අපරාධකරුවකු සමග බොල්ගොඩ ග‍‍ඟේ ඔරු පැද්ද පොලිසිය / How Sri Lanka police killed a suspect (to save life of a constable)

මේ මොරටුවේ මෝදරදී පොලිස් නිලධාරියකු ඝාතනය කළ සිද්ධියේ ප්‍රධාන සැකකරු බව කියන ලලිත් සුසන්ත නොහොත් 'කොන්ඩයා' නම් පුද්ගලයා මිය ගිය ආකාරය පිළිබඳ පොලිසිය පවසන දෙයයි.


ඝාතනය සඳහා යොදාගත් කඩුව බොල්ගොඩ ගඟේ දූපතක සඟවා තිබෙන බවට ලැබුණු තොරතුරු මත පොලිස්‌ නිලධාරීන් සැකකරුද කැටුව බෝට්‌ටුවකින් එම ප්‍රදේශයට ගොස්‌ ඇත. ඒ අවස්‌ථාවේ සැකකරු පොලිස්‌ නිලධාරියකුට පහරදී ඔහු ගඟට තල්ලුකර දමා පලායැමට ගඟට පැන ඇත. එහිදී දැඩි වෙහෙසක්‌ දරා පොලිස්‌ නිලධාරීන් විසින් දියේ ගිලීසිටි සැකකරු සහ පොලිස්‌ නිලධාරියා බේරාගෙන ගොඩට ගෙන ඇත.අසාධ්‍ය තත්ත්වයෙන් සිටි දෙදෙනා ලුනාව රෝහලට ඇතුළත් කළ අතර සැකකරු එහිදී මිය ගියේය. පසුව පොලිස්‌ නිලධාරියා කළුබෝවිල රෝහලට මාරුකර යවනු ලැබීය.
-උපුටා ගැනීම දිවයින


එක්කෝ ලංකාවේ පොලිසියට මොළේ කළඳක්වත් නැත.තිබුණා නම්, මෙවැනි සැකකරුවකු සමග බොල්ගොඩ ග‍ඟේ ඔරු පදින්නට යන්නේ නැත. එහෙම නැතිනම් පොලිසියට නිර්මානාත්මක ප්‍රබන්ධ ලේඛකයන්ගේ බරපතල හිඟයක් ඇත. පොලිසියට නිර්මානාත්මක ප්‍රබන්ධ සාහිත්‍යය පිළිබඳ පාඨමාලාවක් පවත්වන්නට ජනාධිපතිතුමා පියවර ගත යුතු ය. මන්ද, දැනට ලංකාවේ සිටින හොඳම ප්‍රබන්ධ සාහිත්‍යකරුවා ඔහු වන බැවිනි. ඔහුට පසුගිය කාලයේ සාහිත්‍යශූරී උපාධියක් ද ලැබිණි.


එක්සත් ජනපදයේ එෆ්.බී.අයි.ආයතනය කොටි සංවිධානයට උපකාර කළ රාජ් රාජරත්නම් ඇතුළු තවත් අය නීතියේ රැහැනට කොටු කර ගැනීම සඳහා දියත් කළ මෙහෙයුම් පිළිබඳ විස්තරයක් මෙම සබඳතා පුරුක ඔස්සේ කියවිය හැකි ය.


අපරාධකරුවන් අපරාධ කර අවසන් වනතුරු හාංකවිසියක් නො දන්නා ලංකාවේ ආරක්ෂක අංශ ලොක්කන් දන්න අපරාධ විද්‍යාවේ න්‍යාය පැරණි ගීතයක මෙසේ සඳහන් විය. 'එක මකුණයි ළමයෝ කන්නේ - ඇයි ඔක්කොම මකුණො මරන්නේ'


බටහිර පාලකයෝ ද අපරාධකාරයෝ ය. එහෙත්, උන් අපරාධ කරන්නේ යම් තියරියකට අනුව ය. අපේ අපරාධකාරයෝ මෙලෝ තියරියක් නො දැන මොළේ වනුවට බලේ පාවිච්චි කර බටහිර අපරාධකාරයන්ට තිබෙන මුක්තිය අපටත් දියව් කියමින් පො‍ළවේ හැපෙති. 


ඉතින් හම්බු වෙයි යැ.


කොච්චර පාරම් බෑවත් බටහිරයන්ට අපේ එවුන් ඔක්කොම ලලිත් සුසන්ත නොහොත් 'කොන්ඩයා' වගේ ය. 

මේ ලිපියට ඔබ කැමති නම් වෙන අයත් එක්කත් බෙදා ගන්න

Comments

  1. ඉතින් ම.රා. කවදද හංගපු ආයුද පෙන්නන්න යන්නෙ??

    ReplyDelete

Post a Comment

මාතෘකාවට අදාළ නැති හා වෛරී අදහස් ඉවත් කිරීමට ඉඩ ඇති බව කරුණාවෙන් සලකන්න.

Popular posts from this blog

තේරවිලි: සුපුන් සඳක් ඇත. මැදින් හිලක් ඇත.

පාසල් අධ්‍යාපනය ගැන කතා තුනක්

හමුදා කුමන්ත්‍රණ ගැන ලෝකෙට දුරකථනයෙන් කිව්වෙ බීලා වෙන්න ඇති -ෆොන්සේකා