ලංකා පුවත්පත, ලෙනින් හා ජවිපෙ ගැටුම

තහනම් කරන ලද ලංකා පුවත්පතේ මුල් පිටුව
පුවත්පතක් යනු සාමූහික ප්‍රචාරකයකු පමණක් නොව, සාමූහික උද්ඝෝෂකයකු ද, සාමූහික සංවිධායකයකු ද වේ.
-ලෙනින්, සමස්ත රුසියා දේශපාලන පුවත්පතක් සඳහා සැලැස්ම (1901), කළ යුත්තේ කුමක් ද?


ජනතා විමුක්ති පෙරමුණේ ලංකා පුවත්පත හා අදාළව සිදු වන දේ මේ ප්‍රකාශය හා ගලපා බලන්න.


පෙරටුගාමී පක්ෂ වන්දනා කරන ගතානුගතික වාමාංශිකයෝ යනු තමන්ගේ පාලනයට ගත නො හැකි සියල්ලට විනාශය ප්‍රාර්ථනා කරන්නෝ ය. ධනවාදය සමග ගැටෙන්නට තරම් හයියක් නැති බැවින් ඔවුන් සමාජවාදය වෙනුවෙන් සටන් කරන ප්‍රතිවිරෝධතා ඇති සමාජවාදීන් මත තමන්ගේ මර්දනකාරී විභවයන් මුදා හරිති.


ලංකා පුවත්පත කලක් සෙසු සමාජවාදීන් විෂයෙහි කටයුතු කළේ ද මේ අන්දමින් ම ය. දැන් එහි කර්තෘ මණ්ඩලය ද ඒ සම්ප්‍රදායේ ම ගොදුරක් වී සිටිති.


'නව ලිබරල්වාදයේ දෙවැනි ඉණිම සහ වමේ අභියෝග'යන තේමාව යටතේ සංවිධානය කර තිබූ දේශනයේදී ජවිපෙ ප්‍රේමකුමාර් ගුනරත්නම් පිලේ පුබුදු ජයගොඩ පෙන්වා දුන්නේ, වමේ ව්‍යාපාරය නව ලිබරල්වාදයේ අගතීන්ට ගොදුරු වී ඇති බවයි. සිදුවී ඇති වැරදි නිහතමානීව පිළිගත යුතු බවත් ඒවා නිවැරදි කර ගැනීමට වමේ ව්‍යාපාරය කටයුතු කළ යුතු බවත් හේ පැවසී ය.


"අරමුණ හොඳ නම් ඒ වෙත ඕනෑම මාර්ගයකින් ළඟා වෙන්න කියලායි නව ලිබරල්වාදය උගන්වන්නේ. බල්ලො මරලා සල්ලි හෙව්වාට සල්ලි බුරන්නේ නැහැ කියලා කියන්නේ ඒ නිසා. ඒ නිසා තමයි තමන් වටා ඉන්න පිරිස අන්දන එකයි, ගේම් ගහන එකයි ජීවිතය බවට පත් වෙලා තිබෙන්නේ. මිනිසුන් එක්ක ගනු දෙනු කිරීම, සමාජය එක්ක ගනු දෙනු කිරීම, සමාජය සවිඥානික කිරීම වැදගත් නැහැ. එහෙම තමයි නව ලිබරල්වාදය උගන්වන්නේ.


නව ලිබරල්වාදයේ මේ අගතීන්ගෙන් මුළුමනින්ම ගැලවෙන්න වමේ ව්‍යාපාරයට බැරි වුණා. වමේ ව්‍යාපාරය, නව ලිබරල්වාදයට එරෙහි සටන් පාඨ අතේ තියාගෙනම එහි අගතීන්ට ගොදුරු වුණා. පැවැත්ම සඳහා හෘදය සාක්ෂිය අතහරින්න ලොව පුරා වමේ ව්‍යාපාරවලට බල කෙරුණා. ඒක ජාත්‍යන්තරවත් එහෙමයි, දේශීයවත් එහෙමයි. ලොව පුරා වමේ ව්‍යාපාර උපයෝගීතාවාදයට, ප‍්‍රායෝගිකවාදයට ගියා. නිවැරදි ප‍්‍රතිපත්ති මත කකුල් තියාගෙන මුහුණ දෙනවා වෙනුවට, පරිසරයට අනුව හැඩගැසෙන සත්තු වගේ තත්වයන්ට අනුව අනුවර්තනය වෙන්න වමේ ව්‍යාපාරවලට සිදු වුණා.


රාජ්‍ය බලය ලබා ගැනීම වෙනුවෙන් කුමක් කළත් කමක් නැහැ කියා හිතුවා. ඒ නිසා ඇතැම් විට පිළිගත නොහැකි අගතීන් යොදා ගත්තා. වගකිවයුතු සමාජ ව්‍යාපාරයක් කළ යුත්තේ ඒවාට විරුද්ධව අරගල කිරීමයි. වමේ ව්‍යාපාරත් ගේම් ගහන්න පටන් ගත්තා. මතවාදයෙන්, දුෂ්කර මාර්ග වෙනුවට කෙටි මං සොයන්න පටන් ගත්තා." - පුබුදු ජයගොඩ


සහෝදරවරුනි, ඔබට බටර් ගානවා වෙනුවට අපි ඔබගේ නෙත් විවර විය යුතු පැතිකඩ පෙන්වා දෙන්නෙමු. ඔබේ අතීතයේ ලජ්ජා සහගතභාවය වෙත ඇස් යොමු වීම වේදනාකාරී වන්නට පුළුවන. එහෙත්, සැබැවින් ම අලුත් වමක් නිර්මානය කරන්නට ඔබට උවමනා නම් සාධනීය විවේචන හා නිශේධනීය වර්ණනා අතර වෙනස වටහා ගැනීමට ඔබට හැකි විය යුතු ය.

මේ ලිපියට ඔබ කැමති නම් වෙන අයත් එක්කත් බෙදා ගන්නමේ ලිපියට ඔබ කැමති නම් වෙන අයත් එක්කත් බෙදා ගන්න

Comments

  1. යාපනේ ස්ත්‍රී දූෂන කරන්නේ හමුදාවේ මෝල් කාරයෝ. රටේ වෙන තරමක් අපාරාධ වෙන්නේ මුන්ගෙන්.

    ReplyDelete

Post a Comment

මාතෘකාවට අදාළ නැති හා වෛරී අදහස් ඉවත් කිරීමට ඉඩ ඇති බව කරුණාවෙන් සලකන්න.

Popular posts from this blog

තේරවිලි: සුපුන් සඳක් ඇත. මැදින් හිලක් ඇත.

පාසල් අධ්‍යාපනය ගැන කතා තුනක්

හමුදා කුමන්ත්‍රණ ගැන ලෝකෙට දුරකථනයෙන් කිව්වෙ බීලා වෙන්න ඇති -ෆොන්සේකා