Posts

Showing posts with the label මානව හිමිකම්

නියෝජ්‍ය ඇමති හේමාල් හා කොස්තාපල් සුමින්ද

Image
මේ පත්තර කෑල්ල මව්බිමෙනි. මේ අර මහින්ද රාජපක්ෂ ජනාධිපතිගේ අම්මාගේ පැත්තෙන් ළඟ නෑයකු වූ නියෝජ්‍ය ඇමති හේමාල් ගුණසේකර විසින් යොදවන ලද මැර පිරිසක් විසින් පහර දෙනු ලැබුවා යයි කියනු ලබන පොලිස් කොස්තාපල් සුමින්ද සමන්ගේ සම්මුඛ සාකච්ඡාවක කොටසකි. මෙය කියවන විට මට නම් හිතෙන්නේ මේ පුද්ගලයාට පහර දී තිබෙන්නේ ද ඔහු අයත් ආයතනයේ කට්ටිය ම ද කියා ය. එසේ සිතෙන්නේ මේ ජවනිකාවේ විකට ස්වභාවය අනුවයි.  ඇමති හේමාල් ගුණසේකර කියන්නේ මෙම පොලිස් නිලධාරියා විසින් ම එම පහර දීම නිර්මානය කරගෙන තිබෙන බවයි. එහි අරමුණ විදෙස් රටක දේශපාලන රැකවරණ ලබා ගැනීම බව ඔහු නඟන චෝදනාවයි.  දේශපාලකයා මෙන් ම පොලිස් නිලධාරියා ද යනු විශ්වාස කටයුතු පුද්ගලයෝ නො වෙති. එක වල්ලේ පොල් යයි කීවත් වරදක් නැත.  දේශපාලකයා තමන් ගණන් නො ගත් පොලිස් නිලධාරියාට පිරිසක් ලවා පහර දී දැන් අහිංසක චරිතයක් රඟපානවා වෙන්නට පුළුවන.  පොලිස් නිලධාරියා ද අර කිව්වා වගේ ම දේශපාලන රැකවරණ වෙනුවෙන් නාට්‍යයක් රඟ දැක්වූවා වෙන්නට ද පුළුවන.  ලංකාවේ දේශපාලකයන් මෙන් ම ජනතාව ද එක සේ දූෂිත ය. දේශපාලකයෝ මහජන මුදල් සූරා කා සිය දරු මල්ලන් වෙනුවෙන් ...

යුද අපරාධ හා අබ්දූල් කදීර් මුල්ලා ඝාතනය

Image
. අබ්දූල් කදීර් මුල්ලා එල්ලා මැරීමෙන් පසු ඉහත පළ වූ එල්ලා මරා දමන ලද මෙම මහළු මිනිසාගේ ඡායාරූපය මා තුළ කම්පනයක් අැති කළේ ය. කුමන අන්දමක ‍හෝ මරණ දඬුවම මම නම් හෙළා දකිමි. මිනිසකු මරා දැමීමේ අයිතිය තවත් මිනිසකුට මෙන් ම ආණ්ඩුවකට ද නැත. ලංකාවේ පාලකයන්, ආරක්ෂක අංශ, අතුරු හමුදා හා කොටි සංවිධානය විසින් යුද අපරාධ කරන ලද බවට චෝදනා එල්ල වේ. එම සියලු අංශ විසින් මෙම චෝදනා ප්‍රතික්ෂේප කරනු ලැබේ. එහෙත්, මේවා පිළිබඳ නිසි පරීක්ෂණයක් සිදු වන්නේ ද නැත. මානව වර්ගයාට එරෙහි යුද අපරාධ හා මානව හිමිකම් උල්ලංඝනය කිරීම් සිදු කිරීමට කිසිදු බලවත් පාර්ශ්වයකට ඉඩ නො දිය යුතු ය. එවැනි ක්‍රියා සම්බන්ධයෙන් විධිමත්, ස්වාධීන පරීක්ෂණ අවශ්‍ය ය. වැරදිකරුවන්ට දඬුවම් දීම ද අවශ්‍ය ය. මන්ද, අප ජීවත් වන සමාජයේ ශිෂ්ටත්වය පැවතිය හැක්කේ එසේ වන්නේ නම් පමණි. මෙහිදී බලවත් රාජ්‍යයන්, දුබල රාජ්‍යයන් කියා වෙනසක් ද නො තිබිය යුතු ය. ලංකාවේ මෙන් ම ඇමරිකාවේ ද යුද අපරාධ චෝදනා එක සමාන අන්දමින් විභාග කරන ස්වාධීන ජාත්‍යන්තර ව්‍යූහයක් ගොඩනගා ගැනීම සඳහා ලෝකය උත්සාහ කළ යුතු ය. එසේ නොමැති නම් සිදු වන්නේ යුද අපරාධ චෝදනා ද දේශපාලන අතකොලුවක් බ...

