ශිෂ්‍ය භට පුහුණුවට ළමයින් යවන්නේ බලාගෙන / Beware of cadet training

රන්ටැඹේ ශිෂ්‍ය භට පුහුණු පාසලේ පුහුණුව ලබමින් සිටි පොල්ගහවෙල රත්මල්ගොඩ මහා විද්‍යාලයෙන් පුහුණුව සඳහා පැමිණ සිටි ඉරේෂා සඳමාලි නමැති පහළොස්‌ හැවිරිදි ශිෂ්‍යාව ඔක්තෝබර් 05 වැනිදා රාත්‍රියේ පුහුණු පාසලේ නේවාසිකාගාරයක්‌ තුළ මියගොස්‌ ඇත.


ඇයගේ මරණයට හේකුව කුමක්ද යන්න අපි තව ම නො දනිමු. එය ස්වාභාවික හේතුවක් යයි තීන්දු වන්නට ද ඉඩ තිබේ.


එහෙත්, අප‍ මෙම සටහන තබන්නේ පාසල්වල ශිෂ්‍ය භට අනුඛණ්ඩ නමින් පවත්වාගෙන යනු ලබන පර පීඩා කාමුකත්ව පුහුණු කටයුතු කෙරෙහි දෙමව්පියන්ගේ අවධානය යොමු කිරීම පිණිස ය. මිලිටරි විනයකට අනුව ළමයින් හැඩගැස්වීම අරමුණු කර ගත් ශිෂ්‍ය භට පුහුණුවේදී සිදු වන්නේ දැඩි දඬුවම්වලට බිය කර ළමයින් මිලිටරි විනයකට අනුගත කිරීමයි. දැඩි ශාරීරික හා මානසික වධ හිංසා පැමිණවීම මෙම පුහුණුවේ මූලික ලක්ෂණයකි.


අද පවතින ළමා හිමිකම් නීති අනුව, දෙමව්පියන්ට හෝ දරුවකුට ශාරීරික හා මානසික අඩන්තේට්ටම් කළ නො හැකි ය. එහෙත්, ශිෂ්‍ය භට පුහුණුව නමින් ඒවා ප්‍රසිද්ධියේ ම සිදු වේ. ළමයින්ට අමානුෂික දඬුවම් පණවන්නෝ ද බො හෝ විට එවැනි ම ළමයි ය.


හමුදාව උත්කර්ෂයට නංවා තරුණ පරපුර යුද්ධයට යොමු කර තිබුණු සමයේ ශිෂ්‍ය භට පුහුණුව වයස අවුරුදු 18 වන තෙක් ළමා සොල්දාදුවන් නඩත්තු කර ගැනීමට හොඳ ක්‍රමයක් විය. එහෙත්, දැන් මේ රටේ යුද්ධයක් නැත. හමුදාවේ රස්සා දෙන පෝලිම් ද නැත. හමුදාව දැන් ඉස්සර මෙන් ගෞරවනීය ද නැත. රජය දැන් කසල ශෝධනයට පවා හමුදාව යොදා ගනියි.


ළමයින් හා ළමා මනස් ඇති ගුරුවරුන් පිරිසක් හමුදා ඇඳුම් අඳින්නට හා හමුදා සෙබළුන් අනුකරණය කරන්නට ඇති ආශාව සපුරා ගන්නේ ශිෂ්‍ය භට බලකාය හරහා ය. එහෙත්, එහි සිදු වන ක්‍රියා ළමා අයිතිවාසිකම්වලට පටහැණි ය. පැහැදිලි ළමා අපචාර ය. 


‍දෙමව්පියන් සිය දරුවන් මේවාට නො යැවිය යුතු ය.

මේ ලිපියට ඔබ කැමති නම් වෙන අයත් එක්කත් බෙදා ගන්න

Comments

  1. මේ; කියමන මගේද හැගිමයී!පාළක පන්තියේ වක්‍ර වු, 2005පෙර වකවානු පුහුණු කුමවේද ද ඉක්මවු; අනාගත තාරුණ්‍යය පාළනයට පහසුවනසේ 'බයාදු නිවට රැළක්' බිහිකිරීමේ මෙය මූලික පෙර හුරය."විශ්වවිද්‍යාල තුලටද මේවන් ක්‍රමයක්" ඇදුවේ ,දෙමාපින්ද ගොනාට අන්දා ය.ඉදිරි වසරවලදී 8වන ශ්‍රේණියෙන් ඉහල (සුපිරි පංති විද්‍යල හා ජාත්‍යන්තර පාසැල් නොවන) සියළුම පාසල්වලට /විශ්ව විද්‍යාල හි සියළුම දරුවන්හට අධ්‍යන වසරක් දික්කර හදුවා දෙනවා, ට මෙන්න කැට.දේශ තුන්ශූතු යනී!!

    ReplyDelete
  2. මේ; කියමන මගේද හැගිමයී!පාළක පන්තියේ වක්‍ර වු, 2005පෙර වකවානු පුහුණු කුමවේද ද ඉක්මවු; අනාගත තාරුණ්‍යය පාළනයට පහසුවනසේ 'බයාදු නිවට රැළක්' බිහිකිරීමේ මෙය මූලික පෙර හුරය."විශ්වවිද්‍යාල තුලටද මේවන් ක්‍රමයක්" ඇදුවේ ,දෙමාපින්ද ගොනාට අන්දා ය.ඉදිරි වසරවලදී 8වන ශ්‍රේණියෙන් ඉහල (සුපිරි පංති විද්‍යල හා ජාත්‍යන්තර පාසැල් නොවන) සියළුම පාසල්වලට /විශ්ව විද්‍යාල හි සියළුම දරුවන්හට අධ්‍යන වසරක් දික්කර හදුවා දෙනවා, ට මෙන්න කැට.දේශ තුන්ශූතු යනී!!

