මන්ත්‍රීට කාර්, පන්දමාට බාර්, අපට සූර්

(2010 දෙසැම්බර් 19, W3Lanka) මාතෘකාවේ ඇති පාඨය මෙම ලේඛකයා දුටුවේ ත්‍රිරෝද රියක පිටුපස සටහන් කර තිබියදී ය. එහෙත්, මෙහිදී අප කතා කරන්නේ බාර් ගැන නො වේ. කාර් ගැන ය. 

රජය විසින් අය කරනු ලබන අධික බදු නිසා මෝටර් සයිකලයක්, ත්‍රිරෝද රියක්, මරුති 800 කාරයක්, ඩිමෝ බට්ටෙක් මිළ දී ගන්නා සාමාන්‍ය මිනිසෙකුට වාහනයේ ආනයන වටිනාකම මෙන් දෙගුණයක් පමණ වැය කරන්නට සිදු වී තිබේ. 

මේ රටේ සාමාන්‍ය මහජනයා එසේ බදු බරින් මිරිකී සිටිති. එහෙත්, ඔවුන් නියෝජනය කරන පාර්ලිමේන්තු මන්ත්‍රීවරු ආදායම් බදුවලින් නිදහස් ය. ආදායම් බදු නො ගෙවනවා පමණක් නො ව ඔවුහු මහජන සේවයට ය කියා වාහනයක් මිළ දී ගැනීම සඳහා ද බදු සහන බලාපොරොත්තු වෙති.


මහජන නියෝජිතයන් යයි කියන ඇතැම්හු ආණ්ඩු පක්ෂ විපක්ෂ ‍භේදයෙන් තොරව පල් ම පල් හොරුන් පිරිසක් බව පහත පුවතින් ඔප්පු වේ. නීතියේ සිදුරුවලින් රිංගා යන මොවුහු මහජන සේවය සඳහා ගමන් බිමන් යාමට බද්දෙන් තොරව ලබා දෙන වාහනය නීති විරෝධී අන්දමින් අන්සතු කරති.


පාර්ලිමේන්තුවට අලුතින් පත්වූ මන්ත්‍රීවරුන්ගෙන් සියයට හැටක්‌ (60%) පමණ දෙනා සිය තීරුබදු රහිත වාහන ආනයන බලපත්‍ර විකුණා ඇතැයි දේශපාලන ආරංචිමාර්ග සඳහන් කරයි.


වසර පහක්‌ යනතුරු අන් සතු කළ නොහැකි මෙම බලපත්‍ර යටතේ ඇමරිකානු ඩොලර් 50,000 කට අධික වටිනාකමකින් යුත් වාහන තීරුබදු රහිතව ආනයනය කළ හැකිය.


මෙම වාහන බලපත් මාස දෙකකට පමණ පෙර මන්ත්‍රීවරුන්ට නිකුත් කර තිබේ.


ආණ්‌ඩු පක්‌ෂයේත් විපක්‌ෂයේත් නවක මන්ත්‍රීවරුන් රැසක්‌ තමුන්ට හිමි වූ තීරුබදු රහිත වාහන ආනයන බලපත්‍රය ව්‍යාපාරිකයන්ට අලෙවි කර ඇත.


මෙම බලපත්‍රය යටතේ වෙළෙඳ පොළේ රුපියල් ලක්‌ෂ 300 ක්‌ පමණ වන වාහනයක්‌ රුපියල් ලක්‌ෂ 150 ක්‌ පමණ මුදලකට මිලදී ගත හැකිය.


බස්‌නාහිර පළාතෙන් පාර්ලිමේන්තුවට පත්වූ එක්‌සත් ජනතා නිදහස්‌ සන්ධානයේ මන්ත්‍රීවරියක්‌ සිය වාහන ආනයන බලපත්‍රය රුපියල් දශ ලක්‌ෂ 12.5 කට අලෙවිකර ඇති අතර සන්ධානයේ ත්‍රිකුණාමලය දිස්‌ත්‍රික්‌ මන්ත්‍රීවරයෙක්‌ සිය වාහන බලපත්‍රය රුපියල් දශලක්‌ෂ 16.5 කට අලෙවිකර ඇතැයි වාර්තා වේ.


