Posts

Showing posts with the label ලංකා

ලංකා පුවත්පත, ලෙනින් හා ජවිපෙ ගැටුම

Image
තහනම් කරන ලද ලංකා පුවත්පතේ මුල් පිටුව පුවත්පතක් යනු සාමූහික ප්‍රචාරකයකු පමණක් නොව, සාමූහික උද්ඝෝෂකයකු ද, සාමූහික සංවිධායකයකු ද වේ. -ලෙනින්, සමස්ත රුසියා දේශපාලන පුවත්පතක් සඳහා සැලැස්ම (1901), කළ යුත්තේ කුමක් ද? ජනතා විමුක්ති පෙරමුණේ ලංකා පුවත්පත හා අදාළව සිදු වන දේ මේ ප්‍රකාශය හා ගලපා බලන්න. පෙරටුගාමී පක්ෂ වන්දනා කරන ගතානුගතික වාමාංශිකයෝ යනු තමන්ගේ පාලනයට ගත නො හැකි සියල්ලට විනාශය ප්‍රාර්ථනා කරන්නෝ ය. ධනවාදය සමග ගැටෙන්නට තරම් හයියක් නැති බැවින් ඔවුන් සමාජවාදය වෙනුවෙන් සටන් කරන ප්‍රතිවිරෝධතා ඇති සමාජවාදීන් මත තමන්ගේ මර්දනකාරී විභවයන් මුදා හරිති. ලංකා පුවත්පත කලක් සෙසු සමාජවාදීන් විෂයෙහි කටයුතු කළේ ද මේ අන්දමින් ම ය. දැන් එහි කර්තෘ මණ්ඩලය ද ඒ සම්ප්‍රදායේ ම ගොදුරක් වී සිටිති. 'නව ලිබරල්වාදයේ දෙවැනි ඉණිම සහ වමේ අභියෝග'යන තේමාව යටතේ සංවිධානය කර තිබූ දේශනයේදී ජවිපෙ ප්‍රේමකුමාර් ගුනරත්නම් පිලේ පුබුදු ජයගොඩ පෙන්වා දුන්නේ, වමේ ව්‍යාපාරය නව ලිබරල්වාදයේ අගතීන්ට ගොදුරු වී ඇති බවයි. සිදුවී ඇති වැරදි නිහතමානීව පිළිගත යුතු බවත් ඒවා නිවැරදි කර ගැනීමට වමේ ව්‍යාපාරය කටයුතු කළ යුත...

අලුත් පියාපත්

Image
Bookmark, remember easily and come again   www.w3lanka.com

1917 ලෙනින් කළා වගේ 2010දී වමට කරන්න බැරි ඇයි? | Why cannot the left act like Lenin did in 2010?

Image
a sculpture by Alexandre Kosolapov titled “the hero.  the leader.  the god.”   ‍ (2010 ජුනි 10,  W3Lanka ) සුබසාධන ලක්ෂණ ශේෂ වුන ධනවාදයක ඉඳල ඒ ලක්ෂණ නැති උග්‍ර ධනවාදයකට මාරු වෙන්න උත්සාහ දරන අවස්ථාවක වම කරන්න ඕනෙ මේ ආකෘති වර්ණනා කිරීම නෙමෙයි ‍මේ ආකෘති දෙකටම විරුද්ධ විකල්පයක් වෙනුවෙන් පෙනී සිටීම කියලයි මම හිතන්නෙ. ඔබ‍ගේ ලෙනින් සම්බන්ධ ස්ථාවරය කුමක්දැයි මම දන්නෙ නැහැ.නමුත් මීටත් වඩා වැඩවසම් ලක්ෂණ පැවති 1917 අප්‍රේල් රුසියාව ඇතුලෙ විප්ලවීය වෙනසකට ලෙනින් යෝජනා කල වැඩපිලිවෙල සලකලා බලන්න.ධනේශ්වර ක්‍රමය විසින් කළ යුතු ප්‍රජාතාන්ත්‍රික ප්‍රතිසංස්කරණ ( උදා - ගොවිජන ප්‍රශ්නය,ජාතික ගැටලුව) විසඳීමේ කර්තව්‍යය සමාජවාදී විප්ලවය විසින් භාරගත යුතුය - මේ තමයි ඒ වැඩපිලිවෙලේ හරය. -රාමචන්ද්‍ර 1917දී රුසියාවේ තත්වයත් 2010දී ලංකාවේ තත්වයත් සසඳන්න බැරි වෙන්න ප්‍රධාන හේතුව තමයි, ‍ ලංකාවේ වාමාංශික ව්‍යාපාරයේ අද තත්වය. කෙනෙකුට තර්ක කරන්න පුළුවන් 1917 පෙබරවාරි වන විටත් ලෙනින්ගේ පක්ෂය ඉතා ම පුංචි බලවේගයක් කියලා. එහෙම කියලා ලංකාවේත් වාමාංශිකයන් තමන් ලෙනින් වගේ කියා හැසිරෙ...

