ශාන්ත විජේසූරිය: අපේ කාලයේ සජීවී වීරත්වය

(2010 දෙසැම්බර් 09, W3Lankaලංකා ඊ නිව්ස් වෙබ් අඩවියේ සේවය කරන ශාන්ත විජේසූරිය සහෝදරයාට ගුවන් තොටුපලේ මැරවරයෝ පහර දුන් හ. ඒ ඔහු වාමාංශික පෙරමුණේ නායක වික්‍රමබාහු කරුණාරත්න සහෝදරයා ඇතුළු පිරිස ලංකාවට පැමිණීම වාර්තා කිරීමට ගොස් ඔවුන් සමග සිටියදී ය. 


මා මෙහිදී වාර්තා කිරීම යන යෙදුම භාවිතා කළ ද ශාන්තට වාර්තා කිරීම යනු වැදගත් ම දෙය නො වේ. මන්ද, ශාන්ත යනු ජනමාධ්‍යකරුවකුට වඩා වාමාංශික ක්‍රියාකාරිකයකු වන නිසා ය. 


මම ශාන්ත මගේ මිතුරකු ලෙස සලකමි. කිසිදු කොළඹ වාම කල්ලියක සාමාජිකයකු නො වන, කිසිවකුගේ ටිං එකක පදිංචිව නැති හුදකලා ක්‍රියාකාරිකයකු වන මෙම ලේඛකයා මිතුරකු ලෙස සැලකීමට බොහෝ වාමාංශිකයෝ කැමති නැත. එහෙත්, මා දන්නා ශාන්ත වාමාංශිකයන්ගේ මෙම පටු සීමාව ඉක්මවා ගිය අයෙකි. මා දන්නා තරමින් ඔහු ද කිසිදු වාම කල්ලියක සාමාජිකයෙක් නො වේ. 


ජවිපෙන් ඉවත් වූ පූර්ණකාලිකයකු වන හේ කලක් නව සමසමාජ පක්ෂයේ මධ්‍යම කාරක සභිකයකු ව සිට පසුව එයින් ද ඉවත් වූයේ ය. ශාන්ත කොළඹ බොහෝ දේශපාලන කණ්ඩායම් සමග ක්‍රියාකාරීව හිඳ, පසුව බරපතල ගැටුම් ඇති කර ගත් අයෙකි. ගැටුම්වලදී ඔහු රළු ය. එහෙත්, ඔහුගේ විශේෂත්වය වන්නේ බොහෝ වාමාංශිකයන් මෙන් ඔහු තමන් හැර ආ කණ්ඩායම හා පැරණි සහෝදරයන් සමග බද්ධ වෛරයකින් පසු නො වීමයි. 


යම් මතයක් වෙනුවෙන් පෙනී සිටින වාමාංශික සහෝදරයකු අනතුරට පත් වන යම් තැනක් වේ ද, ශාන්ත අනාරාධිතව ම ඔහු සොයා යන්නේ සිය ආරක්ෂාව හෝ ඉතා සාමාන්‍ය ජීවිත ගත කරන දරු පවුල හෝ අමතක කර දමමිනි. 


ශාන්ත මාධ්‍යකරුවකු වූයේ තරමක් මෑතදී ය. එහෙත්, මාධ්‍ය සාකච්ඡාවලට ගොස් කියන දෙයක් ලියාගෙන, දෙන දෙයක් කා-බී එන මාධ්‍යකරුවන් අතර ඔහු ඉක්මණින් ම කැපී පෙනුණේ සිය එඩිතර ප්‍රශ්න කිරීම් නිසා ය. මෙවැනි ප්‍රශ්න කිරීම් නිසා ඔහු මරණ තර්ජනවලට ලක් වුණේ වතාවක් දෙකක් නො වේ. 


රස්සාව, දේශපාලනය, මිතුරුකම්, දරු පවුල, ආර්ථිකය ආදිය එකිනෙකින් වෙන් වූ වෙන වෙන ම ලෝක ලෙස නො සලකන ශාන්ත ඒ සියල්ල ම එක ම දේශපාලන අවකාශයක ස්ථානගත කර ගනියි. කලක් ඔහුත්, මෙම ලේඛකයාත් ලංකා ඊ නිව්ස්හි වැඩ කළ හ. මෙම ලේඛකයා එයින් ඉවත් වූයේ වැටුප් ප්‍රශ්නයක් මතයි. එහෙත්, ශාන්ත මාස ගණනක් ම වැටුප් නැතිව පෙර පරිදි ම වැඩ කළේ ය. දැන් පවා ඔහුට ජීවත් වන්නට ප්‍රමාණවත් වැටුපක් ලැබෙනවා යයි මම නො සිතමි. 


