Posts

Showing posts with the label දයාසිරි ජයසේකර

මමත් ඡන්ද දායකයෙක් වුණා නම් ..............

Image
අද පැවැත්වෙන පළාත් සභා මැතිවරණයේ ප්‍රතිඵල මෙසේ ය: වයඹ හා මධ්‍යම පළාත් මැතිවරණ එක්සත් ජනතා නිදහස් සන්ධානය පහසුවෙන් ජය ගනු ඇත.  දෙමළ ජාතික සන්ධානය ඊටත් වඩා පහසුවෙන්, ඇතැම් විට තුනෙන් දෙකකට වැඩි ඡන්ද ප්‍රතිශතයකින්   උතුරු පළාත් සභාව   ජය ගන්නට ඉඩ තිබේ. වයඹ පළමු තැනට එන්නේ දයාසිරි ද ‍ජොහාන් ද වැනි ප්‍රශ්න ඇත්තට ම වැදගත් නැත. මන්ද ගූ බෙට්ටේ ඉස්සරහ පස්ස කියා වෙනසක් නැති නිසා ය.  මේ මැතිවරණයේදීත් වර්ණවත් මැතිවරණ ඝෝෂාව තුළ ජනතාව දේශපාලනිකව අන්ධ හා බිහිරි තත්වයට පත් කර ගොළු ප්‍රකාශකයකු බවට පත් කර ගන්නට ආණ්ඩුව සමත් වී තිබේ. විපක්ෂයේ දුර්වලකම හා මැතිවරණයේදී රාජ්‍ය බලය භාවිතා කරන්නට ඇති බලපුළුවන්කාරකම වාසියට තිබුණත්, මේ මැතිවරණයේදීත් ආණ්ඩුව යැපුණේ ජාතිවාදය මතයි. උතුරු පළාත් සභා මැතිවරණයේදී ශක්තිමත් අන්දමින් මතු වූ දෙමළ ජාතිකවාදය අනෙකා කරගෙන දෙමළාට එරෙහිව ආණ්ඩුව ශක්තිමත් කළ යුතු ය යන මතයක් ආණ්ඩුව විසින් ඉස්මතු කරන ලදී.  අලුත් ජාතිකවාදී දේශපාලන රැල්ල ගැන අපි මැතිවරණයෙන් පසුව කතා කරමු.  මෙම මැතිවරණයේදී එක්සත් ජාතික පක්ෂය, ජනතා විමුක්ති පෙරමුණ හා ප්‍රජ...

ජීවිතයේ හා දේශපාල‍නයේ දයාසිරි ලක්ෂණ

Image
Body language දයාසිරි යනු පොදු මිනිස් ලක්ෂණයකි. ඒ මෙසේ ය: විශේෂ දක්ෂතා නැතත්, තිබෙන දක්ෂතා අදාළ වන්නේ වෙනත් අංශවලට වුණත්, අපි මාර දක්ෂ යයි අපි සිතාගෙන සිටිමු. අපට ඕනෑ දෙය අපට කර ගන්නට බැරි විට අපට එය කිරීමට බැරි කවුරුහරි අපට කැපිල්ල දමන නිසා යයි අපි සිතමු. හැමෝ ම තමන් සමග ඉරිසියා නිසා හැමෝ ම බලන් ඉන්නේ තමන්ගේ ඉදිරි ගමනට අකුල් හෙළන්නට යයි අපි සිතමු.  තමන් මෙතෙක් සිටි සමාජ කණ්ඩායම සමග ගැටලුවක් ඇති වූ විට අපි එම සමාජ කණ්ඩායමේ සතුරා හෝ අනෙකා හෝ සමග මිතුරු වෙමු.  ඉන්පසු අපේ පරම අධිෂ්ඨානය අර සමාජ කණ්ඩායම විනාශ වනු දැකීමයි.  අප නොමැති වීමෙන් අප විසින් කරන ලද කාර්යභාරය අවුල් වී යනු දැක අපි සතුටු වෙමු. අප‍ වෙනුවට පැමිණි අනුප්‍රාප්තිකයා අසාර්ථක වනු බලා සතුටු වෙමු. අනුප්‍රාප්තිකයා අසාර්ථක වේ නම් ඔහු සමග මිතුරු වී ඔහුට උදව් කරන මුවාවෙන් ඔහු ද අපේ සතුරන් සමග බිඳවමු. අනුප්‍රාප්තිකයා සාර්ථක වේ නම් ඔහු අපේ පරම සතුරකු ලෙස සලකා ඔහු අසාර්ථක බව පුන පුනා කියමින් ඔහු අසාර්ථක කිරීම සඳහා හැම දෙයක් ම කරමු.  තමන් කලින් සිටි පිලේ නායකයාට වඩා වත්මන් පිලේ නායකයා තමන්ට සමීප බව පෙන්...