ලංකා සිද්ධිය: රාජ්‍ය මාධ්‍ය විපක්ෂය සම්බන්ධයෙන් කටයුතු කරන ආකාරයට ස්වාධීන මාධ්‍ය ‍කටයුතු නො කල යුතු ය

Image
(2010 ජනවාරි 29 - W3Lanka )  අද දහවල් ප්‍රකාශයක් ලබාදීම සදහා අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව වෙත ගිය "ලංකා" පුවත්පතේ කර්තෘ චන්දන සිරිමල්වත්ත මහතා තවදුරටත් ප්‍රශ්න කිරීම සදහා රැදවුම් නියෝග මත අත්අඩංගුවට ගැනිමට රහස් පොලීසිය කටයුතු කර තිබේ. අද දහවල් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව ගිය චන්දන සිරිමල්වත්ත මහතාගෙන් පැය දෙකකට වඩා වැඩි කාලයක් ප්‍රකාශ සටහන්කර ගෙන ඇති අතර තවදුරටත් ප්‍රශ්න කිරීමට ඇති හෙයින් මෙලෙස රදවා තබාගැනීමට පියවරගන්නා බව සිරිමල්වත්ත මහතාගේ නීතිඥයින් වෙත අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව දැනුම්දී ඇත. චන්දන සිරිමල්වත්ත අත්අඩංගුවට ගෙන ඇත්තේ ලංකා පුවත්පතේ ගෝඨාභය රාජපක්ෂ පිළිබඳ පළ වූ ප්‍රවෘත්තියක් සම්බන්ධයෙන් බව දැනගන්නට ඇත. අද දිවයින පුවත්පතට ආරක්ෂක ලේකම් ගෝඨාභය රාජපක්ෂ කර ඇති පහත ප්‍රකාශයෙන් ද එය පැහැදිලි වේ. ලංකා පුවත්පත යනු ජනතා විමුක්‌ති පෙරමුණ නමැති වගකිව යුතු දේශපාලන පක්‍ෂය විසින් ප්‍රකාශයට පත්කරන පුවත්පතකි. එම පුවත්පත පසුගිය කාලයේදී දිගින් දිගටම මට අපහාසවන ආකාරයේ අසත්‍ය පුවත් පළ කළා. මම ඒ සියල්ල ඉවසාගෙන සිටියේ ජනාධිපතිවරණය සමයේදී සිදුකරන මඩ ප්‍රකාශ ලෙසයි. නමුත් දැන්...

ලංකා කර්තෘට එරෙහිව පොල්ල එසවේ

Image
(2009 නොවැම්බර් 21 - W3Lanka )  සරත් ෆොන්සේකා ඝාතන කුමන්ත්‍රණයක් පිළිබඳ රහස් පොලිසිය ලංකා පුවත්පතේ කර්තෘගෙන් ප්‍රශ්න කිරීමට යන බව වාර්තා වේ.  මෙම කුමන්ත්‍රණ ප්‍රවෘත්තිය පදනම් කරගෙන ‍ලංකා කර්තෘට එරෙහිව ත්‍රස්තවාදය වැළැක්වීමේ පනත යටතේ තොරතුරු වසන් කිරීමේ චෝදනාව නැඟිය හැකි ද යන කරුණ පිළිබඳව ද අදාළ බලධාරීන් අතර සාකච්ඡාවට ලක් වී ඇති බව වාර්තා වේ.  මතභේදයට තුඩු දී ඇති ලංකා ලුවත්පතේ පළ වූ ප්‍රවෘත්තිය මෙසේ ය.  ජෙනරාල් සරත් ෆොන්සේකා මහතා ඝාතනය කිරීමේ කුමන්ත‍්‍රණයක් ක‍්‍රියාත්මක වන බව අනාවරණය වේ. මේ සඳහා එල්ටීටීඊ සංවිධානයෙන් මරාගෙන මැරෙන පුහුණුව ලැබූ කාන්තාවක කොළඹට ගෙන්වා ඇත්තේ මෑතක දී ආණ්ඩුව සමග සබඳතාවක් ඇති කරගත් දෙමළ ජාතික දේශපාලනඥයෙකි. "වසන්ති" නම් මෙම කාන්තාව අදාළ දේශපාලනඥයා සමග සමීප සම්බන්ධයක් පවත්වා ඇතිබව බුද්ධි අංශ තහවුරු කරගෙන තිබේ. පසුගිය එක්සත් ජාතික පක්ෂ ආණ්ඩුව පැවැති කාලයේ දී කොළඹට පැමිණ ඇති "වසන්ති" නවාතැන් ගෙන ඇත්තේ කිරුළපන , සිද්ධාර්ථ අඩිපාරේ නිවසක ය. මෙම නිවස නෝර්වේ තානාපති කාර්යාලයේ සේවය කළ නිලධාරියකුට අයත් ය. අදාළ කාලයේ දී කොළඹට පැමිණි එවකට එල්...