    ReplyDelete
  3. ටෝටලී ඇග්‍රීඩ්..
    පාසල් සමය තුල මට පෙන්නන්නම බැරි දේ..
    කැඩිච්ච මේස ලෑලී වලින් පුකට පාර දෙනවා මම ඇස් දෙකෙන්ම දැකලා තියෙනවා...

    ReplyDelete
  4. කරාතේ අයින් කලා වගේ. බොක්සිං සහ මේ මළදානෙත් අයින් කළ යුතුමයි.

    ReplyDelete
  5. Pita kondak nethi menusha vesayen inna thirisanun thirisanun inna rataka, mona ken gediyak unath palakayanta hure dala, unta kathiraya gahala,unge gola balain rata ,jathiya,aganma,tharuna paramparawa,dushanaya karana eka anumatha karana maha baudhayo inna rata lankawa.Mun mona baudha yo da? Thrisannu. Meka thirisanunge ratak

    ReplyDelete
  6. ඔබ කියන දේවලින් 50%කට මම එකඟ නැත. ශිෂ්‍යභට ව්‍යාපාරයේ ඉතිහාසය ගත්තහම ඒකෙන් හොඳ දේවලුත් සිදුවී ඇත. අනික මෙය බලහත්කාරයෙන් දෙන දෙයක්ද නොවේ. දෙමාපියන්ගේ කැමැත්ත ඇතිව ළමයා විසින් තෝරාගත් දෙයකි. මෙය ලියන මම ශිෂ්‍යභටයෙක් වීමට කැමැත්තෙන් සිටියත් පාසැලේ වෙනත් ක්‍රියාකරකම් වලට සම්භන්ධ වී සිටි නිසා එය මග හැරී ගියා. ඒ ගැන මම අදත් කණගාටු වෙනවා.

    අපි වාගේ වැඩවසම් ඉතිහාසයක් හා මානසිකත්වය ඇති රටක පරපීඩනය හැම ස්ථරයකම ඔඩුදුවා ඇත. සාමාන්‍ය පවුලක සිට පාර්ලිමේන්තුව වැනි ඉහලම ආයතනය දක්වා නොයෙක් ආකාරයෙන් පරපීඩනය සිදුවේ. අම්මා හෝ තාත්තා තම ලමයාට දෙන අවවාද හෝ දඬුවම වෙනත් කෙනෙකුට පරපීඩනය, ළමා අයිතිවාසිකම් උල්ලංඝණය විය හැකියි. ඒ වගේම පාසැලේ වෙන සමහර දේවල් ද මේ ගණයට වැටෙන්නට පුළුවන.

    මේ ලෝකයේ හැමදේකම හොඳ මෙන්ම නරක පැත්තක් ඇත. හැම දේකම නරක දැකීමද ලෙඩකි.
    -Kumar-

    ReplyDelete
  7. ඔය ගැන කතා කරන්න ගොඩක් දේවල් තියනවා . කොහොම උනත් ඔබේ අදහසත් එක්ක මම සංශෝදන කිහිපයක් සමග එකඟ වෙනවා.

    ReplyDelete
  8. කැඩෙටින් කියන්නේ හොඳ දෙයක්. ඒකෙන් තමයි නියම මිනිසෙක් බිහිවෙන්නේ. එක සිද්ධියක් උනා කියලා කැඩෙටින් වලට පහර ගහන එක වැරදියි

    ReplyDelete
  9. "හමුදාව දැන් ඉස්සර මෙන් ගෞරවනීය ද නැත"
    සහතික ඇත්ත. අද රටේ වෙන අපරාධ වලින් 80%ක්ම වෙන්නේ හමුදාවෙන් පැනපු උන්ගෙන්, එහෙමත් නැත්නම් නිවාඩුවට ආපු උන්ගෙන්.

    ReplyDelete
  10. මමත් පාසලේ CADET කරපු කෙනෙක් හෑටියට අත්දෑකීමෙන් කියන්නෙ ඒක හරිම හොද පුහුනුවක් කියලා.ඕනම ප්‍රශ්නයකට මුහුන දෙන්න අපි පුරුදු වෙනවා.දුශ්කර පරිසරයක අපේ පෑවත්ම රදා ගන්න අපිට පුලුවන්.අනිත් ප්‍රදානම කාරනාව අපි කෑමති නම් ට්‍රේනින් එකෙන් අයින් වෙන්න අපිට නිදහස තියෙනව.කවුරුවත් එපා කියල බලපෑම් කරන්නෙ නේ.කොල්ලෙක්ට ස්කෝලෙදි හම්බ වෙන හොදම පුහුනුව ඒක කියල මම නම් අදටත් විශ්වාස කරන්නෙ
    Srimal

    ReplyDelete

Post a Comment

මාතෘකාවට අදාළ නැති හා වෛරී අදහස් ඉවත් කිරීමට ඉඩ ඇති බව කරුණාවෙන් සලකන්න.

Popular posts from this blog

තේරවිලි: සුපුන් සඳක් ඇත. මැදින් හිලක් ඇත.

පාසල් අධ්‍යාපනය ගැන කතා තුනක්

හමුදා කුමන්ත්‍රණ ගැන ලෝකෙට දුරකථනයෙන් කිව්වෙ බීලා වෙන්න ඇති -ෆොන්සේකා