ලාබයි! ලාබයි! දේශපාලන පක්ෂ ලාබයි! එන්න! ගන්න!
(2011 ජනවාරි 25, W3Lanka) ලංකාවේ ලියාපදිංචි දේශපාලන පක්ෂ 67ක් ඇති බව වාර්තා වේ.
ඒ අතරින් ලියාපදිංචි දේශපාලන පක්‍ෂ තුනකට එම පක්‍ෂවලින් ඉදිරි පළාත් පාලන මැතිවරණය තරග කිරීමට නොහැකි බව මැතිවරණ කාර්යාලය දැනුම්දී තිබේ. එම පක්ෂ නම් ප්‍රගතිශීලී පෙරමුණ, ජාතික සංවර්ධන පෙරමුණ හා ඊළාම් ජාතික ප්‍රජාතන්ත්‍රවාදී විමුක්‌ති පෙරමුණ එම පක්‍ෂවේ.
ඒ අතරින් ප්‍රගතිශීලී පෙරමුණ යනු ශ්‍රී ලංකා නිදහස් පක්ෂයෙන් කැඩී ගිය රැඩිකල් නායකයකු වූ ආරිය බුලේගොඩ විසින් පිහිටුවන ලද පක්ෂයකි. 1989 මර්දනයෙන් පසු ජනතා විමුක්ති පෙරමුණ 1994දී මුල් වරට මහ මැතිවරණයට තරග කර හම්බන්තොට දිස්ත්‍රික්කයෙන් එක් ආසනයක් දිනා ගත්තේ ප්‍රගතිශීලී පෙරමුණේ මල් පෝච්චිය ලකුණෙන් තරග කරමින් ය.
බුලේගොඩගේ මරණයෙන් පසු මෙම පක්ෂය කලක් රොහාන් ජයතුංග නම් පුද්ගලයකුට හිමි වී තිබිණි. ඔහු එය එක්සත් ජනතා නිදහස් සන්ධානය සමග සම්බන්ධ කර තිබුණු අතර එය එම සන්ධානය විසින් මැතිවරණ ප්‍රචාරක කටයුතුවලදී ව්‍යාජ අපේක්ෂකයන් ඉදිරිපත් කිරීම සඳහා මෙම පක්ෂය පාවිච්චි කළේ ය.
අනෙක් පක්ෂ දෙක අප දන්නා ආකාරයට ජාතික වශයේ වැදගත් දේශපාලන මැදිහත්වීමක් කළ අය හා සම්බන්ධ නැත.
එකම පක්‍ෂයේ ප්‍රතිවිරුද්ධ කණ්‌ඩායම් පක්‍ෂයේ අයිතියට හිමිකම් පෑම හා ඒ වෙනුවෙන් අධිකරණයට යැම මෙම පක්ෂ සම්බන්ධයෙන් ඇති අර්බුදයයි. කිසිවකු නො දන්නා නම් ඇති දේශපාලන පක්ෂ වෙනුවෙන් දේශපාලකයන් යයි කිසිවකු නො දන්නා පුද්ගලයන් උසාවි යන්නේ හා නඩු කියා ගන්නේ ඒවා ද ඉඩකඩම්, ව්‍යාපාර වැනි දේපල නිසා ය.
දේශපාලන පක්ෂ යනු ජනතාවගේ සංවිධානය වීමේ ප්‍රජාතන්ත්‍රවාදී හිමිකම මත පාදක වූ ආයතන විශේෂයකි. එහෙත්, සාමාන්‍ය ජනතාවට සංවිධානය වී දේශපාලන පක්ෂයක් පිහිටුවා ගැනීම පහසු නැත. හේතුව, මැතිවරණ කොමසාරිස්වරයා දේශපාලනය යයි අර්ථකථනය කරන දෙයට මහජන දේශපාලනය අනුගත විය යුතු බැවිනි. නිදසුනක් ලෙස මෙම ලේඛකයා බ්ලොග්කරණයේ යෙදෙන්නේ දේශපාලන කාර්යයක් ලෙස සලකා ය. එහෙත්, මැතිවරණ කොමසාරිස්වරයා එය පිළි ගන්නේ නැත. දෙශපාලනය පිළිබඳ ඔහුගේ අර්ථකථනය මැතිවරණ තරග කිරීම මූලික කර ගත් එකකි.