ක්ෂණිකව කේන්ති යන, ඕනෑ ම යෝධයකු සමග වුව ගහ ගන්නට සූදානම් ඔහු හෙට මේ සටහන කියවා මට දුරකථනයෙන් කතා කර අම්මා මතක් කර දුන්නත් පුදුම විය යුතු නැත. ඔහු අන් සියලු වාමාංශිකයන් හා සියලු මිනිසුන් සේ ම හොඳ-නරක, ශිෂ්ට-අශිෂ්ටකම් සපිරි සරළ මිනිහෙකි. 


සාමාන්‍ය වීරයන් සේ ඔහු සුදට හුරු සමක් හෝ ප්‍රසන්න පෙනුමක් ඇත්තකු ද නො වේ. ඔහු දෙස බලන කෙනෙකු බිය වද්දන්නට තරම් ඔහු වත අධිෂ්ඨානශීලී ය. එහෙත්, සිනාව ප්‍රසන්න ය. බොහෝ වීරයන්ගේ සේ ඔහුගේ මව හෝ පියා මධ්‍යම පංතික ප්‍රභූහු නො වෙති. පහසුවෙන් සමාජ ක්‍රියාකාරිකයකු වන්නට පුළුවන් සුරක්ෂිත ආර්ථික පසුබිමක් ද ඔහුට නැත. 


ඔහු කවි නො ලියයි. ගැඹුරු න්‍යායික විශ්ලේෂණ ද නො ලියයි. ඉංග්‍රීසි කතා නො කරයි. ගමන් යන්නේ බසයේ ය. 


එහෙත් මහත්වරුනි, ඔහු අපේ කාලයේ වීරයෙකි. 


වීරයා සහෝදරයෙකු වූ කල එය දරා ගන්නට ලංකාවේ වම පවා තව ම නො දනී. 


මෙවැනි සහෝදරයින් කී දෙනෙකු ගැන අපට මෙවැනි සටහන් ලිවිය හැකි ද? එහෙත්, නො ලියන්නේ ඇයි? 


  Bookmark and Share
Bookmark, remember easily and come again  www.w3lanka.com

Comments

  1. වික්‍රමබාහු ද වීරයෙකි.

    ReplyDelete
  2. වසර කිහිපයකට පෙර අප කිහිප දෙනෙකු 83 කලූ ජූලි සැමරුමක් සම්බන්දයෙන් වූ පත‍්‍රිකාවක් ඉබ්බන්වල හන්දියේ පැවති රැස්වීමක බෙදමින් හිටියා. රැස්වීම වුනේ මංගලලා ශ‍්‍රී ලංකා එකෙන් වෙන්වෙලා ඇවිල්ලා අටව ගත්ත සංධානෙ මුල්ම රැස්වීම. අපි බෙදපු පත‍්‍රිකාවෙ අන්තර්ගතය එ.ජා.ප යට එරෙහි දේවල් තියෙනවා කියලා එහි හිටපු සංවිධායකයෙක් මගෙන් පත‍්‍රිකා උදුරගෙන මට තර්ජනය කෙරුවා. රැස්වීම බලන්න ඇවිත් හිටිය ශාන්ත මේ සිදුවීම දැකලා අපේ පත‍්‍රිකා බෙදීමේ අයිතිය සම්බන්දයෙන් සංවිධායකයත් එක්ක උණුසුම් අදහස් හුවමාරුවකට පැටලූුනා. මේ අතර එතනට ආපු තව පිරිසක් මාව එතනින් ඉවතට තල්ලූ කෙරුවා. අපි එකිනෙකා මගහැරුනා. ශාන්තට පහරදීල තිබුනා. පත‍්‍රිකා බෙදපු තව කිහිප දෙනෙකුටත් මෙම සිදුවීමේ ප‍්‍රථිපලයක් විදියට පහර දීල තිබුනා. මෙම සිදුවීම සිහිපත් කරන්නේ ශාන්ත තුල වන මෙම කොන්දේසි විරහිත පෙනීසිටීම සම්බන්දයෙන් වන ගෞරවයෙන්

    ReplyDelete
  3. It's hard to find people with balls. That's exactly what we need in our country. We all hear and see the wrong doings but no one takes a step forward.

    ReplyDelete
  4. Thawath Shantala dahas gananak me polowe jeewat wenawa.Monama deshapalana pakshayakata gethi nethi namuth yathartaya hodin awabodhakaragath,janathawata sameepa,janathawage dahadiya handunana,Shantala thawath kotaram siteedha.Namuth me aya abhibawa thamage pewethma sandaha boru liyana, boru kiyana,deshapaluwanata pakkalikam karana maadya wediyo thamai ada weerayo. Mage adahasa hetiyata me hora rela thamai 'Desha Drihiyo'

    ReplyDelete
  5. Nirmal Ranjith DewasiriDecember 9, 2010 at 9:16 AM

    Shantha is a rare ideal in Sri Lankan politics and a real hero.
    Nirmal Ranjith Dewasiri

    ReplyDelete
  6. නව සමසමාජ පක්ෂයේ දේශන ශාලාවේ පැවති දේශනයකට සහභාගීවීමට ගිය විටෙක ආවේගශීලීව එකිනෙකා හා යම් අදහසක් ගැන කතා කරන්නා වූ සහෝදරයකු මම දිටිමි. එහෙත් මම ඔහු නොහදුනන නිසා කතා බහ නොකළෙමි. පසුව එම පක්ෂ කාර්යාලයට ගිය බොහෝවිට ඔහු එහි සිටිනවා දුටිමි. ඒ ආවේග ශීලී ස්වරයෙනි.

