Posts

Showing posts with the label ළමා සොල්දාදුවෝ

ශිෂ්‍ය භට පුහුණුවට ළමයින් යවන්නේ බලාගෙන / Beware of cadet training

Image
රන්ටැඹේ ශිෂ්‍ය භට පුහුණු පාසලේ පුහුණුව ලබමින් සිටි පොල්ගහවෙල රත්මල්ගොඩ මහා විද්‍යාලයෙන් පුහුණුව සඳහා පැමිණ සිටි ඉරේෂා සඳමාලි නමැති පහළොස්‌ හැවිරිදි ශිෂ්‍යාව ඔක්තෝබර් 05 වැනිදා රාත්‍රියේ පුහුණු පාසලේ නේවාසිකාගාරයක්‌ තුළ මියගොස්‌ ඇත. ඇයගේ මරණයට හේකුව කුමක්ද යන්න අපි තව ම නො දනිමු. එය ස්වාභාවික හේතුවක් යයි තීන්දු වන්නට ද ඉඩ තිබේ. එහෙත්, අප‍ මෙම සටහන තබන්නේ පාසල්වල ශිෂ්‍ය භට අනුඛණ්ඩ නමින් පවත්වාගෙන යනු ලබන පර පීඩා කාමුකත්ව පුහුණු කටයුතු කෙරෙහි දෙමව්පියන්ගේ අවධානය යොමු කිරීම පිණිස ය. මිලිටරි විනයකට අනුව ළමයින් හැඩගැස්වීම අරමුණු කර ගත් ශිෂ්‍ය භට පුහුණුවේදී සිදු වන්නේ දැඩි දඬුවම්වලට බිය කර ළමයින් මිලිටරි විනයකට අනුගත කිරීමයි. දැඩි ශාරීරික හා මානසික වධ හිංසා පැමිණවීම මෙම පුහුණුවේ මූලික ලක්ෂණයකි. අද පවතින ළමා හිමිකම් නීති අනුව, දෙමව්පියන්ට හෝ දරුවකුට ශාරීරික හා මානසික අඩන්තේට්ටම් කළ නො හැකි ය. එහෙත්, ශිෂ්‍ය භට පුහුණුව නමින් ඒවා ප්‍රසිද්ධියේ ම සිදු වේ. ළමයින්ට අමානුෂික දඬුවම් පණවන්නෝ ද බො හෝ විට එවැනි ම ළමයි ය. හමුදාව උත්කර්ෂයට නංවා තරුණ පරපුර යුද්ධයට යොමු කර තිබුණු සමයේ ශිෂ්‍ය භට පු...

ඉබ්බාගමුවේ බාල වයස්කාර කිරි දෙන මවකට පිරිමි සිය ගණනක් වට වී පොල් පිත්තකින් පහර දීලා

Image
(2010 අගෝස්තු 14,  W3Lanka )   ඔබ ජීවත් වන රටේ වයස අවුරුදු 17යි මාස අටක් වන, අසනීපයෙන් සිටි, බාල වයස්කාර, දෙමස් වියේ දරුවකුට කිරි දෙන, එක් දරු මවකට පිරිමින් සිය ගණනක් වට වී එක් ගැහැනියක් ඇයට කණට ගසා, මහ පාරේ බිම දමාගෙන පොල් පිත්තකින් පිට මැදට සිය වරකට වඩා පහර දී ඇතැයි එම කාන්තාවගේ සැමියා (මෙම විවාහය නීත්‍යනුකූල ද යන්න ප්‍රශ්නයකි.) පොලිසියට පැමිණිලි කර ඇති බව ඔබ දන්නවාද? මේ පිළිබඳ පොලිසියට කළ පැමිණිල්ලට අදාළව මෙතෙක් කිසිදු ක්‍රියාමාර්ගයක් ගෙන නොමැති බව ද, පොලිසියේ ළමා හා කාන්තා කාර්යාංශයේ සිට ළමා සංවර්ධන හා වනිතා කටයුතු ඇමති හා නියෝජ්‍ය ඇමති ධුර දරන සිංහල හා මුස්ලිම් පිරිමි දෙන්නා දක්වා සියලු දෙනාත් නිහඬ බව ඔබ දන්නවාද? මෙම සිද්ධිය පිළිබඳව වාර්තා වන්නේ ශ්‍රී ලංකා ගාඩියන් වෙබ් අඩවියේ ය. සිද්ධියට මුහුණ දුන් බාල වයස්කාරියගේ සැමියා‍ කරන ප්‍රකාශයේ හඬපටයක් ද ඇත. සිද්ධිය සිදු වී ඇත්තේ කුරුණෑගල දිස්ත්‍රික්කයේ ගොකරැල්ල පොලිස් වසමේ ඉබ්බාගමුවේ පිලැස්ස, මුංදූව ගමේ ය. සිද්ධිය වූ දිනය මෙම විස්තරයේ අඩංගු වන්නේ නැත. මෙම කාන්තාව මාවතගම රෝහලෙන් ප්‍රතිකාර ලබා ඇත. මාවතගම පොලිසියේ පැමි...

ළමා සොල්දාදුවන් දෙමව්පියන්ට භාර දෙන්න -එක්සත් ජාතීන්ගේ විශේෂ නියෝජිත

Image
(2009 දෙසැම්බර් 13 - W3Lanka ) යුද සමයේදී මානසික වශයෙන් පීඩාවට පත් වූ ළමා සොල්දාදුවන් පුනරුත්ථාපන කඳවුරුවලදීට වඩා හොඳින් සිය දෙමාපියන් සමග යළි එකතු වීමෙන් යථා තත්වයට පත් කළ හැකි බව පසු දින නිල චාරිකාවක් සඳහා ලංකාවට පැමිණ සිටින ළමයින් සහ සන්නද්ධ ගැටුම් පිළිබඳ එක්සත් ජාතීන්ගේ විශේෂ නියෝජිත මේජර් ජනරාල් පැට්‍රික් කැමර්ට් පවසයි.  කොටි සංවිධානය විසින් බලෙන් බඳවාගෙන යුද්ධයට යොදවන ලද ළමයින් 300ක් පමණ හමු වූ හේ පවසන්නේ ලෝකයේ වෙනත් තැන්වල භාවිතාවන් විසින් පෙන්වා දී ඇත්තේ ළමයින් සිය ප්‍රියයන් සමග ජීවත් වීමෙන් ක්ෂතිමය අත්දැකීම්වලින් වඩා හොඳින් සුවය ලබන බවයි. රජයේ අවතැන් කඳවුරුවල සිටින ළමයින්ගේ ජීවිත ද අවදානම් බව ඔහු පවසයි. මානුෂීය ආධාර සංවිධානවලට මෙම කඳවුරු තවමත් තහනම් ස්ථාන වන අතර එක්සත් ජාතීන්, ජාත්‍යන්තර රතු කුරුස කමිටුව හා ළමාරක්ෂක සංවිධානය වෙත මෙම කඳවුරු තුළට පිවිස පවුල්වලින් වෙන් කරනු ලැබ හා වෙනත් ආකාරවලින් අසරණව සිටින ළමයින්ට උදව් කිරීමට ඉඩ දිය යුතු බව පැට්‍රික් කැමර්ට් පවසයි.