංශෝධනයට ඇතුළත් කරුණු කිහිපයක් සම්බන්ධයෙන් එහිදී සාකච්ඡාවී ඇති බවයි. ඊට අදාළව යෝජනා ඉදිරිපත් කර ඇත්තේ ශ‍්‍රී ලංකා නිදහස් පක්ෂ මහලේකම් අමාත්‍ය මෛත‍්‍රීපාල සිරිසේන මහතායි. එම යෝජනා අමාත්‍ය ඩලස් අලහප්පෙරුම මහතා විසින් ස්ථිර කර තිබෙනවා. පළාත් සභාවලට පොලිස් සහ ඉඩම් බලතල කි‍්‍රයාත්මක කිරීමට ඇති අවස්ථාව සම්බන්ධය...