Posts

Showing posts with the label වාමාංශික පක්ෂ

ප්‍රජාතන්ත්‍රවාදයට බය පක්ෂවල සම්මේලන

Image
(2011 පෙබරවාරි 10,  W3Lanka ) ජවිපෙ සිය සතළිස් වසරක ඉතිහාසයේ සයවන ජාතික සමුළුව අද පවත්වයි. ජවිපෙ ජාතික හා දිස්ත්‍රික් සම්මේලන වනාහි තවත් මැතිවරණ ප්‍රචාරක සංදර්ශන වර්ගයකි. මැතිවරණ සඳහා පක්ෂ අභ්‍යන්තර ශක්තිය ගොනු කර ගැනීම පිණිස මෙම සමුළු උපයෝගී කර ගැනේ.  එසේ ම, පක්ෂය ප්‍රජාතන්ත්‍රවාදී එකක් බව ප්‍රදර්ශනය කිරීරීම පිණිස ද සම්මේලන ඉවහල් වේ.  මේ සම්මේලනවලදී ඇත්තෙන්ම සිදු වන්නේ පක්ෂය මෙහෙයවන බලවත් සුළු පිරිස විසින් තීරණය කරන ලද පිරිසක් සාමාජිකයන් විසින් නායකයන් ලෙස පිළි ගැනීමයි. ජවිපෙ නම් බොහෝ විට මෙම නායක මණ්ඩල ඇත්ත නායකත්වයෙන් වෙනස් වේ. ඒ වනාහි ගරිල්ලා ව්‍යාපාරයක ශේෂ ලක්ෂණයකි. මධ්‍යගත ප්‍රජාතන්ත්‍රවාදී සංවිධානවල පවා සම්මේලන පැවැත්විය යුතු ආකාරය ව්‍යවස්ථාවෙන් දක්වා තිබේ. ඒ අනුව, යම් පුද්ගලයකු පක්ෂ සාමාජිකත්වය ලබා ගන්නා හා පක්ෂ තනතුරුවලට පත් වන ආකාරය විනිවිද පෙනෙන ආකාරයෙන් ප්‍රජාතන්ත්‍රවාදීව තීරණය කිරීමට ක්‍රමවේදයක් සකසා තිබේ.  වාර්ෂිකව පක්ෂ සම්මේලන පවත්වන නව සමසමාජ පක්ෂය වැනි පක්ෂවල පවා මෙම ක්‍රමවේදය නිසි පරිදි ක්‍රියාත්මක වන්නේ නැත. බලවත් සමාජවාදී රටවල මෙන් ...

ශාන්ත විජේසූරිය: අපේ කාලයේ සජීවී වීරත්වය

Image
( 2010 දෙසැම්බර් 09,  W3Lanka )  ලංකා ඊ නිව්ස් වෙබ් අඩවියේ සේවය කරන ශාන්ත විජේසූරිය සහෝදරයාට ගුවන් තොටුපලේ මැරවරයෝ පහර දුන් හ. ඒ ඔහු වාමාංශික පෙරමුණේ නායක වික්‍රමබාහු කරුණාරත්න සහෝදරයා ඇතුළු පිරිස ලංකාවට පැමිණීම වාර්තා කිරීමට ගොස් ඔවුන් සමග සිටියදී ය.  මා මෙහිදී වාර්තා කිරීම යන යෙදුම භාවිතා කළ ද ශාන්තට වාර්තා කිරීම යනු වැදගත් ම දෙය නො වේ. මන්ද, ශාන්ත යනු ජනමාධ්‍යකරුවකුට වඩා වාමාංශික ක්‍රියාකාරිකයකු වන නිසා ය.  මම ශාන්ත මගේ මිතුරකු ලෙස සලකමි. කිසිදු කොළඹ වාම කල්ලියක සාමාජිකයකු නො වන, කිසිවකුගේ ටිං එකක පදිංචිව නැති හුදකලා ක්‍රියාකාරිකයකු වන මෙම ලේඛකයා මිතුරකු ලෙස සැලකීමට බොහෝ වාමාංශිකයෝ කැමති නැත. එහෙත්, මා දන්නා ශාන්ත වාමාංශිකයන්ගේ මෙම පටු සීමාව ඉක්මවා ගිය අයෙකි. මා දන්නා තරමින් ඔහු ද කිසිදු වාම කල්ලියක සාමාජිකයෙක් නො වේ.  ජවිපෙන් ඉවත් වූ පූර්ණකාලිකයකු වන හේ කලක් නව සමසමාජ පක්ෂයේ මධ්‍යම කාරක සභිකයකු ව සිට පසුව එයින් ද ඉවත් වූයේ ය. ශාන්ත කොළඹ බොහෝ දේශපාලන කණ්ඩායම් සමග ක්‍රියාකාරීව හිඳ, පසුව බරපතල ගැටුම් ඇති කර ගත් අයෙකි. ගැටුම්වලදී ඔහු රළු ය. එහෙත්, ඔහුගේ...