    මා ශාන්ත සහෝදරයා සමග කතා බස් කළේ ඊටත් බොහෝ කලකට පසුවය. කුහකයන්ගෙන් පිරි වාමාංශිකයන් අතර ඔහු හිත හොද සහෝදරයෙකි. මට ඔහු වැදගත් වන්නේ එබැවිනි. ශාන්ත මාධ්‍යවේදයකුට වඩා දේශපාලන ක්‍රියාදරයෙකි. ඔහු ද මට පවසා ඇත්තේ තමන් මාධ්‍යවේදියකු ලෙස කටයුතු කළත් ඔහුගේ දේශපාලන ක්‍රියාකාරී බව හිටි ගමන් එළියට පනින බවකි. ශාන්ත ඒ අතින් ද මට වැදගත්ය.

    තක්කඩි දේශපාලකයන් කියන දෙයක් ලියා ඒවාට උපරිම ප්‍රසිද්ධියක් ලබා දී උන්ගෙන් යමක් ගෙන කමින් බඩ වඩා ගන්නා ලූම්පන් බෝතල් පත්තරකාරයන් සිටින සමාජයක ශාන්ත වීරයෙකි. ඔහු තුට්‍ටු දෙකේ දේශපාලයන්ව ප්‍රශ්න කරයි. ඔහුන්ව අසරණ කරයි. නිරුවත් කරයි. පුවත් පත් කලාව සංශෝධනවාදී බව මම දනිමි. ට්‍රොස්කිවාදී ශාන්ත සහෝදරයා සංශෝධනවාදීයකු වන්නේ ඇයි දැයි මට වරෙක ගැටළුවක් මතු වුණි. එහෙත් මම ඒ ගැන ශාන්ත සහෝදරයාගෙන් නොවිමසුවෙමි.

    ශාන් - බුමුතුරුණු

    ReplyDelete
  7. ලංකා ඊ නිවුස් නිරතුරුව කියවන්නෙක්මි. එහි සජීවිත්වය ශාන්තයි.
    ශාන්ත ඔබ නියම මාධ්‍ය වීරයෙක්.

    -Dimithri

    ReplyDelete
  8. Dear My Friend, You are really correct. I love him and you. Don't tell you resign due to salary problem. I hearted. I hadn't options that day. Your writing about Shantha that is Great. Its the truth. I love both of u.

    Sandaruwn Senadheera

    ReplyDelete
  9. කථා දෙකක් නැතිව ශාන්ත ගැන ලියැවී ඇති දෙයට එකගවනවා. මේ හැම දෙයකටම වඩා මූ තුළ ඉන්න සංවේදී මනුස්සයා, ඒක මම අනිත් බොහෝ වුන්ට වඩා අත්දැකල තියනව. මුදල් නොමැතිකමින් මා බඩගින්නේ සිටින බොහෝ අවස්ථාවල ඒ බව කියනා සහ දැනගන්නා එකම කෙනා මොහු. කඩෙන් බත් එකක් ඉදිආප්ප මුලක් අරගෙන උගේ අතේ සල්ලි නැත්නන් කාගෙන් හරි ඉල්ල ගෙන රෑ කීයට හරි ඇවිත් දීල මොනව හරි ප්‍රශ්නනයක් තියෙනවනන් කියපන් නොකිය ඉන්න එපා, කියල යන මුගෙ හැඩි දැඩි රලු පෙනුමට යටින් ඇති සංවේදී මානුෂිකත්වය උෘ ලගින් ඇසුරු කරනවුන් ඉතාමත් හොදින් අත්දැකල තියනව.

    ReplyDelete
  10. deepti kumara gunaya yepena n. g. o.ekakin, publish wena sudarsana gunawardanage"samabima' puwat pate, shantata pissu, uwa angoda yawanna one kiyala tiyenawa. guneyage saneepa jeeviteta shantage weda karadarayak nisa.

    ReplyDelete

Post a Comment

මාතෘකාවට අදාළ නැති හා වෛරී අදහස් ඉවත් කිරීමට ඉඩ ඇති බව කරුණාවෙන් සලකන්න.

Popular posts from this blog

තේරවිලි: සුපුන් සඳක් ඇත. මැදින් හිලක් ඇත.

පාසල් අධ්‍යාපනය ගැන කතා තුනක්

හමුදා කුමන්ත්‍රණ ගැන ලෝකෙට දුරකථනයෙන් කිව්වෙ බීලා වෙන්න ඇති -ෆොන්සේකා