කීර්ති ශ්‍රී වීරසිංහ, කැටයම් චින්තක හා නීතිය

Image
කතා කරන ඡායාරූපයක්. පොලිස් නිලධාරියා = දරදඬු නීතිය, කැටයම් චින්තකගේ මව = අසරණ වින්දිතයා. පිටිපස්සෙන් ප්‍රාදේශීය මාධ්‍යකරුවෝ හා අදහසක් නැති ජනතාව. පුවත් දෙකක් කෙරෙහි අවධානය යොමු විය. එකක් අලුත් පුවතකි. ඒ අනුව අගමැතිතුමා කුඩු කන්ටේනරයක් රේගුවෙන් නිදහස් කර ගන්නට තමන් වෙනුවෙන් ලියුම් දුන් ගෝලයා ඉවත් කර තිබේ. ගෝලයා කියන්නේ තමන් ගෙදර යන්නේ පරීක්ෂණ අවසන් වනතුරු පමණක් බවයි. පරීක්ෂණ කෙරෙනවා නම් ඔහු ආපසු ආවාට අපට කමක් නැත. ඔහු දැනටමත් පරීක්ෂණ සඳහා අවශ්‍ය තොරතුරක් සපයා තිබේ. ඒ කියන්නේ බාත්රූම් උපකරණ මුවාවෙන් ගෙන්වූ කුඩු කන්ටේනරයේ බදු අඩු කරන්නැයි ඉල්ලා ලියුමක් නිකුත් කළේ ගම්පොල නාගරික මන්ත්‍රී තරංග විට්ටච්චිගේ ඉල්ලීම මත බවයි. ඔහෙම යං! ඔහොම යං! දෙවන පුවත දින කීපයක් පැරණි එකකි. පළ වී තිබුණේ රිවිර පුවත්පතේ ය. මරා දමන ලද කඹුරුපිටියේ කැටයම් චින්තකගේ මව සිය නිවස ගිනි තැබීම හා අනාරක්ෂිත තත්වය පිළිබඳ සිය පුතුගේ අවමංගල්‍යය අවස්ථාවේ මාතර මූලස්ථාන ‍පොලිස් පරීක්ෂක හේමන්ත හේමාල් ප්‍රශාන්තට පැමිණිලි කළ අවස්ථාවේ ඔහු පවසන්නේ මෙසේයි: මගේ බලප්‍රදේශයේ ඕනෑම ‍පොලිස් ස්ථානයකට මම කියන්නම් කිසිම කරදරයක් කරන්...

මිනීමරුවන්ටත් මානව හිමිකම් තිබේ

Image
කැටයම් චින්තකගේ අම්මා ද අම්මා කෙනෙකි කැටයම් චින්තක යනු බිහිසුණු අපරාධයක් කළ (බව ජනමාධ්‍ය හා පොලිසිය කියන) පුද්ගලයෙකි. අපි කැටයම් චින්තක තබා ඔහු කැපූ කැටයමක්වත් දැක නැත. කැටයම් චින්තක ඇසුරු කළ සමාජයට හෝ ඔහු පිළිබඳ කිසිදු හැඟීමක් නැත. එහෙත්, අපි කැටයම් චින්තකගේ අයිතිවාසිකම් ගැන කතා කළ යුතු ය. මන්ද, කැටයම් චින්තකගේ සිද්ධිය විසින් නිරූපණය කරනු ලබන්නේ අප ජීවත් වන සමාජයේ තිබෙන නීතියේ පාලනයක්, ප්‍රජාතන්ත්‍රවාදයක්, මිනිස්කමක් නැති වනචාරී ගතිය වන හෙයිනි. කැටයම් චින්තක ලංකාවේ පළමු මිනීමරුවා නො වේ. එසේ ම ඔහු වනාහි පොලිස් නිලධාරියකු හා බිරිඳ කෲර අන්දමින් මරා දැමූ පළමු මිනීමරුවා ද නො වේ. අනෙක, ලංකාව යනු මිනීමරුවන් ඉතා දුලබ ස්ථානයක් ද නො වේ. ලංකාවේ ඉතා වැදගත් යයි කියන මිනිසුන්ගේ පවා බොක්කේ තවමත් නො දිරවූ මිනිස් ඇට කැබලි තිබේ.  කැටයම් චින්තක එකී මිනී මැරුම කළා ද නැද්ද යන්න අපි නො දනිමු. එය නීතිය ඉදිරියේ තහවුරු වී නැත. ශිෂ්ට සමාජයක නම්, ඕනෑම වරදක් කළ කෙනෙකුට නීතිය හමුවේ පෙනී සිට, නිසි අධිකරණ ක්‍රියාමාර්ගයක් හරහා කළ වරදට දණ්ඩනයට ලක් විය හැකි ය. ශ්‍රී වික්‍රම රාජසිංහ ගැන කියවෙන කතාවලට අනුව ඇ...

සමහර රටවලට වුවමනා වුණේ අප ලව්වා ප්‍රභාකරන්ව ඝාතනය කරවන්නයි කියා බැසිල් කියනකොට සිංහල ජාතිවාදීන්ගේ කතන්දරවලට මොකක්ද වෙන්නේ?

Image
දැන් කිඹුල් කඳුළු හැලුවාට සමහර රටවලට වුවමනා වුණේ අප ලව්වා ප්‍රභාකරන්ව ඝාතනය කරවන්නයි. පාර්ලිමේන්තුවේදී මේ ප්‍රකාශය කරන්නේ ඇමති බැසිල් රාජපක්ෂයි. දැන් අපි සිංහලයන්ගේ ආරක්ෂක උපදේශක කීර්ති වර්ණකුලසූරියගේ හා නලින් ද සිල්වා, චම්පික රණවක, විමල් වීරවංශ ඇතුළු ජාතිවාදීන්ගේ ඉදිරිපත් කිරීම් සමග තබා බැලුවා ම ලොකු පරස්පරයක් තිබෙනවා. ඔවුන් කියන පරිදි බටහිර අධිරාජ්‍යවාදීන්ට, ඉන්දියාවට එහෙම උවමනා වුණේ ප්‍රභාකරන් ලවා ලංකාව දෙකඩ කර ඔවුන්ට ගැති දෙමළ ඊලමක් බිහි කර ලෝකයේ උතුම් ම ජාතිය වන සිංහලයන්ට කෙළවන්න නේ. ඇමති බැසිල් කියන්නේ ඔය චම්පික රණවක වගේ ආප්පේ වාටිය කන කෙනෙක් නොවෙයිනේ. එයා ආප්පය තම්බන කෙනෙක්. ඇතිතට ම තතු දත් කෙනෙක්. ඒ නිසා මේක පැහැදිලි කාරණයක්. ඒ කියන්නේ බටහිරට උවමනා වුණා මහින්ද ලවා ප්‍රභාකරන්ට ගේම දෙන්න. හොඳයි, තව මොනවද ඕනැ වෙන්න ඇත්තෙ? ලංකාව චීනය වෙත නැඹුරු වෙන්නට නො දී ඉන්දියාවත් සමග සිටිමින් ගෝලීය ධනවාදයේ වැඩසටහන අනුගමනය කිරීම බලාපොරොත්තු වෙන්න ඇති. මීට කලිනුත් ‍මේ කඳවුර විසින් ලංකාවට ඒ වෙනුවෙන් ආධාර කරන්න පවා සූදානම් වුණා නේ. ලංකාවේ සුළුතර ජාතීන්ගේ බලය සඳහා ඉල්ලීම ඉටු වන පරිදි ...