ඇතැම් මන්ත්‍රීවරු සිය තීරුබදු රහිත වාහන ආනයන බලපත්‍රය යටතේ මිලදීගත් වාහන රුපියල් දශලක්‌ෂ 25 ත් 27 ත් අතර මුදලට ව්‍යාපාරිකයනට අලෙවිකර ඇත.


මේ අතර නවක මන්ත්‍රීවරු කිහිප දෙ‍නෙකු සිය වාහන ආනයන බලපත්‍ර රුපියල් කෝටි ගණනකට අලෙවි කිරීම සඳහා ව්‍යාපාරිකයන් සමග සාකච්ඡා පවත්වා ඇතැයිද වාර්තා වේ.

දිවයින පුවත්පතේ පළවූ ඉහත ප්‍රවෘත්තිය සමබන්ධයෙන් ගම්පහ දිස්‌ත්‍රික්‌ පාර්ලිමේන්තු මන්ත්‍රීනී සුදර්ශනී ප්‍රනාන්දුපුල්ලේ විසින් එවන ලද කරුණු පැහැදිලි කිරීමක්‌ පසුව පළ කර තිබිණී.

බස්‌නාහිර පළාතේ පාර්ලිමේන්තුවට පත්වූ එජනිස මන්ත්‍රීවරියක සිය වාහන ආනයන බලපත්‍රය රුපියල් දශ ලක්‍ෂ 12.5 කට අලෙවිකර ඇති බවට එම ප්‍රවෘත්තියෙහි සඳහන් වුවද එජනිසයෙන් බස්‌නාහිර පළාතෙන් තේරී පත්වූ එකම සන්ධාන මන්ත්‍රීවරිය තමන් යෑයිද වාහන බලපත්‍රය අලෙවිකර ඇත්තේ මා විසින් බවට සැක පහළ විය හැකි යෑයිද පවසන මන්ත්‍රීවරිය පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන්ට ලබාදෙන වාහන බලපත්‍ර තමා ලබාගෙන නොමැති බව සඳහන් කළා ය.



බස්නාහිර පළාතෙන් තේරී පත් වූ දැන් එජනිසයේ සිටින අනෙක් මන්ත්‍රීවරිය වන්නේ උපේක්ෂා ස්වර්ණමාලි හෙවත් පබා ය. පුවතේ සඳහන් වන්නේ තමන් පිළිබඳ නො වන වග ඇය කියා නැත. 

මේ අන්දමින් බදු සහන වංචා කරමින් ලාභ ගරා ගන්නා මහජන නියෝජිතයන් යයි කියන මෙම පොදු දේපල වංචාකාර ‍පල් හොරුන් සිරගත නො කර පාර්ලිමේන්තුවේ තබා ගැනීමටත්, ඔවුන්ට ඉන්ධන, නිවාස, දුරකථන, කාර්ය මණ්ඩල, ආරක්ෂාව ආදිය සැපයීම සඳහාත් කෙතරම් මහජන මුදලක් වැය වේ ද?


මෙම නීච ක්‍රියාව නිසා ඇති වන අපකීර්තිය මකා ගැනීම සඳහා රජය සැරසෙන්නේ තවත් පිරිසක් මෙම වංචනික ක්‍රියාවට ඈඳා ගැනීමෙනි. ඒ ජ්‍යේෂ්ඨ රාජ්‍ය නිලධාරීහු ය. දේශපාලකයන්ට කරන්නට ලැබෙන බදු වංචාවෙන් කොටසක් හෝ තමන්ට ද කරන්නට ලැබීමෙන් මෙම පිරිස තෘප්තිමත්ව නිහඬ වෙති.