දයාසිරි ගියේ කැපිල්ල නිසා ද? බැරි නිසා ද? නැතිනම් හැටි ද?

Image
දයාසිරි ජයසේකර ද මහින්දගේ දෑත් ශක්තිමත් කරන්නට ගියේය.  දයාසිරි ගියේ ඔහුට තිබුණු කැපිලි නිසා ය, ඔහුට එජාපයෙන් අවස්ථාවක් නො ලැබුණු නිසා ය ආදී කතා තිබේ.  දයාසිරි ජයසේකර ජනප්‍රිය දේශපාලනඥයෙකි. ඔහු වැනි අය එක්සත් ජාතික පක්ෂයේ රඳවා ගන්නට බැරි වීම ඇත්තට ම නායකත්වයේ බරපතල දුබලකමකි. එහෙත්, ඔහු වනාහි දක්ෂ දේශපාලනඥයකු ය යන්න නම් පිළි ගත නො හැක. එහු සිංදු කියන්නට නම් දක්ෂයෙකි. බලය, ධනය හා වරප්‍රසාද ඔස්සේ ඔහු ආකර්ශනය කර ගන්නට හැකි වීම රාජපක්ෂ පවුල් පාලනයේ විශේෂ දක්ෂකමක් නො වේ. ඒ වනාහි දයාසිරි ජයසේකර චරිතයේ තිබෙන දීන ලක්ෂණයකි. අවසානයේදී ඔහු ද සන්ධානයේ සිටින සෙසු දීන බත්බැලයන් ද අතර වෙනසක් නැති බව ඔප්පු වී තිබේ. කොන්ද පණ ඇති මිනිස්සු කරන්නේ තමන්ට අවස්ථාවක් ලැබෙන තෙක් තනිව හෝ සටනේ යෙදී සිටීමයි. ප්‍රතිපත්ති පාවා දී, තමන්ගේ විවේචනයට ලක් වූ දුෂ්ටත්වයන් සමග ලජ්ජා විරහිත ලෙස සන්ධානගත වන්නට පුළුවන් මිනිස්සු වනාහි බලාපොරොත්තු තැබිය හැකි අය නො වෙති. ලංකා‍වේ කිසිදු දේශපාලන පක්ෂයක අභ්‍යන්තර ප්‍රජාතන්ත්‍රවාදයක් නැත. පක්ෂ නායකයන්ගෙන් සිය ගමනට සහයෝගයක් නො ලැබුණු තැන පක්ෂයේ සතුරු බලවේගය සමග එක්...

නෞකා, එන්නකෝ නෞකා, මං බලාන ඉන්නේ ඔබ එනතුරු නෞකා (හම්බන්තොට ගීතය)

Image
( 2010 දෙසැම්බර් 27,  W3Lanka )   පහත සඳහන් ගීය සුනිල් ආරියරත්න විසින් ලියන ලද, වික්ටර් රත්නායක විසින් සංගීතවත් කර අබේවර්ධන බාලසූරිය විසින් ගායනා කරන ලද 'ගංගා එන්නකෝ ගංගා' ගීතයේ තනුව අනුව මෙගා සබ් ස්ටාර් දයාසිරි ජයසේකර ගායක මන්ත්‍රී වෙනුවෙන් W3Lanka විසින් ලියන ලද්දකි.   නෞකා එන්නකෝ නෞකා මං බලාන ඉන්නේ ඔබ එනතුරු නෞකා කෙරූ විවුර්තෙට බර වියදම් කොට චීනුන් දුන් ණය බර ඔසවාගෙන පොළී ගෙවද්දී මා අහක බලාගෙන යන්න ගියා ඔබ ඇයි එහෙම ඉතින් ඔබ අහක බලන් යන්නේ නෞකා  එන්නකෝ නෞකා මං බලාන ඉන්නේ ඔබ එනතුරු නෞකා ජීවන වියදම අහස උසට නැඟ නැවකුදු රහිතව බකන් නිලාගෙන පාළු කපද්දී මා පෙනෙන ඉසව්වෙන් මූදෙ ගියා ඔබ ඇයි එහෙම ඉතින් ඔබ අහක බලන් යන්නේ නෞකා  එන්නකෝ නෞකා මං බලාන ඉන්නේ ඔබ එනතුරු නෞකා මෙම ගීතය රචනා කරන්නට හේතු වූයේ දයාසිරි ජයසේකර විසින් පසුගියදා මාධ්‍ය සාකච්ඡාවකදී කරන ලද ප්‍රකාශයකි. උපුටා ගැනීම දිවයිනෙනි.  හම්බන්තොට වරායට නැව් නොපැමිණෙන්නේ එම වරාය භාවිත කිරීමට සුදුසු බවට අවශ්‍ය සහතික කිරීම් තවමත් කර නොමැති නිසා බව එක්‌සත් ජාතික පක්‍ෂයේ කුරුණෑගල දිස්‌ත්‍...