ඔන්න ඒ පාර චීනෙත් ..........

Image
ඔන්න ඒ පාර චීනය ද ලංකාව මානව හිමිකම් ආරක්ෂා කිරීම හා ප්‍රවර්ධනය කිරීම කළ යුතු බව කියා තිබේ. කීවේ චීන විදේශ අමාත්‍යාංශයේ ප්‍රකාශක ක්විං ගැං ය. මේ අදහස දැක්වෙන්නේ, ශ්‍රී ලංකාව මානව හිමිකම් ප්‍රශ්න ආමන්ත්‍රණය නො කළහොත් ලබන මාර්තු මස වන විට එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් කොමිෂම හමුවේ ජාත්‍යන්තර පරීක්ෂණයක් පිළිබඳ බලපෑම් කරන බවට බ්‍රිතාන්‍ය අගමැති ඩේවිඩ් කැමරන් විසින් කරන ලද ප්‍රකාශයට අදාළවයි. ජාත්‍යන්තර බලපෑම හමුවේ චීනය ද දිගින් දිගට ම, කොන්දේසි විරහිතව ශ්‍රී ලංකා ආණ්ඩුව ආරක්ෂා කරමින් සිටිනු ඇතැයි බලාපොරොත්තු විය නො හැකි ය. මන්ද, චීනයට ලංකාවට වඩා හෝ ලංකාව තරමට ම ඉන්දියාව, බටහිර රටවල්, ඇමරිකාව හා එක්සත් ජාතීන් වැදගත් නිසා ය. චීනය පසුගිය කාලයේ ලංකාවට ණය සැපයූ ප්‍රධාන පාර්ශ්වයයි. එහෙයින්, ශ්‍රී ලංකා ආණ්ඩුවට පහසුවෙන් චීනය නො තකා හැරිය නො හැකි ය. පසුගිය වසරවලදී එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් කොමිෂම ඉදිරියේ ලංකාවට එරෙහි යෝජනා සම්මත වෙද්දී චීනය ඒවාට විරුද්ධව ඡන්දය දුන්නා ය. චීනය මේ වසරේ එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් කොමිසමට තේරී පත් වුණා ය. මුළු ලෝකය ම ප්‍රජාතන්ත්‍රවාදී ලෝක සම්මතයන්ට අවනත වෙම...

චැනල් - 4 වෙනුවෙන් අධ්‍යක්ෂණය වීම හෙවත් හත් පොළේ ගා ගැනීම

Image
මේ දිනවල ලංකාවේ සිංහල ජාතිවාදී බලවේගය මහින්ද රාජපක්ෂ ආණ්ඩුවට එරෙහිව ජාත්‍යන්තර වශයෙන් පුළුල් ප්‍රචාරයක් ලැබෙන අන්දමේ රංගනයක යෙදී සිටිති.  මහින්ද රාජපක්ෂ ආණ්ඩුව විසින් දැවැන්ත මහජන මුදල් සම්භාරයක් වැය කරමින් පවත්වන පොදු රාජ්‍ය මණ්ඩල රාජ්‍ය නායක සමුළුවේ උත්කර්ෂය යටපත් වන අන්දමේ සංදර්ශන මාලාවක් ඔවුන් විසින් පෙන්වමින් තිබේ.  මේ සංදර්ශන මාලාවේ එක් කොටසක් ඊයේ අනුරාධපුරයේදී රඟ දැක්විණි. ඒ චැනල් - 4 මාධ්‍ය කණ්ඩායම කිලිනොච්චිය බලා යාම වැළැක්වීමේ සංදර්ශනයයි. ඒ ගමන කොහොම හරි වැළැක්වීමේ උවමනාවක් බලධාරීන්ට තිබුණු බව පෙනේ. මහින්ද රාජපක්ෂ ජනාධිපතිවරයා අද තමන්ට සැඟවීමට දෙයක් නැතැයි කීවේත් මේ සිද්ධිය ඔලුවේ වැඩ කළ නිසා වෙන්නට පුළුවන. කෙසේ වෙතත්, චැනල් - 4 කිලිනොච්චි ගමන වළක්වා ගැනීමේ ආණ්ඩුවේ ප්‍රයත්නය සාර්ථක විය. ගියා නම් ආණ්ඩුව නන්නත්තාර ය.  හැබැයි, සිංහල ජාතිවාදීන් චැනල් - 4 කණ්ඩායමේ චිත්‍රපටවල අනුරාධපුරයේදී හා කොළඹදී කරන රංගනයන් නම් ඇත්තෙන් ම චැනල් - 4 පැත්තෙන් බැලුවා ම නම් කියලාවත් කර ගන්නට බැරි තරම් ප්‍රශස්ථ මට්ටමක තිබේ. චැනල් - 4ට අධ්‍යක්ෂණය කරන්නට දෙයක් නැත. මෙහේ කට්ටිය අධ්‍...