Why are you outstanding? Come and understand the umbrella

Image
(2010 පෙබරවාරි 19- W3Lanka )  දෙමළ ජාතික සන්ධානයෙන් බිඳුණු මන්ත්‍රීන් කීපදෙනෙක් සහ ආචාර්ය වික්‍රමබාහු කරණාරත්න එක්ව ඉදිරි මහ මැතිවරණයේදී වාමාංශික විමුක්ති පෙරමුණ ලෙස කුඩය ලකුණින් තරග කිරීමට සූදානම් වෙමින් සිටින බව වාර්තා වේ. දෙමළ ජනතාවගේ සිවයං නිර්ණ හිමිකම පිළි ගත් එක්සත් ශ්‍රී ලංකාවක් යන පදනමින් තරග වදින මෙම කණ්ඩායමට දෙමළ ජාතික සන්ධානයේ ටෙලෝ කණ්ඩායමේ මන්ත්‍රීන් වන එම්.කේ. සිවජිලිංගම් සහ එන්. ශ්‍රීකාන්ත දැනටමත් එක් වී සිටිති. හිටපු ඇමතිවරයකු වන අබූ යුසුෆ් ද ‍මෙම සන්ධානයට එක් වී සිටින අතර දෙමළ ජාතික සන්ධානයේ සිටි රැඩිකල් මන්ත්‍රීවරුන් දෙදෙනෙකු වන පද්මිනී සිදම්බරනාදන් හා එස්. ගජේන්ද්‍රන් ද ඉදිරියේදී එයට එක් වනු ඇතැයි අපේක්ෂා කෙරේ. වාමාංශික විමුකිති පෙරමුණ සියලු දිස්ත්‍රික්කවලට නාම යෝජනා ඉදිරිපත් කිරීමට සූදානම් වෙමින් සිටියි. පසුගිය ජනාධිපතිවරණයේදී ආචාර්ය වික්‍රමබාහු කරුණාරත්න ඡන්ද 7055ක් ලබා ගත් අතර ඔහු සමග එක්ව ප්‍රචාරක ව්‍යාපාරයේ යෙදුණ එම්.කේ. සිවාජිලිංගම් ඡන්ද 9662ක් ලබා ගත්තේය. සිරිතුංග ජයසූරියගේ නායකත්වයෙන් යුත් එක්සත් සමාජවාදී පක්ෂය ජනාධිපතිවරණයේදී ඡන්ද 8,352ක්...