එහෙත්, මන්ත්‍රීවරුන්, ඇමතිවරුන් වැනි අයට නම් පක්ෂ ලියාපදිංචි කර ගැනීම ඉතා පහසු ය. පක්ෂයක් ලෙස ක්‍රියාත්මක වීම ලියකියවිලිවලින් පෙන්නුවා ම ඇති ය. කොහොමත්, ලංකාවේ කිසිදු දේශපාලන පක්ෂයක් ප්‍රජාතන්ත්‍රවාදී නිලවරණ පවත්වන්නේ නැත.
ලියාපදිංචි දේශපාලන පක්ෂයක බලය තමන් අත තිබීම අද වන විට බලය සමග සම්බන්ධ වී ධන ලාභ ලබා ගැනීමේ මාර්ගයක් වී තිබේ. මැතිවරණ සමයේදී අපේක්ෂකයන්ට හිමි වරප්‍රසාද ලබා ගැනීම සඳහා ප්‍රධාන පක්ෂ හා අපේක්ෂකයන් විසින් ව්‍යාජ අපේක්ෂක ලැයිස්තු ඉදිරිපත් කරනු ලැබේ. ස්වාධීන කණ්ඩායම් ලෙස මෙය කිරීම වියදම්කාරී කටයුත්තකි. මන්ද, ඇප මුදල විශාල හෙයිනි. එහෙත්, ලියාපදිංචි පක්ෂයකින් එසේ කිරීම ලාභ ය; පහසු ය. පක්ෂ අයිතිකාරයන්ට කල්ල මරේ වන්නේ එවිට ය.
බලයට එන්න පුළුවන් පක්ෂයකට ව්‍යාජ අපේක්ෂකයන් ඉදිරිපත් කිරීමට තම පක්ෂය දුන් විට අයිතිකාරයාට හෝ අයිතිකාරයන්ට ඒ සඳහා මිළක් ලබා ගත හැකි ය.
එසේ ම, හිටි ගමන් දේශපාලන පක්ෂ වෙන්දේසියේ විකිණෙන අවස්ථා ද තිබේ. උදාහරණයක් ලෙස පසුගිය ජනාධිපතිවරණයක් තරග කිරීම සඳහා එක්තරා බාම් මුදලාලි කෙනෙක් දේශපාලන පක්ෂයක් මිළ දී ගත්තේ ය.
එසේ ම, අලුත් සන්ධාන බිහි වන විට ද ලියාපදිංචි දේශපාලන පක්ෂවලට වෙළඳපොළ ඉල්ලුමක් ඇති වේ. නිදසුනක් ලෙස, වසරකට ඉහත පැවති ජනාධිපතිවරණයේදී සරත් ෆොන්සේකා විපක්ෂ පොදු අපේක්ෂකයකු ලෙස තරග කළේ එවැනි පක්ෂයකිනි.
දෙමළ එක්සත් විමුක්ති පෙරමුණ එහි ලේකම් ආනන්ද සංගරීට හිමි වීම හා 2004 මහ මැතිවරණය තරග කිරීම පිණිස අතීතයෙන් ඉලංකෛ තමිල් අරසු කච්චි හෙවත් ෆෙඩරල් පක්ෂය ගෙන ඒමට සිදු වීම මෙවැනි තවත් පක්ෂ විහිළු දෙකකි. තව බොහෝ තිබේ.
මේ විහිළුවලට අප හිනා වන විට ඇත්තෙන් ම ඒ හිනා වෙන්නේ ප්‍රජාතන්ත්‍රවාදයට ය. මහජනතාවගේ සංවිධානය වීමේ අයිතියට ය.
Bookmark, remember easily and come again www.w3lanka.com

ලංකාවේ දේශපාලනයම විහිළුවක්..business එකක්
ReplyDeleteඅපි බොරුවට කාලේ නාස්ති කරන්නේ මේවා ගැන කතා කරන්න..ඒ කලේ මොකක් හරි පක්ෂෙකට සෙට් උනානම් ගත මනාවක් හොයා ගන්න තිබුන
දැන් මේක හදන්න බැරි තැනට ඇවිත් තියෙන්නේ