එස්.බී. මේ කියන්නේ රාජපක්ෂවරුන්ට දුන් ආචාර්ය උපාධි ගැන ද?
(2011 ජනවාරි 29 W3Lanka ) ප්‍රමිතියකින් තොරව දේශපාලඥයින්ට ආචාර්ය උපාධි පිරිනැමීම නැවැත්විය යුතු බව උසස් අධ්‍යාපන අමාත්‍ය එස්.බී. දිසානායක උසස් අධ්‍යාපන සුදුසුකම් පිළිබදව ප්‍රතිපත්ති රාමුවක් සැකසීම පිළිබදව ජනවාරි 28දා කොළඹදී පැවති වැඩමුළුව අමතමින් ප්‍රකාශ කළේය. ඇල්කෙමියාගේ රසායනාගාරය නම් බ්ලොගයේ දැක්වෙන අන්දමට "ආචාර්ය මහාචාර්ය වරු සිව් වැදෑරුම් වේ. 1. පළමුව පිළිගත් විශ්වවිද්‍යාලයක මූලික උපාධිය ලබා, දෙවනුව වසර 3-4 (එංගලන්තය වැනි රටවල) හෝ වසර 5-7 ක් (අමෙරිකාව වැනි රටවල) දහදුක් විඳ “උපයා ගන්නා ආචාර්ය උපාධිය (Earned Doctorate)”. උදා. මහාචාර්ය ජී. එල්. පීරිස්, මහාචාර්ය නන්දදාස කෝදාගොඩ වැන්නවුන්…. 2. තම ක්ෂෙත්රයේ උන්නතිය උදෙසා මහඟු මෙහෙයක් කර, එම ක්ෂෙත්රයේ “පොරක්” බවට පත්වීමෙන් විශ්වවිද්‍යාලයක් මඟින් දෙනු ලබන සම්මානනීය ගෞරව ආචාර්ය උපාධිය. උදා. ආචාර්ය තිස්ස අබේසේකර වැන්නවුන්…. 3. නොදී බැරිකමට හේතුවක් හොයාගෙන තම පැවැත්ම සඳහා රටේ නායකයන්ට දෙනු ලබන ආචාර්ය උපාධිය. ආචාර්ය මහින්ද රාජපක්ෂ, ආචාර්ය ගෝඨාභය රාජපක්ෂ වැන්නවුන්…. 4. කොහේ හෝ අටවාගත් අධ්‍යාපන කඩයකින් මුද...