අනාගතයේ තමන්ගේ මානව හිමිකම් වෙනුවෙන් අද අනුන්ගේ මානව හිමිකම් වෙනුවෙන් පෙනී ඉන්න

Image
ඔබත් සමූහයක් විසින් හිංසනයට ලක් කර තිබේ ද? රජයේ අත් අඩංගුවේ සිටියදී 2012 ජුලි මස බලධාරීන් විසින් පහර දී මරා දමන ලද නිමලරූබන්ගේ මානව හිමිකම් සම්බන්ධ නඩු විභාගයකදී 'අග විනිසුරු'වරයා අපූරු ප්‍රකාශයක් කර තිබේ. ඒ වනාහි ත්‍රස්තවාදීන්ට මානව හිමිකම් නැති බවයි. ගනේෂන් නිමලරූබන් යනු ත්‍රස්තවාදී සැකකරුවෙක් මිස දණ්ඩනයට ලක් වූ සිරකරුවෙක් නො වේ. නීතියේ මූලික තර්කනයට අනුව ඔහුට ත්‍රස්තවාදියකු යයි අමතන්නට බැරි ය. නිමලරූබන් මිය යාමට පෙර වව්නියාව බන්ධනාගාරයේදී ද, අනුරාධපුර බන්ධනාගාරයේදී ද, අසාධ්‍ය තත්වය නිසා රෝහල්ගත කිරීමට රැගෙන ආ මහර බන්ධනාගාරයේදී ද පහර කෑමට ලක් වී ඒ හේතුවෙන් මරණයට පත් වූ බව වාර්තා‍ ‍වේ. සිරකරුවකුට පහර දී මරා දැමීම කිසි ‍සේත් ම වීරකමක් නො වේ. එසේ ම ශිෂ්ට සමාජයකදී සිදු වන්නක් ද නො වේ. සිරගත වූ මිනිසෙක් යනු අසරණයෙකි. ඔහු ඍජුව ම මහා බලයක දැඩි ආධිපත්‍යයට යටත් කර තිබේ. එවැනි මිනිසකු පහර දී මරා දැමීම නින්දිත ඝාතනයකි. ඒ පිළිබඳ පරීක්ෂණ පවත්වා වරදකරුවන්ට දඬුවම් කිරීම එවැනි ක්‍රියා නැවත සිදු නො වීම පිණිස අත්‍යවශ්‍ය ය. අද ඒ ක්‍රියා අගයන මිනිසුන්ගේ ආරක්ෂාව වෙනුවෙන් වුව ඒවා සිදු ...

මිනිසකු ලවා හරකකුගේ පුක ඉම්බවන උඩුගම පොලිසිය

Image
වාරිස් ඩයිරි මිනිස්සු පරිණාමයේ මුල සිට ම සතුන් දඩයම් කරගෙන මස් කෑහ. එය මිනිස් සමාජයේ සාමාන්‍ය ලක්ෂණයකි. මස් කෑමට අකැමැති,  අහිංසාවාදී මිනිස්සු ද සමාජයේ සිටිති.  මස් කෑම හා සම්බන්ධ විවිධ සංස්කෘතික ලක්ෂණ තිබේ. එක් සමාජයක ආහාරයට ගන්නා මසක් තවත් සමාජයක් විසින් පිළිකෙව් කරන අවස්ථා ඕනෑ තරම් තිබේ. සෝමාලියානු මෝස්තර නිරූපිකාවක් හා ස්ත්‍රී ලිංගේන්ද්‍රිය විකෘති කිරීමේ ගෝත්‍රික චාරිත්‍රයට එරෙහි සමාජ ක්‍රියාකාරිකාවක් වූ වාරිස් ඩයිරි විසින් ලියන ලද කාන්තාරයේ කුසුම නම් වූ ඇගේ ජීවිත කතාවේ එක් තැනක ඇති සිද්ධියක් සිහිපත් වේ. වාරිස් සමග ඇගේ ඥාතීන් හමු වන්නට යන මාධ්‍ය කණ්ඩායමක් ඉදිරියේ සුරතල් කරනු ලබන එළු පැටවකු පසුව මරා උගේ මස් ‍භෝජනය පිණිස පිළිගන්වනු ලැබේ. මාධ්‍යකරුවන් පිරිස එය බුදීමට දක්වන අකැමැත්ත වාරිස්ගේ ඥාති ගෝත්‍රික ජනයාට තේරුම් ගත නො හැකි ය.  බිලි පූජා පැවැත්වීම ද ඇතැම් ආගම්වල සංස්කෘතික අංගයකි. එහෙත්, නූතන සමාජය විසින් අගය කරනු ලබන ශිෂ්ටත්ව සංකල්ප තුළ එවැනි දේ පිටුදකින බැවින් ඒවා වැළැක්විය යුතු බව මගේ ද අදහසයි. අභියාචනාධිකරණය මේ පිළිබඳ වැදගත් වන නඩු තීන්දුවක් දී ති...