ජාතික සමගිය හා ප්‍රජාතන්ත්‍රවාදය මත ඇදවැටුණු ජනාධිපතිවරණ ප්‍රතිඵලය

අජිත් පැරකුම් ජයසිංහ -  2009 මැයි 18 දින සිංහල බෞද්ධ දේශපාලන ප්‍රජාව මහ මග කිරිබත් පිසිමින් මිනිසුන්ට ඒවා බලෙන් කවමින් වනචාරී ප්‍රීතියක් භුක්ති වින්දහ. ඒ මෑතකාලීන දේශපාලන ඉතිහාසයේ දෙමළ ජනයා අතර පුළුල් ම පිළිගැනීම හොඳින් හා නරකින් ලබාගෙන සිටි ප්‍රචණ්ඩ නායක වේලුපිල්ලෛ ප්‍රභාකරන් හා ඔහුගේ සන්නද්ධ ව්‍යාපාරය විනාශ කර දැමීමේ ප්‍රීතිය නිමිත්තෙනි.  ප්‍රභාකරන්ගේ විනාශය දෙමළ ජාතිකවාදයේ හෝ ඊලාම් අරගලයේ අවසානය නොවේ. එසේ ම, එය දෙමළ ඊලාම් ජාතික රාජ්‍ය අරගලයට සිදු වූ හානියක් ද ‍නොවේ. පසුබෑමක් සිදු වී තිබෙනමුත්, ප්‍රභාකරන්ගේ ඉවත්ව යාම එකී අරගලයට සාධනීය ප්‍රතිඵල ගෙන ඒමට ද හේතු වනු ඇත.  ප්‍රභාකරන් විසින් සලකුණු කරන ලද ප්‍රචණ්ඩත්වයේ යුගය එක්කෝ ඔහුගේ ජයග්‍රහණයෙන් හෝ නැතිනම් පරාජයෙන් හෝ අවසන් විය යුතුව ම තිබිණි. කොටි සංවිධානය පසුගිය කාලයේ අරමුදල් රැස් කළේ ඔවුන්ගේ අවසන් ඊලාම් යුද්ධය සඳහා ය. ඔවුහු එය කළහ. පරාජය වූහ. දැන් තව දුරටත් ඒ කොටි සංවිධානය වලංගු නැත. ඉතුරු බිතුරු තිබුණත් ඒ වනාහි වෙනස් සංදර්භයක පවතින වෙනස් සංවිධානයකි. කොටි සංවිධානය හා ප්‍රභාකරන් දෙමළ අරගලය වෙනුවෙන් සිය කාර්යභාරය ...

වමේ ප්‍රතිඵලය ගැන සංවාදයක් කරමු ද?

(2010 ජනවාරි 29 - W3Lanka )  ජනාධිපතිවරණයේදී වාමාංශික අපේක්ෂකයන් ලැබූ ප්‍රතිඵලය පිළිබඳ සංවාදයක් ඇරඹීමට අපි ඊයේ උත්සාහ කළෙමු. එයට ප්‍රතිචාරයක් දක්වා තිබුණේ 'බුමුතුරුණු' පමණි. ඔහු ජනාධිපතිවරණයට පෙර මේ පිළිබඳ කර ඇති සටහන ඉතා සාරගර්භ එකකි. ඔබ එය අනිවර්යයෙන් කියවිය යුතු යයි අපි සිතන්නෙමු. පහත සබඳතා පුරුක ඔස්සේ පිවිස එය කියවන්න. දහසක් මත ගැටී දහසක් මල් පිපී ඇත – එන්න මේ මල් සුවඳදැයි බලන්න දිනකට පැය ගණනක් අන්තර්ජාලයේ සැරිසරන වික්‍රමබාහු කරුණාරත්න සහෝදරයා හෝ මෙම සංවාදය පිළිබදව උනන්දුවක් දක්වනු ඇතැයි අපි සිතමු.   සමාජවාදී සමානතා පක්ෂය ලංකාවේ වාමාංශික සමාජ ක්‍රියාධර ප්‍රජාව සමග ඇත්තේ ඉතා අඩු සම්බන්ධයකි. එහෙත්, වික්‍රමබාහු හා සිරිතුංග ජයසූරිය එසේ නොවේ. පසුගිය පළාත් සභා මැතිවරණයේදී සිරිතුංග ජයසූරිය තරග කළ අතර අප වෙබ් අඩවියට සම්බන්ධ අය ද වික්‍රමබාහුට විවෘතව ම සහාය පළ කළ හ. ඒ අප ඔහුගේ දේශපාලන අදහස් සියල්ල පිළි ගන්නා නිසා නොවේ. සැම විට ම ධනේශ්වර දේශපාලනයේ මැතිවරණ ප්‍රධාන අවධානය ලෙස ගෙන ක්‍රියා කරන ඔහු පිළිගත් සභාවකට තේරී පත් වීම ඔහුගේ දේශපාලනය ඉදිරියට ගෙන යාමට මහෝපකාරී වන බව අප...

ජනාධිපතිවරණයේදී වම පරාද ද?