අත්අඩංගුවට ගත් ලංකා කර්තෘ නිදහස්

Image
(2009 ඔක්තෝබර්  18 - W3Lanka )  ජවිපෙට සම්බන්ධ ලංකා පුවත්පතේ කර්තෘ චන්දන සිරිමල්වත්ත ඊයේ රහස් පොලිසිය විසින් ප්‍රශ්න කිරීම සඳහා අත්අඩගුවට ගන්නා ලදී. තෙපැයකට වඩා ප්‍රශ්න කිරීමෙන් පසු ඔහු නිදහස් කර ඇත. මෙවර ලංකා පුවත්පතේ ප්‍රධාන ශීර්ෂය වන "ජනරාල් ‍ෆොන්සේකාට එරෙහිව ආණ්ඩුව යුද ප්‍රකාශ කරයි " යන ශීර්ෂය යටතේ පළවූ ලිපියේ මූලාශ්‍ර සම්බන්ධයෙන් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ නිලධාරීන් සිරිමල්වත්ත මහතාගෙන් දීර්ඝ වශයෙන් ප්‍රශ්න කර තිබේ. රජය සහ ආරක්ෂක මාණ්ඩලික ප්‍රධානී ජනරාල් සරත් ෆොන්සේකා මහතා අතර ගැටුමක් පවතින බවට රට පුරා අසත්‍ය ප්‍රචාර පතුරුවා හරින්නන්ට එරෙහිව නීතිමය පියවර ගැනීමට යන බව හා මේ දිනවල ඇතැම් මාධ්‍ය මගින් සහ වෙබ් අඩවි මගින් රටපුරා ගෙන යන මේ ප්‍රචාරය සත්‍යයෙන් තොර බව යුද හමුදා මාධ්‍ය ප්‍රකාශක බ්‍රිගේඩියර් උදය නානායක්කාර මහතා මේ පිළිබඳව කරුණු දැක්වීම සඳහා 16දා ජාතික ආරක්ෂාව පිළිබඳ මාධ්‍ය මධ්‍යස්ථානයේ දී විශේෂ මාධ්‍ය සාකච්ඡාවකදී පැවසීය.

මැදමුලන දන්සැලේ තෙරපී මියගිය අරනෝලිස්ගේ කතාව

Image
(ලංකා පුවත්පතින් උපුටා ගන්නා ලදී) පි‍්‍රය පාඨකය මා මේ කියන්නට යන්නේ තෙරපී මියගිය මිනිසෙකු පිළිබඳ පුවතකි. තෙරපී මිය යන මිනිසුන් ගැන මීට පෙර අප අසා තිබෙන්නේ මක්කම වන්දනාවේ දී මියගිය අය ගැන හෝ වෙනත් අනතුරක් අවස්ථාවක දී මියගිය අය ගැනය. එහෙත් මේ කියන්නට යන්නේ දන්සැලක දී මියගිය පුද්ගලයෙක් ගැනය. මෙය වෙසක් සමය හෝ පොසොන් සමය හෝ නොවන නිසා මා මේ කියන්නට යන්නේ පිළුණු වූ පුවතැයි ඔබට සිතෙනු ඇත. නැත මෙය පිළුණු වූ පුවතක් නොව. උණුවෙන පුවතකි. මේ දිනවල ශී‍්‍ර ලංකාවේ තැනින් තැන වෙසක් පොසොන්වලට අමතරව පැවැත්වෙන අතුරු දන්සල් විශේෂයක් ද තිබේ. ඒවා නම් කිරීමට තවම නමක් නැතත් මැතිවරණ දන්සැල් කියා ඒවා හඳුන්වනු කැමැත්තෙමි. දන්සැල් මේ ආමිස දානය ලංකාවට ලැබුණේ පළමු මහින්දාගමනයෙනි. එහෙත් මැතිවරණ දන්සැල් මේ ඡන්ද දානය ලංකාවට ලැබුණේ දෙවැනි මහින්දාගමනයෙනි. මහින්ද රාජපක්‍ෂ රාජාභිෂේකයෙන් පසු කලින් කලට පැවැත් වූ මැතිවරණවලදී මේ ඡන්ද දන්සැල් අපිටදැකිය හැකි විය. රාජ්‍ය අනුග‍්‍රහය ඇතිව පැවැත් වූ මේ ඡන්ද දන්සැල් අත රින් මෙතෙක් විශාල ම දන්සැල් පැවැත් වූයේ ඌවේ ය. එහෙත් දකුණු පළාත් සභාව වෙනුවෙන් මැතිවරණ කැඳවූ දා පටන් ඌවේ ද...