රාජ්‍ය නිලධාරීන් සඳහා නිකුත් කරන මෝටර් රථ ආනයන බලපත්‍ර අනුව ආනයනය කරන මෝටර් රථ සඳහා සියයට 50 සිට 70 දක්‌වා බදු සහන හිමි වේ.


මේ යටතේ ආනයනය කළ හැකි වාහනයේ උපරිම වටිනාකම ඇමරිකානු ඩොලර් 25,000කි.


මේ අනුව රාජ්‍ය සේවයේ හා රාජ්‍ය ව්‍යවසායන්හි සේවය කරන විධායක මට්‌ටමේ පරිපාලන, කළමනාකරණ නිලධාරීන් හා වෘත්තීමය තනතුරුවල නිරත වන නිලධාරීන්ට බලපත්‍ර සඳහා අයෑදුම් කළ හැකි ය. මෙම යෝජනා ක්‍රමය දෙසැම්බර් 15 වැනිදා සිට ක්‍රියාත්මක වේ.


මේ යටතේ ආනයනය කෙරෙන වාහන සඳහා බදු සහන සැලසෙන ප්‍රතිශතයන් මෙසේය. එනම් සිලින්ඩර් ධාරිතාවය 1000 CC සඳහා සියයට 50 ක්‌ද 1600 CC සඳහා සියයට 55 ක්‌ද 2000 CC සඳහා සියයට 60 ක්‌ සහ 2600 CC සඳහා සියයට 70 ක්‌ද වේ.


මෙම වාහන බලපත්‍ර යටතේ මිලදී ගන්නා වාහන වසර තුනක්‌ යනතුරු වෙනත් පාර්ශ්වයකට පැවරීම නොකළ යුතු බව ද මුදල් අමාත්‍යංශය නිකුත් කළ චක්‍ර ලේඛයේ දැක්‌වේ.


මුදල් අමාත්‍යංශයේ ලේකම් ආචාර්ය පී. බී. ජයසුන්දර මහතාගේ අත්සනින් සියලුම අමාත්‍යංශ ලේකම්වරුන් හා පළාත් සභා ප්‍රධාන ලේකම්වරුන් වෙත මීට අදාළ උපදෙස්‌ ඇතුළත් චක්‍රලේඛය දැනටමත් යවා ඇත.


Bookmark and Share  
Bookmark, remember easily and come again  www.w3lanka.com

Comments

  1. "මේ යටතේ ආනයනය කෙරෙන වාහන සඳහා බදු සහන සැලසෙන ප්‍රතිශතයන් මෙසේය. එනම් සිලින්ඩර් ධාරිතාවය 1000 CC සඳහා සියයට 50 ක්‌ද 1600 CC සඳහා සියයට 55 ක්‌ද 2000 CC සඳහා සියයට 60 ක්‌ සහ 2600 CC සඳහා සියයට 70 ක්‌ද වේ."

    Could you check this out, because I feel it's wrong. 1000cc has to pay 50% of the tax only, and 2600cc, that amount is 70%. So it will be relatively cheaper to buy a small vehicle of high value. Ex. Volkswagon Beatle which has a CIF value of $15,700, but 1.6L

    ReplyDelete
  2. පබාට අනං මනං කියන්ඩ එපා හරිද? ඒ කෙල්ල ඕක විකුණගන්නෙ නැතුව අටුකොස් දාන්ඩයැ.

    ReplyDelete
  3. අනික ඔය චක්‍රලේඛය දැනටමත් යමින් පවතී.
    කියවන්න
    http://ahasganga.blogspot.com/2010/12/blog-post_8339.html

    ReplyDelete
  4. //රාජ්‍ය නිලධාරීන් සඳහා නිකුත් කරන මෝටර් රථ ආනයන බලපත්‍ර අනුව ආනයනය කරන මෝටර් රථ සඳහා සියයට 50 සිට 70 දක්‌වා බදු සහන හිමි වේ.//

    Do some investigation rather than interpreting what you have heard from some one else.

    http://www.treasury.gov.lk/docs/vehicalePermit/vehicale-permit-2010.pdf

    50% to 70% is the payable amount from the current tax. Not a concession.