Image
(2010 ජනවාරි 28 - W3Lanka )  ජනාධිපතිවරණයට ඉදිරිපත් වූ වාමාංශික අපේක්ෂකයන් තිදෙනාට ලැබුණු ඡන්ද සංඛ්‍යාව සාපේක්ෂ වශයෙන් අඩු මට්ටමක පවතී.  සිරිතුංග ජයසූරිය (එක්සත් සමාජවාදී පක්ෂය)  -  8,352 වික්‍රමබාහු කරුණාරත්න (වාමාංශික පෙරමුණ) -  7,055 විජේ ඩයස් (සමාජවාදී සමානතා පක්ෂය) -  4,195 වික්‍රමබාහු කරුණාරත්න සමග එකට ඡන්ද ව්‍යාපාරයේ යෙදුණු ටෙලෝ සංවිධානය හා දෙමළ ජාතික සන්ධානය නියෝජනය කරන පාර්ලිමේන්තු මන්ත්‍රී එම්. කේ. සිවාජිලිංගම් ඡන්ද 9,662ක් ලබා ගත්තේය.  මෙම තත්වය පිළිබඳ ඔබේ අදහස කුමක්ද?

විධායක ජනාධිපති ක‍්‍රමය අහෝසි කරමු; නිදහස සහ ප‍්‍රජාතන්ත‍්‍රවාදය සඳහා සටන් වදිමු

Image
පීපල්ස් මාච් - ආණ්ඩුව ඉතාම තීරණාත්මක ඡන්දයක් වෙත රට යොමු කර තිබෙනුයේ රට බරතල ආර්ථික හා දේශපාලන ප‍්‍රශ්න රැසක ගිලී තිබෙන තත්ත්වයක් තුළ ය. විධායක ජනාධිපති බලය උපයෝගී කර ගනිමින් ද ත‍්‍රස්තවාදයට එරෙහි යුද්ධය යන කඩතුරාවේ ආවරණය ලබමින් ද වත්මන් පාලනය ගෙන යන්නේ මූලික මානව හිමිකම් ද ප‍්‍රජාතන්ත‍්‍රීය අයිතීන් ද අමු අමුවේ උල්ලංඝනය කරන අත්තනෝමතික පාලනයකි. ආර්ථිකය මුළුමනින්ම මෙහෙය වනුයේ පරපුටු පාලන තන්ත‍්‍රයක සාමාජිකයන් කිහිප දෙනෙක් ද ඔවුන්ගේ පවුල් හා ගජ මිතුරන් අතලොස්සක් ද අත සම්පත් ගොඩ ගසා ගැනීම හා සුඛ විහරණය සඳහා ය. සංවර්ධනය යනු මේ අතලොස්සේ පෞද්ගලික ආර්ථික සංවර්ධනය යි. ජනතාව මත දැරිය නොහැකි තරම් බදු බර පටවමින් අල්ලස හා දූෂණය ඉහළම පරිමාණයකට සිහසුන් ගත කර තිබේ. විවිධ මූලාශ‍්‍රයන්ගෙන් වාර්තාවන පරිදි මේවා හරහා කෙරෙන කොමිස් කොල්ලය ගණනය කළ යුත්තේ මිලියන නොව බිලියන සිය ගණන්වලිනි. මහත් විනාශකාරී යුද්ධයකට මග පෑදූ හා ලංකාව වෙලාගෙන ඇති බොහෝ සමාජ ආර්ථික දේශපාලන ප‍්‍රශ්න සම්බන්ධයෙන් සැලකිය යුතු බලපෑමක් කළ ජාතික ගැටළුවට හේතු පාදකවූ එකදු ප‍්‍රශ්නයකටවත් ආමන්ත‍්‍රණය නොකෙරේ. දෙමළ ජාතික ප‍්‍රශ්නය ද ක...

සරත් ෆොන්සේකා ජයග‍්‍රහණය කරනවා වෙනුවට අපි කියන සටන් පාඨය මහින්ද රාජපක්‍ෂ පරාජය කරනවා කියන එක - කෙලී සේනානායක

