ලංකාවෙන් ගණිත ගුරුවරුන් ඉල්ලන පකිස්තානයට අල්ලා දෙවියන්ගේ ම පිහිටයි

(2011 ජනවාරි 19, W3Lankaපකිස්තානයට අල්ලා දෙවියන්ගේ ම පිහිටයි.


පකිස්තානය ලංකාවෙන් ගණිත ගුරුවරුන් 200ක් ඉල්ලා ඇත.


කතානායක ඇතුළු මැති ඇමැතිවරුන් කණ්ඩායමක් පසුගියදා පකිස්තානයේ සංචාරයක නියැළුණු අවස්ථාවේදී පකිස්තානු ජනාධිපති අසිෆ් අල් සර්දාරි කතානායක චමල් රාජපක්‍ෂගෙන් ඉල්ලීමක් කර ඇති බව අද දිනම්ණ පවසයි.


ලංකාවේ ගණිත ගුරුවරු ඉතා දක්ෂ ය. ඔවුහු සාමාන්‍ය පෙළ විභාගයේදී 2010දී 51%ක් සිසුන් සමත් කළ හ. ඒ කියන්නේ බහුතරයක් සමත් වී ඇති බව නො වේ ද?


පනිස්තානය වැනි මාර රටකින් ලංකාවේ ගුරුවරුන් ඉල්ලන්නේ ඒ නිසා ය.


දැන් ඉතින් රු. 2500 වැටුප් වැඩිවීම නො ලැබුණු ගණිත ගුරුවරුන්ට ආණ්ඩුව තමන් පකිස්තානයට පටවන තෙක් බලා සිටිය හැකි ය.


ලංකාව දූපතක් නිසා මුහුදෙන් එතෙර කොහේ ගියත් සැලකෙන්නේ රට ගියා කියා ය.


ඉංග්‍රීසි ගුරුවරුන් දකුණු කොරියාවට යවන බව ද, හෙදියන් යුරෝපයට යවන බව ද මීට පෙර ආණ්ඩුව ප්‍රචාරය කළේ ය.


ජනමාධ්‍ය අතේ තියන නිසා බුද්ධාගම උගන්වන ගුරුවරුන් ලක්ෂ දෙකකට මුළු ලෝකයෙන් ම ඉල්ලුම ඇති බව ද, සිංහල ඉගැන්වීම සඳහා කෝටි දෙකක් ගුරුවරුන්ට ඉල්ලුම ඇති බව ද කියන්නට ඕනෑ නම් පුළුවන. වචනවලට කිසි වියදමක් නැත. 


අපේ රජයේ සේවකයන් යනු මේ ඕනෑම ලොලිපොප් එකක් කන කට්ටියකැයි ආණ්ඩුව හිතනවා විය හැකි ය.


Bookmark and Share
Bookmark, remember easily and come again  www.w3lanka.com

Comments

Popular posts from this blog

තේරවිලි: සුපුන් සඳක් ඇත. මැදින් හිලක් ඇත.

පාසල් අධ්‍යාපනය ගැන කතා තුනක්

හමුදා කුමන්ත්‍රණ ගැන ලෝකෙට දුරකථනයෙන් කිව්වෙ බීලා වෙන්න ඇති -ෆොන්සේකා