මැදමුලන දන්සැලේ තෙරපී මියගිය අරනෝලිස්ගේ කතාව
(ලංකා පුවත්පතින් උපුටා ගන්නා ලදී) පි‍්‍රය පාඨකය මා මේ කියන්නට යන්නේ තෙරපී මියගිය මිනිසෙකු පිළිබඳ පුවතකි. තෙරපී මිය යන මිනිසුන් ගැන මීට පෙර අප අසා තිබෙන්නේ මක්කම වන්දනාවේ දී මියගිය අය ගැන හෝ වෙනත් අනතුරක් අවස්ථාවක දී මියගිය අය ගැනය. එහෙත් මේ කියන්නට යන්නේ දන්සැලක දී මියගිය පුද්ගලයෙක් ගැනය. මෙය වෙසක් සමය හෝ පොසොන් සමය හෝ නොවන නිසා මා මේ කියන්නට යන්නේ පිළුණු වූ පුවතැයි ඔබට සිතෙනු ඇත. නැත මෙය පිළුණු වූ පුවතක් නොව. උණුවෙන පුවතකි.මේ දිනවල ශී‍්‍ර ලංකාවේ තැනින් තැන වෙසක් පොසොන්වලට අමතරව පැවැත්වෙන අතුරු දන්සල් විශේෂයක් ද තිබේ. ඒවා නම් කිරීමට තවම නමක් නැතත් මැතිවරණ දන්සැල් කියා ඒවා හඳුන්වනු කැමැත්තෙමි. දන්සැල් මේ ආමිස දානය ලංකාවට ලැබුණේ පළමු මහින්දාගමනයෙනි. එහෙත් මැතිවරණ දන්සැල් මේ ඡන්ද දානය ලංකාවට ලැබුණේ දෙවැනි
මහින්දාගමනයෙනි.
මහින්ද රාජපක්‍ෂ රාජාභිෂේකයෙන් පසු කලින් කලට පැවැත් වූ මැතිවරණවලදී මේ ඡන්ද දන්සැල් අපිටදැකිය හැකි විය. රාජ්‍ය අනුග‍්‍රහය ඇතිව පැවැත් වූ මේ ඡන්ද දන්සැල් අත රින් මෙතෙක් විශාල ම දන්සැල්
පැවැත් වූයේ ඌවේ ය.
එහෙත් දකුණු පළාත් සභාව වෙනුවෙන් මැතිවරණ කැඳවූ දා පටන් ඌවේ දන්සැල් පරයමින් යන පන්නයේ මහා දන්සැල් පවත්වන්නට රාජපක්‍ෂලා කටයුතු කරති. දකුණු ඉලක්ක කරගත් දන්සැල් පුණ්‍යකර්මය මැදමුලනටත් අරලියගහ මැදුරටත් කේන්ද්‍රගත විය. ජනාධිපතිවරයාගේ උපන් ගම වූ මැදමුලනේ ඡන්දදායකයන්ට බඩකට පිරෙන්නට ඡුන්ද සමයේ දී පමණක් කෑම දිය යුතු නිසා මැදමුලන වලව්වට නුදුරින් තිබෙන වෙලක් ගොඩ කර ඒ මත වේදිකාවක් තනා ඒ භූමිය වෙනමම දන්සැල් භූමියක් බවට පත් කිරීමට ද පූර්ණ රාජ්‍ය අනුග‍්‍රහය යටතේ ම කල් ඇතිව සිදුවිය. ගම්මු පවසන පරිදි වෙල ගොඩ කිරීමට ද නීත්‍යානුකූල නොවන අන්දමින් සිදු වී තිබේ.
මැදමුලන වලව්වේ දන්සැලක් පැවැත්වෙන බව දැනගත් ගම්මු පිරිවර සමඟින් එහි ගියේ නොමිලේ ලැබෙන ආහාර වැළදීමටය. එදා වේල හෝ සරි කර ගැනීම දුෂ්කර වූ මේ ඇතැම් වැසියෝ කල් ඇතිවම දන්සැල් බිමට ඇතුළු වූහ.
අංක 12 අකුරැස්ස, අම්බොඩ, ජී. අරනෝලිස් මහතා ද 25 දා මැදමුලන වලව්ව පැත්තට ඇදුණේ දන්සැලට සහභාගි වීම සඳහාය. සාම විනිසුරුවරයෙක් වූ අරනෝලිස් ඒ වන විට 85 වැනි විය ද සපුරා සිටියේය.
ඒ වන විට මුළු භූමියම මිනිසුන්ගේ ආක‍්‍රමණයට නව තිබුණි. දන්සැල් භූමියට ඇතුළු වන හැමකෙනෙක්ම ජනාධිපති ආරක්‍ෂක අංශයේ පරික්‍ෂා කිරීමේ සම්භාහනයට ද ලක් විය යුතුය. අරනෝලිස් මහතා ද එම
ක‍්‍රමවේදයට අනුව යමින් දන්සැල් බිමට ඇතුළු විය. එහෙත් එහි ගිය ඔහුට දැකිය හැකි වූයේ දන්සැලක් නොව පිටකොටුව මැනික් මාකට් එකකි.
