තෙන්දුල්කාර්ගේ ආචාර්ය උපාධි ආදර්ශය
(2011 මාර්තු 07, W3Lanka ) සෞඛ්‍ය විද්‍යාව පිළිබඳ රජීව් ගාන්ධි විශ්ව විද්‍යාලය විසින් ඉන්දීය ක්‍රිකට් ක්‍රීඩක සචින් තෙන්දුල්කාර්ට පිරිනමන්නට අදහස් කළ ගෞරව උපාධිය ඔහු විසින් ගෞරවාන්විතව ප්‍රතික්ෂේප කර ඇති බව ටයිම්ස් ඔෆ් ඉන්දියා පුවත්පත වාර්තා කරයි. මයිසූර් විශ්ව විද්‍යාලය ද ඔහුට ආචාර්ය උපාධියක් පිරිනැමීමට තීරණය කර ඇත. එහෙත්, ඒ පිළිබදව තව ම නිල වශයෙන් දැනුම් දී නැති බව වාර්තා වේ. විද්‍යායතනික හා බුද්ධිමය වශයෙන් දිනෙන් දින පිරිහෙන විශ්ව විද්‍යාල මගින් දේශපාලනිකව හා සමාජමය වශයෙන් බලවත් හා ජනප්‍රිය පුද්ගලයන්ට ආචාර්ය උපාධි පිරිනමා ඒවායේ ප්‍රධානීන් එදා වේල පිරිමසා ගන්නට උත්සාහ කිරීම ලංකාවේ නම් සුලබ දෙයකි. ඒ අතින් ගත් කල සෞඛ්‍ය විද්‍යාව පිළිබඳ රජීව් ගාන්ධි විශ්ව විද්‍යාලය තෙන්දුල්කාර්ට ආචාර්ය උපාධියක් පිරිනමන්නට ප්‍රාමාණික වනවා සේ ම, ක්‍රීඩාව පිළිබඳ ආචාර්ය උපාධියක් ලබන්නට තෙන්දුල්කාර් ද ප්‍රාමාණික වේ. එහෙත්, තමන් තවමත් ක්ෂේත්‍රයේ ක්‍රියාකාරිකව සිටින බව ඉදිරිපත් කරමින් තෙන්දුල්කාර් ආචාර්ය උපාධිය ප්‍රතික්ෂේප කර ඇත. ක්‍රීඩකයකු ලෙස සිය අභිමානය, ස්වාධ...