Posts

Showing posts with the label වයඹ

මැතිවරණ ප්‍රතිඵල ගැන ඔබේ අදහස් දක්වන්න

පළාත් සභා තු‍නේ ආසන මට්ටමේ ප්‍රතිඵල බොහොමයක් නිකුත් වී තිබේ.  ප්‍රතිඵලය අප ඊයේ කී ආකාරයෙනි.  මධ්‍යම හා වයඹ පළාත් එක්සත් ජනතා නිදහස් සන්ධානය විසින් ජය‍ ගෙන තිබේ. එක්සත් ජාතික පක්ෂයේ ඡන්ද පදනම්වල වර්ධනයක් සිදු වී තිබේ ද යන්න තවම පැහැදිලි නැත. එහෙත්, එම පක්ෂයේ ප්‍රතිඵලය පවත්නා තත්වය තුළ නරක නැති බව පෙනේ.  ජනතා විමුක්ති පෙරමුණට එක් ආසනයක්වත් හිමි වේ ද යන්න සැක සහිත ය. ජනතා විමුක්ති පෙරමුණේ බිඳී යාමේ ප්‍රතිඵලය එයයි.  සරත් ෆොන්සේකාගේ ප්‍රජාතන්ත්‍රවාදී පක්ෂය කැපී පෙනෙන ඡන්ද ප්‍රමාණයක් ලබා ගෙන තිබේ. එක් ආසනයක් දිනා ගන්නට ඉඩ තිබේ. ශ්‍රී ලංකා මුස්ලිම් කොංග්‍රසය තනිව තරග කිරීමෙන් පැහැදිලි ප්‍රතිඵලයක් අත් කර ගෙන ඇති බවක් නො පෙනේ. ඔවුන්ට උතුරු පළාතෙන් හිමි වී තිබෙන්නේ එක් ආසනයක් පමණි. ඒ මන්නාරමෙනි. පුත්තලම් දිස්ත්‍රික්කයෙන් ආසනයක් හිමි වන්නට පුළුවන.  මාතලේ දිස්ත්‍රික්කයට වෙන ම තරග ලංකා කම්කරු කොංග්‍රසය එක් ආසනයක් දිනාගෙන තිබේ.  උතුරු පළාතේ මැතිවරණ ප්‍රතිඵලය දේශපාලනික වශයෙන් අතිශය වැදගත් ය. අපි ඒ පිළිබඳව වෙනම සාකච්ඡා කරමු.   මේ ලිපිය වෙන අයත් එක්කත් ...

මමත් ඡන්ද දායකයෙක් වුණා නම් ..............

Image
අද පැවැත්වෙන පළාත් සභා මැතිවරණයේ ප්‍රතිඵල මෙසේ ය: වයඹ හා මධ්‍යම පළාත් මැතිවරණ එක්සත් ජනතා නිදහස් සන්ධානය පහසුවෙන් ජය ගනු ඇත.  දෙමළ ජාතික සන්ධානය ඊටත් වඩා පහසුවෙන්, ඇතැම් විට තුනෙන් දෙකකට වැඩි ඡන්ද ප්‍රතිශතයකින්   උතුරු පළාත් සභාව   ජය ගන්නට ඉඩ තිබේ. වයඹ පළමු තැනට එන්නේ දයාසිරි ද ‍ජොහාන් ද වැනි ප්‍රශ්න ඇත්තට ම වැදගත් නැත. මන්ද ගූ බෙට්ටේ ඉස්සරහ පස්ස කියා වෙනසක් නැති නිසා ය.  මේ මැතිවරණයේදීත් වර්ණවත් මැතිවරණ ඝෝෂාව තුළ ජනතාව දේශපාලනිකව අන්ධ හා බිහිරි තත්වයට පත් කර ගොළු ප්‍රකාශකයකු බවට පත් කර ගන්නට ආණ්ඩුව සමත් වී තිබේ. විපක්ෂයේ දුර්වලකම හා මැතිවරණයේදී රාජ්‍ය බලය භාවිතා කරන්නට ඇති බලපුළුවන්කාරකම වාසියට තිබුණත්, මේ මැතිවරණයේදීත් ආණ්ඩුව යැපුණේ ජාතිවාදය මතයි. උතුරු පළාත් සභා මැතිවරණයේදී ශක්තිමත් අන්දමින් මතු වූ දෙමළ ජාතිකවාදය අනෙකා කරගෙන දෙමළාට එරෙහිව ආණ්ඩුව ශක්තිමත් කළ යුතු ය යන මතයක් ආණ්ඩුව විසින් ඉස්මතු කරන ලදී.  අලුත් ජාතිකවාදී දේශපාලන රැල්ල ගැන අපි මැතිවරණයෙන් පසුව කතා කරමු.  මෙම මැතිවරණයේදී එක්සත් ජාතික පක්ෂය, ජනතා විමුක්ති පෙරමුණ හා ප්‍රජ...