'හා, ඔය ඇති' ය කියන්නට කාලය එළඹෙමින් තිබේ

මහින්ද රාජපක්ෂ යනු එක් වකවානුවක ලංකාවේ සිටි ප්‍රබලම ජනාධිපතිවරයාය. 2009 ජුලි මාසයේදී කොටි සංවිධානය සමූලඝාතනය කර යුද්ධයේ ජයග්‍රහණය තහවුරු කරගත් මොහොතේ ඔහු ඇත්තෙන්ම ලංකාවේ සැබෑ වෙනසක් කළ හැකි පුද්ගලයකු විය.  ලංකාවේ දීර්ඝ කාලීනව පැවති ගැටලු පිළිබඳව සලකා බලා ඒවාට විසඳුම් ක්‍රියාත්මක කිරීමෙහිලා ඔහුට තිබුණු අවස්ථාව ඉතිහාසයේ කිසිදු රාජ්‍ය නායකයකුට නොතිබිණි. කිසිවකුට ඔහුගේ ක්‍රියාමාර්ගවලට එරෙහි වන්නට තරම් ශක්තියක් තිබුණේ නැත.  ඔහු සිංහල ජනතාව අතර එතරම්ම ජනප්‍රිය විය. ඔහුගේ අදහස් රට වෙනුවෙන් වූ අනිවාර්යයෙන්ම ක්‍රියාත්මක කළ යුතු අදහස් ලෙස ජනතාව සිතූහ. විශේෂයෙන්ම සිංහල ජාතිවාදී බලවේගවලට ඔහුට අභියෝග කිරීමේ හැකියාවක් නොතිබුණු සංදර්භයක් තුළ රාජපක්ෂට ලංකාව නැවත ගොඩනැඟීම සඳහා වූ ප්‍රබල ව්‍යූහාත්මක වෙනස්කම් කිරීමේ ශක්තිය තිබිණි. ජාතීන් අතර සංහිඳියාව, සාමය ගොඩනැගීම සඳහා පියවර ගැනීම ඒ අතරින් ප්‍රමුඛ විය. ඒ වෙනුවෙන් ප්‍රජාතන්ත්‍රවාදය ශක්තිමත් කරන ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනයකට යාමේ හැකියාව ඔහුට තිබිණි. ඔහු එය කළේ නැත. ඔහු ඒ වෙනුවට කළේ මහාරාජ මානසිකත්වයක් නිර්මානය කරගෙන ඒකාධිපතිවාදයක් හා පවු...

එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් කවුන්සිලයෙන් පසු ලංකාව

Image
ඊයේ එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් කවුන්සිලය හමුවේ ඇමරිකාව ප්‍රමුඛ රටවල් 32ක් විසින් ලංකාවේ ප්‍රතිසන්ධානය සහ වගවීම සම්බන්ධයෙන් ගෙන එන ලද යෝජනාව වැඩි ඡන්ද 12කින් සම්මත විය. මානව හිමිකම් කවුන්සිලයේ සාමාජික රටවල් 47කින් 46ක් ඡන්ද විමසීමට සහභාගි වූ අතර එයින් 25ක් පක්ෂවද 13ක් විපක්ෂවද ඡන්දය දෙද්දී 8ක් ඡන්දය දීමෙන් වැළකී සිටියහ. ඉන්දියාව ලංකාවට එරෙහිව ඡන්දය දුන්නද, ඇමරිකාව විසින් ඉදිරිපත් කරන ලද යෝජනාවේ සැර බාල කිරීමට ඉන්දියාව කටයුතු කළේය. මේ වන විට රාජපක්ෂ ආණ්ඩුව ආරක්ෂක ලේකම් ගෝඨාභය රාජපක්ෂගේ මූලිකත්වයෙන් උග්‍ර මුස්ලිම් විරෝධී සිංහල බෞද්ධ ස්වෝත්තමවාදී දේශපාලන රැල්ලකට උපකාර කරමින් සිටියදී පවා ලංකාවට පක්ෂව ඡන්දය දුන් හා ඡන්දය දීමෙන් වැළකී සිටි රටවල් අතර මුස්ලිම් රටවල් රැසක් තිබීම කැපී පෙනෙන තත්වයකි. රාජපක්ෂ ආණඩුව විසින් උත්තේජනය කර තිබෙන මුස්ලිම් විරෝධී රැල්ල ආපසු නොහැරවුවහොත් මීළඟ සැසිවාරය වන විට මේ සහයෝගය නැති වී යන්නට පුළුවන. මුස්ලිම් විරෝධී දේශපාලන රැල්ල මෙහෙයවන බොදු බල සේනාව හසුරුවන යතුරක් දැන් ආරක්ෂක ලේකම්වරයා අත ඇති නිසා අවශ්‍ය නම් එය පාලනය කරන්නට බැරිකමක්ද නැත. එහෙත්, පිස්සු බල්ලන...

අතුරුදහන් වූවන් වෙනුවෙන් මැදිහත් වන්නැයි කියා ආණ්ඩුව කොළඹ උද්ඝෝෂණ කරවීම

Image
ඡායාරූප දිවයිනෙනි ලංකාවේ ආණ්ඩුව ජිනීවාහි පැවැත්වෙන එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් සභාවේ සැසිවාරය රාජ්‍ය තාන්ත්‍රික මට්ටමෙන් අතහැර දමා ඇති බව ඇතැම් විශ්ලේෂකයන්ගේ මතයයි.  ප්‍රජාතන්ත්‍රවාදී භාවිතාවන් පිළිබඳ කිසිදු අවබෝධයක් නැති මේ ආණ්ඩුව එක්සත් ජාතීන්ගේ  මානව හිමිකම් සභාවේ ක්‍රියාවලිය පිළිබඳවද අධ්‍යයනය කරනැති බව ඔප්පු වුණේ සැසිවාරයට ආණ්ඩුවේ නියෝජිතයකු සහභාගි නොකිරීමට ගෙන තිබූ තීරණයෙනි. නිලධාරීන් පිරිසක් පමණක් යවන්නට මුලින් අදහස් කරගෙන සිටිමුත්, එසේ කළහොත් සැසිය අමතන්නට ලැබෙන කාලය අඩු බව දැනගැනීමෙන් පසු ඇමති මහින්ද සමරසිංහව ලහිලහියේ එහි පිටත් කර හැරියේය. ඔහු විසින් පවත්වන ලද කතාවද දේශීය සිංහල ජාතිකයන් සතුටු කරන්නට කළ එකක් මිස ජාත්‍යන්තර වශයෙන් රාජ්‍ය තාන්ත්‍රිකව සාර්ථක එකක් නොවේ.  කලින් මානව හිමිකම් සැසිවාරයේදී ඉටු කරන බව කී දේද කරන්නට ලංකාවේ ආණ්ඩුව අසමත් වී ඇති බව ආණ්ඩුවම දනී. දෙමළුන්ට කිසි දෙයක් දෙන්නේ නැත යන අප්‍රසිද්ධියේ ප්‍රකාශිත ස්ථාවරයේ සිටින ආණ්ඩුව යුද්ධයෙන් පසු මුළු ලංකාවේම ප්‍රජාතන්ත්‍රවාදය තව තවත් සීමා කිරීමට කටයුතු කළේය. ජාතීන් අතර සංහිඳියාව ඇති කිරීම සඳහා අ...