Image
(2009 දෙසැම්බර් 31 -W3Lanka)   1983ට පෙර ජ.වි.පෙ. හිටපු ප්‍රධාන ලේකම් ලයනල් බෝපගේ, දේශපාලන මණ්ඩල සභික කෙලී සේනානායක ඇතුළු පැරණි ජවිපෙ සාමාජිකයන් පිරිසක් ප‍්‍රජාතන්ත‍්‍රවාදී ජනතා මණ්ඩපය නමින් ඒකරාශීව 2010 ජනාධිපතිවරණය හා සම්බන්ධ ප්‍රචාරක ව්‍යාපාරයක් ආරම්භ කිරීම වාමාංශික දේශපාලනයේ වැදගත් සිද්ධියක් ලෙස අපි සලකමු.  එම ව්‍යාපාරයේ නායකයකු වූ කෙලී සේනානායක සමග ජනලංකා පුවත්පත විසින් පවත්වන ලද සම්මුඛ සාකච්ඡාවක් අපි මෙසේ පළ කරමු.  මොකක්ද මේ ප‍්‍රජාතන්ත‍්‍රවාදී ජනතා මණ්ඩපය? 1971 ජනතා අරගලයට සහභාගී වූ සහ ඉන් අනතුරුව 88-89 දී ජ.වි.පෙ. දේශපාලනයට සම්බන්ධව සිටි අයගේ මූලිකත්වයෙන් පිහිටුවාගත් පක්‍ෂ දේශපාලනයෙන් ඍජුවම බැහැරවූ ප‍්‍රජාතන්ත‍්‍රවාදී ජයග‍්‍රහණයන් සමාජයට ලබාදීම උදෙසා වෙහෙස වන දේශපාලන ක‍්‍රියාකාරීන්ගේ සංවිධානමය එකමුතුවක්. ඇයි ජනාධිපතිවරණ මුවවිට මේක එලියට දැම්මේ? එහෙම තදියමකින් හෝ අදේශපාලනික පෞද්ගලික උවමනාවකින් අපි එලියට ආවා කියන එක වැරදියි. අපි බොහෝ දෙනෙක් ජ.වි.පෙ. දේශපාලනයෙන් විතැන් වුනාට පස්සේ එක්වත්, තනිතනියමත් දේශපාලන වැඩ කටයුතු වල නියැලූණා. මේ මොහොතේ අපේ ලාංකීය...

සිරිතුංග ජයසූරියට පළාතෙන් ම අටසීයයි; වික්‍රමබාහුට 92යි

Image
Labels: ලංකාවේ වාමාංශික පක්ෂ , වම (2009 ඔක්තෝබර්  11 - W3Lanka ) දකුණු පළාත් සභා මැතිවරණයේදී ජනතා විමුක්ති පෙරමුණ හැර සෙසු වාමාංශික පක්ෂ විසින් ද සුළුතර ජනවර්ගන් නියෝජනය කරන ලද පක්ෂ විසින් ද ලබාගෙන ඇත්තේ දුර්වල ප්‍රතිඵලයකි.  ශ්‍රි ලංකා මුස්ලිම් කොංග්‍රසය සැලකිය යුතු මුස්ලිම් ජනගහණයක් සිටින හම්බන්තොට දිස්ත්‍රික්කයට තරග කිරීමටවත් අසමත් වූ අතර, ගාල්ල දිස්ත්‍රික්කයෙන් ඡන්ද 2273ක් ද, මාතර දිස්ත්‍රික්කයෙන් ඡන්ද 4280ක් ද ලබා ගත් මුත් පළාතෙන් ම ආසනයක් දිනා ගැනීමට අසමත් විය.  ජවිපෙ පළාතෙන් ඡන්ද 72,379ක් ලබා ගනිමින් 6.11ක ප්‍රතිශතයක් ලබා ගැනීමට සමත් විය. සමස්තයක් ලෙස ජවිපෙ තම මූලික ඡන්ද පදනම ආරක්ෂා කර ගැනීමට සමත් වී තිබේ.  කණගාටුදායක ම ඉරණම ඇත්තේ වාමාංශික පක්ෂවලයි. දිස්ත්‍රික් තුනට ම තරග කළ සිරිතුංග ජයසූරියගේ නායකත්වයෙන් යුත් එක්සත් සමාජවාදි පක්ෂය ලබාගෙන ඇත්තේ ඡන්ද 805ක් පමණි. මෙය 0.07%ක ප්‍රතිශතයකි.  වික්‍රමබාහු කරුණාරත්නගේ නායකත්වයෙන් යුත් වාමාංශික පෙරමුණට තරග කිරීමට හැකි වූයේ ගාල්ල දිස්ත්‍රික්කයට පමණක් වන අතර එම දිස්ත්‍රික්කයෙන් ම ඔවුන්ට ලැබී තිබෙන ඡන්ද ප්‍...