දන්සැලෙන් කෑම ගන්නට දීර්ඝ පෝලිමක රැඳී සිටිය යුතුය. එසේ හිඳ කෑම ගන්නට එන විට ඔවුන්ට කෑම ලැබෙන්නේ බල්ලන්ට බළලූන්ට කෑම දමන ආකාරයෙනි. වේදිකාවක් මත හිඳ දන්සැල් දෙන
පුණ්‍යවන්තයෝ බත් විසි කරති. වතුර බෝතල් විසි කරති. දන්සැලට පැමිණෙන පිරිස එසේ විසිකරන බත් පාර්සල් හා වතුර බෝතල් ඇහිඳ ගැනීමට පොර කෑමට ද පටන් ගෙන තිබිණි. මේ පොරකෑමේ දී හයිය
හත්තිය තිබෙන්නා තම කෑම පාර්සලය හෝ වතුර බෝතලය අහුලා ගන්නා මුත් වැඩිහිටියන්ට හා කුඩා දරුවන්ට අත් වූයේ නරක ඉරණමකි.
අරනෝලිස් ද බඩගින්න වෙනුවෙන් බත් ඇහිදීමේ තරගයට අවතීර්ණය වූයේය.
‘‘සීයාට මෙතන පොරකන්න බෑ. සීයා ගෙදර යන්න.’’
අරනෝලිස් එය ගණනකට නොගෙන සිටියේය. ඒ අතරවාරයේ වේදිකාවේ සිට විසි වන දෑ අහුලා ගන්නා පෝලිමට අරනෝලිස් ද අවතීර්ණය වූයේය. මේ ගාලගෝට්ටිය මැද අරනෝලිස් පිරිස අතර තෙරපෙන්නට පටන් ගත්තේය. පොරකන මිනිසුන්ට අරනෝලිස් කියා අසුපස්වියැති මහල්ලෙක් එහි සිටින වගක් මතකයට හෝ නොආවේය. පිරිස අතර තෙරපෙන අරනෝලිස් එක්වනම තෙරපීම දරාගත නොහැකිව
පපුව අල්ලා ගත්තේය. එයින් තත්පර කීපයකට පසු අරනෝලිස් දෑස් පියා ගත්තේය.
මේ සිදුවීම වන මොහොත වන විට ජනාධිපති මහින්ද රාජපක්‍ෂ සිටියේ ද හම්බන්තොට ය. සැලසුම් කර තිබූ පරිදි එදින සිට තවත් දින කිහිපයක් යන තුරුම හම්බන්තොට පැවැත්වෙන ඡුන්ද ප‍්‍රචාරක උත්සව
කිහිපයකට ම සහභාගි වීමට ඔහු තීරණය කර තිබිණ. එහෙත් හිටිහැටියේ ජනාධිපතිවරයාට ද මේ ප‍්‍රවෘත්තිය අසන්නට ලැබුණි. වහා කලබල වූ ඔහු සියලූ වැඩ අවලංගු කර එදිනම අරලියගහ මන්දිරයට වැදුණේය.
මැදමුලනේ ඡුන්ද දන්සැලේ දී තෙරපී මියගිය අරනෝලිස් නිසල දෙණ පැය කිහිපයකින් පසු නිවසට පැමිණියේය. මැතිවරණ සමයේ දී මේ අයුරින් දන්සැල් දීම මැතිවරණ නීතිය උල්ලංඝනය කිරීමකි.
මැතිවරණ නීතිය තබා ආණ්ඩුක‍්‍රම ව්‍යවස්ථාව පිළිබඳව හෝ නොතකන රාජපක්‍ෂලාට ඒ ගැන වගේ වගක් නැත.
අරනෝලිස් තෙරපී මියයද්දී රාජපක්‍ෂ අරලියගහ මැදුරේත් මැදමුලනේත් තවමත් දන්සැල් දෙමින් සිටී. රාජ්‍ය පාලකයෙක් මහජනතාවට දන්සැල් දුන්නාට එහි වැරැද්දක් නැත. එහෙත් ඡන්ද ටික කොල්ලකෑමට
හිටිහැටියේ කඩා වැදී දන්සැල් දෙන මේ පාලකයෝ ඔක්තෝබර් 10 දා යින් පසුව දකුණ දෙස හැරී බලන්නේ හෝ නැත. ඡන්දය ගන්නකම් ඌවට මහා දන්සැල් දුන් ශෂින්ද්‍ර රාජපක්‍ෂ ඊට පසු ඌවේ ජනයාගේ අපේක්‍ෂාවන් කුණු ගොඩට දැමූ අයුරු ඊට කදිම උපහැරණයකි. ඉතින් ඔක්තෝබර් 10 දා දකුණෙන් ගැළවෙන ඡන්ද දන්සැල් ඊළඟ ජනාධිපතිවරණය හෝ මහ මැතිවරණය ඉලක්ක කර ගනිමින්
රටේ තැන තැන යලිත් ඉදිවනු ඇත. ජීවන බර දරා ගන්නට බැරි දහසක් අරනෝලිස්ලා පොරකකා ඒ දන්සැල්වල ද බත් අහුලනු ඇත. එසේ පොරකන අරනෝලිස්ලා තවදුරටත් තෙරපීම මියයනු ඇත.
- අසංක සායක්කාර
This was wht happen all over the island & elections. Mun Redi Andagena dan kohoma kathkaranawada danne Neha????
ReplyDelete