බලු ප්‍රශ්නයට විසඳුම් පිණිස බලු යෝජනාවක්

Image
බල්ලා මිනිසාගේ සුහද ම මිතුරා ය. බල්ලා මිනිසා නිසා සිය වනචාරී ජීවිතය නැති කර ගත්තේ ය. අද බල්ලා මිනිසාගෙන් යැපෙන්නෙකි.  වල් බල්ලෝ ගෙවන්නේ දුක්ඛිත ජීවිත ය. පාරේ නිදා ගත්ත බල්ලා වගේ යයි උපමාවක් පෞද්ගලික බස්වල අකුළන සීට්වල හිඳ ගන්නා මගීන් සම්බන්ධයෙන් යෙදේ.  දඩාව‍තේ යන බල්ලෝ කුණු තුවාල හා කුෂ්ට නිසා අපරිමිත‍ වේදනා විඳිති. ඔවුන් ඇත්තෙන් ම අවලස්සන දර්ශනයකි.  ඒ මදිවාට ඔවුහු තැන තැන මළ පහ කරති. කෑම හා වෙනත් කුණු ගෙනැවිත් දමති.  මෝටර් බයිසිකල්වලින් යන මිනිස්සු බල්ලන් නිසා බොහෝ අනතුරුවලට ලක් වෙති. මෙම ලේඛකයා ද වරක් බල්ලකු නිසා බයිසිකලයෙන් වැටී සෑහෙන දුකක් වින්දේ ය.  බල්ලෝ ජල භීතිකාව බෝ කරති. මාස කීපයකට ඉහතදී නාලන්දා විද්‍යාලයේ සුරතල් කුඩා සිසුවෙක් ජලභීතිකාවෙන් මිය ගියේ ය. ජල භීතිකාවෙන් බේරීමට බල්ලන් විසින් සපා කන ලද මිනිසුන්ට එන්නත් දීම සඳහා විශාල වශයෙන් මහජන මුදල් වැය වේ.  මේ පිංතූරවල සිටින නෝනලා හා මහත්තුරු බල්ලන්ගේ හා අපේ බලු ජීවිත දන්නේ මොනවාද?  පටු මංවල උස තාප්පවලින් වට කරන ලද පර්චස් දහයේ ලෝකවල ජීවත් වන නෝනලා උදේට කුරු බිලිය ඇර බලු මහත්තයලා කක...

ගඩාෆි ඝාතනය හා ජාතිවාදී දිවයින / Gadaffi assassination and chauvinist Divaina

මේ අද දිවයින 'පුවත්පතේ' ප්‍රධාන 'පුවතින්' උපුටා ගත් වාක්‍යයකි. "යටත් වීමෙන් පසු ඝාතනය කරනු ලැබීමෙන් ගඩාෆිගේ මිනිස්‌ අයිතිවාසිකම් උල්ලංඝනය වීද නැද්ද යන්න ගැන එක්‌සත් ජාතීන්ගේ සංවිධානයේ මානව හිමිකම් කොමසාරිස්‌තුමිය වන නවනීදන් පිල්ලේ මහත්මිය පත්‍රය මුද්‍රණයට යන අවස්‌ථාව වන තුරුත් ප්‍රකාශයක්‌ කර තිබුණේ නැත." ගඩාෆි මරා දමා ඇත්තේ යටත් වූ පසුව ය. එය පැහැදිලිව ම මානව හිමිකම් උල්ලංඝනය කිරීමකි. එහෙත් ගඩාෆි මරා දමා ඇත්තේ රාජ්‍ය හමුදාවක් විසින් නො ව, කැරැලිකාර ජන රාශියක් හෙවත් මොබ් එකක් විසිනි. බටහිර බලවත් රටවල් මේ ජන රාශියට උදව් කළ බව නම් ඇත්ත ය. එහෙත් එය වනාහි රජයක හමුදා විසින් කෙළින් ම ගඩාෆි අල්ලා මරා දැමීමිට වඩා වෙනස් තත්වයකි. ‍කොටින් ම ඔසාමා බින් ලාඩන් එක්සත් ජනපද හමුදා විසින් මරා දමනු ලැබීමත්, ගඩාෆි නේටෝ ආධාර ලත් ජන රාශියක් විසින් මරා දැමීමත් එකිනෙකට වෙනස් තත්වයන් ය. ගඩාෆිගේ මරණයත් සමග ඒකාධිපතිවාදය, ප්‍රජාතන්ත්‍ර විරෝධය හා මානව හිමිකම් උල්ලංඝනය කිරීම ප්‍රවර්ධනය කරන සැමගේ කොඳු නාරටිය හරහා සීතල සංවේදනයක් ගමන් කර ඇති බව දිවයින පුවත්පතේ පුවතින් පෙනේ. ග...

