මැතිවරණ ප්‍රතිඵල ගැන ඔබේ අදහස් දක්වන්න
පළාත් සභා තුනේ ආසන මට්ටමේ ප්‍රතිඵල බොහොමයක් නිකුත් වී තිබේ. ප්‍රතිඵලය අප ඊයේ කී ආකාරයෙනි. මධ්‍යම හා වයඹ පළාත් එක්සත් ජනතා නිදහස් සන්ධානය විසින් ජය ගෙන තිබේ. එක්සත් ජාතික පක්ෂයේ ඡන්ද පදනම්වල වර්ධනයක් සිදු වී තිබේ ද යන්න තවම පැහැදිලි නැත. එහෙත්, එම පක්ෂයේ ප්‍රතිඵලය පවත්නා තත්වය තුළ නරක නැති බව පෙනේ. ජනතා විමුක්ති පෙරමුණට එක් ආසනයක්වත් හිමි වේ ද යන්න සැක සහිත ය. ජනතා විමුක්ති පෙරමුණේ බිඳී යාමේ ප්‍රතිඵලය එයයි. සරත් ෆොන්සේකාගේ ප්රජාතන්ත්රවාදී පක්ෂය කැපී පෙනෙන ඡන්ද ප්‍රමාණයක් ලබා ගෙන තිබේ. එක් ආසනයක් දිනා ගන්නට ඉඩ තිබේ. ශ්‍රී ලංකා මුස්ලිම් කොංග්‍රසය තනිව තරග කිරීමෙන් පැහැදිලි ප්‍රතිඵලයක් අත් කර ගෙන ඇති බවක් නො පෙනේ. ඔවුන්ට උතුරු පළාතෙන් හිමි වී තිබෙන්නේ එක් ආසනයක් පමණි. ඒ මන්නාරමෙනි. පුත්තලම් දිස්ත්‍රික්කයෙන් ආසනයක් හිමි වන්නට පුළුවන. මාතලේ දිස්ත්‍රික්කයට වෙන ම තරග ලංකා කම්කරු කොංග්‍රසය එක් ආසනයක් දිනාගෙන තිබේ. උතුරු පළාතේ මැතිවරණ ප්‍රතිඵලය දේශපාලනික වශයෙන් අතිශය වැදගත් ය. අපි ඒ පිළිබඳව වෙනම සාකච්ඡා කරමු. මේ ලිපිය වෙන අයත් එක්කත් ...