එස්.බී. මේ කියන්නේ රාජපක්ෂවරුන්ට දුන් ආචාර්ය උපාධි ගැන ද?

(2011 ජනවාරි 29 W3Lankaප්‍රමිතියකින් තොරව දේශපාලඥයින්ට ආචාර්ය උපාධි පිරිනැමීම නැවැත්විය යුතු බව උසස් අධ්‍යාපන අමාත්‍ය එස්.බී. දිසානායක උසස් අධ්‍යාපන සුදුසුකම් පිළිබදව ප්‍රතිපත්ති රාමුවක් සැකසීම පිළිබදව ජනවාරි 28දා කොළඹදී පැවති වැඩමුළුව අමතමින් ප්‍රකාශ කළේය.


ඇල්කෙමියාගේ රසායනාගාරය නම් බ්ලොගයේ දැක්වෙන අන්දමට "ආචාර්ය මහාචාර්ය වරු සිව් වැදෑරුම් වේ.


1. පළමුව පිළිගත් විශ්වවිද්‍යාලයක මූලික උපාධිය ලබා, දෙවනුව වසර 3-4 (එංගලන්තය වැනි රටවල) හෝ වසර 5-7 ක් (අමෙරිකාව වැනි රටවල) දහදුක් විඳ “උපයා ගන්නා ආචාර්ය උපාධිය (Earned Doctorate)”. උදා. මහාචාර්ය ජී. එල්. පීරිස්, මහාචාර්ය නන්දදාස කෝදාගොඩ වැන්නවුන්….


2. තම ක්‍ෂෙත්‍රයේ උන්නතිය උදෙසා මහඟු මෙහෙයක් කර, එම ‍ක්‍ෂෙත්‍රයේ “පොරක්” බවට පත්වීමෙන් විශ්වවිද්‍යාලයක් මඟින් දෙනු ලබන සම්මානනීය ගෞරව ආචාර්ය උපාධිය. උදා. ආචාර්ය තිස්ස අබේසේකර වැන්නවුන්….


3. නොදී බැරිකමට හේතුවක් හොයාගෙන තම පැවැත්ම සඳහා රටේ නායකයන්ට දෙනු ලබන ආචාර්ය උපාධිය. ආචාර්ය මහින්ද රාජපක්‍ෂ, ආචාර්ය ගෝඨාභය රාජපක්‍ෂ වැන්නවුන්….


4. කොහේ හෝ අටවාගත් අධ්‍යාපන කඩයකින් මුදලට හෝ බයට ලබා දෙන ආචාර්ය උපාධිය. උදා. ආචාර්ය මර්වින් සිල්වා වැනිවුන්…."


2009 සැප්තැම්බර් 6දා කොළඹ විශ්ව විද්‍යාලය ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා නීතිය පිළිබඳ ආචාර්ය උපාධියකින් ද ගෝඨාභය රාජපක්ෂ මහතා ශාස්ත්‍රශූරී ගෞරව ආචාර්ය උපාධියකින් ද පිදුවේ ය.

ඒ පිළිබඳව රජයේ දිනමිණ පුවත්පතේ 2009 සැප්තැම්බර් 08 කතුවැකිය පවසන්නේ මෙසේ ය:


"මීට පෙර අප ගේ විශ්ව විද්‍යාල ආයතන වෙතින් සම්මාන ආචාර්ය උපාධි ලබා ගත් බොහෝ දෙනකු ගේ ජාතික කාර්යභාරය වූයේ ශාස්ත්‍රොන්නතිය සඳහා කටයුතු කිරීම ය.


එහෙත් මහින්ද රාජපක්ෂ හා ගෝඨාභය රාජපක්ෂ යන උපාධිලාභීන් ගේ කාර්ය භාරය ඊට වඩා වෙනස් ය. ඊට වඩා බරපතළ ය. එබඳු පුළුල් හා අභියෝගාත්මක කාර්යභාරයක් සඳහා මෙරට දී ආචාර්ය උපාධි පිරිනැමීම පළමු වරට සිදු වූ බව අප ගේ් පිළිගැනීම ය.


ජනාධිපතිවරයා හෝ ආරක්ෂක ලේකම්වරයා හෝ කිසිදු ආයතනයකින් සම්මාන ඉල්ලා සිටියේ නැත. ගෞරව නාම හෝ උපාධි ඉල්ලා සිටියේ ද නැත. එහෙත් කොළඹ විශ්ව විද්‍යාලය සිය ජාතික වගකීම ඉටු කර තිබේ.


පරසතුරු ආක්‍රමණවලින් පසු රට එක්සේසත් කොට පසුව බත බුලතින් රටත් ජාතියත් ස්වයංපෝෂිත කළ මහා පරාක්‍රමබාහු, වීර දුටුගැමුණු යන නරපතියන්ට ද භික්ෂු සමාජය විසින් මෙබඳු ගෞරව - සම්මාන ප්‍රදානය කරන ලදී"

Comments

  1. නෑ, කොතලාවලට, ජයලත් ජයවර්ධනට දීපු ඒවා ගැන

    ReplyDelete
  2. Why D.Lit to Sirima,Something more to Chandrika?

    ReplyDelete

Post a Comment

මාතෘකාවට අදාළ නැති හා වෛරී අදහස් ඉවත් කිරීමට ඉඩ ඇති බව කරුණාවෙන් සලකන්න.

Popular posts from this blog

තේරවිලි: සුපුන් සඳක් ඇත. මැදින් හිලක් ඇත.

පාසල් අධ්‍යාපනය ගැන කතා තුනක්

හමුදා කුමන්ත්‍රණ ගැන ලෝකෙට දුරකථනයෙන් කිව්වෙ බීලා වෙන්න ඇති -ෆොන්සේකා