ඉහළ තනතුරකට පත් වන්න කැමති නම් කියවන්න

(2010 දෙසැම්බර් 16, W3Lanka) මේ ඉඩම් ගොඩකිරීමේ සංස්ථාවේ සභාපති ප්‍රසාද් හර්ෂාන් ද සිල්වා අද දිනමිණ පුවත්පත සමග කරන සම්මුඛ සාකච්ඡාවක කොටසකි.


අප මෙය පළ කරන්නේ ඉහළ තනතුරුවලට පත් වන්නට කැමති අපේ පාඨකයන්ට ඒ සඳහා ඇති මාර්ග පිළිබඳ අවබෝධයක් ලබා දීම සඳහා පමණක් බව කරුණාවෙන් සලකන්න.


* කොහොමද සභාපති පුටුවට ආවේ ?


මම පුතාව ඩී. එස්. සේනානායක විද්‍යාලයට දාගන්න ගිහින් එහි ආදි ශිෂ්‍ය සංගමයට කිව්වා මොකක් හරි උදව්වක් ඕනෙ නම් කරල දෙන්නත් කැමැතියි කියලා. එතන දී මට ව්‍යාපෘතියක් කරන්න ලැබුණා.


පස්සෙ ඒක මට ප්‍රමාණවත් මදි වගේ හිතුන නිසා මම ආදි ශිෂ්‍ය සංගමයේ සභාපතිගෙන් ඇහුවා තව මොනවද කෙරෙන්න ඕනෑ කියලා. එතකොට ඔහු කිව්වා නාමල් රාජපක්ෂ මහත්තයට හම්බන්තොට ව්‍යාපෘතියක් ඇඳල දෙන්න පුළුවන්ද කියලා (මෙම තැනැත්තා වරලත් වාස්තු විද්‍යාඥයෙකි). මම ඒකත් කළා.


ඒක ජනාධිපතිතුමාගේත් සතුටට හේතු වුණා. දවසක් නාමල් මන්ත්‍රීතුමා මගේ ජීව දත්ත තොරතුරු පත්‍රයක් ඉල්ල ගත්තා. කිසිම දෙයක් කියන් නැතුව මට කිව්වා ආරක්ෂක අමාත්‍යාංශයට සම්මුඛ පරීක්ෂණයකට එන්න කියලා. පස්සෙයි මම දන්නෙ මේ තනතුරට මාව තෝරගෙන කියලා. මම මුලින් කැමති වුණේ ම නැහැ. ඒත් එතුමා මට මේක බාරගන්න කියලා බල කළා.


Bookmark and Share  
Bookmark, remember easily and come again  www.w3lanka.com

Comments

  1. සුදුස්සාට සුදුසු තැන ලැබුනු අවස්තාවක් කියලයි මගේ හැඟීම.

    ReplyDelete
  2. if he honest , as a proffessional, he wont last long in this post. But if he is not, then it would be a diffrent story.

    ReplyDelete

Post a Comment

මාතෘකාවට අදාළ නැති හා වෛරී අදහස් ඉවත් කිරීමට ඉඩ ඇති බව කරුණාවෙන් සලකන්න.

Popular posts from this blog

තේරවිලි: සුපුන් සඳක් ඇත. මැදින් හිලක් ඇත.

පාසල් අධ්‍යාපනය ගැන කතා තුනක්

කෙනෙකුට පොන්නයා කියා කියන්නට පෙර දෙවරක් සිතන්න