අපරාධකරුවෝ ද මිනිස්සු ය

(2011 ජනවාරි 03, W3Lankaකෝටි ගණනින් මහජන මුදල් සොරකම් කරනමුත් මේ ‍දේශපාලකයෝ ද මිනිස්සු ය. සෝබනේට ආරක්ෂකයන් පිරිවරාගෙන ගමන් බිමන් ගියත්, නිදහසක් නැති දිවිය උන්ට ම එපා වී ඇති බව තමන්ට නිදහසක් නැති බව කියමින් හිටි ගමන් කරන නාහෙන් ඇඬිලිවලින් පෙනේ. 


හැරත්, බලයෙන් ගිලිහුණොත් හිරේ යන්නට සිදු වන බව දැන, දැන දැඩි ආතතියක ජීවත් වීම ම දුකකි. 


රටේ නීති හදන ආයතනය වන පාර්ලිමේන්තුවේ මන්ත්‍රීවරු මහජන සේවය සඳහා ගමන් බිමන් යාමට තීරු බදු රහිතව වාහනයක් ආනයනය කර ගන්නට දෙන බලපත්‍රය හොරට විකුණන මන්ත්‍රීවරු නීතියේ සිදුරුවලින් රිංගා මහජන මුදල් රු. කෝටි එකහමාරක් පමණ මහ දවල් මංකොල්ල කති. 


බලපත්‍රය මිළ දී ගත් එකා වැඩි එන්ජින් ධාරිතාවක් ඇති වාහනයක් ගෙන්වූ නිසා බදු ගෙවන්නට සිදු වීමත් සමග එක් ඇමතිවරයෙක් බෙල්ල මුලින් ම මාට්ටු වුණේ ය. බලපත්‍රය විකිණුවත්, හිමිකම් ලේඛන තමන් ළඟ තබා ගන්නා නිසා බදු ගෙවන්නට සිදු වුණේ ඇමති හොරාට ය. තමන් බලපත්‍රය හොරට විකිණූ බව මේ හොරා අදාළ බලධාරීන් හමුවේ පිළි ගත්තත් ඌ කිසි ගින්නක් නැතිව යහතින් සිටියි. 


ගිනි පත්තු වන්නේ මෙවැනි හොරුන්ට නො ව 'දාඩිය මහන්සියෙන් හොරකම් කරන' සාපේක්ෂ වශයෙන් ප්‍රංචි පහේ හොරුන්ට ය. කුඩු පැකට් වගයක් ගිල්ල මත්ද්‍රව්‍යවලට ඇබ්බැහි වූවකුගෙන් එම ගිල්ල පැකට් එළියට ගන්නට පොලිසිය ඔපරේෂන් කරද්දී ඒ පුද්ගලයා මිය ගියේ ය. මෙය මිනීමැරුමක්දැයි සොයන්නට කෙනෙක් නැත. මන්ද, මිය ගිය එකා කුඩුකාරයෙකු බැවිනි. කුඩුකාරයකු මරා දැමීම අපරාධයක් නො වේ යයි කිසිදු නීති පොතක නැත. 


වරකාපොළදී පොලිස් නිලධාරීන් දෙදෙනෙකු මරා දැමීම නිසා කොල්ල කල්ලියක හත්දෙනෙකු අත්අඩංගුවට ගත් වහා ම මරා දමන ලදී. එම කොල්ල කල්ලිය විසින් පැහැර ගන්නා ලද ලක්ෂ විස්සක් පමණ වටිනා බව කියැවෙන රත්‍රංවලින් කොටසකට වූ දෙයක් නැත. වූ දෙය කියන්නට කොල්ලකරුවෝ ද නැත. කොල්ල කෑ දේ කොල්ල කෑම වරදක් නො වේ යයි කිසිදු නීති පොතක සඳහන් වන්නේ නැත. එසේ ම පොලිසිය සමග ගැටුණොත් දතට දත, ඇසට ඇස, ජීවිතයට ජීවිතය හෝ අපෙන් එකට තොපෙන් විස්සයි කියා හෝ කිසිදු නීති ‍පොතක නැත. 


පාතාලයේ අපරාධ සම්බන්ධීකාරක ඇමතිවරුන්, මන්ත්‍රීවරුන් බලා සිටිද්දී පසුගිය සමයේ පාතාල නායකයන් පෝලිමේ මරා දමන ලදී. ඒ පැන යාමට තැත් කරද්දී වෙඩි තැබීමෙන් සිදු වූ මරණ ලෙස පෙන්වමිනි. 


අපට ඇසීමට ඇත්තේ එක ම එක ප්‍රශ්නයක් පමණි. එනම්, 'ඉතින් රටේ අපරාධ අඩු වී තිබේ ද?' යන්නයි. 


ලංකාවේ අපරාධ මර්දන මෙහෙයුම සරළව කිවහොත් අපරාධකරුවන් අතර ගැටුමක් පමණි. 


අපරාධකරුවෝ මානව හිමිකම්වලට ගරු නො කරති. එහෙත්, මානවවාදියෝ අපරාධකරුවන්ගේ මානව හිමිකම්වලටත් ගරු කරති. ඔබ අයිති වන්නේ කුමන ප්‍රවර්ගයටදැයි ඔබ තීරණය කරන්න. 


Bookmark and Share
Bookmark, remember easily and come again  www.w3lanka.com

Comments

  1. අපරාධකරුවන්ගේ මානව හිමිකම්වලටත් ගරු කරති

    ReplyDelete
  2. /ගිනි පත්තු වන්නේ මෙවැනි හොරුන්ට නො ව 'දාඩිය මහන්සියෙන් හොරකම් කරන' සාපේක්ෂ වශයෙන් ප්‍රංචි පහේ හොරුන්ට ය. කුඩු පැකට් වගයක් ගිල්ල මත්ද්‍රව්‍යවලට ඇබ්බැහි වූවකුගෙන් එම ගිල්ල පැකට් එළියට ගන්නට පොලිසිය ඔපරේෂන් කරද්දී ඒ පුද්ගලයා මිය ගියේ ය. මෙය මිනීමැරුමක්දැයි සොයන්නට කෙනෙක් නැත. මන්ද, මිය ගිය එකා කුඩුකාරයෙකු බැවිනි. කුඩුකාරයකු මරා දැමීම අපරාධයක් නො වේ යයි කිසිදු නීති පොතක නැත. /
    mahaththayo meka une koheda kiyala kiuwanam neda hoda???

    ReplyDelete
  3. ලංකාවේ අපරාධ මර්දන මෙහෙයුම සරළව කිවහොත් අපරාධකරුවන් අතර ගැටුමක් පමණි. ------obage me dekma athi vishistay,janathavage madyavediyaneni.

    ReplyDelete

Post a Comment

මාතෘකාවට අදාළ නැති හා වෛරී අදහස් ඉවත් කිරීමට ඉඩ ඇති බව කරුණාවෙන් සලකන්න.

Popular posts from this blog

තේරවිලි: සුපුන් සඳක් ඇත. මැදින් හිලක් ඇත.

පාසල් අධ්‍යාපනය ගැන කතා තුනක්

හමුදා කුමන්ත්‍රණ ගැන ලෝකෙට දුරකථනයෙන් කිව්වෙ බීලා වෙන්න ඇති -ෆොන්සේකා