    //මෙම නීච ක්‍රියාව නිසා ඇති වන අපකීර්තිය මකා ගැනීම සඳහා රජය සැරසෙන්නේ තවත් පිරිසක් මෙම වංචනික ක්‍රියාවට ඈඳා ගැනීමෙනි. ඒ ජ්‍යේෂ්ඨ රාජ්‍ය නිලධාරීහු ය. //

    Agree totally.


    //දේශපාලකයන්ට කරන්නට ලැබෙන බදු වංචාවෙන් කොටසක් හෝ තමන්ට ද කරන්නට ලැබීමෙන් මෙම පිරිස තෘප්තිමත්ව නිහඬ වෙති. //

    Do you honestly think the talented youth will get attracted to government executive positions which pays around just 20,000 ~ 25,000 Rupees if they don't even get this type of facilities? Check how much a private sector Executive earns + their facilities.

    Do remember, the government executives have to have certain qualifications and also have to pass highly competitive exams. Do not compare them to free job offered graduate schemes.

    ReplyDelete
  5. රජයේ නිලාධාරීන්ට බදු සහනය ලැබෙන්නේ 30% සිට 50 දක්වා පමනි, ඔබ දක්වා ඇත්තේ අය කරනු ලබන බදු ප්‍රතිශතය මිස සහනය නොවේ. තවද මෙම සහනය යටතේ අලුත්ම හෝ වසරකට වඩා පැරණි නොවන මෝටර් රථ පමණක් ආනයනය කලයුතුය. ඒවැනි මෝටර් රථවල ඇති මිල අදික බව නිසා ලැබෙනවායයි කියන සහනයක් නැත.

    ReplyDelete
  6. ඉතින් ගොනෝ.....

    පබා ට චන්දෙ දුන්නෙ කවුද....?

    අනික ටැක්ස් අඩු කරාට පස්සෙ අඩු වෙච්ච මරුටි 800 එක ආයෙත් 30,000/= විතර වැඩි කරේ ආණ්ඩුවෙන් ද...?

    කවදාවත් නැතුව මරුටි 800 එකක් ගන්න දැන් ඇඩ්වාන්ස් කරලත් ලබන අප්‍රේල් වෙනකං waiting list එකක ඉන්න වෙලා තියන බව දන්නෙ නැද්ද...

    ඔයා විස්තර දන්නෙ නැත්තං ලියන්න කලින් හොයල බලන්න...

    ReplyDelete
  7. Oka ithin aluth deyak nevei. Parana sinduwa remix karala aluthen gahala.

    ReplyDelete
  8. you are wrong w3 lanka read the circular well

    http://www.treasury.gov.lk/docs/vehicalePermit/vehicale-permit-2010.pdf

    it is only 30%-50% tax free

    it said %of value to be paid (geviya uthu )

    so if one to import a 14000 us doller cif value from japan like very basic toyota yaris he has to pay additional 7000 us $ plus some government bla bla tax making him for cost like 26 lacks ......

    so who can import such vehicle .....not for us

    ReplyDelete

Post a Comment

මාතෘකාවට අදාළ නැති හා වෛරී අදහස් ඉවත් කිරීමට ඉඩ ඇති බව කරුණාවෙන් සලකන්න.

Popular posts from this blog

තේරවිලි: සුපුන් සඳක් ඇත. මැදින් හිලක් ඇත.

පාසල් අධ්‍යාපනය ගැන කතා තුනක්

හමුදා කුමන්ත්‍රණ ගැන ලෝකෙට දුරකථනයෙන් කිව්වෙ බීලා වෙන්න ඇති -ෆොන්සේකා