තිස්සනායගම්ගෙන් චන්දන සිරිමල්වත්තට

Image
අජිත් පැරකුම් ජයසිංහ - ගේබ්‍රියල් ගාෂියා මාකේස්ගේ  I Only Came to Use the Phone (මම ආවෙ ටෙලිෆෝනය පාවිච්චි කරන්න විතරයි) නම් කෙටිකතාවේ කතා නායිකාව කාන්තාරයක් මැදින් ගමනක් යද්දී ඇය ගමන් කළ මෝටර් රිය ක්‍රියා විරහිත වේ. වැස්සක් වසිමින් තිඛෙන මේ මොහොතේ ඇයට පිහිට වන්නේ මානසික රෝගීන් පිරිසක් රැගෙන යන බසයකි. ඇය තෙතබත්ව සිටි හෙයින් කිසිවෙක් ඇයට ජර්සියක් දෙයි. එය මානසික රෝගීන් අඳින වර්ගයේ එකක් බව ඇය නොදන්නීය. මානසික රෝහල ඉදිරිපිටදී පිරිස බස්වන බසය පිටත්ව යයි. ඇය එන තෙක් බලා සිටින සිය සැමියාට දුරකථන ඇමතුමක් ගැනීම සඳහා යන්නට හදද්දී ඇයවද මානසික රෝගියකු ලෙස වරදවා වටහා ගන්නා රෝහල් සේවකයෝ ඇය බලෙන් රෝහලට ඇතුළත් කරති. මම ආවෙ ටෙලිෆෝනය පාවිච්චි කරන්න විතරයි යි ඇය කියන කතාවට කිසිවෙක් ඇහුම්කණ් නොදෙති. ඇය කුපිත වෙයි. කතාව ඉදිරියට ගලා යන විට වෛද්‍යවරු, අගේ සැමියා ඇතුළු සියලු දෙනා ඇයට මානසික රෝගයක් ඇති බව පවසති. අපේ කතා නායිකාව ඇඳ සිටි ජර්සිය පිළිබඳ සමාජයේ පූර්ව විනිශ්චය ඇගේ ජීවිතය විනාශ කළේය. 1971 අරගලය සමයේ ජවිපෙ විප්ලවවාදීන් විසින් බලය අල්ලා ගන්නා ලද ඇල්පිටිය පැත්තේ සිදු වූ සිද්ධියක් මෙසේයි. විප්ලව...

කුරුළු ගෙදරින් පුළුල් ලොවට

Image
(2009 සැප්තැම්බර් 09 - W3Lanka) ඉහත දැක්වුණේ අප කුඩා කාලයේ,මතක හැටියට නම්, හයේ පන්තියේ සිංහල පෙළ පොතේ කුරුළු පැටියකු දොරට වැඩීම පිළිබඳ පැවති කතාවක මාතෘකාවයි. ‍දෙමළුන් දැඩි මර්දනයකට ලක් වූ ලංකාවේ රාජ්‍යය සමග ජවිපෙ කෑ දීගයේ හා දික්කසාදයේ ප්‍රේම-වෛර සම්බන්ධයේ රස බලමින් මර්දනයට පුළුනෙන් කොට්ට තනා තිබුණු උණුසුම් කැදැල්ලක සිටි ලංකාට හා ජවිපෙට මාටින් නිමලර්ගේ සුප්‍රකට කවිය මතක් වන කාලය දැන් එළඹ තිබේ. දැන් මර්දනය ඔබ සොයා පැමිණ තිබේ. මානව හිමිකම් හා ප්‍රකාශනයේ නිදහස පිළිබඳ කතා කළ සියලු දෙනා එන්ජීඕකාරයන් ලෙස නම් කළ අතීතය ඔබට මතකද? එදා ඔබට ආවැඩූ අය දැන් ඔබ ගැන කතා නොකරති. කුරුළු ගෙදරින් මර්දනයේ පුළුල් ලොවට පා තබන ලංකා අපි යහපත් ලෝකයක් සඳහා අරගල කරන සිංහල, දෙමළ භේදයකින් තොර එකම පවුලට ආයුබෝවන් කියා පිළිගනිමු.  ඔබ පිළිගැනීමට අකැමැති වුවද අප සියලු දෙන දැන් සිටින්නේ එකම බෝට්ටුවේය.