සෙලාන් බැංකු වෘත්තීය සටන, සේවක හිමිකම් හා අධිකරණ මැදිහත් වීම් නව ප්‍රවණතා

Image
(2011 ජුනි 30,   W3Lanka )   වෘත්තීය අයිතිවාසිකම් දිනා ගැනීම සඳහා හාම්පුතුන්ට බලපෑම් කිරීම පිණිස වැඩ වර්ජනය කිරීම ලොව පිළි ගත් සේවක අයිතිවාසිකමකි.  එහෙත්, ප්‍රජාතන්ත්‍රවාදයෙන් ඈත් වෙමින් තිබෙන ලංකාව වැනි රටවල මෙම අයිතිවාසිකම සීමා කිරීම සඳහා අධිකරණය මැදිහත් වීම සුලබ තත්වයක් වී තිබේ. පහත සඳහන් දිනමිණ පුවත රතු අකුරින් දක්වා ඇති කොටස් කෙරෙහි විශේෂ අවධානය යෙමු කරමින් විශ්ලේෂණය කර බලන්න. සෙලාන් බැංකුවේ සේවකයින් අද (30) දින ක්‍රියාත්මක කිරීමට සංවිධානය කර තිබූ කෑම පැයේ දීප ව්‍යාප්ත වැඩ වර්ජනය වළක්වන වාරණ නියෝගයක් කොළඹ දිසා අධිකරණය ඊයේ (29) නිකුත් කළේය. ලබන 06 දින හා 13 වන දින ක්‍රියාත්මක කිරීමට නියමිත වර්ජනයද අත්හිටුවන ලෙස දිසා අධිකරණය නියෝග කෙළේය. බැංකු සේවකයින්ගේ වැටුප් ප්‍රතිශෝධනය මුල්කර ගනිමින් වෘත්තීය සමිති ක්‍රියාමාර්ග කීපයක් එකවර ගැනීමට වර්ජනය කිරීමට තීරණය කිරීම සාධාරණ නොවන බව පෙන්වාදුන් දිසා අධිකරණය වෘත්තීය ක්‍රියාමාර්ග ගැනීම සේවකයින්ගේ අයිතිවාසිකමක් බවද සඳහන් කෙළේය. සෙලාන් බැංකුව විසින් ලංකා බැංකු සේවක සංගමයට විරුද්ධව පවරා තිබූ නඩුවක් විභාග කිරීමෙන් අනතුරුව කො...

ආණ්ඩුවේ හරා-කිරි දේශපාලනය

Image
(2011 ජුනි 19,   W3Lanka )   යුද අපරාධ හා මානව හිමිකම් චෝදනා ඉදිරියේ ලංකාවේ ආණ්ඩුවේ නායකයන් මුහුණ දී සිටින තත්වය ඔවුන්ට අතිශය අයහපත් ය. ඔවුන්ට දුෂ්කර වූ මේ මොහොතේ කතා කරන වචන ගැන දැඩි ලෙස සංවේදී වීම ඔවුන් තමන් වෙනුවෙන් ම වගකීම් සහගත වීමකි.  ලංකාවට එල්ල වී ඇති යුද අපරාධ චෝදනා අතරින් එකක් වන්නේ අත් අඩංගුවට ගත් දෙමළ ඊලාම් විමුක්ති කොටි කැරළිකාර සැකකරුවන් නඩු විභාගයකින් තොරව මරා දැමීමයි. ජාත්‍යන්තර මානව හිමිකම් ප්‍රඥප්තිය හා ජාත්‍යන්තර යුද නීති අනුව පමණක් නො ව ලංකාවේ සම්මත නීති අනුව ද, අත් අඩංගුවට ගත් සැකකරුවන් හිංසනයට ලක් කිරීම හා නඩු විභාගයකින් තොරව මරා දැමීම බරපතල වරදකි. එසේ ම, ලංකාවේ නීති අනුව ද වරදක් සම්බන්ධයෙන් අත්අඩංගුවට ගත් පුද්ගලයකු ඔහු වරදකරු බව අධිකරණය හමුවේ ඔප්පු වන තෙක් සැකකරුවෙකු පමණි. සැකකරුවකු ත්‍රස්තවාදියකු යයි හංවඩු ගැසූ පමණින් එම සැකකරුට අදාළ වන ඉහත නීති වෙනස් වන්නේ නැත. මේ නීති හැදුවේ අප නො ව එදා මෙදාතුර රට පාලනය කළ ඔවුන්ගේ වර්ගයා ම විසිනි. නිදසුනක් ලෙස, නිදහසින් පසු ගත වූ පසුගිය 60 වසර තුළ ඩී.එම්. රාජපක්ෂ, ඩි.ඒ. රාජපක්ෂ, ජෝර්ජ් රාජපක්ෂ, ලක්ෂ්මන් ...

'අපි ශ්‍රී ලාංකිකයෝ' ද?

Image
'අපි ශ්‍රී ලාංකිකයෝ' සංවිධානය විසින් ඊයේ වවුනියා‍ව බස් නැවතුම අසල පවත්වන ලද  උද්ඝෝෂණයට 12,000ක පිරිසක් සහභාගි වූ බව ඩේලි මිරර් පුවත්පත වාර්තා කරයි.  මෙම පිරිස ඉල්ලා සිටින්නේ පසුගිය යුද වකවානුවේ අතුරුදහන් වූ සිය පවුල් සාමාජිකයන්ට සිදු වූ දේ සොයා දෙන ලෙසයි. මෙවැනි ම පිරිසක් පසුගිය දිනෙක ත්‍රිකුණාමලයේදී ද උද්ඝෝෂණයක් කළ හ. උද්ඝෝෂණ කරන්නට තබා කට අරින්නටවත් අවස්ථාවක් නැති තවත් බොහෝ අය සිය ප්‍රියයන් ගැන දුක් වෙමින් නිහඬව ඉන්නවා ඇත. නීතියට පිටින් අතුරුදහන් කරනු ලැබූ  මේ මිනිස්සු ද මේ රටේ පුරවැසියෝ ය. ඔවුන්ගේ ජීවිත වෙනුවෙන් රජය වන්දි ගෙවිය යුතු ය. එවැනි සිදු වීම් යළි සිදු නො වන්නට අවශ්‍ය කටයුතු සම්පාදනය කළ යුතු ය.  ‍‍ 'අපි ශ්‍රී ලාංකිකයෝ' එදා  මේ මිනිසුන් අතුරුදහන් කරන්නට බලධාරීන්ට ශක්තිය දුන්  ජනතා විමුක්ති පෙරමුණ දායක වී ගොඩ නඟන ලද සාධනීය උත්සාහයකි.  සිංහල ජාතිවාදය කර පින්නා ගැනීම වෙනුවට ලාංකීය ජාතිය ගොඩනැඟීම සඳහා අරගල කිරීම අප දකින අන්දමට නම් සමාජවාදීන්ගේ ජාත්‍යන්තරවාදයේ පළමු පියවරයි.   උතුරේ වැසියන්ගේ අතුරුදහන් වීමේ ප්‍රශ්නය 1989 වකවාන...

