සිරිතුංග ජයසූරියට පළාතෙන් ම අටසීයයි; වික්‍රමබාහුට 92යි



(2009 ඔක්තෝබර්  11 - W3Lanka) දකුණු පළාත් සභා මැතිවරණයේදී ජනතා විමුක්ති පෙරමුණ හැර සෙසු වාමාංශික පක්ෂ විසින් ද සුළුතර ජනවර්ගන් නියෝජනය කරන ලද පක්ෂ විසින් ද ලබාගෙන ඇත්තේ දුර්වල ප්‍රතිඵලයකි. 

ශ්‍රි ලංකා මුස්ලිම් කොංග්‍රසය සැලකිය යුතු මුස්ලිම් ජනගහණයක් සිටින හම්බන්තොට දිස්ත්‍රික්කයට තරග කිරීමටවත් අසමත් වූ අතර, ගාල්ල දිස්ත්‍රික්කයෙන් ඡන්ද 2273ක් ද, මාතර දිස්ත්‍රික්කයෙන් ඡන්ද 4280ක් ද ලබා ගත් මුත් පළාතෙන් ම ආසනයක් දිනා ගැනීමට අසමත් විය. 

ජවිපෙ පළාතෙන් ඡන්ද 72,379ක් ලබා ගනිමින් 6.11ක ප්‍රතිශතයක් ලබා ගැනීමට සමත් විය. සමස්තයක් ලෙස ජවිපෙ තම මූලික ඡන්ද පදනම ආරක්ෂා කර ගැනීමට සමත් වී තිබේ. 

කණගාටුදායක ම ඉරණම ඇත්තේ වාමාංශික පක්ෂවලයි. දිස්ත්‍රික් තුනට ම තරග කළ සිරිතුංග ජයසූරියගේ නායකත්වයෙන් යුත් එක්සත් සමාජවාදි පක්ෂය ලබාගෙන ඇත්තේ ඡන්ද 805ක් පමණි. මෙය 0.07%ක ප්‍රතිශතයකි. 

වික්‍රමබාහු කරුණාරත්නගේ නායකත්වයෙන් යුත් වාමාංශික පෙරමුණට තරග කිරීමට හැකි වූයේ ගාල්ල දිස්ත්‍රික්කයට පමණක් වන අතර එම දිස්ත්‍රික්කයෙන් ම ඔවුන්ට ලැබී තිබෙන ඡන්ද ප්‍රමාණය 92ක් පමණි. 

මේ අතර ලෝක සමාජවාදී වෙබ් අඩවිය (www.wsws.org) පවත්වාගෙන යන හතරවෙනි ජාත්‍යන්තරයේ ජාත්‍යන්තර කමිටුවට සම්බන්ධ සමාජවාදී සමානතා පක්ෂය ගාල්ල දිස්ත්‍රික්කයෙන් ඡන්ද 95ක් ලබාගෙන තිබේ.

Comments

Popular posts from this blog

දීප්ති කුමාර ගුනරත්න යනු මොකක්ද?

මාතර දෙයියන්ගෙ හාල්වලින් පිසූ බත් දන්සැල

එළියකන්දේ වැසිකිලි සැප