ගඩාෆි ඝාතනය හා ජාතිවාදී දිවයින / Gadaffi assassination and chauvinist Divaina

මේ අද දිවයින 'පුවත්පතේ' ප්‍රධාන 'පුවතින්' උපුටා ගත් වාක්‍යයකි.


"යටත් වීමෙන් පසු ඝාතනය කරනු ලැබීමෙන් ගඩාෆිගේ මිනිස්‌ අයිතිවාසිකම් උල්ලංඝනය වීද නැද්ද යන්න ගැන එක්‌සත් ජාතීන්ගේ සංවිධානයේ මානව හිමිකම් කොමසාරිස්‌තුමිය වන නවනීදන් පිල්ලේ මහත්මිය පත්‍රය මුද්‍රණයට යන අවස්‌ථාව වන තුරුත් ප්‍රකාශයක්‌ කර තිබුණේ නැත."


ගඩාෆි මරා දමා ඇත්තේ යටත් වූ පසුව ය. එය පැහැදිලිව ම මානව හිමිකම් උල්ලංඝනය කිරීමකි.


එහෙත් ගඩාෆි මරා දමා ඇත්තේ රාජ්‍ය හමුදාවක් විසින් නො ව, කැරැලිකාර ජන රාශියක් හෙවත් මොබ් එකක් විසිනි.


බටහිර බලවත් රටවල් මේ ජන රාශියට උදව් කළ බව නම් ඇත්ත ය. එහෙත් එය වනාහි රජයක හමුදා විසින් කෙළින් ම ගඩාෆි අල්ලා මරා දැමීමිට වඩා වෙනස් තත්වයකි. ‍කොටින් ම ඔසාමා බින් ලාඩන් එක්සත් ජනපද හමුදා විසින් මරා දමනු ලැබීමත්, ගඩාෆි නේටෝ ආධාර ලත් ජන රාශියක් විසින් මරා දැමීමත් එකිනෙකට වෙනස් තත්වයන් ය.


ගඩාෆිගේ මරණයත් සමග ඒකාධිපතිවාදය, ප්‍රජාතන්ත්‍ර විරෝධය හා මානව හිමිකම් උල්ලංඝනය කිරීම ප්‍රවර්ධනය කරන සැමගේ කොඳු නාරටිය හරහා සීතල සංවේදනයක් ගමන් කර ඇති බව දිවයින පුවත්පතේ පුවතින් පෙනේ.


ගඩාෆිගේ මරණය ගැන නවනීදන් පිල්ලේගේ ප්‍රතිචාරයේ එල්ලෙන්නේ කෙසේදැයි දිවයින මුද්‍රණයට යන මොහොත දක්වා සොයමින් සිට ඇත.


යටත් වූ මිනිසුන් මරා දැමීම කොතැන වුණත් වැරදි ය. ජනමාධ්‍යයන්ගේ වගකීම වන්නේ මානව හිමිකම් පොදුවේ ප්‍රවර්ධනය කිරීම මිස සමහර මිනිසුන්ගේ හිමිකම් වෙනුවෙන් පෙනී සිටීම හා තවත් සමහර මිනිසුන්ගේ මානව හිමිකම් උල්ලංඝනය කිරීමට අනුබල දීම නො වේ.

මේ ලිපියට ඔබ කැමති නම් වෙන අයත් එක්කත් බෙදා ගන්න

Comments

  1. You missed the heading "ගඩාෆි ඝාතනයෙන් පසු ලෝක නායක යෝ කැළඹෙති"

    ReplyDelete
  2. "යටත් වූ මිනිසුන් මරා දැමීම කොතැන වුණත් වැරදි ය"

    ප්‍රභාකරන් තවදුරටත් ජීවත්ව හිටියානම් උබලාට පෙන්නන්න තිබුනා රගේ.

    අම්මෙක් දරුවෙක් ඉස්කෝලේ ගිහින් එනකන් බය නැතිව ඉන්නවා, මිනිස්සු කකුල් දෙක වෙවුලන්නේනේ නැතිව පාරේ ඇවිදිනවා, බස් එකක, කෝච්චියක උදේට යන මිනිහා හවසටත් සතුටින් ගෙදර එනවා. යකෝ... කන්න නැතිව මැරුනත්, තොපිට ඒ මදිද?

    ReplyDelete

Post a Comment

මාතෘකාවට අදාළ නැති හා වෛරී අදහස් ඉවත් කිරීමට ඉඩ ඇති බව කරුණාවෙන් සලකන්න.

Popular posts from this blog

තේරවිලි: සුපුන් සඳක් ඇත. මැදින් හිලක් ඇත.

පාසල් අධ්‍යාපනය ගැන කතා තුනක්

හමුදා කුමන්ත්‍රණ ගැන ලෝකෙට දුරකථනයෙන් කිව්වෙ බීලා වෙන්න ඇති -ෆොන්සේකා