Posts

Showing posts with the label බදු සහන

කැසිනෝ බදු සහන ගැසට් පත්‍ර

Image
සිංගප්පූරුවේ සෙන්ටෝසාහි කැසිනෝහලක් කොළඹ ඩී.ආර්. විජේවර්ධන මාවතේ හා ග්ලෙනි වීදියේ යෝජිත කැසිනෝ ව්‍යාපාර සඳහා බදු සහන යෝජනා කරන ගැසට් පත්‍රයට ලින්කුව මෙන්න. අධ්‍යයනය කර අදහස් දැක්වීම සඳහා පක්ෂ, විපක්ෂ, පතෝල සියලු පාර්ශ්ව වෙනුවෙනි. අප වෙත ලබා දුන් නීතිඥ ජගත් ලියනඅාරච්චි සොයුරාට ස්තුතියි.  පසුගිය දවසක මම එක්තරා ආයතනයක් වෙනුවෙන් කැසිනෝ සම්බන්ධ පරිවර්තනයක් කළා. එය වනාහි සිංගප්පූරු අගමැති ලී හ්සියන් ලූං විසින් 2005 අපේ‍්‍රල් 18 දින එරට පාර්ලිමේන්තුවේදී පවත්වන ලද කතාවකි. සිංගප්පූරුවට කැසිනෝ හඳුන්වා දුන්නේ විස්තීර්ණ නිකේතන කියන නමින්. එයින් කියැවුණේ ඒවා හුදු කැසිනෝහල් නො වන, කැසිනෝහල එක් කොටසක් පමණක් වන හෝටල්, නිකේතන, සම්මන්ත්‍රණ ශාලා ආදියෙන් සමන්විත පුළුල් මධ්‍යස්ථානයක් බවයි.  දැන් ජේම්ස් පැකර්ගේ ලංකා නියෝජිත රවි විජේරත්නත් කියන්නේ ඔය කතාව ම තමයි. ඔහු කියන්නේ ඔහු ලොකු හෝටලයක් හදනවා. එතැනට තමන්ගේ ලියාපදිංචි කැසිනෝව ගෙන යනවා කියලායි. සිංගප්පූරුවේදී දක්නට ලැබුණු වෙනස වුණේ ඒ රටේ ආණ්ඩුව කොළේ වහලා ගහන්නේ නැතිව ප්‍රශ්නය ජනතාව එක විවෘතව සාකච්ඡා කිරීමයි. ඔවුන් කියනවා, ඇයි ඔවු...

මන්ත්‍රීට කාර්, පන්දමාට බාර්, අපට සූර්

Image
( 2010 දෙසැම්බර් 19,  W3Lanka ) මාතෘකාවේ ඇති පාඨය මෙම ලේඛකයා දුටුවේ ත්‍රිරෝද රියක පිටුපස සටහන් කර තිබියදී ය. එහෙත්, මෙහිදී අප කතා කරන්නේ බාර් ගැන නො වේ. කාර් ගැන ය.  ‍ රජය විසින් අය කරනු ලබන අධික බදු නිසා මෝටර් සයිකලයක්, ත්‍රිරෝද රියක්, මරුති 800 කාරයක්, ඩිමෝ බට්ටෙක් මිළ දී ගන්නා සාමාන්‍ය මිනිසෙකුට වාහනයේ ආනයන වටිනාකම මෙන් දෙගුණයක් පමණ වැය කරන්නට සිදු වී තිබේ.  මේ රටේ සාමාන්‍ය මහජනයා එසේ බදු බරින් මිරිකී සිටිති. එහෙත්, ඔවුන් නියෝජනය කරන පාර්ලිමේන්තු මන්ත්‍රීවරු ආදායම් බදුවලින් නිදහස් ය. ආදායම් බදු නො ගෙවනවා පමණක් නො ව ඔවුහු මහජන සේවයට ය කියා වාහනයක් මිළ දී ගැනීම සඳහා ද බදු සහන බලාපොරොත්තු වෙති. මහජන නියෝජිතයන් යයි කියන ඇතැම්හු ආණ්ඩු පක්ෂ විපක්ෂ ‍භේදයෙන් තොරව පල් ම පල් හොරුන් පිරිසක් බව පහත පුවතින් ඔප්පු වේ. නීතියේ සිදුරුවලින් රිංගා යන මොවුහු මහජන සේවය සඳහා ගමන් බිමන් යාමට බද්දෙන් තොරව ලබා දෙන වාහනය නීති විරෝධී අන්දමින් අන්සතු කරති. පාර්ලිමේන්තුවට අලුතින් පත්වූ මන්ත්‍රීවරුන්ගෙන් සියයට හැටක්‌ (60%) පමණ දෙනා සිය තීරුබදු රහිත වාහන ආනයන බලපත්‍ර විකුණා ඇතැයි දේශපාලන ආ...