සිගරැට්, බීඩි, අරක්කු බොන මිනිස්සුන්ට ද හිමිකම් ඇත.

Image
(2011 පෙබරවාරි 24,  W3Lanka )  ශ්‍රී ලංකාවේ 2009 වසරේදී සිගරැට් කෝටි 420ක් සහ බීඩි කෝටි 227ක් පරිභෝජනය කර ඇතැයි මුදල් හා ක්‍රමසම්පාදන නියෝජ්‍ය ඇමැති ගීතාංජන ගුණවර්ධන මහතා පාර්ලිමේන්තුවේදී ඊයේ (23) සභාගත කරන ලද පිළිතුරක සඳහන් වේ. එම පරිභෝජනයට අනුව සිගරට් සඳහා බදුවලින් 2009දී රුපියල් කෝටි 3780ක ආදායමක් උපයාගෙන ඇති බවද එම පිළිතුරෙහි දැක්වේ. ඒ අනුව,  සෑම දුම්වැටියකින් ම ආණ්ඩුව රු. 9ක පමණ බද්දක් අය කරගෙන ඇති බව පෙනේ. මෙම දුම්වැටිවලින් සිගරැට් කෝටි 10ක් හැර අනෙක් සියල්ල දේශීය නිෂ්පාදනයි. සිය රට දේ සිරි සැප දේ කිව්වාට හැම විට ම එහෙම වන්නේ නැති බව එයින් පෙනේ. එහෙත්, අපේ රටේ පාලකයන්ට සව් සිරි සැප දීමට මේ දුම් බොන්නන් සෑහෙන බදු ගෙවා ඇති බව පෙනේ. බදු ගෙවන ජනතාවට රජය ගරු කළ යුතු ය. මන්ද ආණ්ඩුව රැක ගන්නේ ඔවුන් නිසා ය. දුම් බොන්නන්ට ද අයිතිවාසිකම් තිබේ. යමෙකු දුම් බී මිය යන්නට කැමති නම්, එය ඔහුගේ පෞද්ගලික කැමැත්තකි. එහෙත්, සෙසු අය අක්‍රිය දුම් පානයට ගොදුරු කර ගන්නට ඔහුට හිමිකමක් නැතුවා සේ ම, තමන් උරන දුම්වැටිය වෙනුවෙන් ගෙවන මිළට ගුණාත්මක වශයෙන් ඉහළ දුම්වැටියක් ලබා ගන්නට ද ද...

අපරාධකරුවෝ ද මිනිස්සු ය

Image
( 2011 ජනවාරි 03,  W3Lanka )  කෝටි ගණනින් මහජන මුදල් සොරකම් කරනමුත් මේ ‍දේශපාලකයෝ ද මිනිස්සු ය. සෝබනේට ආරක්ෂකයන් පිරිවරාගෙන ගමන් බිමන් ගියත්, නිදහසක් නැති දිවිය උන්ට ම එපා වී ඇති බව තමන්ට නිදහසක් නැති බව කියමින් හිටි ගමන් කරන නාහෙන් ඇඬිලිවලින් පෙනේ.  හැරත්, බලයෙන් ගිලිහුණොත් හිරේ යන්නට සිදු වන බව දැන, දැන දැඩි ආතතියක ජීවත් වීම ම දුකකි.  රටේ නීති හදන ආයතනය වන පාර්ලිමේන්තුවේ මන්ත්‍රීවරු මහජන සේවය සඳහා ගමන් බිමන් යාමට තීරු බදු රහිතව වාහනයක් ආනයනය කර ගන්නට දෙන බලපත්‍රය හොරට විකුණන මන්ත්‍රීවරු නීතියේ සිදුරුවලින් රිංගා මහජන මුදල් රු. කෝටි එකහමාරක් පමණ මහ දවල් මංකොල්ල කති.  බලපත්‍රය මිළ දී ගත් එකා වැඩි එන්ජින් ධාරිතාවක් ඇති වාහනයක් ගෙන්වූ නිසා බදු ගෙවන්නට සිදු වීමත් සමග එක් ඇමතිවරයෙක් බෙල්ල මුලින් ම මාට්ටු වුණේ ය. බලපත්‍රය විකිණුවත්, හිමිකම් ලේඛන තමන් ළඟ තබා ගන්නා නිසා බදු ගෙවන්නට සිදු වුණේ ඇමති හොරාට ය. තමන් බලපත්‍රය හොරට විකිණූ බව මේ හොරා අදාළ බලධාරීන් හමුවේ පිළි ගත්තත් ඌ කිසි ගින්නක් නැතිව යහතින් සිටියි.  ගිනි පත්තු වන්නේ මෙවැනි හොරුන්ට නො ව 'ද...

ජනතාවනි, ලණු කෑවා නම් කඹ රෙමු!

Image
කඹෙන් බැඳිය යුතු එකාට කඹය දුන්නෙ අපි කසෙන් තැලිය යුතු එකාට  කසය දුන්නෙ අපි බල්ලො එක්ක ලැග මැක්කන්  හා නැගිටින අපි  ලණු කාලා රෙන්න බැරුව තටමන්නෙත් අපි  මර්වින්තුමනි, ජයවේවා!  අප කළ ගොන්කම්වලට අප ගස් බැඳ මදි ය.  මඩු වලිගෙනුත් තැලිය යුතු ය.  බදු ගෙවන ජනතාව තව තව ගස් බඳිනු! බදු මුදලින් කඹ සහ දම්වැල් මිළ දී ගනු!  You may also like to read our English blog   Lanka Polity