ලංකා පුවත්පත, ලෙනින් හා ජවිපෙ ගැටුම
තහනම් කරන ලද ලංකා පුවත්පතේ මුල් පිටුව පුවත්පතක් යනු සාමූහික ප්‍රචාරකයකු පමණක් නොව, සාමූහික උද්ඝෝෂකයකු ද, සාමූහික සංවිධායකයකු ද වේ. -ලෙනින්, සමස්ත රුසියා දේශපාලන පුවත්පතක් සඳහා සැලැස්ම (1901), කළ යුත්තේ කුමක් ද? ජනතා විමුක්ති පෙරමුණේ ලංකා පුවත්පත හා අදාළව සිදු වන දේ මේ ප්‍රකාශය හා ගලපා බලන්න. පෙරටුගාමී පක්ෂ වන්දනා කරන ගතානුගතික වාමාංශිකයෝ යනු තමන්ගේ පාලනයට ගත නො හැකි සියල්ලට විනාශය ප්‍රාර්ථනා කරන්නෝ ය. ධනවාදය සමග ගැටෙන්නට තරම් හයියක් නැති බැවින් ඔවුන් සමාජවාදය වෙනුවෙන් සටන් කරන ප්‍රතිවිරෝධතා ඇති සමාජවාදීන් මත තමන්ගේ මර්දනකාරී විභවයන් මුදා හරිති. ලංකා පුවත්පත කලක් සෙසු සමාජවාදීන් විෂයෙහි කටයුතු කළේ ද මේ අන්දමින් ම ය. දැන් එහි කර්තෘ මණ්ඩලය ද ඒ සම්ප්‍රදායේ ම ගොදුරක් වී සිටිති. 'නව ලිබරල්වාදයේ දෙවැනි ඉණිම සහ වමේ අභියෝග'යන තේමාව යටතේ සංවිධානය කර තිබූ දේශනයේදී ජවිපෙ ප්‍රේමකුමාර් ගුනරත්නම් පිලේ පුබුදු ජයගොඩ පෙන්වා දුන්නේ, වමේ ව්‍යාපාරය නව ලිබරල්වාදයේ අගතීන්ට ගොදුරු වී ඇති බවයි. සිදුවී ඇති වැරදි නිහතමානීව පිළිගත යුතු බවත් ඒවා නිවැරදි කර ගැනීමට වමේ ව්‍යාපාරය කටයුතු කළ යුත...